ලැජ්ජයි, නින්දිතයි..! ලැජ්ජාවක්, බයක් ගෑවිලාවත් තියෙනවා නම්, ටයි කෝට් ගලවලා, ඔය පුටුවට ආයුබෝවන් කියලා යන්න...!
මෙහෙම මහ බැංකු අධිපති කෙනෙක් මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් ඉන්නවා කියලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙකුට තවදුරටත් ඔය සීට් එකේ ඉන්න කිසිම සදාචාර අයිතියක් නෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ''ලොන්ත පොල්ලා'' මේවා කතා කරන්නේ නෑ, මේවා පිළිබඳව පීඩනය එල්ල කරන්නේ නෑ.
ජාතික නිදහස් පෙරමුණේ නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
ප්‍රශ්නය - පසුගිය දිනක පැවති මාධ්‍ය සාකච්ඡාවේදී (2025 09 29) වත්මන් මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතා සම්බන්ධයෙන් ඔබ දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් ප්‍රකාශ කලා...?
පිළිතුර - ප්‍රධාන අවධානය යොමු වූයේ ''ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ ක්‍රියාවක්'' පිළිබඳවයි. එනම්, මහ බැංකුව විසින් රජයේ වියදම් සඳහා නිකුත් කරන ''භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) සහ භාණ්ඩාගාර බිල්පත්'' මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක්.
ප්‍රශ්නය - මහ බැංකු අධිපතිවරයාට ඔබ එල්ල වන ප්‍රධාන චෝදනාව කුමක්ද?
පිළිතුර: ප්‍රධාන චෝදනාව වන්නේ, ''මහ බැංකු අධිපතිවරයාම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම, ඒවායේ පොලී අනුපාතය තීරණය කිරීම සහ පසුව ඔහුගේ පවුලේ අය යොදා ගනිමින් එම බැඳුම්කර මිලදී ගැනීම'' තුළින් අධික ලාභයක් ඉපයීමයි. මෙහිදී බැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) මතුව ඇති බවට චෝදනා තමයි චෝදනාව. දැන් මේ භාණ්ඩාගාර බිල්පත් එක එක පොලී අනුපාතයන් යටතේ නිකුත් කරනවානේ. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනවා. එතකොට ඒවා මිලදීගන්න උනන්දුව දක්වන අය මිලදී ගන්නවා. ඒවා කෙටි කාලීන බැඳුම්කර. දැන් මේකේ අපූරු කාරණය තමයි, මහා බැංකු අධිපතිම ඒවා මිලදී ගන්නවා. දැන් මුදල් වෙළඳපොළට මහා බැංකු බැඳුම්කර නිකුත් කරන්නෙත් මහ බැංකු අධිපති. පොලී අනුපාතය තීරණය කරන්නෙත් ඒගොල්ලෝ. හොඳ පොලී අනුපාතයක් දාලා ඒවා මිලදී ගන්නෙත් මහා බැංකු අධිපතිගේ පවුලේ උදවිය. පුදුම රටක්නේ
ප්‍රශ්නය - එම චෝදනාවට අනුව, භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත් බව කියන දින සඳහන් කළ හැකිද?
පිළිතුර - මම මෙහෙම කියන්නම්... 2022/05/04, 2024/06/06, 2025, සහ 2025/03/18 දිනවල මෙම ගනුදෙනු සිදුව ඇති බව සඳහන් වෙනවා . මෙම සියලු මිලදී ගැනීම් ආර්ථික අර්බුදයෙන් සහ කඩාවැටීමෙන් පසුව සිදුවී ඇති බවයි පේන්නේ...
ප්‍රශ්නය - මහ බැංකු අධිපතිවරයාගේ මෙම ක්‍රියාව ''බැඳියාවන් අතර ගැටුමක්'' වන්නේ කෙසේද?
පිළිතුර - මෙම ක්‍රියාව ''බැඳියාවන් අතර ගැටුමක්'' ලෙස හඳුන්වන්නේ, මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු පහත දක්වන ලද කාරණා කෙරෙහි සෘජුවම බලපාන තනතුරකයි ඉන්නේ...
1. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම.
2. ඒවායේ පොලී අනුපාතය තීරණය කිරීමට බලපාන ස්ථානයක රැකියාව කරනවා.
3. එවැනි තීරණාත්මක තනතුරක සිටිමින්, තම පවුලේ අය ලවා එම බැඳුම්කර මිලදී ගැනීමට කටයුතු කරනවා...
ලැජ්ජාවක් තියෙනවා නම් ඔය පුටුවේ එක දවසක් ඉන්න පුළුවන්ද? එයාම නිකුත් කරනවා භාණ්ඩාගාර බැඳුම්කර, එයාම පොලී අනුපාතය තීරණය කරනවා, එයාම එයාගේ පවුලේ අය දාලා ඒවා මිලදී ගන්නවා. මරු ජාවාරමනේ! ශාන්ත, දාන්ත, තීන්ත කුඩුව වගේ ඉඳගෙන කොහොමද ගහන ගැහිල්ල? කෝටි ප්‍රකෝටි ගණන් ධනය එක්රැස් කරගත්තේ මෙහෙමද? මේක ඇතුළේ ''බැඳියාවන් අතර ගැටුමක්'' නැද්ද? නිකන් මේ අහිංසක රාජ්‍ය සේවකයෝ පොඩි පොඩි හේතු අල්ලගෙන හිරේ දාන ආණ්ඩුව මේවා ගැන මොකක්ද කරන්නේ? අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, පිටස්තර බලවේගවලට විතරයි වග කියන්නේ. ලැජ්ජයි නන්දලාල් මහත්තයෝ! තමුන් මේ ඊනියා ස්වාධීනත්වයක් ඇති කරගෙන, රිසි පරිදි පඩි වැඩි කරගෙන, එහෙමත් තර වෙලා, ඒත් මදිවෙලා ඔහුම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පොලී අනුපාතය තීරණය කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පවුලේ අය දාලා මිලදී ගන්නවා.
