තොරතුරු නිලධාරියාගේ වරදින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය දැඩි අවදානමකට ලක්වෙලා...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ආරක්ෂිත තොරතුරු ඇතුළත් (Pronto) සහ "ස්වස්ථා" පරිගණක පද්ධතිවල පවතින අතිශය සංවේදී රාජ්‍ය තොරතුරු, ඉහළ බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවිධිමත් ඉල්ලීමක් මත තම අභිමතය පරිදි ලබා දෙන්නට සිදුවූ බව ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජවාස් අබ්දුල් කාදර් මහතා විත්තියේ දැඩි හරස් ප්‍රශ්න මධ්‍යයේ පිළිගනු ලැබීය.

May 27, 2026 - 18:54
May 28, 2026 - 00:25
 80
තොරතුරු නිලධාරියාගේ වරදින්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය  දැඩි අවදානමකට ලක්වෙලා...

2026 මැයි මස 26 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

තොරතුරු නිලධාරියාගේ වරදින් 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය 

දැඩි අවදානමකට ලක්වෙලා... 

විනිසුරුත් දැඩිව

සාක්ෂිකරු ප්‍රශ්න කරයි...

අධිකරණ වාර්තාකරු

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ආරක්ෂිත තොරතුරු ඇතුළත් (Pronto) සහ "ස්වස්ථා" පරිගණක පද්ධතිවල පවතින අතිශය සංවේදී රාජ්‍ය තොරතුරු, ඉහළ බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවිධිමත් ඉල්ලීමක් මත තම අභිමතය පරිදි ලබා දෙන්නට සිදුවූ බව ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ  පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන  සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජවාස් අබ්දුල් කාදර් මහතා විත්තියේ දැඩි හරස් ප්‍රශ්න මධ්‍යයේ පිළිගනු ලැබීය.

එමගින් අදාළ තොරතුරු තාක්ෂණ නිලධාරියා බරපතළ පරිපාලන සහ නීතිමය වරදක් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමස්ත දත්ත පද්ධතියම දැඩි ආරක්ෂණ අවදානමකට ලක්ව ඇතැයි නඩුවේ සාක්ෂි විභාගයේදී කතා බහට ලක්විය.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජවාස් අබ්දුල් කාදර් මහතා විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් කළ දැඩි හරස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කටයුත්ත තමන්ට කරන්නට සිදුවූ බව පිළිගනු ලැබීය.

මෙම නඩු විභාගය සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන විනිසුරුතුමන්ලාගේන් යුතු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ ඊයේ ( මැයි 26 දා) පැවැත්වුණු අතර, එහිදී අනාවරණය වූයේ රාජ්‍ය රහස්‍යභාවය සහ දත්ත ආරක්ෂණය මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෙම තොරතුරු හුවමාරුව සිදුව ඇති බවයි. 

2022 සහ 2023 වර්ෂවලට අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ මිල ගණන් කැඳවීම්, ඖෂධ ලැයිස්තු, ඖෂධ ඇණවුම් වාර්තා සහ ඇණවුම් දත්ත ඇතුළු සංවේදී තොරතුරු රැසක් කිසිදු නිල ක්‍රමවේදයකින් තොරව පරිගණක පද්ධතියෙන් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එක්සෙල් (Excel) පත්‍රිකා මඟින් ලබා දී තිබේ.

නිල අවසරයකින් තොරව අතින් ලියූ ලිපියකට රාජ්‍ය දත්ත පිටකිරීම
නඩු විභාගයේදී හෙළි වූ පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු රාජ්‍ය විමර්ශන ආයතනයක් විසින් රජයේ වෙනත් ආයතනයකින් මෙවැනි සංවේදී තොරතුරු ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු මූලික නීතිමය පියවරයන් තිබේ. එක්කෝ ඒ සඳහා බලයලත් අධිකරණයකින් නිකුත් කළ නියෝගයක් ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැති නම් අදාළ අමාත්‍යාංශයේ හෝ ආයතනයේ ප්‍රධානියාගේ ලිඛිත නිසි අවසරය ලබාගත යුතුය.

නමුත් මෙම සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකාර තොරතුරු තාක්ෂණ නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත්තේ අතින් ලියන ලද, නිල වටිනාකමකින් තොර සාමාන්‍ය ලිපියක් පමණක් බව සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ පිළිගත්තේය. එවැනි මූලික ලියවිල්ලක් පදනම් කරගෙන, තමාට ඉහළින් සිටින තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සහකාර අධ්‍යක්ෂවරයාගේ හෝ වෙනත් කිසිදු උසස් නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව, හිතුමනාපයට රාජ්‍ය දත්ත පද්ධතියක තොරතුරු බාහිර පාර්ශ්වයකට මුදා හැරීම තුළින් තොරතුරු නිලධාරියා සිය රාජකාරී සීමාවන් සහ වගකීම් බරපතළ ලෙස පැහැර හැර ඇති බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් වන හරේන්ද්‍ර බානගල, අශෝක සේරසිංහ, අසේල සේරසිංහ සහ නුවන් ජයවර්ධන යන මහත්වරුන් කළ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු විය. සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාද මෙම අවිධිමත් හා හිතුවක්කාරී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් අවවාදාත්මක ලෙස ප්‍රශ්න කර සිටියේය.

6 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින

නීතිඥ නුවන් ජයවර්ධන හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.

නීතිඥ ; ඔබ පැ 293 වාර්තාව හැදුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වුවමනාවට ද නැත්නම් අධිකරණ නියෝගයක් නිසාද? 
සාක්ෂිකරු ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවේ. 

