එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්ව රටවල ප්‍රධානීන්ගේ ඓතිහාසික නවදිල්ලි සමුළුව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී වීම තුළින් ශ්‍රීලංකාවේ හමුදාවන් ජාත්‍යන්තරය තුළ සුවිශේෂී කීර්තිනාමයක් අත්පත්කර ගෙන ඇත. එසේම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරතවීමට හැකිවීම රාජ්‍යකට ජාත්‍යන්තර වශයෙන් ලැබිය හැකි ඉහළම ගෞරවයකි . ඒමෙන්ම වෘත්තීමය හමුදා සෙබළෙකුට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවයේ යෙදීම අභිමානයක් මෙන්ම තම සේවා කාලය තුල ලබාගත හැකි සුවිශේෂී අවස්ථාවකි. ශ්‍රීලංකාව මේ වනවිට සාම සාධක රාජකාරීන්වල අභිමානවත් ලෙසත් රටට කීර්තියක් අත්කර දෙමිනුත් ජාත්‍යන්තරයේ සේවයේ යෙදිමින් සිටින්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් පන්නරය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි වෙනුවෙන් උපයෝගී කරගනිමින් සිටී.
එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්ව රටවල
ප්‍රධානීන්ගේ
ඓතිහාසික නවදිල්ලි සමුළුව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී වීම තුළින් ශ්‍රීලංකාවේ හමුදාවන් ජාත්‍යන්තරය තුළ සුවිශේෂී කීර්තිනාමයක් අත්පත්කර ගෙන ඇත. එසේම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරතවීමට හැකිවීම රාජ්‍යකට ජාත්‍යන්තර වශයෙන් ලැබිය හැකි ඉහළම ගෞරවයකි . ඒමෙන්ම වෘත්තීමය හමුදා සෙබළෙකුට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවයේ යෙදීම අභිමානයක් මෙන්ම තම සේවා කාලය තුල ලබාගත හැකි සුවිශේෂී අවස්ථාවකි. ශ්‍රීලංකාව මේ වනවිට සාම සාධක රාජකාරීන්වල අභිමානවත් ලෙසත් රටට කීර්තියක් අත්කර දෙමිනුත් ජාත්‍යන්තරයේ සේවයේ යෙදිමින් සිටින්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් පන්නරය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි වෙනුවෙන් උපයෝගී කරගනිමින් සිටී.
එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්වය සපයන රටවල ප්‍රධානීන්ගේ සමුළුව 2025 ඔක්තෝබර් 14 සිට 16 දක්වා දිනවල ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර එය ගෝලීය සාම සාධක මෙහෙයුම්වල අනාගතය සඳහා වු සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම්වලට සක්‍රීයව දායක වන රටවල් 30කට අධික සංඛ්‍යාවක හමුදා ප්‍රධානීන් මෙම සමුළුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ඇතුළු පිරිසක් සහභාගී වූහ.
වෙනස් වෙමින් පවතින නවීන ගැටුම්වල ස්වභාවය ත්‍රස්තවාදය, සහ රාජ්‍ය නොවන ක්‍රියාකරුවන්ගේ නැගීම හේතුවෙන් සාම සාධක භටයන්ට වඩාත් අනතුරුදායක මෙහෙයුම් පරිසරයක කටයුතු කිරීමට සිදුවී තිබේ. මෙවැනි තත්ත්වයන් යටතේ, සාමූහික ප්‍රවේශයක් ඔස්සේ විවිධ රටවල හමුදා ඒකක අතර වඩා සහයෝගීතාවය සහ පුහුණු ක්‍රමවේද ඇති කිරීම, සාම සාධක මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සාමසාධක භටයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව සොයා බැලීම, සාම සාධක භටයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදීම, එක්සත් ජාතීන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ හමුදා දායකත්වය සපයන රටවල්වලට වඩාත් ශක්තිමත් හඬක් ලබා දීම වෙනුවෙන් පෙනී සිටීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණි.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ස්ථාවර හා අඛණ්ඩ දායකත්වයක් සපයන රටකි. අපේ රටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් (විශේෂයෙන් ලෙබනනය, දකුණු සුඩානය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය වැනි ප්‍රදේශවල) සිය මෙහෙයුම් දැනුම, වෛද්‍ය සේවා සහ ගුවන් සේවා හැකියාවන් තුළින් සාමය පවත්වා ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙයි. විශේෂයෙන්ම අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයන්ට මුහුණ දීම, සිවිල්-හමුදා සම්බන්ධීකරණය (CIMIC), මහජනතාව සමඟ විශ්වාසය ගොඩනැගීම යන ක්ෂේත්‍රවලදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් ගෝලීය වශයෙන් වැදගත් වේ. එසේම නවීන තාක්ෂණය යොදා ගැනීම හා සාම මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ හොඳම භාවිතාවන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමටත්, අපගේ දැනුම බෙදා දීමටත් මෙය මහඟු අවස්ථාවක් විය.
