සමරිසි ආදරය වීරත්වයක්ද..?

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් පැරණි ''සාම්ප්‍රදායික සාරධර්ම, බුද්ධාගම සහ පවුල් සංස්කෘතිය'' මත පදනම් වූ දැඩි සමාජීය ව්‍යුහයක් සහිත රටකි. මෑත කාලීනව, බටහිර ලෝකයෙන් ආනයනය වූ "ලිංගික සුළුතර අයිතිවාසිකම්" සහ "විවෘතභාවය" පිළිබඳ සංකල්ප රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන කිබේ. මෙම ව්‍යාප්තිය, විශේෂයෙන්ම ''සමරිසි නැඹුරුව'' ප්‍රවර්ධනය වීම, අපගේ සභ්‍යත්වය සහ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි විශාල තර්ජනයක් එල්ල කර ඇති බව බොහෝ සමාජ විචාරකයින්ගේ සහ මේ රටේ ජවතාව බහුතරයකගේ මතයයි.

Oct 7, 2025 - 22:08
Oct 7, 2025 - 22:11
 179
සමරිසි ආදරය වීරත්වයක්ද..?
සමරිසි ආදරය වීරත්වයක්ද..?

සංවාදයට විවෘත ලිපියකි
 

ශ්‍රී ලංකාවේ 'විකල්ප' ලිංගික නැඹුරුව පිළිබඳ විවාදය.

බුලිත ප්‍රදීප් කුමාර

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් පැරණි ''සාම්ප්‍රදායික සාරධර්ම, බුද්ධාගම සහ පවුල් සංස්කෘතිය'' මත පදනම් වූ දැඩි සමාජීය ව්‍යුහයක් සහිත රටකි. මෑත කාලීනව, බටහිර ලෝකයෙන් ආනයනය වූ "ලිංගික සුළුතර අයිතිවාසිකම්" සහ "විවෘතභාවය" පිළිබඳ සංකල්ප රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන කිබේ. මෙම ව්‍යාප්තිය, විශේෂයෙන්ම ''සමරිසි නැඹුරුව'' ප්‍රවර්ධනය වීම, අපගේ සභ්‍යත්වය සහ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි විශාල තර්ජනයක් එල්ල කර ඇති බව බොහෝ සමාජ විචාරකයින්ගේ සහ මේ රටේ ජවතාව බහුතරයකගේ මතයයි.

''පවුල් සංස්ථාව බිඳවැටීම සහ ජාතියේ අනාගතය''

සමරිසි නැඹුරුව පිළිබඳ කතිකාවෙන් අපේ සංස්කෘතියට එල්ල වන ප්‍රබලම බලපෑම වන්නේ ''පවුල් සංස්ථාව'' මත ඇතිවන සෘජු බලපෑමයි. ඒ බලපෑම් අපිට පහත ආකාරයට වර්ගකර විග්‍රහ කර ගත හැකිය. 