නීතිඥ ; ඔබේ ප්‍රකාශය දෙන්න කොපමණ කලින්ද?
සාක්ෂිකරු ; මාසයකට පමණ කලින්

නීතිඥ ; ලිඛිතවද ඉල්ලුවේ?
සාක්ෂිකරු ; ඔව් (ලේඛනය පෙන්වයි)

නීතිඥ ; මේ ලිපිය ලැබුණේ කවදද?
සාක්ෂිකරු ; දිනය මතක නෑ

නීතිඥ ; ලිපියෙත් දිනයක් නෑ
සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; මාළිගා කන්ද මහෙස්ත්‍රාත් නියෝග මත වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වද?
සාක්ෂිකරු ; නැහැ එහෙම ආවේ නැහැ

නීතිඥ ; 2025 අප්‍රේල් 22 ට මාසයකට කලින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එනවා.
සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඒ ලියුම ඔබටද ? වෙන කාටවත්ද?
සාක්ෂිකරු ; මට අතින් ගෙනත් දුන්නා.

නීතිඥ ; ඔබ ප්‍රොන්ටො බලලා වාර්තාවක් හැදුවේ.  
සාක්ෂිකරු ; ඔව් 

නීතිඥ ; පැ 293 ලේඛනය කුමකට ඉදිරිපත් කරනවද කියලා ශීර්ෂයක්වත් නැහැ.
සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; පැ 294 ලේඛනයත් ඔබ හැදුවේ. එයත් කුමකටද කියා නැහැ. හැදූ අන්දම හෝ එය  වෙනත් නිලධාරියෙක් විසින් පරීක්ෂා කරලා අනුමත කරලත් නැහැ. 

විනිසුරු ; හැදුවේ කොහොමද? 
සාක්ෂිකරු ; රිපෝට් මොඩියුලයෙන් හැදුවේ. දවසින් දවස අයිතම සංඛ්‍යා බලලා හැදුවේ. ප්‍රොන්ටෝ එකෙන් රිපෝට් එකක් ජෙනරේට් කළ හැකියි. 

විනිසුරු ;  ප්‍රොන්ටෝ එකෙන් දින බලන් තමන් එක්සෙල් හෝ වර්ඩ් ලේඛනයකට දත්ත ඇතුල් කළාද? 
සාක්ෂිකරු ; සිස්ටම්  එකෙන් ජෙනරේට් කරලා හැදුවේ. 293 ලේඛණය 1,2,3,4,5 කොළම් බලාගෙන ටයිප් කරපුවා මැනුවල් හදපුු එකක්.  294 ලේඛනය සංකීර්ණයි. එය කොපි එකක් දීලා ජෙනරේට් කරගත් ලියවිල්ලක්.

"පැ 293 සහ පැ 294" වාර්තාවල නීත්‍යානුකූල භාවය අභියෝගයට

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විසින් විත්ති පාර්ශ්වයට එරෙහි ප්‍රධාන චෝදනා සහ සාක්ෂි ලෙස ගොනු කර තිබූ "පැ 293" සහ "පැ 294" යන දත්ත වාර්තා ද්විත්වයම මෙලෙස අවිධිමත් ලෙස ලබාගත් ඒවා වීම නඩුවේ දැඩි ආන්දෝලනයක් මතු කර තිබේ. විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම වාර්තාවල නීත්‍යානුකූල භාවය සහ විශ්වාසවන්තභාවය (Admissibility and Reliability) මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.

අධිකරණය හමුවේ අනාවරණය වූ පරිපාලනමය

සහ තාක්ෂණික දෝෂ මෙසේය:

නිල ශීර්ෂයක් නොමැති වීම: 


අධිකරණයකට ඉදිරිපත් කරන නිල රාජ්‍ය ලේඛනයක අන්තර්ගත විය යුතු මූලික ආකෘතිය උල්ලංඝනය කරමින්, මෙම වාර්තා කුමන කරුණක් සඳහා, කා වෙත ඉදිරිපත් කරන්නේද යන්න දක්වන කිසිදු නිල ලිපි ශීර්ෂයක් (Heading) එහි නොතිබුණි.
උසස් නිලධාරී සහතිකකරණයක් නොමැති වීම: 
සාමාන්‍ය රාජ්‍ය පරිපාලන රෙගුලාසි අනුව රජයේ නිලධාරියෙකු සකස් කරන ඕනෑම තාක්ෂණික වාර්තාවක් ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර සහතික කළ (Certify) යුතු වුවද, මෙම වාර්තා කිසිදු නිලධාරියෙකු පරීක්ෂා කර හෝ අනුමත කර නොමැත.
දත්ත 'මැනුවල්' ක්‍රමයට ටයිප් කිරීම: 
මෙම වාර්තා පරිගණක පද්ධතියෙන් ස්වයංක්‍රීයව ජනනය වූ (System Generated) ආරක්ෂිත ලේඛන නොවන අතර, සාක්ෂිකරු විසින් පද්ධතිය දෙස බලා තනිවම 'මැනුවල්' (Manual) ක්‍රමයට ටයිප් කර සකස් කරන ලද ඒවාය. එමෙන්ම එහි ඇතැම් තීරුවලට දත්ත ඇතුළත් කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවද සාක්ෂිකරු පැවසීය.

විගණන දත්ත (Audit Log) මඟහැරීම සහ පද්ධතියේ ආරක්ෂාව

පරිගණක දත්ත පද්ධතියක අඛණ්ඩතාව සහ විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි එකම නිල සාක්ෂිය වන්නේ එහි ඇතුළත් කළ, වෙනස් කළ හෝ මකාදැමූ දත්තවල ඉතිහාසය සටහන් වන “'Activity Log' හෝ 'Audit Log' (විගණන වාර්තාව)” වේ. දත්තවල නිරවද්‍යතාවය සහ වෙනස් කිරීම් සිදුව ඇත්දැයි සෙවිය හැක්කේ එමඟින් පමණක් වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කිසිදු අවස්ථාවක මෙම විගණන වාර්තාව ලබා ගැනීමට කටයුතු කර නොමැති බව හෙළි විය.