සමුළුවට එක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ප්‍රකාශ කර සිටියේ “තිරසාර සාම සාධක මෙහෙයුම් සඳහා ධාරිතා වර්ධනය සහ සම්පත් සම්පාදනය” පිළිබඳව වර්තමානයේ දී සුවිශේෂි අවධානයක් යොමුකළ යුතු බවය. එසේම තිරසාර සාම සාධක මෙහෙයුම් සඳහා නවීන තාක්ෂණය සහ උපායමාර්ගික දුරදක්නා නුවණක් සහිත හොඳින් පුහුණු වූ භට පිරිස් යෙදවීම අතවශ්‍යවන බවය.
ඒ අතරම, මානව, භෞතික සහ තාක්ෂණික වැනි සම්පත් ඵලදායී ලෙස සම්පාදනය කිරීම පොදු අභියෝගයක් ලෙස පවතින බවත් සාමසාධක භටයින් වර්ධනයවන සංකීර්ණ පරිසරයන් තුළ පූර්ණ ලෙස සූදානම්ව, සන්නද්ධව සිටීමට අවශ්‍යය උපරිම සහයෝගය ලබාදෙමින් ඔවුන් රාජකාරියේ යෙදවීමේ වගකීම දැඩිව තිබෙන බවත් මෙවැනි සමුළු මඟින් අපට හොඳම ක්‍රමවේදයන් හුවමාරු කර ගැනීමටත්, අන් අයගේ අත්දැකීම්වලින් දැනුම ලබා ගැනීමටත්, නව්‍යකරණය හා සහයෝගීතාව සඳහා නව මංපෙත් සකස් කිරීමටත් අවස්ථාව සලසන බවත් යුද්ධ හමුදාධිපතිවරයා කීය.
සහයෝගීතාවය සහ පොදු අවබෝධය වෙනුවෙන් වූ සුවිශේෂි වේදිකාවක් වූ මෙම සමුළුවට සහභාගී වීම ශ්‍රී ලංකාවට සෘජු රාජ්‍යතාන්ත්‍රික සහ හමුදා සබඳතා ගොඩනගා ගැනීමට සහ පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. එසේම, එක්සත් ජාතීන්ගේ සාම සාධක තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ හමුදා දායකත්වය සපයන රටවලට වැඩි හඬක් ලබා දීම වෙනුවෙන් පෙනී සිටීමේ සාමූහික ප්‍රයත්නයට ශ්‍රී ලංකාවට ද දායක විය හැකී වීම සුවිශේෂි වූ ජයග්‍රහණයකි.
සිය දේශනය අතරතුරදී යුද්ධ හමුදාධිපතිවරයා ඒ පිළිබඳවද සිය අදහස ඉදිරිපත් කළ අතර ඔහු එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉන්දීය හමුදාව සමඟ පවත්වාගෙව යනු ලබන ඉතා සමීප සහ ශක්තිමත් සබඳතා පිළිබඳවත් ‘මිත‍්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය, ඉන්දු - ශ්‍රී ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡා ආදිය පිළිබඳත් අවධානය යොමුකරන ලදී. එසේම මෙම සම්බන්ධතා තුළින් ඉන්ද්‍ර - ශ්‍රී ලංකා හමුදාවන් අතර වෘත්තීය සබඳතා ගොඩනගා ඇති ආකාරය, අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැඟීම ආදී කාරණා පිළිබඳවද හමුදාධිපතිවරයා අවධානය කළේය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට හැකි වී තිබේ. මෙම සමුළුවේදී තාක්ෂණය සහ නවෝත්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම නිසා, ශ්‍රී ලංකාවට සිය පුහුණු ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවා ගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමටත් අවශ්‍ය දැනුම හා සහයෝගය ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. සමස්තයක් වශයෙන්, 2025 එක්සත් ජාතීන්ගේ හමුදා දායකත්වය සපයන රටවල ප්‍රධානීන්ගේ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය, අපගේ ජාත්‍යන්තර කීර්තිය ශක්තිමත් කිරීමටත්, ගෝලීය සාම මෙහෙයුම්වල අභියෝගවලට සාමූහිකව මුහුණ දීමටත්, ආරක්ෂක හා ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමටත් ඇති කදිම අවස්ථාවකි. එහිදී වැඩිදුරටත් අදහස් යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.
