මාසයක් තුළ විදුලි බිල 43%කින් ඉහළට...
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මහජන උපයෝගිතා කොමිසම විසින් ඒකක 180ට වැඩියෙන් පාවිච්චිකරන පාරිභෝගිකයන් සඳහා නැවත වතාවක් 18%කින් විදුලි බිල ඉහළ දමා ඇති බවයි. මීට මසකට පෙර සිදුකළ 25%ක වැඩිකිරීමත් සමඟ මෙය සමස්තයක් ලෙස 43%ක පමණ බරපතළ වැඩිකිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
මාසයක් තුළ විදුලි බිල 43%කින් ඉහළට...
මාලිමා ආණ්ඩුවේ "විදුලි සහනය"
ජනතාව නොමරා මැරීමක් ...
විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුව, මාසයක් ඇතුළත දෙවතාවක් විදුලි බිල ඉහළ නංවමින් ජනතාව දැඩි පීඩනයකට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මහජන උපයෝගිතා කොමිසම විසින් ඒකක 180ට වැඩියෙන් පාවිච්චිකරන පාරිභෝගිකයන් සඳහා නැවත වතාවක් 18%කින් විදුලි බිල ඉහළ දමා ඇති බවයි. මීට මසකට පෙර සිදුකළ 25%ක වැඩිකිරීමත් සමඟ මෙය සමස්තයක් ලෙස 43%ක පමණ බරපතළ වැඩිකිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
රජය සිදුකළ මහා පරිමාණ ගල් අඟුරු වංචාව සහ අක්‍රමිකතා හේතුවෙන් විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මෙලෙස අහිංසක පාරිභෝගිකයන් මත පටවමින් සිටින බව සමරවීර මහතා චෝදනා කළේය. වංචා කළ පිරිස්වලින් එම මුදල් අය කරගනු වෙනුවට අතීතයේ ගල් අඟුරු ගනුදෙනු සොයා බැලීමට ඊනියා කොමිසම් පත් කරමින් වත්මන් වංචාවන් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත්, ජනතාවට සහ කර්මාන්තකරුවන්ට දරාගත නොහැකි මෙම මිල වැඩිකිරීම වහාම හකුලාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දැන් මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබෙනවා මහජන උපයෝගිතා කොමිසම නැවත වතාවක් “18%කින් විදුලි බිල” වැඩි කර ඇති බව.
විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩි කරන ලෙස රජය කළ ඉල්ලීම සලකා බලා මහජන උපයෝගිතා කොමිසම 18%කින් විදුලි බිල වැඩි කර තිබෙනවා. මෙම වැඩි කිරීම අදාළ වන්නේ ඒකක 180ට වඩා වැඩි පාරිභෝගිකයන්ට බවයි ප්‍රකාශ වන්නේ. මීට මාසයකට පෙරත් විදුලි බිල 25% කින් සියලුම කාණ්ඩ සඳහා වැඩි කළා. දැන් එම වැඩි කිරීමට අමතරව තමයි මේ ඒකක 180ට වැඩි අයට තවත් 18%ක් වැඩි කිරීමෙන් මුළු වැඩිවීම 43%ක් පමණ වැඩි වෙනවා. විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුවක්, මාසයක් ඇතුළත මෙලෙස බිල වැඩි කරනවා. ජනාධිපතිවරණ රැස්වීම්වලදී පැවසුවේ විදුලි බිල රුපියල් 6,000ට අඩු කරන බවයි.
තුනෙන් එකකින් අඩු කරන්න ආපු ආණ්ඩුවක් තමයි මාසයක් ඇතුළත මෙලෙස විදුලි බිල වැඩි කරන්නේ. ඇයි මෙලෙස සිදු වුණේ? මේ “මහ දවල් කළ මහා ගල් අඟුරු වංචාව නිසයි”. අපි කිව්වා මේ වංචාවේ බර ජනතාව මත පටවන්න එපා, වංචාව කළ අයගෙන් පුද්ගලිකව එම මුදල් අය කරගන්න කියලා. අද එහෙම කරනවා වෙනුවට 2010 සිට ගල් අඟුරු ගෙන්වීම පිළිබඳ සොයා බැලීමේ ඊනියා ජනාධිපති කොමිසමක් දාලා, මේ මහා “ගල්අගුරු වංචාව අතීතයේ සඟවා දමන්න” හදනවා. මේ මෑතකදී සිදු වෙච්ච උණු උණු ගල් අඟුරු වංචාව.
ගල් අඟුරු වංචාවේ සහ අක්‍රමිකතාවල බර දැන් ලංකාවේ විදුලි පාරිභෝගිකයන් මත පටවා තිබෙනවා. අපි මෙය පිළිකුල් සහගතව හෙළා දකිනවා. මාලිමා ආණ්ඩුව මාසයක් ඇතුළත 43%කින් විදුලි බිල වැඩි කර තිබෙනවා. මේක සහගහන අපරාධයක්. ඒකක 180ක් පාවිච්චි කරන හැමටම 43% විදුලි බිල වැඩි කිරීමක් වෙනවා. රුපියල් 100ක බිලක් ආවා නම් එය රුපියල් 143ක් වීමට නියමිතයි. මෙය ජනතාවට සහ කර්මාන්තකරුවන්ට දරාගත නොහැකි බැවින් වහාම අඩු කළ යුතුයි. සහන දෙනවා කිව්වේ දැන් කාලය ඇවිත් තිබෙන නිසයි.
රටේ ජනතාවට බඩු මිල වැඩියි, කෑම වේල් ගණන අඩු වී තිබෙනවා, හොරකම් සහ පීඩනය වැඩි වී තිබෙනවා. ඒ නිසා දෙනවා කිව්ව විදුලි සහනය ලබා දී මිනිස්සුන්ව නොමරා මරන්න එපා කියන අවධාරණය අපි ආණ්ඩුවට කරනවා.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

