හරීන්ගේ කුමාරයා සහ මකියාවෙලීගේ කුමාරයා..
නුගේගොඩ වේදිකාවේ හරීන්ගේ මුවින් පිට වුනු “කුමාරයා” යන වදන ගැන අද අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ අතර එය, අලුත් වැරැද්දක් ලෙස හුවා දක්වන්නට උත්සාහ ගන්නා එක් පාර්ශවයක්ද සිටිති. කුමාරවරුන්ට සමාජයේ හැමදාමත් විරෝධාකල්ප තිබිණි. පෙර දවස මහින්ද පාලන යුගයේදීත්, කුමාරවරු පිළිබඳ විරෝධාකල්ප ඉස්මතු වූයේත් රජවරුන්ගේ පුතුන්ට එරෙහිව මිස නමින් කුමාරලා වූ කිසිවෙකුටත් එරෙහිව නොවේ.
හරීන්ගේ කුමාරයා සහ
මකියාවෙලීගේ කුමාරයා..
නුගේගොඩ වේදිකාවේ හරීන්ගේ මුවින් පිට වුනු “කුමාරයා” යන වදන ගැන අද අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ. ඒ අතර එය, අලුත් වැරැද්දක් ලෙස හුවා දක්වන්නට උත්සාහ ගන්නා එක් පාර්ශවයක්ද සිටිති. කුමාරවරුන්ට සමාජයේ හැමදාමත් විරෝධාකල්ප තිබිණි. පෙර දවස මහින්ද පාලන යුගයේදීත්, කුමාරවරු පිළිබඳ විරෝධාකල්ප ඉස්මතු වූයේත් රජවරුන්ගේ පුතුන්ට එරෙහිව මිස නමින් කුමාරලා වූ කිසිවෙකුටත් එරෙහිව නොවේ.
කුමාරයා ලියූ මකියාවෙලී එදවස අරමුණු කළේ, සිය දේශය තුළ පවතින නොසංසිදෙන යුද වැදීම් අවසන් කිරීමටය. අප මේ දේශය දෙස, එම ඇසින් බලන කල, අපට ද දැන් කුමාරයකු අවශ්‍ය වී තිබේ.
එහෙයින් “අනුර කුමාර” දෙස මිනිස්සු නෙත් දැල්වූහ. සිය බලාපොරොත්තු ඉටු නොවන බව තේරුම් ගැනීමට හේතුවන, පාලකයා විසින් තමන්ට පිටු පා සිට ගන්නා පළමු අවස්තාවේදි ම, කුමාරයකු බිහි කර ගන්නා කවර සමාජ කොට්ටශයක් වුව අනපේක්ශිත බවකට පත් වන්නේ ය. එහෙත්, සිය අත් වැරද්ද ගැනත්, සිය විරුද්ධ වාදීන්ගේ උසුළු විසුළු කෙරෙහි පවතින ලැජ්ජාවත් හේතුවෙන් ඔවුහු පළමු පියවරේදී නිහඩව බලා සිටිති.
එහි දෙවැන්න ලෙස, කුමාරයා විසින් සිදු කරනු ලබන ඉතා නරකම භාවිතාවේදී වුව... ඔහුව රාජාසනයේ හින්ද වූ පිරිස ඔහුට එරෙහි සිතුවිලි මතු නොකර ගන්නේ යැයි කාට නම් කිව හැකිද.
එහෙත් , ඉතාම දුක්ඛිත දිවි පැවතුම් වළඳන ගොවීන් සහ එබඳු සමාජ ස්තරවල දරාගැනීම ඉතා අනතුරු දායකය. එය, “පාලකයා වසයෙන් පිරිසක් විසින්” ඉහළට ඔසවා තැබූ “කුමාරයාගේ” ඉරණම ඛේදජනක කිරීමට හේතුවන මූල බීජය ලෙස කුමාර යා හෝ ඔහුගේ බල මුළුව නොදකින්නේ ය. එසේ වන්නේ, ඒ වන විටත් තමුන් ලද බලය තමුන්ට දරා ගනු බැරි තරමේ බරැති කිරුලක් ලෙස වටහා ගෙන සිටීමෙනි.
කුමාරයා බලයෙන් උමතු වීම විසින් පෙන්වා සිටින්නේ,ඔහු බලයට නුසුදුස්සකු බවය. මකියාවෙලී ගේ වචනයෙන් ම පවසන්නේ නම්, “බලය මිනිසා දූෂණය කරයි, වැඩ් බලය...? එය , මිනිසා වැඩි වැඩියෙන් දූෂණය කරයි” කියාය.
