"ජීවන සුවඳ" මැදින් "ගනඳුර මැදියම අරුණළු දකිනට"
වෘත්තිකයෙකු, සාහිත්‍යවේදියෙකු, දේශපාලඥයෙකු සහ චින්තකයකු මෙන්ම ඒ සියලු යහගුණයන් අභිබවා ගිය මානවවාදියෙකු වූ දොස්තර ගුණදාස අමරසේකරයන් ගේ භූමිකාව, ලේඛන ශෛලිය සහ චරිතය, ශ්‍රී ලාංකේය විශිෂ්ටයන්ගේ නාමාවලියේ ඉහලින්ම සටහන්ව ඇත.
"ජීවන සුවඳ" මැදින්
"ගනඳුර මැදියම අරුණළු දකිනට"
වෘත්තිකයෙකු, සාහිත්‍යවේදියෙකු, දේශපාලඥයෙකු සහ චින්තකයකු මෙන්ම ඒ සියලු යහගුණයන් අභිබවා ගිය මානවවාදියෙකු වූ දොස්තර ගුණදාස අමරසේකරයන් ගේ භූමිකාව, ලේඛන ශෛලිය සහ චරිතය, ශ්‍රී ලාංකේය විශිෂ්ටයන්ගේ නාමාවලියේ ඉහලින්ම සටහන්ව ඇත.
ඉංග්‍රීසියෙන් උගත්, බටහිර වෛද්‍ය විද්‍යාව වෘත්තීය කරගත් මේ මහා ප්‍රඥායා, කෝට්ටේ යුගයෙන් පසු පරිහානියට පත් සිංහල කවියට හා සාහිත්‍යයට ලබා දුන් "ජීවන සුවඳ" බැහැර කළ හැක්කේ "කරුමක්කාරයෙකුට" පමණි. ඔහුගේ දේශපාලන මතවාදයන්ට ඇලුම් කළ ද නොකළ ද අමරසේකර සමාජ විචාර මඟහැර, සිංහල සාහිත්‍ය වීථියට අවතීර්ණ වීමට හෝ "සභ්‍යත්ව රාජ්‍යයක" පුරවැසියෙකු වීමට කිසිවකුට නොහැකි බව මාගේ විශ්වාසයයි.
"අමරසේකර ප්‍රත්‍යාවලෝකනය", ලෙස අරුත් ගැන්වූ මේ විශිෂ්ට මිනිසාගේ 96 වැනි ජන්මෝත්සවයට සහභාගි වන මෙන් වූ මිත්‍ර ගෙවිඳු ගේ ආරාධනය හමුවේ මා පරාජිතයකු වූයේ "දෙපා නොලද්දෙකු" නිසා නොව "ගමනක මැද" "අතරමග" සිටි බැවිනි.
"සාහිත්‍යකරුවකු ගේ නිර්මාණය සහ ඔහුගේ දේශපාලනය කියන්නේ දෙකක් නොවෙයි. නමුත්, පාඨකයා නොවිඳි නව භාව ලෝකයක් වෙත ඔහු ගෙනයාම විනා, දේශපාලන මතවාද ප්‍රචාර කිරීම සඳහා තම නිර්මාණ උපයෝගී කර ගැනීම, සාහිත්‍යකරුවාගේ වගකීම නොවේ.."
20 වැනි ශතවර්ශයේ හරි අඩක් මෙන්ම 21 වැනි ශත වර්ෂයේ අඩකින් අඩක්, පොදු අරමුණක් වෙනුවෙන්, නොපැකිලව කැප කළ මේ දැවැන්තයා ගේ උක්ත සංකල්පනාව, කුමන හෝ රටක, කුමන හෝ භාෂාවකින් සාහිත්‍යකරණයට පිවිසෙන කවරෙකුට වුවද කරනු ලබන විශ්වීය මගපෙන්වීමක් නොවන්නේද? "ගල් පිළිම හා බොල් පිළිම" අතර වෙනස හඳුනාගත නොහැකි අයෙකුට වුව ද එය ආප්තෝපදේශයක් වෙනවා නොඅනුමානය.
මේ ගෞරවණීය ශ්‍රී ලාංකේය පුත්‍රයාට, නිරෝගී සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම සඳහා "ගනඳුර මැදියම අරුණළු දකිනට" රිසි අපි සැවොම ඒකාත්මික වෙමු.
(සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 96 වෙනි ජන්ම දින සමරු උත්සවය නිමිත්තෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇමරිකාවේ නිව්යෝර්ක් සිට ලියන ලද සටහනක් ඔහුගේ facebook ගිණුමේ පළකර තිබී උපුටා ගන්නා ලදී.)
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

