අග්‍රාමාත්‍ය හරිනි - මෝදි හමුවෙලා...
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (17) නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ හමුවී ඇති අතර, එම සාකච්ඡාවේදී දෙරට අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සංවර්ධන සහයෝගිතාව සහ ධීවර සුභසාධනය ඇතුළු බහුවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමය නව පියවරක්...
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (17) නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ හමුවී ඇති අතර, එම සාකච්ඡාවේදී දෙරට අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සංවර්ධන සහයෝගිතාව සහ ධීවර සුභසාධනය ඇතුළු බහුවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ. මෙම හමුව දෙරටේ සමීප අසල්වැසි සබඳතාවන්ට නව ජවයක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X (Twitter) ගිණුමේ සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය මෝදි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මෙම සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවන් ශක්තිමත් කිරීමට සහ දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට ඉමහත් බලපෑමක් එල්ල කරන බව ඔහු පැවසීය. සාකච්ඡාවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, දෙපාර්ශ්වයේම නායකයන් මෙම ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.
ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී තමන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදාගනු ලැබූ අතර, 1990 දශකයේ මුල් භාගයේදී ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලය (ICCR) ශිෂ්‍යත්වයක් ලබා දිල්ලි විශ්වවිද්‍යාලයේ හින්දු විද්‍යාලයට ඇතුළත් වූ ආකාරය සහ එම අත්දැකීම තම ජීවිතයට ලබාදුන් බලපෑම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ සඳහන් කළාය. මෙම ඉන්දියානු සංචාරය අතරතුර දිල්ලියේ ආදර්ශ පාසලකට සිදුකළ සංචාරය නව්‍ය අධ්‍යාපන ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීමට වටිනා අවස්ථාවක් වූ බවද ඇය පැවසුවාය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සිය සහාය පළ කළ අතර, විශේෂයෙන්ම පාසල් හැරයන තරුණ තරුණියන් මුහුණදෙන අභියෝග සහ සමාජ ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. සියලු දෙනා ඇතුළත් කරගත් සහ සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳවද ඔහුගේ අවධානය යොමු විය.
සාකච්ඡාවේදී ධීවරයින්ගේ සුභසාධනයට අදාළ කරුණුද විශේෂයෙන් සඳහන් වූ අතර, දෙරටේ ධීවරයින්ගේ ජීවනෝපායන් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ආචාර්ය අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. මීට අමතරව, දෙරටේ සංවර්ධන ගමනේදී හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කැපවී සිටින බව අග්‍රාමාත්‍ය මෝදි මහතා පැවසීය. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සහ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයෝගය ලබාදෙන බවද ඔහු අවධාරණය කළේය. තවද, අනුරාධපුර පූජනීය නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
මෙම හමුව අවසානයේදී, එළඹෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුභ පැතුම් අග්‍රාමාත්‍ය මෝදි මහතා වෙත ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.
මෙම හමුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ නිකුත් කළ පණිවිඩයකදී සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවයි. අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගිතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවද ඔහුගේ සටහනේ විස්තර වේ. "සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගිතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කළාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති" බවද ඔහු අවධාරණය කර ඇත.
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ නව අධ්‍යායකට මඟ පෑදීමක් ලෙස සැලකෙන අතර, දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ සංවර්ධනමය සබඳතාවන් තවදුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තු වේ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