අපේ දෙශය, මෙ' සිරිලක සැබැවින්ම කුමාරවරුන් රාශියකගේ ඉතිහාස විස්තරයන් සහිතය. විජය ගෙන් පටන් ගෙන, පඩු අබා.. ගැමුනු...ටිකිරි කුමරු....
මොවුන් මේ දේශයේ මහා සලකුණු වේ. එපමනක් ද නොවේ, “සිද්ධාර්ථ කුමාරයා,,,” එ' කුමරුන් මෙහි ආධ්‍යාත්මය ට අරක් ගත් කුමාරයා වේ. එනයින් බලන කල, අපට මේ මොහොතේ අවශ්‍ය වී සිටින කුමාරයා සොයා ගන්නට සිදු වී ඇත. ඔහු තවම පහල නොවූ “දියසෙන් කුමාරයා” විය හැක.
මකියාවෙලී ගේ “ප්‍රින්සිපිලිටි”යන හැඳින්වීම ඔස්සේ විමසා බලද්දී එය භූමිය වශයෙන් දකිනවාට වඩා, කුමාරයකුගේ රශ්මි දහරාව විලස මේ දූපතේ දී විද්‍යාමාන වන්නේ නම් වඩා අරුත් බර ය. හරීන් ගේ මුවින් ඉබේ හෝ හිතා මතා හෝ “පොලා පනිනු” ලැබූ ඒ වදන, මේ අවස්ථාවේ වඩා කාලෝචිත එලිදරවුවක් වන්නේය.
නිදහසින් පසු මේ දේශය මෙතෙක් ආ ගමන් මග තුළ තිබෙන, අප අහිමි කර ගත් සහ අප සතු කර නොගත්, අපේ අඩු පාඩු මැනවින් දකින කුමාරයකු අවශ්‍යම වී තිබේ. ජේ.ආර් තුළ එබඳු කුමාරයකු සිටියේය. අනාගතය විනිවිද දකින මනසකින් යුතු, බුද්ධිමත් බවින් යුතු උපහාසය සහිත, කතාව අවම, තවකෙකුට පරයා යා නොහැකි පෞර්ශයය සහිත, කුමාරයා කෙරෙහි බැතිබර විශ්වාසය තැබූ එබඳුම පෞර්ශ්‍යවත් පිරිසක් පිරිවරා ගත් 77' දී උපන් කුමාරයා ට ඊර්ශ්‍යයා කිරීමෙන්,,, කවරකු හට වත් කුමාරයකු විය නොහැක.
විශිෂ්ටත්වය යනු මානව ගුනාංගයකට වඩා ඉහල දෙයක් බව හඳුනන “කුමාරයකු”මේ දේශයේ පුර වැසියෝ සොයති.
පුනරුද සමයේ ඉතාලියේ සිටි දරදඬු මෙඩිසි පවුල වෙත “කුමාරයා”මගින් අමතන මකියවෙලී බලාපොරොත්තූ වූ කුමාරයා, රාජපක්ශ පවුල තුළින් නිර්මාණය කරගැනීම අරමුණු කරගන්නා මකියාවෙලී කෙනෙකුගේ සම්ප්‍රාප්තිය, කුමාරයකුට පෙරාතුව මෙහි පහලවීම තවත් අත්‍යාවස්‍ය බිහිවීමක් බවද සඳහන් කළ යුතුව ඇත්තේ ය. ඒ කියන මකියාවලී අනුර කුමාරයාදැයි සිතෙන තරමට දැන් පවතින සිදුවීම් බැරෑරුම්ය.
එය එසේනම් අනුර කුමාර වර්තමානයේ නිර්මාණය කර සිටින අනාගත කුමාරයා, නාමල් වීමට බොහෝ ඉඩ තිබේ. නාමල් ලබන අපවාද ගැරහුම්, චෝදනා, නෞතික පීඩාවන් යනාදී සියලූ පීඩාවෝ විසින් ඔහුගේ “කුමාර ප්‍රින්සිපිලිටිය” පුළුල් කරනු ලබන්නේය. තනි පුද්ගලයකු ලෙස එබඳු අති මහත් චෝදනා සමූහයකට මුහුණ දෙමින්, සිය “කේශර රංජන විලාශයෙන්” සිනහ මුසුව අප දකින මේ කුමාරයා ... බලාපොරොත්තු කෙරෙන් විතැන් වන මහ පිරිසකගේ “ගැලවුම් කරුවා” ලෙස තෝර ගන්නට ඔවුන් කටයුතු කරන්නට ඉඩ තිබේ.
