රත්නශ්‍රී ගේ සකල කලාව කෙළ පිඩකට ලඝු කෙරෙයි..!
වතුර වීදුරුවට කෙළ ගැසීම යනු මාලිමා සංස්කෘතියයි. රත්න ශ්‍රී විජේසිංහ මහතාට දෙන්නට ගිය වතුර වීදුරුවට කෙළ ගසා තිබෙන්නේ පුනරුදයේ උත්සවයකදී ය. මෙය අහඹු සිදුවීමක් නොවේ. මාලිමාව මේ රටේ බලයට පත් කිරීමත් වතුර වීදුරුවට කෙළ ගැසීමත් අතර වෙනසක් නොමැත.
මතවාද
රත්න ශ්‍රී ගේ සකල කලාව
කෙළ පිඩකට ලඝු කෙරෙයි..!
වතුර වීදුරුවට කෙළ ගැසීම යනු මාලිමා සංස්කෘතියයි. රත්න ශ්‍රී විජේසිංහ මහතාට දෙන්නට ගිය වතුර වීදුරුවට කෙළ ගසා තිබෙන්නේ පුනරුදයේ උත්සවයකදී ය. මෙය අහඹු සිදුවීමක් නොවේ. මාලිමාව මේ රටේ බලයට පත් කිරීමත් වතුර වීදුරුවට කෙළ ගැසීමත් අතර වෙනසක් නොමැත.
තවත් මිනිසෙකුට බොන්නට වතුර වීදුරුවක් දෙන විට එයට කෙළ නොගසා දීම යනු මිනිසුන් අතර වන එකඟතාවයකි. සමාජ ගිවිසුමකි. ව්‍යවස්ථාවකි. නමුත් ඊනියා අරගලයේ පදනම වූයේ ‘ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය’ යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, මාලිමාවේ න්‍යායාචාර්ය සහ ජනප්‍රිය යූටියුබ් තරුවක් වන නිර්මාල් රංජිත් දේවසිරි විසින් ගොඩ නැගූ දෘෂ්ටියයි. නිදහස් හා සාධාරණ වරණයෙන් වසර පහකට ප්‍රජාතාන්ත්‍රිකව පත් කළ ජනපතිවරයා වරණයකින් තොරව මොබ් ප්‍රචණ්ඩත්වයෙන් ධූරයෙන් ඉවත් කිරීම යනු ව්‍යවස්ථා උල්ලංඝනයකි. සමාජ ගිවිසුම දූෂණයකි. එකඟතාවය කෙළෙසීමකි. වතුර වීදුරුවට කෙළ ගැසීමකි. එබැවින් අරගලකරුවා සහ වතුර වීදුරුවට කෙළ ගැසූ මාලිමානුවා යනු දෙදෙනෙකු නොව එකෙකි.
බොන වතුරට කෙළ ගැසීම යනු පිරිසිදු දෙයක් අපිරිසිදු කිරීමකි. ‘75 වසරක සාපය’ යන මාලිමාවේ දේශපාලන ප්‍රොපගැන්ඩාව ද වතුර වීදුරුවට කෙළ ගැසීමකි. 1948 ස්වාධීනත්වයෙන් පසු ගත වූ වසර 75 ක කාලය තුළ ජේවීපී සහ කොටි ත්‍රස්තවාදයන් ද පරාජය කරමින් මෙරට සිදු කළ සංවර්ධනය ‘සාපයක්’ ලෙස හුවා දැක්වීම යනු වෙහෙස මහන්සියෙන් පෙරා පිරිසිදු කර ගත් වතුර ටිකට අනුර කුමාරගේ කුණු බේගල් කටින් පිට කරන විස කෙළ බෙට්ටක් දැමීමකි.