මෙමඟින් “ෆ්‍රොන්ටෝ” සහ “ස්වස්ථා” පද්ධතිවල දත්තවල ආරක්ෂාව (Data Security) සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු වේ. මෙම පද්ධතිවල දත්ත සුරක්ෂිත කිරීම තමන්ගේ සහ “ඊ විස්” (e - Wis) ආයතනයේ වගකීමක් බව සාක්ෂිකරු පිළිගත් නමුත්, නිසි විගණන සටහන් (Audit Logs) නොමැතිව මැනුවල් ක්‍රමයට සකස් කළ වාර්තා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම තුළින් සමස්ත විමර්ශනයේම පදනම සේදී ගොස් ඇති බව නීතිඥවරු පෙන්වා දුන්හ.

ඖෂධ ඇණවුම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරස්පරතා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් තොරතුරු නිලධාරියාගෙන් ඖෂධ සංස්ථා ඇණවුම් ලැයිස්තු (SPC Orders) සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) ඇණවුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. පැ 293 ලේඛනයේ ඖෂධ 182ක් දක්වා තිබුණද, ඉන් ඇතැම් අයිතමයන්ට අදාළ ඇණවුම් පද්ධතිය තුළ සොයා ගැනීමට නොහැකි වී තිබේ.

විශේෂයෙන්ම ආන්දෝලනයට තුඩු දුන් 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' (Human Immunoglobulin) සහ 'රිටොක්සිමැබ්' (Rituximab) යන ඖෂධවල හදිසි ඇණවුම් ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී කරුණු මතු විය. 2019 වර්ෂයේදී ක්‍රියාත්මක වූ පද්ධතියට 'අයිසොලෙස් බයෝ ෆාමා' (Isolez Bio Pharma) සැපයුම්කරු ලෙස ඇතුළත් කර තිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය. 2020 වර්ෂයේදී කරන ලද ඇතැම් ඖෂධ ඇණවුම් 2023 වර්ෂය වන විටත් වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබී නොමැති බවත්, රටේ පවතින ජාතික ඖෂධ අවශ්‍යතාවයට වඩා ඉතා අවම මට්ටමක තොග පවත්වාගෙන ගොස් ඇති බවත් විත්ති පාර්ශ්වයේ හරස් ප්‍රශ්න හමුවේ අනාවරණය විය. කෙසේ වෙතත්, තමා පරිගණක පද්ධති පිළිබඳ දැනුමැති අයෙකු මිස වෛද්‍යවරයෙකු හෝ ඖෂධවේදියෙකු නොවන බැවින්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ ඖෂධවල ගබඩා මට්ටම් පිළිබඳ නිශ්චිත තාක්ෂණික තීන්දුවලට පිළිතුරු දිය නොහැකි බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

නීතිඥවරයා රෝහල්ගත වීම නිසා නඩු විභාගයේ ඇති වූ තත්ත්වය

මේ අතර, මෙම මිලදී ගැනීමේ සිද්ධියට අදාළව විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන මෙම නඩු විභාගයේ 9 වන විත්තිකරු වන ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන අංශයේ වෛද්‍ය නිලධාරී බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් මහතා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ රහුල් ජයතිලක මහතා පෙනහළු ආබාධයක් හේතුවෙන් ආසිරි රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය. නීතිඥ අමිත ආරියරත්න මහතා විසින් මෙම කරුණ උදෑසන මහාධිකරණයට දන්වනු ලැබීම නිසා නඩු කටයුතු තාවකාලිකව නතර කර නැවත පෙරවරු 11 ට ආරම්භ කෙරිණි.

9 වන විත්තිකරු දැනට අධිකරණය මඟහරිමින් වරෙන්තු ලබා සිටින අයෙකු වන බැවින් සහ ඔහුගේ නීතිඥවරයා වෙනුවට කනිෂ්ඨ නීතිඥවරයෙකු පත් කර නොමැති වීම නිසා නඩුව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය. අපරාධ නඩු විභාග සංග්‍රහයේ 450 සහ 241 වගන්ති ප්‍රකාරව විත්තිකරු නොමැතිව වුවද නඩුව විභාග කළ හැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා, නීතිඥවරයාගේ අසනීප තත්ත්වය කෙරෙහි අධිකරණය කාරුණික විය යුතු බැවින් එදිනට නඩු විභාගය නිමා කර, පසුදින නැවත ආරම්භ කිරීමට තීරණය කළේය. එසේම 9 වන විත්තිකරු වෙනුවෙන් වෙනත් නීතිඥ නියෝජනයක් පත් කරගැනීමේ වගකීම විත්තිකරු සතු වන අතර, එසේ නොවන්නේ නම් ඔහු නොමැතිවම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවද විනිසුරුවරයා අවධාරණය කළේය.

මෙම සමස්ත නඩු විභාගයේදී පැහැදිලි වූයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරියා විසින් සිදුකර ඇති රාජකාරිමය දෝෂය සහ පරිපාලනමය අත්තනෝමතිකභාවය හේතුවෙන්, විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ ප්‍රධාන සාක්ෂි ලේඛනවල නීතිමය පදනම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, එය විත්ති පාර්ශ්වයට ප්‍රබල නීතිමය වාසියක් ලබා දීමට හේතු වී ඇති බවයි.

26 වන දින සිදුකළ නඩු විභාගය මෙසේය...