අනුර කුමාර තේරුම් නොගන්නා, පෙරකී පරිදි ඔහුගේ උද්දච්ච නොහික්මුණු “පාලනය” විසින් සිදු කරන වටිනාම කාර්යය වනු ඇත්තේ, හරීන් පවසන “නාමල් කුමාරයා” නිර්මාණය කිරීමය.
හතළිස් හැවිරිදි, දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන නාමල්, යහපත් පවුල් ජීවිතයක් ගෙවමින්, සමාජය හමුවේ පෙනී සිටින්නේ ය. ඔහුට අපවාද කරන අනුර කුමාර ඔහු ඉදිරියේ එබඳු සමාජ පෙනී සිටීමක් අහිමි පරාජිතයෙකි. සිය ප්‍රිය බිරිද සමග නිදහසේ සුරතල් දරු දෙදෙනාද කැටිව එතරම් වාහන තදබදයක් නොමැති මාවතක “ජොගින් කරන” කුමාරයෙක්ට සමපාත වන්නට නොගැලපෙන කොට කලිසමක් ඇද ප්‍රභූ ආරක්ෂාව පිරිවරා රේල්පාරේ ඇවිදයන “නමට කුමාරයෙක්ට” මේ ආත්මයේ නොව, ආත්ම හතකට නොහැකිය.
ඉදින් මෙබඳු පෞද්ගලික ඊර්ශ්‍යා පරවශ කාරණාවන් රාශියක් ඉස්මතුව පවතින තත්වයක් පුළුල්ව පැතිරෙමින් ද, එය කුණුහරුප බළකායක් මගින් මෙහෙයවනු ලබමින් පවතින්නේද යන අශ්ලීල භාවිතාව, අනුර කුමාරගේ අනු දැනුමින් යුතුව ක්‍රියාත්මක වන්නේ නම්, බලය හිමි “කුමාරයා” ට හිමි වන්නේ ජය සිරි මහ බෝධියේ කපු මහතාට අත් වූ ඉරණම ම වන්නේය.
කුමාර පදවිය “මකියාවෙලී අර්ථයෙන්” ගෙන දේශපාලන භාවිතාවට ගැනීම පිළිබඳව අප සතු විය යුතු යෝග්‍ය දේශපාලන ව්‍යවහාරය න්‍යායාත්මකය. කුමාරයා යන වචනය හරීන්ගේ මුවින් ඇසෙද්දීම, භූමි තෙල් ගෑවුනු “ගැරඩි” සේ දගලන්නෝ ද වෙති. ඔවුන් “ටිකිරි මොල” වලින් කතා කරන කුමාරයා වෙනෙකෙකි.
අපි, හරීන් ගේ කුමාරයා ,මකියාවෙලීගේ කුමාරයා මතින් එළියට ඇද ගෙන, අනුර කුමාරයා හමුවේ මෙලෙස පාදුර්භූත කොට සිටින්නේ... අපි, දැඩි සේ කුමාරයකු පතන බැවිනි. එක්කෝටි හත්තෑ දෙලක්ශයක් චන්ද දායකයින් සිටින රටක හැට අට ලක්ශයකින් බලයට පත් ආන්ඩුවක ට නොපෙනෙන, තමුන්ගේ අදහස් එලෙසම පිලි නොගන්නා කෝටියකට වැඩි ජනතාවකගේ “බල පවුර” නොතකා, නොසලකා කටයුතු කිරීමේ ආදීනව... කුමාරයකු හමුවේ කෙසේ අභියෝගයක් වනු ඇතිදැයි නුදුරේම සිදු වන දේ කෙරෙහි විමසිල්ලෙන් බලා සිටිමු.
විශේෂ ලියුම්කරවෙකු විසිනි.
මෙම ලිපිය ආරාධිත විශේෂ පියුම්කරුවෙකු විසින් ලියන ලදී.
මෙහි පලවන ඔහුගේ ''අදහස් හා අන්තර්ගතය'' ඔහුට අනන්‍ය ස්වාධීන අදහස් විනා
''කොළඹ රපෝර්තුව'' වෙබ් අඩවියේ අදහස් හෝ ''මතය''
නොවන බව කරුණාවෙන් සලකන්න.
කලම්බු රිපෝටර්
What's Your Reaction?
Like
2
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

