හරිනිට ලියන වගනම්...

හරිනී. නිර්දය ලෙස ජේ. ආර්. ව විවේචනය කරන ජ වි පෙ “ජෙපි මනෝභාවයෙන්” මොහොතකට මිදෙන්න. “මාරි මියුසියස් හිගින්ස්” මැතිනිය දෙස නෙත් දල්වන්න. ඇයගෙන් යළි ඉගෙන ගන්න.

Nov 25, 2025 - 14:29
 87
හරිනිට ලියන වගනම්...

සංවාදයට විවෘත වේ

හරිනිට

ලියන වගනම්...


මවු දෙතනේ කිරි බී වැඩුණු , ඉතිරි නිමිත්තකින් ස්වභාවික ලෙස ප්‍රසූත වූ, යහපත් මවුපිය යුවලකට දාව උපන් අයෙකු ලෙස  ඔබව අමතමි, 

හරිනී.
නිර්දය ලෙස ජේ. ආර්. ව විවේචනය කරන ජ වි පෙ “ජෙපි මනෝභාවයෙන්” මොහොතකට මිදෙන්න.
“මාරි මියුසියස් හිගින්ස්” මැතිනිය දෙස නෙත් දල්වන්න. ඇයගෙන් යළි ඉගෙන ගන්න.


1977දී, පත් වූ ආණ්ඩුවට ගරහන බොහෝ දෙනෙකු, ජේ.ආර්. කීවා යැයි කියන ප්‍රකාශයක් සමාජ ගත කර තිබේ. “සාහිත්‍ය කන්ඩද” කියා ජේ. ආර්. ඇසුවා යැයි ඉන් කියැවේ. එනමුත්, ජේ. ආර්. කී ලෙසටම “අනාගතය විසින් මා නිර්දෝශී කරනු ඇත” යි, යන කියමන යළි සිහි කරනු කැමැත්තෙමි.

ජේ. ආර්. ජයවර්ධන උතුමානන් ලෙස විටෙක ඔහුව නම් කළ පිරිසක් ද වූහ. ඒ කෙසේ හෝ වේවා, ජේ. ආර්. ගේ ජීවන චරිතාපදානය තුළ සඳහන් වෙන්නේ, ඔහුගේ කුඩා අවදියේදී හෙතෙම “මාරි මියුසියස් ගෙන් අධ්‍යාපනය ලද බව ය.

77'දී බලයට පත් ජේ. ආර්. විසින් මාරි මියුසියස්ගේ ඉගැන්වීමේ අත්පොත් සංග්‍රහය යළි මුද්‍රණය කරන්නට පියවර ගත්තේ යැයි, ඔහුගේ චරිතාපදානයෙහි සඳහන් ය. එම මුද්‍රණය ඉතා “ගොරහැඩි” ලෙස පොතක් වශයෙන් සකස් වී තිබුණි. ඒ එදා අප රටේ තිබූ මුද්‍රණ කලාව හේතුවෙනි.

හරිනී,
එවකට, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය විමසන්න. එහි සඳහන් වෙන “ගරු අධ්‍යාපන ඇමති” කවුරුන්දැයි හොයා බැලීම මා ඔබට භාර කරමි.

“සාහිත්‍යය” යන විෂය ඔබලාට අරහං වී තිබෙන අවස්ථාවක මේ ලෙස, මියුසියස් මැඩම් ව සිහි කර සිටින්නෙමු. ඒ අනෙකක් නිසා නොව, මේ දූපතේ ළමා පෙල දෙස ඇය විසින් හෙළූ නෙත් බැල්ම ඔබට සිහිපත් කර දීම සඳහා ය.

සාහිත්‍ය උපදින්නේ කුමන කාලයකද යන්න ඔබ නොදන්නවා නොවනු ඇත. ක්‍රි:පූ: 800තරම් ඈත යුගයක විසූ “හෝමර්” ඒ සඳහා සාක්ෂි දරන්නේ ය. මහා කවි හෝමර් ගේ “ඉලියඩ් සහ ඔඩිසි” නිර්මාණය අපට පෙන්වා දෙන කාරණය කුමක් වේද..? 

බුදුන් මෙලොව පහල වීම සිදු වූ ක්‍රි:පූ: හයවන සියවසටත් කලින් හෝමර් ජීවත් වූ බවය.