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම මත දෙවැනි දිනටත් සාක්ෂි දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජාවාස් අබ්දුල් කාදර් මෙසේද ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැ 293  ලේඛනයේ 1 සිට 12 දක්වා තොරතුරු වලට අදාලව ඖෂධ තොගයක් ජාතික තලයේ තොගවල දක්වා තිබෙනවා. මේ ලේඛනය හැදුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලූ නිසා බව කියැවුන ගැනුම් මැනුම් වලට අදාලව මේ තිබෙන අයිතමයන් සම්බන්ධයෙන් කියා සිටියා. 9 වන තීරුවේ ඇති ප්‍රමාණය ගත්තේ කුමකට අදාළවද ? 

සාක්ෂිකරු ; පද්ධතිය පරීක්ෂා කරද්දී පැ 172 ට අදාල ගැනුම් මැනුම් නිකුත් කර තිබෙනවා. ඕඩරය නිදහස් කර තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැ 293 ලේඛනයේ ඖෂධ සංස්ථා ඇනවුම් ලැයිස්තුවේ ඖෂධ 182 ක් දක්වා තිබුණා. ඔබ ඒවා පරීක්ෂා කළාද ?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඒවා සොයා ගත්තාද ? 
සාක්ෂිකරු ; නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ලේඛනයේ 9 තීරුවේ ඇති Award quantity සොයා ගත්තේ 8 තීරුවේ තිබෙන ප්‍රමාණ අනුවද ? 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 293 ලැයිස්තුවේ පිටු අංක 29 ට අදාලව 170 අයිතමයට අවධානය යොමු කරන්න. එහි ඖෂධ සංස්ථා ඕඩර්යක් හමුවී තිබෙනවද? 
සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අයිතමයට අදාළව වෛද්‍ය සැපයුම්. ඒකකයේ ඕඩරයකුත් හමුවී තිබෙනවද? 
සාක්ෂිකරු; නැත ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සමහර අයිතම වලට පමණක් v ඕඩර්ස් හමුවෙලා තියෙනවා. 
සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; 172 අංකය යටතේ ඇති අයිතමයට සංස්ථා v ඕඩරයක් තිබේද? 
සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊට වෛද්‍ය සැපයුම් ඒකකයේ ඕඩරයකුත් තිබේද? 
සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 9 තීරයේ award quantity ගත්තේ කොහොමද? 
සාක්ෂිකරු ; ඕඩර් ලිස්ට් ගත්තේ කොතනින්ද යන්න මේ වෙලාවේ කිව නොහැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇනවුම් ලැයිස්තු දැකිය හැකි ඒවා මිලදී ගැනීම් ලැයිස්තු තිබේද?
සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 293 ලේඛනයේ 2 පිටුවේ 8 අංකය යටතේ ඇති. වෛද්‍ය සැපයුම් ඇනවුම් අංකයක් හමුවී තිබේද?
සාක්ෂිකරු ; නැත

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයන්න කී නිසා මේ වාර්තා ලබාදෙද්දී ඖෂධ සංස්ථා "වී" ඇණවුම් දාපු ඒවා වෛද්‍ය සැපයුම්, අංශයේ ඇණවුම් වලට තිබුනෙ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 5 තීරයට අවධානය යොමු කරන්න. ඔබ පොරොත්තු ඇනවුම් ගත්ත අන්දම නැහැ. පොරොත්තු ඇනවුම් විතරද ඇතුල් කළේ?
සාක්ෂිකරු ; 2018, 2019,2020,2021 උපරිම අවුරුදු 5ක  ගත්තා ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවේ කොහොමද?
සාක්ෂිකරු ; අවුරුදු 5 ක් පමණ පෙන්ඩින් තිබිලත් මිලදී නොගත් ඒවා ඉවත් කරා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 294 ලේඛනයේ තීරු කීයක් තිබේද? 
සාක්ෂිකරු ; 33 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පළමු තීරු තුන දිනය ඖෂධ නාමය සහ එස් ආර් අංකය එහෙමද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 හි 2 පිටුවේ ඇත්තේ මොන මාසයේ දත්තද?
සාක්ෂිකරු ; 2022 ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 30 දක්වා ඒවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ වගේ මාස කීයක දත්ත පැ 294 ලේඛනයේ තිබේද ? 
සාක්ෂිකරු ; 2022 ඔක්තෝම්බර් 30 සිට 2023 මැයි 31 දක්වා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ ජාතික තලයේ ඖෂධ තොගයක්ද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින

නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා හරස් ප්‍රශ්න අසයි. 

නීතිඥ ; ලියාපදිංචි අංකයක් හෝ පුද්ගලයන්ගේ නම් පද්ධතියෙන් තෝරලා දාන්න කියා ඔබට කිව්වා. එය හඳුනා ගත්තාද? 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඇනවුම් ලැයිස්තු නැත්නම් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඇනවුම් ලැයිස්තුවෙන් කියන්න බැහැ පද්ධතියේ ලියාපදිංචි කරලා තිබුණොත් පුළුවන්. ඊට පසු ඇණවුමෙන් බැලිය හැකියි. 

නීතිඥ ; අසාදු ලේඛන ගත කළ කෙනෙක් කියා කිව හැකිද?
සාක්ෂිකරු ; පද්ධතියෙන් බලන්න බැහැ.

සිව්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ හරස් ප්‍රශ්න ඇසීම ඇරඹීය.

නීතිඥ ; ඔබේ ආයතනයේ දත්ත පද්ධතිය ගැන දන්නවාද? මේ නඩුවේදී සඳහන් වන විශේෂ ඖෂධ දෙකක් තිබෙන බව දන්නවද? 
සාක්ෂිකරු ; නැහැ 

නීතිඥ ; ඔබ සේවයට ඇවිත් කොපමණ කල්ද ? 
සාක්ෂිකරු ; 2016 සිට 

නීතිඥ ; ඖෂධ සංස්ථාව හරහා හැරුණු විට සෘජු මිලදී ගැනීම් වන හදිසි මිලදී ගැනීම් ගැන දන්නවද? 
සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; නඩුවට සම්බන්ධ කාලය තුළ වෛද්‍ය සැපයීම් ඒකකය හා ඖෂධ සංස්ථාව හැරුණු විට ප්‍රසම්පාදන කළාද?
සාක්ෂිකරු ; දන්නේ නැහැ ස්වාමීනී.

