ලක්මිණිට විනිසුරු අවවාද කරයි..

“ඔබ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන් සාක්කි දීම නවත්වා ගැනීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට කිසිසේත්ම බැහැ. සාක්ෂිකරුවන් පැමිණෙන්නේ උසාවිය හමුවේ සත්‍ය හෙළි කිරීමට මිස කිසිදු පාර්ශවයකට ගැතිකම් කිරීමට නොවෙයි. අධිකරණය ඔබගේ හැසිරීම දෙස ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නේ.” ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ නඩුවේ සාක්ෂි විභාගය අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ හැසිරීම තදින් දෝෂදර්ශනයට ලක් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එලෙස දැඩි ලෙස අවවාද කළේය.

Sep 11, 2026 - 11:58
Sep 11, 2026 - 14:12
 77
ලක්මිණිට විනිසුරු අවවාද කරයි..


සාක්ෂි කරුවන්ට

බලපෑම් බෑ...


ලක්මිණිට විනිසුරු

අවවාද කරයි...

ගෙදර යනවද හිරේ යනවද කියලා හැමදාම 

12 දෙනෙක්  ඇවිත් බලා ඉන්නවා...

නීතීඥ නයන්ත විජයසුන්දර


නීතිපතිවරයා පෙනී සිටින්නේ

දහස් ගණනක් රෝගී ජීවිත වෙනුවෙන්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම.


පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කාටවත්

ගැති වෙන්න ඕන නෑ.. උසාවියට ඕනේ සත්‍යය...

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල...

අධිකරණ වාර්තාකරු.

“ඔබ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන් සාක්කි දීම නවත්වා ගැනීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට කිසිසේත්ම බැහැ. සාක්ෂිකරුවන් පැමිණෙන්නේ උසාවිය හමුවේ සත්‍ය හෙළි කිරීමට මිස කිසිදු පාර්ශවයකට ගැතිකම් කිරීමට නොවෙයි. අධිකරණය ඔබගේ හැසිරීම දෙස ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නේ.”


ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ නඩුවේ සාක්ෂි විභාගය අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ හැසිරීම තදින් දෝෂදර්ශනයට ලක් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අවවාද කළේය.


නඩු විභාගය අතරතුර සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් සහ ඇතැම් සාක්ෂි ලබාදීම වළක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණය තුළ පෙන්නුම් කළ බලපෑම් සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල මෙලෙස සිය තදබල කනස්සල්ල සහ විරෝධය පළ කර සිටියේය.


මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් උත්තරා අරුණ කාන්ති මුණසිංහ මහත්මිය සාක්ෂි දෙමින් සිටියදීය. 8 වැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නයන්ත විජේසුන්දර මහතා, අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ අමාත්‍යවරයාගේ ප්‍රතිපත්තිමය හා දේශපාලනික තීරණ පිළිබඳව සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීය. එහිදී සාක්ෂිකාරිය පිළිතුරු දීමට සූදානම් වෙද්දීම වහා නැගී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය, සාක්ෂිකාරිය දෙසට අත දිගු කරමින් "ඒකට උත්තර දෙන්න එපා" යැයි කියමින් තදින් විරෝධය පළ කළාය. එම බලපෑම හමුවේ සාක්ෂිකාරිය ද "මට ඒකට උත්තර දෙන්න බැහැ" යැයි පැවසුවාය.


එම අවස්ථාවේදී විත්තියේ නීතිඥ නයන්ත විජේසුන්දර මහතා දැඩි ලෙස විරෝධය පළ කරමින්, *"මෙහි චූදිතයින් 12 දෙනෙක් දිනපතා අධිකරණයට එනවා. මගේ සේවාදායකයන්ට දැනගන්න ඕන 'go to home ද, go to jail ද' කියලා. ඒකට සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි. නමුත් පිළිතුරු නොදෙන ලෙස සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ සාක්ෂි වැළැක්වීම සම්පූර්ණයෙන්ම වැරදියි"* යනුවෙන් අවධාරණය කළේය.


ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය කියා සිටියේ නීතිපතිවරයා පෙනී සිටින්නේ අගතියට පත් දහස් ගණනක් රෝගී ජීවිත වෙනුවෙන් බවයි. එහිදී වහා මැදිහත් වූ සභාපති විනිසුරුවරයා, නීතිපති නියෝජිතවරියගේ මෙම හැසිරීම සාධාරණ නඩු විභාගයකට මහත් බාධාවක් බව පෙන්වා දෙමින් ඉහත සඳහන් කළ ආකාරයට දැඩි ලෙස අවවාද කර සිටියේය.


මීට පෙර පැවැති සාක්ෂි විභාගයේදී කරාපිටිය රෝහලේ ඖෂධවේදී සිරිනාථ ඉන්ද්‍රජිත් මහතාගෙන් ද විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසීය. එහිදී 'ස්වස්ථා' දත්ත පද්ධතිය හරහා ඖෂධ තහනම් කිරීම් (withhold) සහ CIDයට ලබාදුන් කටඋත්තරවල පැවති ඌනතාවයන් පිළිබඳව ප්‍රශ්න කෙරිණි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 වගන්තිය ප්‍රකාරව පොලිස් ප්‍රකාශ සහ විමර්ශන සිදුවූ ආකාරය පරික්ෂා කිරීමට විත්තියට පූර්ණ අයිතියක් ඇති බව විනිසුරු මඩුල්ල මෙහිදී තීන්දු කළේය.


ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 14 ක් යටතේ මෙම නඩුව පවරා ඇත. "අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා" හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයන් 12 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වන්නේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදීය.


ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග වූ අතර, දෙපාර්ශවයේ උණුසුම් වචන හුවමාරුව මධ්‍යයේ එදිනට නඩු කටයුතු අවසන් කෙරුණු අතර වැඩිදුර නඩු විභාගය නැවත පැවැත්වීමට නියම විය.


09 වැනිදා නඩු විභාගය.
සම්පූරණ වාර්තාව.

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 14 ක් යටතේ “අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා” හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (09) වැනිදා යළි විභාගයට ගැනිණි. 

ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය  සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වූ අතර සාක්‍ෂි සඳහා කැඳවා තිබූ කරාපිටිය රෝහලේ ඖෂධවේදී සිරිනාථ ඉන්ද්‍රජිත් කොහොඹන්ගෙන් නීතිඥ අසේල සේරසිංහ විත්තියේ හරස් ප්‍රශ්න විමසීම ඇරඹීය.

නීතිඥ;  යම් ඖෂධයක් නතර කිරීමට සිදුවන අවස්ථා ඇති බව කීවා. එවැනි අවස්ථා “ස්වස්ථා පද්ධතිය” හරහා දැනුම් දෙන බව ඔබ කීවා. එය ඇතුල් වූ පසු පරිගණක තිරයේ දැන්වීමක් ලෙස දිස්වෙන බවත් එය Close කර ඉදිරියට යා යුතු බවත් ඔබ කීවා.

සාක්ෂිකරු;  ඔව්

නීතිඥ; තවමත් එහෙමද?

සාක්ෂිකරු; ඔව් 

නීතීඥ : sms මගිනුත් එම තොරතුරු දැනුම් දෙනවද?
 
සාක්‍ෂිකරු: ඔහු එය දත්ත පද්ධතියේ ප්‍රවේශය ඇති සියලු දෙනාට  ලැබුණා. එය කෙටි පණිවිඩයක් ඒ දුටු විට ස්වස්ථා හෝ වෙබ් අඩවියට ගොස් වැඩි විස්තර දැනගන්නවා.
 
නීතිඥ - එතකොට ස්වස්ථා පද්ධතිය හා sms 2023 සැප්තැම්බර් වෙද්දී ක්‍රියාත්මකයි?

සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - live health බයෝ ෆාමා with hold කිරීම ස්වස්ථා පද්ධතියේ තිබුණාද? 

සාක්ෂිකරු - මතක නැහැ. මම එය වෙබ් අඩවියෙන් දුටුවේ.

නීතිඥ - CID කට උත්තර ගත් නිලධාරියා live health සන්නාමය නැවැත්වීම ගැන කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ නේද?

සාක්ෂිකරු - මතක නැහැ. 

නීතිඥ- CID   කට උත්තර ගනිද්දී with hold කිසිම දෙයක් ඇහුවේ නැද්ද? 

සාක්ෂිකරු; ඒක මතක නැහැ.

නීතිඥ ; හියුමන් ඉමියුනොග්ලොබ්යුලින්  with hold ස්වස්ථා දැනුම් දීම ගැන ඔබ දුන් කට උත්තරයේ මේ නොතිබුණු බව කිව්වොත් පිළිගන්නවාද..?

සාක්ෂිකරු ; කට උත්තරේ නොලබා කියන්න බැහැ . 

නීතීඥ ; 95  හා ගොනුවේ  iv 28 ලේඛනය ගැන යම් සාක්ෂියක් ලබා දුන්නා නේද... ඒ ගැන CID කට උත්තර ගනිද්දී කිව්වද?
 සාක්ෂිකරු - මතක නැහැ.
 
 නීතිඥ - ඔව් මේ ලේඛනය CID ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු - මතක නැහැ.

නීතීඥ - iv 28 හරස් ප්‍රශ්න අසද්දී පෙන්නුවා.

සාක්‍ෂිකරු - මගින් ඇසූ කරුණුවලට මම පිළිතුරු දුන්නා.

නීතිඥ - ඔබ  CIDයට  iv 28  ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. කියා  යෝජනා කරනවා.

සාක්ෂිකරු - කට උත්තරය නොකියවා කියන්න බැහැ.

නීතිඥ - එම කට උත්තරයේ කිසිවක් සඳහන් නැහැ. 

සාක්ෂිකරු - මම දෙන්න තියෙන්නේ එම පිළිතුරම තමයි 

නීතිඥ - Iv 28 ලේඛනය ගැන සී ,CID කට උත්තරවල කිසිවක් සඳහන් නොවීම ඌනතාවයක් ලෙස අධිකරණයේ අවධානය යොමු කරනවා.
 
නීතිඥ - හියුමන්  ඉමියුනොග්ලොබ්යුලින් දැන්වීම ගැන එහිදී ඇහුවාද

සාක්ෂිකරු - මතක නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - විරෝධය  පළකරයි. 