  • 1. සම්ප්‍රදායික පවුල් ව්‍යුහය. 
    ශ්‍රී ලංකාවේ පිළිගත් පවුල් සංකල්පය වන්නේ ''පියා, මව සහ දරුවන්ගෙන්'' සමන්විත සමාජ විද්‍යාවේ සරල පවුල ලෙස සලකන පවුල් ව්‍යුහයයි. මෙය චිරාත් කාලයක් තිස්සේ අපගේ ආගමික සහ සමාජීය හරයන් විසින් පෝෂණය කරන ලද්දකි. විකල්ප ලිංගික නැඹුරුවක් ප්‍රවර්ධනය වීමත් සමඟ, මෙම පවුල් සංස්ථාව ''විකෘති වී හෝ ''බිඳී ගොස්'', අනාගත පරපුරට නිවැරදි ආදර්ශයක් නොලැබීමේ අවදානම ඇති වේ.
  • 2. දරුවන්ගේ මානසික සංවර්ධනය.
    මනෝවිද්‍යාත්මකව තහවුරු වී ඇති පරිදි, දරුවෙකුගේ නිසි මනෝ-ලිංගික සංවර්ධනය සඳහා පිරිමි (පියාගේ) සහ ගැහැනු (මවගේ) ආදර්ශ සමතුලිතව තිබිය යුතුය. පිරිමි ළමයෙකුට මෘදු (Feminine) සහ අනවශ්‍ය ලෙස ''හැඟීම්බර'' වීම සඳහා එක් හේතුවක් ලෙස පවුල් තුළ ''පියාගේ අධිකාරය හීනවීම'' සහ ''මව පවුල 'Lead' කිරීමේ'' ව්‍යාප්තිය සැලකිය හැකිය. පිටස්තරින් සාම්ප්‍රදාය ඉක්මවූ විවිධ සංස්කෘතික බලවේගය පැමිණෙන්නේ එසේ අපගේ සරල පවුල දුර්වල වූ විටය.
  • 3. ප්‍රජනනයෙන් තොරවීම 
    ප්‍රායෝගිකව, සමරිසි සම්බන්ධතා තුළින් ''ප්‍රජනනය'' සිදු නොවේ. ජාතියක පැවැත්ම සඳහා ප්‍රධානතම සාධකය වන සෘජු ප්‍රජනනය වළක්වන මෙවැනි නැඹුරුවක් සාමාන්‍යකරණය වීම, දිගු කාලීනව රටක ''ජනගහන ව්‍යාප්තියට'' සහ ජාතියේ පැවැත්මට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවට සැක පහළ වේ. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික සමාජ ව්‍යුහයක් ඇති රටක සිංහල බෞද්ධ ජනවර්ගය මේ රටේ ප්‍රධාන ජාතිය ලෙස පෙනී සිටියත්, රටේ ජීවත් වන අනෙකුත් ජන වර්ග දෙක වන මුස්ලිම් හා දෙමළ ජාතිකත්වයන් සිය වර්ගයා බෝ කිරීමේ වේගය හා සාපේක්ෂව බලන කල සිංහලයින් සිටින්නේ බලවත් අභියෝගයකය. එවන් ජාතික අවධානමක් පවතිද්දී සමරිසි  සංස්කෘතියේ බලපෑම සිංහලයන් වෙත වැඩි වැඩියෙන් බලපාන්නට පටන් ගතහොත් අනාගතයේදී ඔවුන් මේ රටේ දෙවන හෝ තුන්වන ජාතිය බවට පත් වීම වැළකිය හැකිද. එසේ වන්නේ අනෙකුත් ජාතීන් දෙකටම එන මෙවන් පිටස්තරින් එන අදහස් උදාස් වැළඳ ගැනීම හෝ ගරු කිරීමට නොහැකි දැඩි සංස්කෘතික බැඳීමක් ඇති පරිසරයකය. 

''අන්තර්ජාලයේ අඳුරු පැත්ත සහ යෞවනයන්ගේ දඩයම''

සමරිසි ප්‍රවණතාව වර්තමාන තරුණ පරපුර අතර වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකිය හැක්කේ ''අසීමිත අන්තර්ජාල භාවිතය'' සහ ''විදේශීය සංස්කෘතික ආභාසය'' වේ.

  • 1. ඩිජිටල් මාධ්‍යවල බලපෑම
    'Wattpad', 'Facebook' සහ 'Telegram' වැනි වේදිකාවලදී ''පාසල් දරුවන්'' පවා සමරිසි සම්බන්ධතා ප්‍රවර්ධනය කරන කතා, සාහිත්‍ය සහ සමූහයන්ට පහසුවෙන් නිරාවරණය වීම කනගාටුදායකය. පාසල් දරුවෙකු ලිංගිකත්වය ගැන කුතුහලයෙන් සිටින අවධියක, එම කුතුහලය ''සම්ප්‍රදායික මායිම්'' ඉක්මවා යන ආකාරයේ සම්බන්ධතා වෙත යොමු කිරීමට මෙම මාධ්‍යයන් පෙළඹවීමක් ලබා දේ.
  • 2. සමාජීය ප්‍රතිරෝධය බිඳ වැටීම
    පොත්පත් සහ මාධ්‍ය ඔස්සේ ''සමරිසි ආදරය 'වීරත්වයක්'' ලෙස නිරූපණය කිරීම තුළින්, අපගේ සමාජය තුළ මේ දක්වා පැවති ''ප්‍රතිරෝධය සහ විනය'' බිඳ වැටේ. මෙය අපේ දරුවන් නිසි මඟින් බැහැරව යාමට හේතුවකි. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ඉහළම නැඹුරුවක් හා ජනප්‍රියත්වයක් තරුණ පරපුර අතර හිමි කරගත් සාහිත්‍ය කෘති විමසා බලන්න. නම් වශයෙන් කිව හැකි වුවත් එසේ කීම ද සාහිත්‍යයට ප්‍රවර්ධනයක් වන්නේය. එවන් කෘතිවලින් යම්කිසි ආකාරයකින් මේ සමාජයේ ඉටු කර ඇත්තේ සමරිසි ආදරය වීරත්වයට නගා සමාජය මත ආරෝපණය කිරීම නොවේද.
  • 3. වැඩිහිටි දඩයම්කරුවන්ගේ උවදුර
    විශේෂයෙන්ම ''Telegram'' වැනි සමාජ මාධ්‍ය සමූහ තුළ, වයස අවුරුදු 15 සිට 21 දක්වා වූ ''බාලවයස්කාර පිරිමි ළමයින්'' ලිංගික සහකරුවන් සොයා ගැනීම සඳහා ක්‍රියාකාරී වීම අතිශය භයානකය. තවද, ''පීඩෝ (Pedophile) නැඹුරුවක්'' සහිත වැඩිහිටියන් විසින් මෙම කුඩා පිරිමි ළමයින් ''දඩයම් කිරීමේ'' අවදානම, රටේ ''ළමා ආරක්ෂාවට'' එල්ලවන බරපතලම තර්ජනයයි. පීඩෝ (Pedophilia) යනු සරලවම කිවහොත්, වැඩිහිටියෙකුට ලිංගිකව පරිණත නොවූ දරුවන් (සාමාන්‍යයෙන් අවුරුදු 13ට අඩු ළමුන්) කෙරෙහි ඇතිවන අසාමාන්‍ය සහ ප්‍රබල ලිංගික ආකර්ෂණය යි.
  • 4. සෞඛ්‍ය බෝම්බය හෙවත් සමාජ රෝග ව්‍යාප්තිය.
    සමරිසි ලිංගික සම්බන්ධතා වේගයෙන් වර්ධනය වීම, සෞඛ්‍ය අංශයට විශාල අභියෝගයක් එල්ල කර ඇත. ලංකාවේ ''HIV/AIDS'' ව්‍යාප්තියේ වැඩිම ප්‍රතිශතයක් (60%කට වැඩි) වාර්තා වන්නේ ''පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරෙන පුරුෂයන් (MSM)'' අතරිනි. විද්‍යාත්මක දත්ත අනුව, සමරිසි සම්බන්ධතා අතරේ ආරක්ෂිත නොවන ලිංගික හැසිරීම් නිසා ''සමාජ රෝග (STI/STD)'' පැතිරීමේ අවදානම අතිශයින් ඉහළ ය.
    ''වේගවත් ව්‍යාප්තියේ අනතුර'' මේ වනවිට අපේ සමාජයේ බහට ලක්වී ඇති මාතෘකාවකි. අමරසි තරුණ පරපුර අතර ''දිනපතා හෝ නිතර නිතර ලිංගික සහකරුවන් මාරු කිරීමේ'' ප්‍රවණතාව, මෙම රෝග ජාලය පුදුම සහගත වේගයකින් ව්‍යාප්ත වීමට හේතුවකි. ඉදිරි වසර පහ තුළදී, ''අවුරුදු 18 - 25'' අතර තරුණ පරපුර තුළ බරපතල සමාජ රෝග රැල්ලක් ඇති වුවහොත් පුදුම විය යුතු නැත.