නීතිඥ ; ඇනවුම් ලැයිස්තුව පද්ධතියෙන් ගත් එකක් කියා ඔබ කීවා. එසේ නම් රාජකාරී සඳහා යම් යම් නිලධාරීන්ට මුර පදයක් දෙනවද ? 
සාක්ෂිකරු ; එසේය ස්වාමීනි 

නීතිඥ ; පැ 291 ලේඛනයේ ඇනවුම් ලැයිස්තු සඳහා මුර පදය ලැබුනේ කාටද?ඒ නිශ්චිත නිලධාරී කවුද?
සාක්ෂිකරු ; තොග පාලන නිලධාරි 

නීතිඥ ; මේ ලේඛන සැපයුම් අංශයේ, නිලධාරීන් හදනවද?
සාක්ෂිකරු ; එහි වෙනම අංශයක් තියෙනවා 

නීතිඥ ; මිලදී ගැනීම් ඇණවූම හදද්දී, නිලධාරීන් කොහොමද තොරතුරු ගත්තේ?
සාක්ෂිකරු ; සැපයුම් ඒකකයේ තොරතුරු තියෙනවා. මිලදී ගැනීමේ ඇණවුම ගනිද්දී නම හරියට තෝරන්න ඕනෑ. තෝරා ගත් ලැයිස්තුව තියෙනවා. එයින් තමයි තෝරන්නේ 

නීතිඥ ; ඔබ ඕඩර් ලොග්, මිලදී ගැනීම් ඇනවුම හා GRN යන තුන දන්නවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

නීතිඥ ; මිලදී ගැනීම් ඇනවුමක් නැතිව GRN  එකක් නිකුත් කළ හැකිද?  
සාක්ෂිකරු ; බැහැ මේ තුනම තියෙන්න ඕන 

නීතිඥ ; 2019 වෙද්දි පෙන්ටො පද්ධතිය පමණයි නේද ක්‍රියාත්මක වුණේ? ඊට හියුමන් යිමියුනොග්ලොබියුලින් ඇණවුම ඇතුළත් කර තිබෙනවද? 
සාක්ෂිකරු ; ඔව් 

නීතිඥ ; සැපයුම්කරු ලෙස අයිසොලෙස් බයෝ ෆාමා ඇතුලත් කර තිබේද? 
සාක්ෂිකරු ; ඔව්.

4 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටින

නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ ; ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2025 අප්‍රේල් 22 දා කට උත්තරයක් ලබාදීී තිබෙනවා 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි වෛද්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන නිලධාරී ලෙස ඒවා දුන්නේ.

නීතිඥ ; දත්ත පද්ධතියේ වාර්තා ඉල්ලුවම දුන්නද?
සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඔබට පෙන්වූ පැ 293 ලේඛනය කුමක්ද?
සාක්ෂිකරු ; මෙම දත්ත පද්ධතියෙන් ලබාගත් ලේඛනයක් ස්වාමීනි.

නීතිඥ ; එය පරිගණකයෙන් ස්වයංක්‍රීයව හැදුනද? නැත්නම් ඔබ ඒවා ඇතුල් කළාද?
සාක්ෂිකරු ; ටයිප් කරලා දැම්මා

නීතිඥ ; කොහෙන්ද ගත්තේ?
සාක්ෂිකරු ; ස්වාස්ථා පරිගණක පද්ධතිය බලල දැම්මේ.

නීතිඥ ; 293 ලේඛනයේ 1 සිට 182 දක්වා ඖෂධ ඇතුළත් වන අතර 70හා 72 ගැන ඔබෙන් ඇහුවා. ඔබ කිව්වා පරිගණක පද්ධතියට ගිහින් බලන්න ඕනේ කියලා. 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඒ කියන්නේ පද්ධතිය බැලිය හැකියි.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; ප්‍රොන්ටෝ හා ස්වස්ථා පද්ධති වල දත්ත සුරක්ෂිතයිද? 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මේ තොරතුරු ඖෂධ සංස්ථාවට බලා ගත හැකිද?
සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලන්න පුලුවන්ද?
සාක්ෂිකරු ; බැහැ. නමුත් පර්යේෂනාගාරයට පුළුවන්.

නීතිඥ ; මොනවද බලන්න පුළුවන්?
සාක්ෂිකරු ; ගුණාත්මක භාවය බලන්න පුළුවන්

නීතිඥ ; 294 ලේඛනය තොරතුරු පද්ධතියෙන් වෙන් වෙන්ව ගත්තද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි දවස දවස කරන එකක් නිසා මාසය මුල අරන් දවසින් දවස ඇතුල් කරනවා.

නීතිඥ ; ඔබ වෛද්‍යවරයෙක් , ඖෂධ වේදියෙක් නෙවෙයි. පරිගණක පද්ධති ගැන දැනුමැති කෙනෙක් ස්ථිර ඇනවුම් කියන ඒවා හදන්නේ කවුද? 
සාක්ෂිකරු ; සැපයුම් නිලධාරීන්

නීතිඥ ; ඇනවුම් ලැයිස්තු හැදුවේ කවුද?
සාක්ෂිකරු ; තොග පාලන නිලධාරි

නීතිඥ ; ස්ථිර ඇනවුමක් හදද්දි තොග පාලන නිලධාරීන්ට ඇතුල් විය හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී

නීතිඥ ; ඔබට ඉහලින් තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සහකාර අධ්‍යක්ෂ ඉන්නවා. ඔබ ඔහුගේ අධීක්ෂණය යටතේ කටයුතු කරන්නේ 
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී 

නීතිඥ ; සහකාර අධ්‍යක්ෂවරයා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නිලධාරියෙක් ද?
සාක්ෂිකරු ; ඔව්. පද්ධතිය නඩත්තු කරන්නේ ඊ විස් ආයතනයෙන්.

