අතන මෙතන (ගොසිප් 1)
''ඒත් දැන් නාමල් ඇත්තටම පිපෙනවා.'' ''මං කිසිම දවසක නාමල්ගෙ කතාවක් වැඩිවෙලාවක් අහගෙන ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂ මතවාදය වෙනුවෙන් පෙනී ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂලා වෙනුවෙන් අකුරක් ලියලා නෑ (මුදලටවත්). ඒ වෙනුවට රාජපක්ෂලාට විරුද්ධව මං ඕනතරම් දේවල් කරලා තියෙනවා.
අතන මෙතන (ගොසිප් 1)
බුලිත ප්‍රදීප් කුමාර
පහුගිය දවසක පාර්ලිමේන්තුවේ සභාගැබ පැත්තේ ඉඳලා නාමල් රාජපක්ෂ අවන්හල පැත්තට යනකොට ඒක ඇතුලේ ලාල්කාන්ත. smartphone එක දිග ඇරගෙන මොනවදෝ බල බල ඉන්නවා දැකපු නාමල් ලාල්ට හිනාවක් දැම්මා...
''ආ මල්ලි. මං උඹව හම්බෙන්න හිටියේ... උඹ අර “සන්නත් එක්ක” කරල තිබුණු වීඩියෝ එක මරුබන්... මං ඒක ඔක්කොම බැලුවා. උඹ දැන් හරි පරිනතයි කියලා ඒකෙ පේනවා.''
''අනේ තෑන්ක්යූ අයියා...'' එහෙම කියාගෙනම නාමල් එතන පුටුවක වාඩිවුණා.
''අන්න ඒක ගැන මරු කමෙන්ට් එකක් ලියලා fb එකට දාලා තියෙනවා චින්තන ධර්මදාස. ඒක හොයාගෙන බලපං. මං ඒකත් බැලුවා...'' ලාල් කාන්ත එහෙම කිව්ව හිනාව වේවි.
''මනුස්සයා මට ඇරලා දාල ඇති එහෙනං...'' නෑ නෑ... එහෙම නෑ. හොයාගෙන බලපන්කෝ''
ඔන්න ඕ ටික තමයි ටිකක් සද්දෙන් වටේ පිටේ ඉන්න ඔක්කොටම ඇහෙන්න ඇතිවෙච්ච දෙබස. ඊට පස්සේ ඒ දෙන්නා වාඩිවෙලා හිනා වෙවී හිමිහිට කතා කරපු ටික නම් කාටවත් ඇහිලා නෑ..
මේ වෙලාවේ වටපිටේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ මාලිමාවේ මන්ත්‍රීවරු. ඒගොල්ලන්ට පුදුමයි. සමහරු ඇස් ලොකු කරගෙන ඒ දිහා බලාගෙන ඉඳලා. සමහරුන්ට කටත් ඇරිලා.
“විපක්ෂයේ එවුන් එක්ක කතා බහට යන්න එපා. වැඩි ඇසුරට යන්න එපා. උන්ව ගණන් ගන්න එපා...”
“අපට එහෙම කිය කිය ඒගොල්ලො පාජාව දාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ඒවා හොඳයි. අපට බෑ...” මන්ත්‍රීවරුන්ට එහෙම හිතෙන්ඩත් ඇති... පව්.. ජනාධිපති ''පාපිසි'' කියලත් කිව්වා...
ඔය දිහා බලාගෙන හිටපු විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ගෙ මාර්ගයෙන් මටත් ඕක ආරංචි වුණා. හොඳ ගොසිප් එකක්නේ. .
ලාල්කාන්ත කියලා තිබුණු කතාව ඇත්ත. සන්නස්ගලගේ ඒ ප්‍රෝග්‍රෑම් එක මමත් බැලුවා. මෑතක ඉඳල මමත් ඔය සන්නගේ ප්‍රෝග්‍රෑම් ටික අත නෑර බලනවා. ඒක වෙනම ආකෘතියක්. කවදාවත් “බැලන්ස් නැති සන්නා” මේක ඇතුලේ හොඳටම බැලන්ස්....
ඒ උණාට මට ඕන වුණේ අර චින්තන ධර්මදාස fb එකේ ලියල තිබුණයි කියන කතාව බලන්න. මොනව කියල ඇත්ද කියලා..
හොයලා හොයලා හොයලා අන්තිමේ හොයාගත්තා. ඒකනම් පුදුමයි. බලන්නකො ලියල තියෙන දේ . ලාල් කාන්තත් කියවලයි කිව්වම...
අපි දන්න චින්තන ධර්මදාසට රාජපක්ෂල නයාට අදුකොළ වගේ. රාජපක්ෂලා එළවන්නත් යම් මෙහෙවරක් කළා කියලයි කියන්නේ. අරගලෙත් හිටියලු නේ. එහෙව් චින්තන මෙහෙව් කතාවක් ලිව්වේ..?