හරිනී,,, 
සාහිත්‍ය සහ මිනිසා අතර වූ විශිෂ්ට ගනු දෙනුව නිසාම “දර්ශනය සහ ධර්මය” මෙන්ම “දේශපාලනයද” මෙලොවට පහල වී ඇත. මේ දූපතේ මිනිසුන් ට “සාහිත්‍ය” අරහං කිරීම ක” නොහැකිය. යළි කියමි. අවධාරණයෙන් කියමි. එය කළ නොහැක්කකි. මන්දයත්, බෞද්ධ දර්ශනය “විසිතුරු කර තිබෙන සලුව” වන්නේ සාහිත්‍ය යි.

හරිනී, 
මේ දේශයේ දරුවන් ගේ සාහිත්‍යයේ සලු පිළි උනා දමන්නට ඔබ කල්පනා කරනවා විය හැකිය. එලෙස නිරුවත් වූ දරුවන් ට විකෘති ලිංගික ක්‍රියා කාරකම් උගන්වන්නට ඔබ උත්සාහ කරනවා විය හැක. “සිසේරියන් සැත්කම්වලින්” බිහි වූ දරුවන් මෙන්ම “මවු දෙතනේ කිරි රස නොදත්” දරුවන් පිරිස බොහෝ යැයි ඔබගේ ගණන් බැලීම වන්නට පුළුවන. ඔවුන් සාහිත්‍යයෙන් වසං කොට “සොම්බි” ජාතියක් නිර්මාණය කිරීම ගැන ඔබගේ ආණ්ඩුව සැලසුම් කරනාවා විය යුතු ය. 

හරිනී.. ඒ දේ කළ හැක්කේ උතුරු කොරියාවේ හෝ චීනයේ මිස මේ දූපතේ නොවන්න්නේ ය. මෙහි සිටින්නේ විවිධ හැඩ රුවින් යුතු විවිධත්වයක් ඇති මනුෂ්‍යයින් බව දකින්න. බ්‍රොයිලර් කුකුළන් මෙන් දකින්නට ලැබෙන “කොරියානූවන් හෝ චීනුන්” මෙහි නොවේ.

ලංකාවේ ඉන්නා, ගම් කුකුළන්, හබං කුකුළන්, වලි කුකුලන්ට අමතරව පොර කුකුළන් ද සිහියට නගා ගන්න. ඔබලාගේ අදහස වී තිබෙන “කුකුළු කොටුව” මනඃකල්පිතයක් බව තේරුම් ගන්න. ලෝකයේ එහා කොනේ සිට මෙහෙයවනු ලබන දුශ්ඨ මෙහෙයුම්වල කොටස් කරුවන් නොවන්න. 

හරිනී. 
ඔබ වැනිම ගැහැනියක විසින් පෙර කලකදී දරුවන්ට “කිරි පොවනු” ලැබුවාය. නවසීලන්තයේ හරකුන්ගේ කිරි, මවු කිරිවලට වඩා අගේ යැයි ඇය පෙන්වා දුන්නාය.

හරිනී,, 
මුදල් හම්බු කරන එන්. ජී.  ඕ. මානසිකත්වය ඇතිව කටයුතු කරන බොහෝ දෙනක්, මෙහි උගුල් අටවති. එහෙත් ඔබ දැන්, මේ දේශයේ අග්‍රාමාත්‍යවරිය බව සිතන්න. එය වටහා නොගැනීම අපේ දරුවන් ලබන විශාලම අවාසනාව වේ. (ඒ බිග් කුච්චන් එක නොකරන්න.) මියුසියස් මැතිනිය සැබෑ මවක් මෙන් සිතා මෙරටේ දරුවන්ට යහපත සැලසීය. ඔබේ අමාත්‍ය මණ්ලයේ සිටින ලොකුම දිළින්දා ගේ දියනියත්, මියුසියස් පාසලේ උගනී යැයි කියැ වේ. අනෙකුන්ගේ දරුවන් උගන්නේ විදේශවල ය. මෙරටේ දරු පෙල සඳහා පංති පහ යෝජනා නොකරන්න.

සාහිත්‍ය, ධර්මය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ දේශපාලනය යන ඉගැන්වීම් පහ වන්ධ්‍යාකරණයට ලක් නොකරන්න. අලුත් පංති පහ තනන්නට උත්සාහයන් නොකරන්න. දේශපාලන මූලධර්මවලට කිසි දා යට කරනු බැරි, “සංඝ රාජ්ජයක්” මෙහි තිබෙන බව සිහියට නගා ගන්න.