නීතිඥ ; ඇනවුම් ලැයිස්තු හදද්දි, ඊට යම්  අංකයක් දෙනවා. ඒ අංකය ස්වයංක්‍රීයව ඇතිවන එකක්ද? නැතිනම් ඇනවුම් ලැයිස්තුව හදන පුද්ගලයා දෙන එකක්ද?
සාක්ෂිකරු ; ඔහු තමයි තීරණය කරන්නේ ස්වාමීනී

නීතිඥ ; ඔබට 291 කියා ඇනවුම් ලැයිස්තුවක් පෙන්නුවා නේද? එහි වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කරන තොග පාලන නිලධාරී හෝ  තවත් ලැයිස්තුවක් පෙන්නුවා,  172 I යනුවෙන් එහි SPC  යනුවෙන් සඳහන් කරන එක තීරණය කරන්නේ තොග පාලන නිලධාරී.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ පැ 293 ලේඛනය බැලුවා. එහි ඖෂධ 182 ක් තිබෙනවා. එය එකම භාණ්ඩයක් හෝ ප්‍රමාණයක්ද කියන එක ගැන ඔබට අවබෝධයක් තිබෙනවද? 
සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; මෙම ලේඛනයේ 7 හා 8 තීරුවලට ඔබේ අවධානය යොමු කරන්න. 7 ඖෂධ සංස්ථා ඇනවුම් ලැයිස්තුවක්. 8 හි ඇත්තේ ඊට අනුරූප ලැයිස්තුවක්. එහි අංක 1 ඉමියුනොග්ලොබියුලින් එස්.ආර් අංකයට අදාලව 1 තීරුවේ සංස්ථා ඇනවුම් ලැයිස්තු අංකය තියෙනවා.
සාක්ෂිකරු ; ඒක සිස්ටම් එකේ තියෙන එකක්. 

නීතිඥ ; ඊළඟ එක රිටොප්සිමැබ්. ඒකට අදාලව 7 තීරුවේ සංස්ථා ඇනවුම් ලැයිස්තු අංකයක් ඇති අතර 8 හි වෛද්‍ය සැපයුම් අංශයේ ඇනවුම් ලැයිස්තුව තියෙනවා. මේ ලේඛනයේ ඖෂධ ගණනාවක් සංස්ථා ඇනවුම් ලැයිස්තු හා වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇනෝම් ලැයිස්තු ඇතුළත් වී තිබෙනවා. මේ ලේඛනය අනුව ඉමියුනොග්ලොබියුලීන් මාසයකට 2500 ක් අවශ්‍යයි. පොරොත්තු ඇනවුම් 5 කොළමේ පෙන්වනවා. 
සාක්ෂිකරු ; ඔව් ඒක දන්නේ ඖෂධ සම්බන්ධ නිලධාරියා. ඒ බව එහි සඳහන්.

නීතිඥ ; 5 තීරුවේ, පොරොත්තු ලැයිස්තුවේ සැප්තැම්බර් 30 වෙද්දි ලැබෙන ප්‍රමාණය සඳහන්.  රිටොප්සිමැබ් ඖෂධය ගත්තොත් 4465 ක් ඇනවුම් කරලා 2020 ඇනවුම්  ලැයිස්තුවේ තියෙනවා.
සාක්ෂිකරු ; ඒක පරීක්ෂා කළ යුතුයි

නීතිඥ ; 2022 සැප්තැම්බර් වෙද්දිත් ඒවා වෛද්‍ය සැපයුම් ඒකකයට ඇවිත් නැහැ. ඔබ පෙර සාක්ෂි දෙමින් කියා සිටියා පොරොත්තු ලැයිස්තු ඉවත් කරන බවක්. 
සාක්ෂිකරු ; අවුරුදු 5 ක් බලලයි ඉවත් කරන්නේ.

නීතිඥ ;කවදාවත් ඇවිත් නැති ඇනවුම්  තියනවා.
සාක්ෂිකරු; අදාල නිලධාරීන්ගෙන් විමසිය යුතුයි.

නීතිඥ;  12500 ඇනවුම් කරලා තිබුනා. ඒක 2020 දි විතර එකක් වෙන්න බැරිද?
සාක්ෂිකරු ; ඒක ඇනවුම්  ලැයිස්තු දාන කෙනාගෙන් විමසිය යුතුයි. 

නීතිඥ ; මම යෝජනා කරනවා 2020 වෙන්න පුළුවන් කියා.
සාක්ෂිකරු ; වෙන්න පුළුවන්. 

නීතිඥ ; 2020 දරන ඇණවුමේ 2023 වසර සැප්තැම්බර් වෙද්දි 44050 ලැබෙන්න ඕන. ඒක ලැබිලත් නෑ.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; 2V 28 හි E අකුර යොදා ඇත්තේ හදිසි ඇණවුමක් නිසාද?
සාක්ෂිකරු ; ඔව් ඒ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්. 