නීතිඥ-  විත්තියේ ප්‍රශ්න නගන්නේ ඌනතාවයක් ඇත්නම්  පෙන්වීමටයි . CID ප්‍රකාශයේ අන්තර්ගත නොවූ දෙයක් පෙන්වීමටයි. අවශ්‍ය වුණේ සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ ආකාරයේ වැදගත්...
 
සභාපති විනිසුරු - විත්තිය විමසා සිටින්නේ මෙම කරුණ සම්බන්ධ විමර්ශනයේදී මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාගත් අවස්ථාවේ විමසා සිටියද යන්නයි. අපරාධ නඩු විභාග සංග්‍රහයේ 110 වගන්තියෙන් බැහැර කර ඇත්තේ අනුසන්දන සඳහා භාවිතා කිරීමයි. මෙම ප්‍රකාශයේ කිසිදු කෙනෙක් භාවිත කරනු නොලැබේ.  110  (3) ආරම්භ වන විට විමර්ශනවලදී පොලිසියට දුන් ප්‍රකාශය සම්බන්ධවයි අනෙක් අතට විමර්ශනය සිදුකර ඇත්තේ ද යන්න පරීක්ෂාවට විත්තියට අයිතියක් ඇත. ඒ අනුව ඉහතින් කී ප්‍රශ්නය අපරාධ නඩු විධාන  සංග්‍රහයේ බැහැර කර ඇත්තක් නොවේ.

නීතීඥ ; මම යෝජනා කරනවා ඔය ඖෂධය සුවස්තා පද්ධතියේ ආශ්‍රයෙන් පොලිසියේ ප්‍රකාශ ගනිද්දී ප්‍රකාශයක් ගත්තේ නෑ කියා...

සාක්ෂිකරු ; මතක නැහැ ස්වාමීනි, 

නීතීඥ ; 20 ගොනුවේ 427 ලේඛන බලන්න මෙය සුවස්තා පද්ධතියේ දිස් වූ දැන්වීමක් බව කීවා. මේ පවතින CID ලබාගත්තද..?

සාක්ෂිකරු නැහැ.

නීතිඥ ; පිටපත් කරලා විමර්ශනවලට දෙන්න තිබුණද? 

සාක්ෂිකරු ; සමහර ඒවා ගන්න පුළුවන්කම තිබුණා...
 
නීතිඥ ; මම යෝජනා කරනවා 427 ලේඛන ආකාරයට ස්වස්තා පද්ධතිය 23/9/21 වන විට live health බයෝ ෆාමා with hald කළ බවට දැන්වීම පළ කොට තිබුණාය කියා.

සාක්ෂිකරු - මම ඒ දිනය ගැන හරියටම මතකයක් නැහැ.

 නීතිඥ - CID ය දුන් එම කට උත්තර වලටත් ඒ දිනය සඳහන් වන්නේ නැහැ..? 
 
සාක්ෂිකරු- මතක නැහැ.

පැමිණිල්ල ; හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරයි .

නියෝජ්‍ය සොලිස්ටර්ජෙනරාල්වරිය- iv 28 වෙබ් අඩවියෙන් භාගත කළ විට ඔබ කීර්ති live health ගැන තිබෙනවා. ඔබ කිව්වා මේ නිෂ්පාදනයේ වයල් 40 ක්  ලබාගන්න බව... 

සාක්ෂිකරු ; “live healthy බයෝ ෆාමා  සූටිකර්ස්” ඒවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය - මීට පෙර කවුන්ටරයට දීල තිබුණා ඒවා කවුන්ටරයෙන් නිකුත් වීම වළක්වන්නට කුමක්ද කළේ? 

සාක්ෂිකරු ; වාට්ටු වලට දන්වන්න කීවා.


නීතිඥ - ඔබ කියා සිටියා ස්වස්තා පද්ධතියේ මේ දැන්වීම දන්වන්නේ නැහැ කියා...

සාක්ෂිකරු ; මා දුටුවේ නැහැ කිව්වා.

පැමිණිල්ලේ (8) සාක්ෂිකරු වන අමාත්‍ය මණ්ඩලය කාර්යාලයේ අතිරේක ලේකම් උත්තරා අරුණ කාන්ති මුණසිංහ සාක්ෂි දීම සඳහා පැමිණෙයි.

නියෝජ්‍ය සොලිස්ටර් ‌ජෙනරාල්වරිය - ඔබ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කවුරු ලෙසද රාජකාරී ආරම්භ කළේ..?

සාක්ෂිකරු - සහකාර ලේකම් ලෙස 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; තීරණ ගැනීම ආයතනික ද යන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලැබුණු අවස්ථාවේ සිට සියලුම කාරණා මෙයින් සිදු කරනවා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ; අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ හැක්කේ  කාටද?

සාක්ෂිකරු - ජනාධිපති අගමැති හෝ අමාත්‍යවරයෙකුට පමණයි. 

නියෝජ්‍ය සොලිස්ටේ ජනරාල්වරිය - අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලේකම්ට හෝ අතිරේක ලේකම්ට ඉදිරිපත් කළ හැකිද?

නියෝජ්‍යා සොලිස්ටර්  ජෙනරල්වරිය - අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ හැකි කවර භාෂාවකින් ද
සාක්ෂිකරු - භාෂා තුනෙන්ම.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ආවාම ඔබේ රාජකාරීය කුමක්ද? 