තව දුරටත් සිහි නගන්නේ නම්, මේ දේශයේ “අවාසනාවන් සමය” උදා වෙන සමයේදී.. පාලකයින් පවා නපුංසකයින් බවට පත්වූයේලු. ඉතිහාසයේ අප මවිතයට පත් කරවනසුළු හරි අපූරු කතා තිබේ. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් එහා සිටි රජවරුන් එබන්දු නපුංසකයින් වූහ. ඒ බැරිකම වසා ගන්නට ඉන්දියාවෙන් “රන්දෝලියෝ රිදීදෝලියෝ” ගෙනාවෝය. රජුට බැරි දේ අධිකාරම්ලා විසින් ඒ “නායක්කාර ගැහැනුන්ට” කලායැයි “ජනශ්‍රැතියේ” කියැවේ. 

මේවා සඟවනු බැරි වී තිබෙන්නේ සාහිත්‍ය කරුවාගේ මෙහෙවර නිසාය. ඔබලාගේ දුර්වල කම් වසා ගැනීමට සහ, “අනාගතය තුළ ඉතිහාසය වසං කිරීමට” ඉතිහාසය වලදැමිය යුතුයයි ඔබලා සිතනවා විය යුතුය. ඒ වෙනුවෙන් “සාහිත්‍ය වැනසීමට” කල්පනා කරනවා විය හැකිය. එහෙත් ඔබ කවුරුවත් නොසිතන දේ මේ මොහොතේත් සිදු වෙමින් තිබේ. 

පොත් පත් පෑන් පැන්සල් තව දුරටත් වලංගු නැත. “ඇඟිලි තුඩු වලින් සාහිත්‍ය පුපුරු ගසන බව” අවබෝධ කර ගන්න. එලෙසම, පොත පත හංගා පෑන් පැන්සල් නැති බංග කර, සාහිත්‍ය වන්ධ්‍යාකරණය කිරිම මේ මොහොතේ පරාද වී තිබේ. ඒ ලෙසම, සාහිත්‍යය මකා දමන, නැතහොත්... ඈත් කර තබන වෑයම හිස් උත්සාහයක් පමණි.

අවශ්‍ය වන්නේ, සාහිත්‍යය තව තවත් ළං කිරීම වේ. ඉන් පෝෂණය ලබා වැඩෙන දරු පෙළ “ආදරය”සොයති. මානව හැඟුම් දරති. ලිංගිකත්වයේ නිවැරදි දිශානතිය දකිති. මේ දේශයට දරුවන්  දායාද කරති. ඒ දරුවෝ මේ දූපත දියත බබලවති. 

හරිනී....
නපුංසක මිනිසුන් හෝ ගැහැණුන් මේ රටේ පාලකයින් ලෙස තකන්නේ නැති ජාතියක් ඉදිරියේ ඔබ නිරුවතින් සිටගෙන හිදින බව, ඔබට කණගාටුවෙන් වුවත් සිහිකර දීමට සිදුව ඇත. කොතෙක් දක්ෂයෙක් වුවත්, රනිල් වික්‍රමසිංහ ටත්, පවුල් කුඩුම්බයක් ලබන වාසනාව නැති විය. එය ඔහු ලද්දේ වී නම්... ඔහුගේ  “දේශපාලන සලකුණ” මේ දූපතේ නොවෙනස් විය හැකිව තිබුණි.එබවින්, රිද්මය හැදින, ඊට අනුගත නොවන්නේ නම්... කුණු මුල්ලට විසි වී යන ඉරණම දකින්න. 

කෙනෙකු යම් දෙයක් ලබන්නේ නම් ,තමා ඊට අවැසි සියලු සුදුසුකම් වලින් යුතුදැ, යි තේරුම් ගැනීම වටිනේය. සැබෑ උගත්කම වන්නේ එයයි. මිනිසුන් බලාපොරොත්තු වන්නේ “සජීවී රංගනය” මිස කවුරුන් විසින් හෝ පසෙක සිට නූල් සූත්තර වලින් නටවන “රූකඩ රංගන නොවේ. 

හරිනි...
තම තමුන්ගේ අඩුපාඩු තුළින් ඉස්මතු වී නැගෙන, මනෝවිකාර ජනගත කරන්නට උත්සාහ නොකරන්න. සාහිත්‍යය නොදත් එකා මේ ලෝකයට පැමිණීමෙන් සිදු කරන්නේ, ඌ වැදූ මවගේ කන්‍යාභාවය විනාශ කිරීම පමනකි, යැයි යන කියමනක් වේ. එය සැබෑ වකි.