මෙය සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකු ටෙන්ඩරයක් තමන්ගේ පවුලේ අයෙකුට ලබා දීමට කටයුතු කිරීම වැනි තත්ත්වයකට වඩා සිය දහස් ගුණයකින් බරපතල බවයි මගේ අදහස.
ප්‍රශ්නය - මෙම තත්ත්වය පිළිබඳව රජය සහ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර - රජය මෙම බරපතල ''මූල්‍ය අපරාධය'' පිළිබඳව වහාම ක්‍රියාමාර්ග ගත යුතු වනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙවැනි බැරෑරුම් කාරණා පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. විපක්ෂය වුණත් ඒගොල්ලො වෙන වෙන විහිළු කරනවා. , ''දූෂණ විරෝධී යැයි කියන ආණ්ඩුව'' මේවාට එරෙහිව පියවර ගත යුතු බවට විපක්ෂයට ප්‍රබල හඬක් නගන්න පුළුවන්.
මෙහෙම මහ බැංකු අධිපති කෙනෙක් මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් ඉන්නවා කියලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙකුට තවදුරටත් ඔය සීට් එකේ ඉන්න කිසිම සදාචාර අයිතියක් නෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ''ලොන්ත පොල්ලා'' මේවා කතා කරන්නේ නෑ, මේවා පිළිබඳව පීඩනය එල්ල කරන්නේ නෑ.
ඒගොල්ලෝ මොකක් හරි ''භික්කුච්චන් එකක්'' අල්ලගෙන හැමදාම විහිළු සපයනවා ඇරෙන්න, වෙන බැරෑරුම් දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් කියනවා, ඔය මහ ලොකු දූෂණ විරෝධී ආණ්ඩුවට, මහ ලොකු මහජන මුදල් ගැන ඉතාම උනන්දුවෙන් බලනවා කියන ආණ්ඩුවට, ඒ ලොක්කන්ට අපි කියනවා, ඒවා ගැන හොයන නිලධාරීන්ට අපි කියනවා පුළුවන් නම් මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. කොහොමද මහ බැංකු අධිපතිට පුළුවන්කම ලැබෙන්නේ තමන්ම පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම නිකුත් කරන මහ බැංකු බැඳුම්කර, කෝටි ප්‍රකෝටි ගාණක බැඳුම්කර, ඒවා මිලදී අරගෙන අධික පොලිය, ලාභය, වාසිය ගන්නේ මහා බැංකු අධිපතිගේ පවුලේ අයගේ නමින්? මෙහෙම වෙන්න පුළුවන්ද? මේ වැටිච්ච රටට, හතරගාතෙන් ආර්ථික වශයෙන් වැටිලා තියෙන රටට, මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම ගියොත් නම් එන අවුරුද්දේ අප්‍රේල් විතර වෙනකොට නැවත විශාල ආර්ථික කඩා වැටීමකට, පිපිරීමකට මුහුණ දෙන්න වෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නෑ. ඒක තමයි මේ යන පාරේ ඊළඟ අභියෝගය, ඊළඟ අන්තරාය. මේ උදවිය යන්නේ අර්බුදය නැමති වලෙන් තමන්ට කීයක් හරි කඩා වඩා ගැනීමේ උපාය මාර්ගයේ තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ.
ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබ මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට සම් අභියෝගයක් කරනවා නම් එය කුමක්ද?
පිළිතුර - මේ උදවිය යන්නේ අර්බුදය නැමති වලෙන් තමන්ට කීයක් හරි කඩා වඩා ගැනීමේ උපාය මාර්ගයේ. ඒ මාර්ගයේ තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. නැතුව ආර්ථික අර්බුදයට පිළියම් දෙන්න, ඒකෙන් ගොඩ එන්න මාර්ගයක් නෙවෙයි මේ හදන්නේ. ඒ නිසා අපිට කැතයි, ලැජ්ජයි, නින්දිතයි! මහ බැංකු අධිපතිතුමනි, ලැජ්ජාවක්, බයක් ගෑවිලාවත් තියෙනවා නම්, ඔය මාතර දික්වැල්ල පැත්තේ ඉපදුණයි කියලා කියනවා, දකුණේකම ගෑවිලාවත් තියෙනවා නම්, ඔය ටයි කෝට් ගලවලා දාලා, ඔය පුටුවට ආයුබෝවන් කියලා, නැවත අර කලින් ගිහිල්ලා හිටපු රටටම තුරන් වෙන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා. මේ විදිහේ, තමන්ම නිකුත් කරන බැඳුම්කරවලින් තමන්ම හම්බ කරන මහ බැංකු අධිපති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවායි කියන එක ශ්‍රී ලංකාවට අගෞරවයට කාරණයක්, ලැජ්ජාවට කාරණයක්, අවමානයට කාරණයක්. ඒ නිසා අපි එතුමාට කියනවා කරුණා කරලා වේදිකාවෙන් බැහැලා යන්න කියලා.
සාකච්ඡා කළේ
නයන ලොකුලියන
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
1
Sad
0
Wow
0