නීතිඥ; හදිසි ඇනවුමක් වුණත් 2023 වෙද්දිත් ඒ ඇණවුම ඇවිත් නෑ. 
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් මාස 3 ක තොග තබා ගැනීම හොඳම තත්ත්වයේ කියා පිළි අරන් තියෙන බව දන්නවද? 
සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නීතිඥ ; මාසයකට 7500ක් නම් මාස තුනකට 22500යි 
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; රටේ රෝහල් පද්ධතියෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ හා පිටතත් ඒකක 30000-37000 ක් පමණ තිබිය යුතු යැයි මා යෝජනා කරනවා. 
සාක්ෂිකරු ; ඒක මම දන්නේ නෑ.

නීතිඥ ;  ලේඛනය අනුව සැප්තැම්බර් සිට 2023 මැයි දක්වා ජාතික අවශ්‍යතාව තිබිය යුතු මට්ටමට වඩා අවමවයි පැවතී තිබෙන්නේ. 
සාක්ෂිකරු ; මට එයට පිළිතුරු දිය නොහැකියි.

නීතිඥ ; 2v 28 හි 7 තීරුවේ ඖෂධ සංස්ථාවෙන් හදපු ලැයිස්තු අංකයක් හා ඖෂධ සංස්ථා මිලදී ගැනුම් ඇණවුමක් තියෙනවද?
සාක්ෂිකරු ; මම දන්න පරිදි නැහැ. 

නීතිඥ ; 2v 28 හි රිටොක්සිමැබ් බැලුවහම සංස්ථා ඇනවුම් ලැයිස්තුවක් තිබුණද? 
සාක්ෂිකරු ; දන්න විදිහට නැහැ.

නීතිඥ ; මේ සියලුම ලැයිස්තු හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් කළ ඒවා බව දන්නවද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; ඔබ ප්‍රසම්පාදන ගැන දන්නවද? 
සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නීතිඥ ; ඔබ නීති රෙගුලාසි ගැන දන්නවද ? 
සාක්ෂිකරු ; නැත ස්වාමීනී.

නීතිඥ ; ඔබ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වත් කියා නැහැනේ. 

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ මේ ඖෂධ වල ප්‍රසම්පාදන ආස්ථිතිය ගැන ඇහුවද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; මේ ඖෂධ 182 වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ගන්න කියලා කැබිනට් තීරණයක් තිබුණා කියලා දන්නවද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; මාස තුනකට අදාළ ප්‍රසම්පාදනයට අදාළ ලැයිස්තුවක් ඇති බව දන්නවද? 
සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; පැ 293 හා 294 ලේඛනවල දත්ත තොග ලැබීම හා සමපාත අනුව පෙන්වනවා. තොග ලැබීම් ඇතුළත් කරන්න ඕනද?
සාක්ෂිකරු; ඔව්. 

නීතිඥ ; ඒවා ඇතුළත් කරන්නේ වෛද්‍ය සැපයුම් නිලධාරීද? 
සාක්ෂිකරු; ඔව්. 

නීතිඥ ; පරිගණක පද්ධතියට ඒ ලැයිස්තු ලබා ගන්නවද ? 
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; රෝහල්වලටත් මේ පද්ධතියට ලොග් විය හැකිද?
සාක්ෂිකරු ; ගබඩාවේ සිට උප ගබඩාවලට යද්දි තමයි ඇතුල් කරන්නේ. නිකුත් කරද්දී ඇතුල් වෙනවා. 

නීතිඥ ; කවුද ඒවා ඇතුල් කරන්නේ?
සාක්ෂිකරු ; ඖෂධවේදී ඇතුළු නිලධාරීන්. රෝහලේ තිබියදීත් ජාතික තොගයට අයත් රෝහලින් අදාළ අංශවලට නිකුත් කළ විට ජාතික තොගයෙන් අඩුවෙනවා. 

නීතිඥ ; මේ පද්ධතියේ දත්ත සුරක්ෂිතද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනි.

නීතිඥ ; එය සුරක්ෂිත කිරීම ඔබේ වගකීමද?
සාක්ෂිකරු ; අපිටත් ඊ විස් ආයතනයටත් ඒ වගකීම තියෙනවා.

6 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින

නීතිඥ නුවන් ජයවර්ධන හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.

නීතිඥ ; ඔබ පැ 293 වාර්තාව හැදුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වුවමනාවට ද නැත්නම් අධිකරණ නියෝගයක් නිසාද? 
සාක්ෂිකරු ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලුවේ. 

නීතිඥ ; ඔබේ ප්‍රකාශය දෙන්න කොපමණ කලින්ද?
සාක්ෂිකරු ; මාසයකට පමණ කලින්

නීතිඥ ; ලිඛිතවද ඉල්ලුවේ?
සාක්ෂිකරු ; ඔව් (ලේඛනය පෙන්වයි)

නීතිඥ ; මේ ලිපිය ලැබුණේ කවදද?
සාක්ෂිකරු ; දිනය මතක නෑ

නීතිඥ ; ලිපියෙත් දිනයක් නෑ
සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ ; මාළිගා කන්ද මහෙස්ත්‍රාත් නියෝග මත වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වද?
සාක්ෂිකරු ; නැහැ එහෙම ආවේ නැහැ.

නීතිඥ ; 2025 අප්‍රේල් 22 ට මාසයකට කලින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එනවා.
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ඒ ලියුම ඔබටද ? වෙන කාටවත්ද?
සාක්ෂිකරු ; මට අතින් ගෙනත් දුන්නා.

නීතිඥ ; ඔබ ප්‍රොන්ටො බලලා වාර්තාවක් හැදුවේ.  
සාක්ෂිකරු ; ඔව්. 

නීතිඥ ; පැ 293 ලේඛනය කුමකට ඉදිරිපත් කරනවද කියලා ශීර්ෂයක්වත් නැහැ.
සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; පැ 294 ලේඛනයත් ඔබ හැදුවේ. එයත් කුමකටද කියා නැහැ. හැදූ අන්දම හෝ එය  වෙනත් නිලධාරියෙක් විසින් පරීක්ෂා කරලා අනුමත කරලත් නැහැ. 
විනිසුරු ; හැදුවේ කොහොමද? 