එක්තරා ආකාරයකට මෙය සිංහලයාගේ ම ස්වභාවයකි. නූතන සිංහලයා මෙවැනි ගුණමකු අධමයෙකි. රත්න ශ්‍රී ට වුණේ උත්සවය මෙහෙයවන්නා නිවැරදි කිරීමට යෑම ය. එයින් රත්න ශ්‍රී ගේ සකල කලාව ම කෙළ පිඬක් ගාණට වැටිණි. සිංහලයාට හොඳක් කරන්නට යන සෑම අයෙකුට ම වෙන්නේත් මේ ආකාරයට කෙළ වීම ය. දළදා මාළිගාවේ සිට මහා බැංකුව දක්වා බෝම්බ ගසා විනාශ කළ, අහිංසක වැසියන් දස දහස් ගණනක් වෙඩි තියා ඝාතනය කළ, රටෙන් කොටසක් අනීතිකව අල්ලා ගෙන සිටි කොටි ත්‍රස්තවාදයෙන් ජාතිය මුදා සාමය ගෙනා මහින්ද රාජපක්ෂට ‘හොරා’ කියා ලේබලයක් ගැසීම යනු වතුර වීදුරුවට කෙළ ගැසීමකි.
කොරෝනා මාරයාගෙන් ලෝකය පුරා ම මිලියන ගණනින් මිනිසුන් මහ මග පණ අදිමින් මිය යද්දී, සන්තකයේ ඇති වස්තුව වැය කොට මෙරට වැසියන්ගේ ජීවිත රැක ගැනීමට කටයුතු කළ ගෝඨාභයට ගෝල්ෆේස් එකේ මරණ දැන්වීම් ඇලවූ තරුණයා සහ වතුර වීදුරුවට කෙළ ගැසූ වනචරයා අතර වෙනසක් නැත. වසවිස සහිත ආනයනික කෘෂි රසායන භාවිතයෙන් වකුගඩු කුණු වී මිය යන ලංකාවේ ගොවි පරපුරට හරිත කෘෂිකර්මාන්තයක් හදා දෙන්නට ගිය ගෝඨාභයට එරෙහිව සිය කුඹුරට ගිනි තැබූ ගොවියා කළේත් වතුරට කෙළ ගැසීමකි. පෙරා ගත් වතුරට කෙළ ගැසීම යනු සිංහලයාගේ සමාජ ජානගත අවගුණයකි.
අද මුළු සමාජය ම කරන්නේ බොන්න දෙන වතුරට කෙළ ගැසීම පමණී. ආර්යයන් වහන්සේලා දිවි හිමියෙන් රැක දුන් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයට ධර්ම විකෘති නමැති කෙළ එකතු කරන්නෝ බොහෝ වෙති. විද්‍යාත්මකව තහවුරු කළ ආර්ය සිංහල ඉතිහාසයට යක්ෂ-රාවණ නමැති කෙළ පහර ගසන්නෝ බොහෝ වෙති. පාරිශුද්ධ අධ්‍යාපනයට හරිනිගේ විකෘතිකාමය නමැති කුණු කෙළ දමා දැයේ දරුවන්ට පොවයි. දේශීය ආර්ථිකයට IMF සුද්දන්ගේ මළ කෙළ දමා ලාංකිකයාට බොන්නට දී තිබේ. ලංකාව ම දැන් බොන්නේ මාලිමානුවන් කෙළ ගසා දෙන වතුර ය. රත්න ශ්‍රී ට මේ සමාජය ඊළඟට කෙළ ගහන්නේ මූණට ය.
ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 නොවැම්බර් 9
එරන්ද ගිනිගේ අප ආරාධිත ලේඛකයෙකි.
මෙහි පලවන ඔහුගේ ''අදහස් හා අන්තර්ගතය'' ඔහුට අනන්‍ය ස්වාධීන අදහස් විනා
''කොළඹ රපෝර්තුව'' වෙබ් අඩවියේ අදහස් හෝ ''මතය''
නොවන බව කරුණාවෙන් සලකන්න.
කලම්බු රිපෝටර්
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