සාක්ෂිකරු ; භාරගෙන අවශ්‍ය කටයුතු කිරීම. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - අමාත්‍ය මණ්ඩල සංදේශ හා සටහන් යන දෙකම එකක්ද දෙකක්ද..?

සාක්ෂිකරු ; දෙකක්... සටහනකින් කරන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් පසු අමාත්‍යවරයාට ඒ පිළිබඳ නව කරුණු ඉදිරිපත් කළ යුතු නම් සටහන් කරගත් බවට තීරණයක් දීමයි. ඒ අනුව සටහන් කර ගැනීමයි. 

නීතිඥ ; අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරද්දී ආවරණ ලිපියක් භාෂා තුනෙන් සංදේශ තුනක් මෙන්ම සියලු ඇමුණුම් තිබිය යුතුද? 

සාක්ෂිකරු ; ඔහු ස්වාමීනි. ඒ සමඟ ඡායා පිටපත් අවශ්‍යයි..

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ; අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අංකය අමාත්‍ය මණ්ඩල ලේකම්ට දෙනව නේද?

සාක්ෂිකරු - ඔහු ඉන්පසු අඩංගු කරුණු අනුව වෙනත් අමාත්‍යාංශයකින් නිරීක්ෂණය අවශ්‍ය නම් ඒවා ලබා ගන්න කටයුතු කරනවා. 

නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය ; අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීමට පෙර අතිරේක ලේකම්ට ඉදිරිපත් කරමින්ද.

සාක්ෂිකරු ; සංදේශය අමාත්‍ය මණ්ඩල ලේකම්වරු නිරීක්ෂණය කරනවා ඊළඟට හැම සතියකම සඳුදාට අමාත්‍ය  මණ්ඩල රැස්වීම් තියෙනවා එම ලැබෙන ඒවා ඊළඟ සඳුදා න්‍යාය පත්‍රයට ඇතුල් කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබෙන අධ්‍යක්ෂක මණ්ඩල නිරීක්ෂණ කැඳවන්න කියා තිබෙන අවස්ථාවක ආදාළ සංදේශයට නිරීක්ෂණ නොලැබුණත් ඇතුලත් කරනවාද?

සාක්ෂිකරු: නිරීක්ෂණ ලැබුණත් නැතත් ඇතුල් කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය : මේ නිරීක්ෂණය කාගේද? (ලේඛනයක් පෙන්වයි)

සාක්ෂිකරු :2019 පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔබට මේ අමාත්‍ය මණ්ඩල නිරීක්ෂණ හඳුනාගත හැකිද?

සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අමාත්‍ය මණ්ඩල පැ. 448 වැනි පත්‍රිකා ආදාළ අංශ වෙත මුදා හරින්නේ කවදටද?

සාක්ෂිකරු: සිකුරාදට ස්වාමිනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : න්‍යාය පත්‍රයේ තිබෙන පිටපත් හැම අමාත්‍යවරයෙකුට යනවාද?

සාක්ෂිකරු: ඔව්...

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අමාත්‍ය මණ්ඩල රැස්වීම අවස්ථාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් සහභාගි වන්නේ කවුද?

සාක්ෂිකරු : ලේකම් හා අතිරේක ලේකම්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔවුන් මුළු කාලයම ඉන්නවාද?

සාක්ෂිකරු : ඔව්... න්‍යාය පත්‍රයට අනුව පිළිවෙළට අමාත්‍ය මණ්ඩල ලේකම් තුමා කරුණු දක්වනවා. අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අනුමැතිය ඉල්ලන අමාත්‍යවරයත් ඉන්නවාද?

සාක්ෂිකරු: බොහෝ විට ඉන්නවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ කොහොමද?

සාක්ෂිකරු : ප්‍රධාන කරුණු යෝජනාවලට එළැඹීම සඳහා පෙළ ගස්වල ඉදිරිපත් කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : පෙළගැස්වීම කරන්නේ කරුණු අනුවද ස්ථාන අනුවද?

සාක්ෂිකරු : කරුණු අනුව ස්වාමිනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : එතකොට අමාත්‍ය මණ්ඩලය තීරණ වලට එළඹෙනවද?

සාක්ෂිකරු : ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට ඇති වගකීම කුමක්ද?

සාක්ෂිකරු : සියල්ල ඒ අයුරින්ම සටහන් කිරීම.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : යෝජනාවට හා නිර්දේශයට අනුමැතිය දෙන්න කියනවා.

සාක්ෂිකරු : ඔව් ස්වාමිනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අනුමැතිය නොදෙන ලදී. කියලත් ලියනවද?

සාක්ෂිකරු : නැහැ.... ඉදිරිපත් කරන්න හෝ ඉදිරිපත් කිරීම සිදුනොවන බව තීරණය කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : නිරීක්ෂණ කැද වූ පසු මොකද වෙන්නේ?

සාක්ෂිකරු : ඊළග රැස්වීමට කල් තබනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : අමාත්‍ය මණ්ඩල අනුමැතියට දමනවාද?

සාක්ෂිකරු : සිකුරාදට යවද්දී කෙටුම්පත් හැමෝටම යවනවා.

