සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනයට හා රටක සංස්කෘතික අනන්‍යතාවන් නොතකා හැරීම ගැන මහා සංඝරත්නයෙන් ජනාධිපතිට තරවටුවක්..!
රටක සංස්කෘතිය අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පාලනයෙහි උත්සාහ දරන්නේ නම් එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජයම බිඳ වැටීමට හේතු වන්නක්ද වන බව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කර මින් දන්වා ඇතැයි වාර්තා වේ. සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් උන්වහන්සේලා මෙම සංදේශය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ''ශාරිරික දඬුවම් කිරීමේ වරද නමින්'' යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ''සමලිංගික සේවනය'' පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබා දීම එවන් බරපතළ සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බවද උන්වහන්සේලා එම ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගේ විශිටතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසාර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳව නිරන්තර අදහස් ප්‍රකාශ කරන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරනු ඇති බවත් මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ලිපිය මගින් දන්වා තිබේ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