සාක්ෂිකරු ; රිපෝට් මොඩියුලයෙන් හැදුවේ. දවසින් දවස අයිතම සංඛ්‍යා බලලා හැදුවේ. ප්‍රොන්ටෝ එකෙන් රිපෝට් එකක් ජෙනරේට් කළ හැකියි. 

විනිසුරු ;  ප්‍රොන්ටෝ එකෙන් දින බලන් තමන් එක්සෙල් හෝ වර්ඩ් ලේඛනයකට දත්ත ඇතුල් කළාද? 
සාක්ෂිකරු ; සිස්ටම්  එකෙන් ජෙනරේට් කරලා හැදුවේ. 293 ලේඛණය 1,2,3,4,5 කොළම් බලාගෙන ටයිප් කරපුවා මැනුවල් හදපුු එකක්.  294 ලේඛනය සංකීර්ණයි. එය කොපි එකක් දීලා ජෙනරේට් කරගත් ලියවිල්ලක්. 

නීතිඥ ;  පැ 293 හි SR නොමැති තීරුවලට දත්ත ඇතුල් කරන්නේ කවුද? 
සාක්ෂිකරු ; වෙනත් නිලධාරියෙක්.

නීතිඥ ; ඊළඟ කොළමත් ඔබ නෙවෙයි?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; National Availability දත්ත කවුද ඇතුල් කරන්නේ? 
සාක්ෂිකරු ; දන්නේ නැහැ.

නීතිඥ ; මේ දත්ත ඇතුල් කරන්න අදාල නිලධාරීන්ට පාස් වර්ඩ් තියෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි...

නීතිඥ ; අධිකරණයට කියන්න  activity log කියන්නේ මොකක්ද කියා. 
සාක්ෂිකරු ; Andit log එකක්. සිස්ටම් හරහා වැඩක් කලොත් දත්ත ඇතුළත් කළ වෙනස් කළ හෝ ඩිලීට් කළ ඒවා විගණන වාර්තාවක් ලෙස බලාගත හැකි එකක්.

නීතිඥ ; මේ දත්ත වල නිර්වධ්‍යතාව activity log එකෙන් බලා ගත හැකිද?
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොයි අවස්ථාවකවත් activity log එක ඉල්ලුවද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; ප්‍රශ්නාවලියක් ලියා ඒ දත්ත දෙන්න කිව්වා. 
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; වාර්තාවට පදනම් වුන ප්‍රශ්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා

හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ ; ඖෂධ තොග මට්ටම නිතර නිතර වෙනස් වෙනවද?
සාක්ෂිකරු ; අඩු වැඩිවීම බලාගත හැකියි. 

නීතිඥ ; ඖෂධයක් සුදුසු නැහැ කියා ඉවත් කරනවා. ඒකත් පෙන්වනවද?
සාක්ෂිකරු ; ඔව්

නීතිඥ : ඖෂධයක භාවිතා කළ හැකි තොගය බලා ගත හැකිද?
සාක්ෂිකරු ; ඔව් පුළුවන්...

7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා හරස් ප්‍රශ්න අසයි.

නීතිඥ ; වාර්ෂික ඖෂධ අවශ්‍යතාවය ගැන අවබෝධයක් තිබේද?
සාක්ෂිකරු ; ඒක දන්නේ රෝහල. 

නීතිඥ  ; මෙම ඖෂධ 182 ට  අදාල ලැයිස්තුව හැදුවේ කවුද? 
සාක්ෂිකරු ; දන්නේ නැහැ... 

10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න අසයි. 

නීතිඥ ; ඔබ වාර්තාවට යොදාගත් දත්ත ඇතුල් කළේ කවුදැයි ඔබ දන්නවද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි.

නීතිඥ ; ලේඛනගත කරන විට පරිත්‍යාගත්  ලේඛන ගත වෙනවද? 
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; පරිත්‍යාග ලෙස ලැබිය යුතු 195 න් 195 ම ලැබිලා නැහැ. 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 

නීතිඥ ; රිටොප්සිමැබ් ඒකක 11600න් 11600ම අවුරුද්දකදිවත් ලැබිලා නැහැ. 
සාක්ෂිකරු ; ඔව්. 

නීතිඥ ; 2022/09/30 වන විට එම ඖෂධය ජාතික මට්ටමින් කොයිතරම් ප්‍රමාණයක් තිබුණේද?
සාක්ෂිකරු ; 189 යි.

නීතිඥ ; ඇණවුම්කර නොලැබුණු ඒවාත් මේ පද්ධතියෙන් සොයා ගත හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී.

නීතිඥ අමිත ආරියරත්න මහතා

හරස් ප්‍රශ්න විමසීම අරඹයි 

නීතිඥ ; අවම වශයෙන් මාස තුනක ඉදිරි තොගයක් තබාගත යුතු බව ඔබ දන්නවද? 
සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ඇණවුම් ලැයිස්තු හැදෙන්නේ තොග පාලන අංශයෙන්
සාක්ෂිකරු ; ඔව්. 

නීතිඥ ; ස්ථිර ඇනවුම කියන්නේ format එකක්. ඒකට දත්ත ඇතුල් කළ යුතුයි. පරිගණකයට තොරතුරක් ඉදිරිපත් කරද්දී සිලෙක්ට් කරලා දාන්න ඕන. පවතින තොරතුරක් ඒ වෙලාවක මතුවෙලා එනවා.

සාක්ෂිකරු ; නැහැ.

මේ අනුව එදිනට නඩු විභාගය අවසක් විය. නැවත 27 වනදාත් නඩු විභාගය කැදවීමට නියමිත විය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0