සාක්ෂිකරු : ඔව්ස්වාමිනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2020/8/19 දින පැ 448 මගින් කරුණු 4 ක් සඳහා අනුමැතිය ඉල්ලා තියෙනවා.

සාක්ෂිකරු ; ඔව්. 

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; අමාත්‍ය මණ්ඩල සංදේශ තේරුම් ගැනීමට පහසු ලෙස සඳහන් කළ යුතු බව කියනවා.?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; අත්‍යවශ්‍ය කරුණු පහත අනුව ඉදිරිපත් කළ යුතුය කියනවා

සාක්ෂිකරු ; ඔව්... ( එම ඡේදය 448 A I ලෙසත් 3 ඡේදය 448 A II ලෙසත් ලකුණු කරයි.)

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒ අනුව අත්‍යවශ්‍ය කරුණු ලෙස මාතෘකාව ගත හැකිද?

සාක්ෂිකරු ; ඔව්...
 නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; පසුබිම කියන කාරණය
 
සාක්ෂිකරු ; කළිත් තීරණයට එළැඹ ඇත්නම් එහි ඇති දිනය හා කුමක් ගැනද යන්න අදහස්... 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය- අමාත්‍ය මණ්ඩල තීරණය අදාළ සංදේශයන්හි විස්තර ඇතුළත් කළ යුතුයි. ඉන්පසු විස්තරය හා සාධාරණකරණය යනුවෙන් සඳහන් කර තිබේද?

සාක්ෂිකරු - ඔව්.

(නීතිඥ නයන්ත විජේසේකර කරුණු දක්වා ඇත්තේ අයිතමය ලෙස නොවෙයි... සුදුසුය යනුවෙන්  බවත් ඒ අනුව එය අභිමතයේ නොවන බව පෙන්වා දෙයි.)

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එහි දෙවන ඡේදයේ කුමක්ද සඳහන් වෙන්නේ?

සාක්ෂිකරු ;  නීතිමය කරුණු අදාළ නම් ප්‍රතිපාදනය සලසා ගන්න අනෙක් ආයතනවල එකඟතාව ලබා ඇත්නම් එය සඳහන් කිරීම

නියෝජ්‍ය සොලිස්ටන් ජනරාල්වරිය ; පිරිවැයක් අවශ්‍ය නම් ලබාගන්නා ආකාරයේ සඳහන් කළ යුතුය.

සාක්ෂිකරු - ඔව්

(නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය 11 පිටුවේ යෝජනා හා නිර්දේශය යන ඡේදය කියවයි) ඒ අනුව යෝජනා නිර්දේශය යවන කෙනෙක් ඒවා කැඳවන්නු ඇතැයි සඳහන්ද?


 සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ මෙතුවක් සාක්ෂි දුන්නේ  අමාත්‍ය මණ්ඩලය  විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමේදී අත්‍යවශ්‍ය කරුණු අමාත්‍ය මණ්ඩල සංදේශයක වගකීම කරුණු ඉදිරිපත් කර තිබෙනවාද?

සාක්ෂිකරු; ඔව් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය පැ 448 A iv   යටතේ යෝජනා නිර්දේශය වගකීම කාගෙද?

සාක්ෂිකරු ; අදාළ විෂය භාරා අමාත්‍යවරයාගෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය අමාත්‍ය උපදෙස් පරිදි ලේකම් විසින් සකසන සංදේශ ගැන වගකීම

සාක්ෂිකරුවා ; ලේකම්වරයාට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඔබ සඳහන් කළා අමාත්‍යාංශ ලේකම් සංදේශ සැකසීම ගැන එම කරුණු සැකසීම කරන්නේ කාගේ උපදෙස් පරිදි ද?

සාක්ෂිකරු ; අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි; නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ,පැ 39 ට අනුමැතියි ලබා දීම තිබේ.

සාක්ෂිකරු ; ආවරණය අනුමැතියක්.

  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එය අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක්

සාක්ෂිකරු- ඔව්. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ආවරණ අනුමැතිය යනු කුමක්ද?

සාක්ෂිකරු  ; යම් කාර්යයක් කර අවසන් පසු අනුමැතිය බලාපොරොත්තු වන අවස්ථාවේදීත් අනුමැතියි දෙන්නේ නම් ආවරණ අනුමැතියක් දෙන්නේ 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒ වන විට කොමිසම ගයිඩ්ලයින් කර තිබුණද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; පැ 58 සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2020/02/21 දී තිබෙනවා

සාක්ෂිකරු ; ඔව්.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරිය ; ඔබ සතුව 2020/3/05 දින අමාත්‍ය මණ්ඩල සංදේශයේ මුල් ලේඛන  තිබේද?

සාක්ෂිකරු ; ඔව් 

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; පැ 60 අමාත්‍ය මණ්ඩල සංදේශ   22 /03/7 දින ලැබී තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්.
 
නියෝජ්‍යසොලිස්ටර් ජෙනරාල්වරිය ; කවුද මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළේ?

සාක්ෂිකරු ; කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2020 සිට  ඔබ මෙහි රාජකාරී තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මීට පෙර ලැබුණා.

සාක්ෂිකරු ; ඔව්. 

 නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඔබ ඔහුගේ අත්සන හඳුන්වනවාද

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  ඔහු අත්සන් කර තිබුණේ කවර පිටපතකටද

සාක්ෂිකරු ; ඉංග්‍රීසි පිටපත

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ; පැ 39 A හී අමාත්‍යවරයාගේ අත්සන හඳුනනවාද? 

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔහු නැවත දැක්කොත්  හඳුනා හඳුනාගත හැකිද සාක්ෂිකාරිය 8 වන චූදිත හඳුන්වා ගනී.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; අමාත්‍ය මණ්ඩල  සංදේශයට අදාළව තීරණ හඳුනා ගත්තා එම ලේඛනය අනුව පැ 39 හා  පැ 39 A අනුමත කළාද? 

සාක්ෂිකරු ; 2022 ජුනි 6 දින ලබා ලබාදී තිබෙනවා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  ඊට පෙර එය කුමක් හෝ අනුකරණය  සභාවකට යැව්වද

සාක්ෂිකරු ; රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ  අනුකාරක සභාවට යැව්වා. 

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; ඒ ඇයි?

සාක්ෂිකරු ; ඒ වනවිට අනුකාරක සභා දෙකක් පත්කර තිබුණා. රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2022 අවුරුද්දේ අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයට ඉදිරිපත්  නොකර මේ අනුකරන සභාවට ගියාද?

සාක්ෂිකරු ; හැම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ම වෙන්නේ නෑ. 

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරියට යම් නිර්දේශයක් ඉදිරිපත් කර තිබේද?

සාක්ෂිකරු ; මුදල් අමාත්‍ය නිරීක්ෂණය ලැබී තිබේ. ඒවාද සලකා බලලයි තීරණය ගන්නේ.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රාජ්‍ය වියදම් කළමනාකරණය අනුකරණය සභාව මේ සංදේශය ඉදිරිපත් කරද්දී මුදල්  ඇමැති නිරීක්ෂණය ලැබී තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; 2022ජූනි පළවෙනිදා රාජ්‍ය වියදම් අනුකාරක සභාවෙන් තීරණයකට ආවේ කවදාද ?

සාක්ෂිකරු ; ජූනි පළවෙනිදා ආ තීරණය ජූනි 6 දා පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළා.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; මෙම කැබිනට් සංදේශයේ දිනය ලෙස 2022/9/26 තිබෙන්නේ?

 සාක්ෂිකරු ; ඔව්.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් වී ඇති දිනය කවදාද?
 
සාක්ෂිකරු ; 32/10/03දා.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එහි ආවරණ ලිපියක් අත්සන් කර ඇත්තේ කවුද?

 සාක්ෂිකරු ; එම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලේකම්වරයා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අවශ්‍ය  නම් නිරීක්ෂණය සඳහා කැඳවන බව කියා තිබෙනවා  කැඳවුවාද?
 
සාක්ෂිකරු ; ඔව් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ කැඳෙව්වා ?

නියෝජ්‍ය සොලිස්ටර් විනිසුරුවරිය ; නිරීක්ෂණය ලැබුණද?

සාක්ෂිකරු ; නැහැ

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ‍; ඒ අනුව ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීම කවදද?

සාක්ෂිකරු ; 22/10/03 

නියෝජ්‍යා සොලිසිටර් ජෙනරාල්වරිය ; එය න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැද්ද?

සාක්ෂිකරු ; නැහැ සටහන් කර තිබෙන්නේ රජ්‍ය 20
 
සාක්ෂිකරු ; නැත ස්වාමීනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - පැ 44 , 44  A පිටු අංක 6-7 ඇතුළත් වී ඇති ලිපි ශීර්ෂයේ ලිපිය ඇතුළත් වීී තිබේද?

සාක්ෂිකරු ; නැත.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය - 44 -44 A සංදේශයේ පිටු අංක 6 නම් මුදල් අමාත්‍යාංශයේ ලිපිය ඇතුළත් වී තිබේද?

සාක්ෂිකරු -  නැත.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරිය - පිටු අංක 13 -14  ඇතුළත්ව ඇති favorite ෆාමසුට්කල්ස් යන නම ඇතුළත් වී තිබේද?

සාක්ෂිකරු; නැත.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්රිය ; පැ. 290 පිටු අංක 19-21 දක්වා ඇති සංදේශය ඔබ හඳුනාගත් ලේඛනයේ පිටපතද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ; පැ; 290 පිටු අංක 22-26 දක්වා ඇති ලේඛනය ඔබ හඳුනාගත් ලේඛනයේ ඡායස්ථ පිටපත  ද?
 
සාක්ෂිකරු - ඔව්. එයින් ඉහළ පවතින්නේ විශේෂ ශ්‍රේණියයි.

(විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ඇරඹෙයි. අටවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසුන්දර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය)

නීතිඥ ; ඔබ පරිපාලන සේවයේ වසර කීයක්ද ?

සාක්ෂිකරු වසර 19 ක්.

 නීතිඥ ; ඔබට කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව ගැන පශ්චාත් උපාධියක් ජපානයේදී රාජ්‍ය කළමනාකරණය ගැන ලැබූ ශාස්ත්‍රපති උපාධ්‍යයක් තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්.

 නීතිඥ ; ජපානයේදී රාජ්‍ය කළමනාකරන ගැන ලැබූ උපාධිය කුමක්ද?