සාම සාධනය යනු හුදෙක් හමුදා යෙදවීම පමණක් නොවන බව අප සැවොම දන්නා කාරණයක්. සාමසාධනයේ දී දේශසීමා ඉක්මවා යන විශ්වාසය, සහතිකය සහ මානව සම්බන්ධතා ගොඩනැඟීම අත්‍යවශ්‍යය තත්ත්වයකි. ශ්‍රී ලංකාව සාම සාධක මෙහෙයුම් ඉලක්ක කරගනිමින් හමුදාවන් අතර අන්තර සම්බන්ධතා ගොඩනැඟීම සඳහාවන ඒකාබද්ධ අභ්‍යාස, ධාරිතා සංවර්ධන වැඩසටහන් තුළින් වෘත්තීමය හමුදා සබඳතා තිරකරගනිමින් ගෝලීය සාමය සඳහා අපගේ වගකීම ඉටුකරන බව සිහිපත් කළ යුතුයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙන දිගුකාලීන දායකත්වය පිළිබඳව අප ආඩම්බර වෙමු. අපගේ සොල්දාදුවන් ධෛර්යයෙන්, වෘත්තීයභාවයෙන් සහ මානව දයාවෙන් යුතුව සේවය කර ඇති අතර, එමඟින් ලොව ඕනෑම කලාපයන සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කරන්නට ශ්‍රී ලංකාවේ සාමසාධක භටපිරිස් සතුව ඇති සුවිශේෂි හැකියාවන් සහ ගුණාංගයන් ප්‍රදර්ශනය කරන බවත් සිහිපත් කළ යුතුය.
මෙම සමුළුවේ තේමාව වන “තිරසාර සාම සාධක මෙහෙයුම් සඳහා ධාරිතා වර්ධනය සහ සම්පත් සම්පාදනය” අතිශයින්ම කාලෝචිතය. ඒ සඳහා හැකියාව ඇති සහ හොඳින් පුහුණු වූ පිරිස්, ඵලදායී සැපයුම්, උසස් තාක්ෂණය සහ උපායමාර්ගික දුරදක්නා නුවණක් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉන්දීය හමුදාව සමඟ සහ මෙහි නියෝජනය වන සියලුම ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නිරන්තරයෙන්ම සූදානම් බව මෙහිදී යළි යළිත් සිහිපත් කරමි. මෙම සමුළුවේදී බෙදා හදා ගත් විශේෂඥ දැනුම, විශ්වාසය සහ සාමූහික අධිෂ්ඨානය තුළින් එක්ව, හෙට දවසේ අභියෝගවලට මුහුණ දීමේදී අපට සාම සාධක මෙහෙයුම් වඩාත් තිරසාර, වඩාත් ඇතුළත් සහ වඩාත් ඵලදායී කළ හැකිය. වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර ලෝකයක් සඳහා අපගේ හැකියාවන් ශක්තිමත් කිරීමටත්, සහයෝගීතාවයන් ගොඩනැගීමටත් සහ සාම සාධනයේ උතුම් මෙහෙවර වෙනුවෙන් පෙනී සිටීමටත් අපි එක්ව කටයුතු කරමු." යැයි යුද්ධ හමුදාධිපතිවරයා එහිදී පැවසීය.
තිස්වසරක් පුරා පැතිරුණු කුරිරු යුද්ධය මානුෂීය මෙහෙයුමකින් නිමාකරමින් ලොව විශාලතම ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙෙහයුම සිදුකළ ශ්‍රී ලංකාව වර්තමානයේ සාමසාධක මෙහෙයුම්වලට සහභාගීවෙමින් ඉටුකරමින් සිටින්නේ ගෝලීය සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් පැවරී ඇති භාරදූර වගකීමක් ඉටුකිරීමකි. එහිදී ශ්‍රී ලංකාවේ හමුදාවන් ලොව මානුෂීයම හමුදාවන් වශයෙන් තමන් ලද විරුදාවලිය ඒලෙසින්ම ආරක්ෂා කරගනිමින් විදේශයකදී වුවද තම රණකාමීත්වය තුළින් තම රටේදී අත්කර ගත් අත්දැකීම් ජාත්‍යන්තර සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් යෙදවීමට ඉදිරිපත්වීම සැබැවින්ම අගය කළ යුතුමය.
දිලංක ගුණතිලක
මෙම ලිපිය පිටස්තර ලේඛකයෙකු විසින් සපයන ලද්දකි.
එබැවින් මෙම ලිපියේ අඩංගු කරුණු තොරතුරු හා අදහස් පිළිබඳ සියලු
වගකීම් එම ලේඛකයා සතු බව සලකන්න.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