අවසාන වසයෙන් මියුසියස් මාතාවගේ දැක්ම හෙළි කරන්න, එය අප කා තුළත් පරිවර්තනයට තුඩු දෙන බැවිනි. ඇය සිය පළමු ග්‍රන්ථයේ අවසානයට “එළාර” රජු ගැන දරුවන්ට කියා දේ. එළාරට එරෙහි සිතුවිලිවලින් යුතු දූශිත සාහිත්‍යය මහත් විපතක් බව මියුසියස් දැක තිබුණි. සිය මවගේ ඉගැන්වීමට අනුව, ගුළි ගැසී වකයෙන් නිදා ගනිමින් ගැමුණු කුමරු කියන්නේ, දකුණින් ගොළු මුහුදය. උතුරින් හැඩි දෙමලුන්ය, කියාය. අද අපට අවශ්‍ය වන්නේ එබඳු අදහස් නොවේ.

ඒ මග ඔස්සේ ගමන් ගත් ගැමුණු කුමරු දුෂ්ඨයෙක් ලෙස ඉතිහාස ගත වී සිටී. එපමණක් නොව, දුටු ගැමුණු එක්සේසත් කළ මේ දේශය තිස් අවුරුදු යුද්ධයකට පත් වීම ගැන මියුසියස් දුටුවේ සියවසකට පෙරදීය. සාහිත්‍යය තුළින් ඇය ඉගැන්වීමට උත්සාහ කළ පාඩම අපට මගහැරී ගියේ ඇයි දැයි විමසීම වටී. දැන් සියලු තතු වෙනස් වී තිබේ.අපගේ දෙනෙත් විවර විය යුතු වන්නේ මේ දූපතේ සියලු ජනවර්ගයන් ජයගන්නා අනාගතයක් දෙසටය. 

මේ දූපත වටා තිබෙන ගොළු මුහුදින් එතෙර ජය සොයන ළමා පෙළක් නිර්මාණය කරන උත්සාහයක් දෙසටය. බාල ලිංගික තේමාවන් හෝ සාහිත්‍යයෙන් ඉතිහාසයෙන් තොර දරු පෙළක් නිර්මානය කිරීමට නොවේ. බත් බුලත් කන, මේ දේශයේ මිනිසුන් හමුවේ, යුරෝපීය යුධකාමීන් අසරණ වූ පුවත් ගෙන අප සිහි කළ යුතුය. අපගේ සාඩම්බර වීරෝධාර සටන්කාමී ජයග්‍රහණ ගැන කතා කළ හැක්කේ සාහිත්‍යයෙන් පමනී. කෝට්ටේ දී, ගන්නෝරුවේ දී, රන්දෙනිවෙල දී  ලේ හැලූ මිනිසුන් විසින් අපට දායාද කළ අපේ උරුමය ගැන ඔබට හැඟීමක් නැති වන්නට පුළුවන. වෙල්ලස්සේ විමුක්ති සටන ඔබේ උගත්කම හමුවේ පුස්සක් විය හැකිය. එහෙත්, නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා අන්ත පරාජයකට පත් කළ “වෝටර්ලූ සටනේ” යෙදුණු, බ්‍රිතාන්‍යයේ මහා යුධ වීරයෝ පවා මේ දූපතේ කැලෑවන් තුළ අන්ත අසරණයින් සේ මරණයට පත් වූ බව ඔබට කියා දිය යුතුව ඇත.

හරිනී..
දරදඬු තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා විසින් ආපසු යන ගමනේදී, මෙරටින් රැගෙන ගිය හෙලයින් දෙදෙනෙකු සිටියේය. කාලතුවක්කූ හමුදාවේ ඇලෙක්සැන්ඩර් ද මුදලි ඒබ්‍රහම් ද සේරම් ගේ පුතුන් දෙදෙනා එලෙස බ්‍රිතාන්‍ය බලා රැගෙන ගියේය. ඒ 1811 ජූලි 18 වෙනිදාය. යුරෝපය දුටු පළමු ලාංකිකයින් ‍ඔවුන්ය. එහි ගොස් අධ්‍යාපනය හදාර යළි මේ රටට ආ ඔවුන්ගෙන් පටන් ගත් ව්‍යසනයේ අතර මැද “ඔබ ද සිටින වග” හෙළි කරන්නෙමු.

අපට අවශ්‍ය වන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරනයකට වඩා එහා ගිය ප්‍රතිකාරයකි. ඊට අවශ්‍ය මහා ඖෂධය වන්නේ සාහිත්‍යය ම මිස ඔබේ ආචාර්ය උපාධියේ විෂයපථයට සමපාතව යන “LGBTQ” නොවේ .

පුරවැසියා

මෙම ලිපිය ආරාධිත විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියන ලදී.

මෙහි පලවන ''අදහස් හා අන්තර්ගතය'' ඔහුට අනන්‍ය ඔහුගේ අදහස් බව 
 කරුණාවෙන් සලකන්න.

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 1