 සාක්ෂිකරු ; රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය කළමනාකරන ඇතුළු විෂයයන් ගැන උපාධියක් නීතිඥ ඔබ පළමු උපාධිය වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාංශු වෛද්‍ය විද්‍යා හදාරල තියෙනවා. නමුත් මූලික සාක්ෂියේදී පාංශු වෛද්‍ය උපාධිය ගැන විතරයි අවධානය යොමු කළේ.?
  
සාක්ෂිකරු ; ඔව්.

 නීතිඥ - ඔබට ආයතන සංග්‍රහය දැනුමක් තිබෙනවාද?

සාක්ෂිකරු ; මූලික අවබෝධයක් තිබෙනවා. 

නීතිඥ ; ඔබ මූලික සාක්ෂි දෙද්දී කැබිනට් මාර්ගෝපදේශ ගැන විමසුවා. (පැ448පෙන්වයි)  අමාත්‍යය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීමේදී මාර්ගෝපදේශ ගෙන ආවේ අමාත්‍යමණ්ඩල සංදේශ හේතුවෙන් එය පැ 448 හී ලකුණු කර තිබෙනවා. එහි හතර ඡේදයට අවධානය යොමු කලාම එහි පවසා තිබෙනවා. හැම අවස්ථාවකම සාමූහික වගකීම රැකෙන පරිදි කටයුතු කළ යුතුය කියා. මොකක්ද මේ සාමූහික වගකීම?

සාක්ෂිකරු ; තීරණ ගැනීමේදී යම් ප්‍රතිවිරුද්ද අදහස් තිබුණත් සටහන් කරන්නේ නැහැ. සාමූහික තීරණයක් ලෙසයි සටහන් කරන්නේ.

නීතීඥ ; මම යෝජනා කරනවා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහික වගකීමෙන් බැඳී සිටි යුතුයි කියා.?

 සාක්ෂිකරු ; ඔව්.

 නීතිඥ ; පැ 448 කතා කරන සාමූහික වගකීම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා.?

 සාක්ෂිකරු ; ඔව්.


නීතිඥ ; කැබිනට් මණ්ඩලය කරුණු සාකච්ඡාවේදී විසම්මුතික අදහස් දැරැවත් එය කොතැනකවත් සටහන් වෙන්නේ නැති බවත් බහුතරය අවසන් තීරණයට එකඟ වන බවත් කීවා?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; මම යෝජනා කරනවා සෑම කැබිනට් ඇමති කෙනෙක්ම සාමූහික වගකීමෙන් බැඳී සිටින බවට?
 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; සාමාන්‍ය වශයෙන් කැබිනට් සංදේශයක් හෝ වෙනත් විෂයක් සාකච්ඡාවට භාජනය වෙද්දී කැබිනට් ලේකම් හා තව නිලධාරියෙක් ඉන්නවා.
 
සාක්ෂිකරු ; අපේ ලේකම්තුමා සමග තවත් එක් අයෙක් පමණයි. 
නීතිඥ- අවුරුදු හයක් පමණක් කැබිනට් කාර්යාලයේ සේවය කළා.?

 සාක්ෂිකරු ; ඔව්.

 නීතිඥ- කැබිනට් රැස්වීම් කීයකට විතර සහභාගී වී තිබේද?

 සාක්ෂිකරු ඒක මතක නෑ. 

නීතිඥ ; එතනදී කාටවත් බලපෑම් වෙනවද?
 
සාක්ෂිකරු- මම එහෙම එකක් කවදාවත් දැකලා නැහැ.
 
නීතීඥ ; එහි මූලාසනය ජනාධිපතිද..?

සාක්ෂිකරු ; ඔව්.
 
නීතිඥ ; 2022 මැයි ජූනි කාලයේ හිටියේ ගෝඨාභය ජනාධිපතිතුමා. 

සාක්ෂිකරු ; ඔවු...
 
නීතිඥ ; ජූලි මාසේ පාර්ලිමේන්තුවේ ඡන්දෙන් රනිල් මහත්තයා ආවා. මේ නඩුවේ චූදිත විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ ගෙනෙද්දි හිටියේ ගෝඨාභය හෝ රනිල් ජනාධිපති එහි කුමක්ද කරන්නේ? 

සාක්ෂිකරු - මෙහෙයවන්නේ ඔහු
 
නීතිඥ ; ගැන අවසානාත්මික දැනුම් දීම කරන්නේ  ඔහු.

 සාක්ෂිකරු ; සංදේශ සාපේක්ෂව සාකච්ඡාවට භාජනය වෙනවා.

 නීතිඥ : මෙම තීරණය සාමුහිකව ගත්තා කියා දැනුම් දෙන්නේ ඔහු.?

සාක්ෂිකරු:-ඔව්.

නීතිඥ : යම් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරද්දී එම කැබිනට් සංදේශය සාකච්ඡා කරද්දී ඊට සම්බන්ධ තවත් තොරතුරු අවශ්‍ය නම් මොකද්ද කරන්නේ ?

සාක්ෂිකරු:-එවිට අවශ්‍ය කාරණය කිව හැකියි. සන්දේශයේ කාරණය ගැන නිරීක්ෂණ ඉදිරිපත් වුනොත් එකක් ලේකම් ළඟ තබනවා.