ශ්‍රී ලංකාව, ආසියාවේ අනෙකුත් රටවල් මෙන්, ''විවෘත ලිංගික සම්බන්ධතා'' සහ ''සම්ප්‍රදායට පිටින් වූ සබඳතා'' දිරිගැන්වීමට සූදානම් සමාජයක් නොවේ. සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම හැරුණු විට තවමත් අපේ සමාජය ''සමලිංගිකයන් අතර'' එවන් ප්‍රවණතා ඇති බව කතාබහ කරන්නේ විවෘත සංවාදයේ නොවේ. එය අප විග්‍රහ කරන්නේ විකෘති ලිංගික චර්යාවක් ලෙස බවත් මමත් හොදාකාරවල් දනී.
සමරිසි නැඹුරුව හුදෙක් ''ජීව විද්‍යාත්මක කාරණයක්'' පමණක් යැයි පිළිගැනීමට වඩා, එය බටහිර ''වෝක් සංස්කෘතියේ'' (Woke Culture) බලපෑම යටතේ හටගත් ''සමාජීය විකෘතියක්'' ලෙස සැලකිය යුතුය. අපගේ සභ්‍යත්වයට අනුව, ලිංගිකත්වය යනු ප්‍රජනනය සහ පවුල පවත්වාගෙන යාම සඳහා වූ ''පූජනීය බැඳීමක්'' මිස, විනෝදාස්වාදය හෝ අත්හදා බැලීම සඳහා වූ දෙයක් නොවේ.

ශ්‍රී ලංකාවට සිය ''සංස්කෘතික අනන්‍යතාව, ළමා ආරක්ෂාව සහ ජාතික සෞඛ්‍යය'' රැක ගැනීමට නම්, මෙම විෂය පථය සමාජය තුළ ව්‍යාප්ත වීම ''වහාම සීමා කළ යුතු'' අතර, සාම්ප්‍රදායික පවුල් වටිනාකම් සහ සභ්‍යත්ව බැඳීම් යළි තහවුරු කරගත යුතුය. ''ලිංගික විෂමතා'' මගින් අපේ සමාජයට එල්ල කරන බලපෑම ''මහා විනාශයක්'' බව වටහාගෙන, ජාතියක් ලෙස එයට එරෙහිව නැගී සිටීම අප සැමගේ වගකීමකි.

What's Your Reaction?

Like Like 4
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 1