බලන්නකෝ ඔයාලා කියවලා... කතාව මෙන්න.
''ඒත් දැන් නාමල් ඇත්තටම පිපෙනවා.''
''මං කිසිම දවසක නාමල්ගෙ කතාවක් වැඩිවෙලාවක් අහගෙන ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂ මතවාදය වෙනුවෙන් පෙනී ඉඳලා නෑ. කිසිම දවසක රාජපක්ෂලා වෙනුවෙන් අකුරක් ලියලා නෑ (මුදලටවත්). ඒ වෙනුවට රාජපක්ෂලාට විරුද්ධව මං ඕනතරම් දේවල් කරලා තියෙනවා.
රාජපක්ෂලා එක්ක මට පුද්ගලික ප්‍රශ්න කිසිවක් නෑ. ඒත් පවුල මූලික දේශපාලනය සහ චූලවාංශික පිරිමි මතවාදය එක්ක මට පෑහීමක් නෑ.
ඒත් අද මං ''සන්නා නාමල් එක්ක කරපු සාකච්ඡාව'' බැලුවා. නාමල් කතා කරන විලාසය, තැන්පත්කම, දේවල් දිහා බලන ආකාරය මට උනන්දුවක් ඇති කළා. ඒ වගේම අවුරුදු 39ක වයසට ලංකාවෙ දේශපාලනයේ ඉතාම දැඩි වෙනස්කම්, සුවපහසුකම්, පීඩනයන්, “ඇදවැටීම් මැද වැඩිම පන්නරයක්” ලැබූ තරුණයා වෙන්නෙ නාමල්. හොරකම්, දූෂණ, ඝාතන, ලැම්බොගිනි, උගන්ඩා සල්ලි, රත්තරං අශ්වයො ආදී සියලු චෝදනා මැද නාමල් හිනාවෙවී තාම දේශපාලනය කරනවා.
තමන්ගේ දේශපාලන කඳවුරට ප්‍රතිවිරුද්ධ මහා අරගලයකින් පස්සෙ පත්වුනු ආණ්ඩුවක් ඉස්සරහ නාමල් තව තවත් ශක්තිමත් වෙමින් ඉන්නවා. මෙච්චර කල් "නාමල් පිපෙනවා" කිව්වට මං එහෙම එකක් දැක්කෙ නෑ. ඒත් දැන් නාමල් ඇත්තටම පිපෙනවා.
කවදාහරි නාමල් මේ රටේ නායකත්වය ගන්නවා. ඒක 2029ද 2034ද කියලා ඉලක්කම් වෙනසක් විතරයි තියෙන්නෙ. මේ රටේ "යක්ඛ පරම්පරාවෙ උරුමය" ඒ විදිහට බලය ගැනීම ගැන මට අර්බුදයක් නෑ. ඇත්තටම ඒ ගැන තිබුනු මගේ සංකා වේදනා ගොඩක් ඉවර කරන්න මාලිමා ආණ්ඩුව බලයට පත්වීම හේතු වුණා. ''සහතික ලත් බොරුකාරයන්ට'' වඩා ''දක්ෂ චෞරයන්'' වුණත් ගෞරවාන්විතයි කියල මාලිමා ආණ්ඩුකරණය ඇතුලෙ ප්‍රත්‍යක්ෂ වුණා.
මේ රටේ ඕනෑම දේශපාලන කඳවුරක මතවාදය ඉවසන්න, එය නියෝජනය කරන ජනතාවට ගරු කරන්න වගේම මතවාදීව ඊට එරෙහිව ශිෂ්ටසම්පන්නව වැඩ කරන්න පුළුවන්කමක් අතිපාරිශුද්ධ බවේ මිත්‍යාවක් විසින් රටේ බලය ලබාගැනීමෙන් පස්සෙ මගේ ඇතුලෙ නිර්මාණය වුණ.
නාමල් විශිෂ්ට නම්‍යශීලීත්වයක් පෙන්නුම් කරනවා. ඕනෑම පක්ෂයක් එක්ක එකට වැඩකිරීමේ හැකියාවක් පෙන්නුම් කරනවා.
ඒත් එක්කම දැවැන්ත විපක්ෂ රැලියකට නායකත්වය දෙනවා. උඩම තැනට ගිහින් බිංදුවටම වැටිලත් ආපහු හිනාවෙවී නැගිටින්න හයිය තියෙන මේ තරුණයාට මං සුබ පතනවා. අපි ආපහු දවසක මූණට මූණ මාරාන්තිකව ගැටෙයි. ඒත් මේ මොහොතෙ නාමල් කරන වැඩකොටස අගය නොකරන කුහකයෙක් වෙන්න මට පුළුවන්කමක් නෑ.
චින්තන ධර්මදාස.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