නීතිඥ:- උදාහරණ අමාත්‍ය කෙහෙළිය පැ 163 කියල ලකුණු කරපු අමාත්‍ය මන්ඩල සංදේශය ඉදිරිපත් කළානේ ,මේ සංදේශය ඉදිරිපත් කළ අවස්ථාවේ ඕනෑම ඇමතිවරයකුට ඒ ගැන විමසන්න අවශ්‍ය නම් ඉල්ලන්න තිබුණාද?

සාක්ෂිකරු:-ඔව්.

නීතිඥ:- ඔබ කොහොමද ඒ ගැන දන්නේ.  සංදේශය ගැන ගැටලුවක් ඇත්නම් මේක ඊළඟ එකේදී සලකා බලමු කියන හැකි.?

සාක්ෂිකරු:- ඒත් කවුරුත් එහෙම කරල නෑ.

නීතිඥ ; 448 A ගොනුවේ ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට යමු 20220 ත් ඒක   තමයි අදාළ වුණේ
සාක්කිකරු ; ඔව්.

නීතිඥ : පිටු අංක 68 හි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා මාර්ගෝපදේශ අනුව පිටු අංක හැට අටෙහි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුත්තේ යැයි කිව්වේ ඇයි?

සාක්ෂිකරු : ඉදිරිපත් කළ යුතු නොකළ යුතු ඒවා තියෙනවා. ලේකම්වරයාගේ වගකීම කළ යුතු  ඒවා පමණක් ඉදිරිපත් කිරීම.

නීතිඥ:- අමාත්‍යාංශයක පරිපාලනමය අධිකාරිය ලේකම් නේ?

සාක්ෂිකරු : අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත පරිපාලනය කරන්නේ ලේකම්.

නීතිඥ : අමාත්‍යාංශ ලේකම් බැඳී සිටිනවාද නීතිය අනුව කටයුතු කිරීමට?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ:- අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය වශයෙන් වුනත් දේශපාලනමය වශයෙන් වුණත් කරන ඉල්ලීම් තියෙනවා. (මේ අවස්ථාවේ සාක්ෂිකාරිය සාක්ෂි දීමට සූදානම් වෙත්ම) නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරිය ඇය දෙසට අත දිගු කර නැගී සිටියි. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරිය ඒකට උත්තර දෙන්න එපා කියමින් විරෝධය පළ කරන ලදී.

එවිටම සාක්ෂිකාරිය “මට ඒකට උත්තර දෙන්න බැහැ” කිවාය.

එහිදී නයන්ත විජේසූන්දර නීතිඥවරයා ඊට දැඩි විරෝධය පළ කරමින් තම විරෝධය රෙකෝඩ් කළ යුතු බව දැඩිව කියා සිටියේය.

නීතිඥ:- මෙතන මිනිස්සු දොළොස් දෙනෙක් දිනපතා එනවා. මට මගේ සේවා දායකයෝ go to go home ද go to jail ද කියා දැන ගත යුතුයී. ඒකට සාධරණ නඩු විභාගයක් අවශ්‍යයි, අධිකරණය පුළුවන් හැමවිටම එය අපට ලබා දී තිබෙනවා. නමුත් පිළිතුරු දෙන්න එපා කියන එක වැරදියි. මෙහෙම සාක්ෂිකාරයින්ට බලපෑම් කරන එක වැරදියි.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; නීතිපතිවරයා  පෙනී සිටින්නේ දහස් ගණනක් රෝගී ජීවිත වෙනුවෙන්.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ : (නියෝජ්‍ය සොලිස්ටර්  ජෙනරාල්වරියට අවවාද කරමින්) ඔබ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන් ඔවුන් නැවැත්තීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට බැහැ. අධිකරණය ඔබලා දෙස නිරීක්ෂණය කරමින් ඉන්නේ.

විත්තියේ නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම්වලට බාධා කරමින්, සාක්‍ෂිකාරියගේ සාක්ෂි ලබාදීමේ ක්‍රියා පිළිවෙතට බලපෑම් කරමින්, මැදිහත් වෙමින් ඇතැම් සාක්ෂි ලබාදීම වළකමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය උසාවියේදී පෙන්නුම් කරන අයුතු බලය සම්බන්ධයෙන්  විනිසුරුතුමන්ලාගේ කනස්සල්ල ඉතා දැඩිව පළවිය. එවන් ආකාරයේ හැසිරීමක් උසාවිය තුළ නොපෙන්වන්නයි ඔවුන් දැඩිව අවවාද කළහ. මෙම තත්ත්වය සාධාරණ නඩු විභාගයකට මහත් බාදාවක් බව නයන්ත විජේසුන්දර පෙන්වා දුන්නේය. ඉතා වැදගත් තීරණාත්මක සාක්ෂි විභාගයන්හිදී මෙසේ මැදිහත් වෙමින් සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීම හා සාක්ෂා වැළාක්වීම ගැන විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධය හා කනස්සල්ල මධ්‍යයේ ගරු අධිකරණයේ එදිනට නඩු කටයුතුයි අවසන් කෙරිණ.

(නඩු විභාගය හෙට 10 වනදා නැවත පැවැත්වීමට නියමිත විය)

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0