ඇත්තෙන්ම ඇය බොරු සාක්කි කීවාද...
අප්‍රේල් මාසය ගෙවී ගොස් එළඹි උණුසුම් වෙසක් මාසය හෙවත් මැයි මස හාත්පස පරිසරය කොහොමටත් උණුසුම්ය... ඒ උණුසුමටත් වඩාත් තදින් උණුසුම් වූ නඩු විභාගයන් කීපයක්ද කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණය තුළ මේ දිනවල විභාගයට ගැනෙමින් තිබේ... මෙවන් උණුසුම් නඩු විභාගයන් ගණනාවක් අතර අතිශයින් වැදගත් උණුසුම්ම නඩු විභාගය ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සංකීර්ණයේ මේ දිනවල දිනපතා විභාගයට ගැනෙන හියුමන් ඉමියුනොග්ලෝබියුලින් හා රිටොක්සිමැබ් ප්‍රමිතියෙන් තොර බාල එන්නත් නඩුකරය කැපී පෙනෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත...
2026 මැයිමස 05 වනදා
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.
ඇත්තෙන්ම ඇය
බොරු සාක්කි කීවාද...
ප්‍රමිතියෙන් තොර බාල එන්නත් නඩුවේ
උණුසුම් විවාදයක්...
අධිකරණ වාර්තාකරු.
අප්‍රේල් මාසය ගෙවී ගොස් එළඹි උණුසුම් වෙසක් මාසය හෙවත් මැයි මස හාත්පස පරිසරය කොහොමටත් උණුසුම්ය... ඒ උණුසුමටත් වඩාත් තදින් උණුසුම් වූ නඩු විභාගයන් කීපයක්ද කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණය තුළ මේ දිනවල විභාගයට ගැනෙමින් තිබේ...
මෙවන් උණුසුම් නඩු විභාගයන් ගණනාවක් අතර අතිශයින් වැදගත් උණුසුම්ම නඩු විභාගය ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සංකීර්ණයේ මේ දිනවල දිනපතා විභාගයට ගැනෙන හියුමන් ඉමියුනොග්ලෝබියුලින් හා රිටොක්සිමැබ් ප්‍රමිතියෙන් තොර බාල එන්නත් නඩුකරය කැපී පෙනෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත...
අවුරුදු නිවාඩුවට පසු වැඩ ඇරඹූ මේ උත්තරීතර මහාධිකරණයේ සතියක් පුරා දැන් දිගින් දිගටම විභාගයට ගැනෙන්නේ මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීනී කල්පනා තරින්දී දාබරේ මහත්මියගේ සාක්ෂියයි. එම සාක්ෂිය මේ දිනවල විත්ති පාර්ශවයේ නීතීඥයින්ගේ විමර්ශනයට ලක් වෙමින් තිබේ.
එහෙත් මෙම අවස්ථාවේ සිදුවූ විශේෂත්වය වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒවකට හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන සාක්ෂිකාරිය මෙම උත්තරීතර අධිකරණය ඉදිරියේ සත්‍යම පවසන බවට දිවුරුම්පිට බොරු සාක්ෂි ලබාදෙන්නේ යැයි කියා ඉදිරිපත් කරන ලද බරපතළ චෝදනාවයි.
මෙම නඩුකරයේ 2026 05 04 විනි දින හරස් ප්‍රශ්න විමසීමේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ 2022 ඔක්තෝබර් 22 පැවති මිලදී ගැනීම් කමිටුවේ රැස්වීම සම්බන්ධයෙනි. නීතිඥ නුවන් ජයවර්ධන පෙන්වා දුන්නේ අදාළ රැස්වීමේ කෙටි වාර්තාවල (Minutes) සහභාගී වූවන්ගේ ලේඛනයේ සාක්ෂිකාරියගේ නම පැහැදිලිව සඳහන් වන බවයි...
සාක්ෂිකාරිය: “එකී රැස්වීමට මා සහභාගී නොවූ අතර, සහභාගී වූවන්ගේ නම් අතර මගේ නම සඳහන් වෙනවා.”
නීතිඥ නුවන් ජයවර්ධන: “ඔබ එම රැස්වීමට සහභාගි වූ බව ලේඛනවල තිබියදීත්, ඊට සහභාගි නොවූ බවට පවසමින් ඔබ මෙම අධිකරණයේදී දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට මා යෝජනා කරනවා.”
සාක්ෂිකාරිය: “එවැනි රැස්වීමකට මා සහභාගී වූයේ නැහැ.”
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටොප්සිමැප් (Rituximab) ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 1,444 ක රාජ්‍ය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ ගේ සභාපතිත්වයෙන් සහ විනිසුරුවරුන් වන විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගේ හරස් ප්‍රශ්න විභාගය විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් මෙහෙයවනු ලැබීය.
2026 මැයි 04 වැනිදා පැවති නඩු වාරය, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ රජයේ නිලධාරීන්ගේ වගකීම, කමිටු තීරණ පිටුපස ඇති විවිධ ප්‍රමුඛතා සහ අධිකරණය හමුවේ සාක්ෂි දීමේදී මතු වූ බරපතල පරස්පරතා මැනවින් නිරූපණය කළ අවස්ථාවක් විය.
විශේෂයෙන්ම, 1 වන විත්තිකරු වන “අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා” සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල සහ 6 වන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන විසින් මතු කළ තර්ක, රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල දුර්වලතා නිරාවරණය කළේය.
නීතිඥ හරේන්ද්‍ර බානගල ගේ හරස් ප්‍රශ්න විමසීමේදී ප්‍රධාන වශයෙන් ඉලක්ක වූයේ ඖෂධ සඳහා ඉදිරිපත් වූ ලංසු (Bids) සහ අවසන් මිල තීරණය කිරීමේ ක්‍රියාවලියයි. 2022 වසරේ අගභාගය වන විට ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටි අතර, ඇමරිකානු ඩොලරය රුපියල් 300 කට ආසන්න අගයක පැවති බව සාක්ෂිකාරිය ද අධිකරණය හමුවේ පිළිගත්තාය.
එවැනි පසුබිමක් තුළ, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත සඳහා අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ආයතනය විසින් ඒකකයකට ඩොලර් 130 බැගින් වූ අවම මිලක් ඉදිරිපත් කර තිබියදීත්, වෙනත් සමාගම් සහ අදාළ ප්‍රදානයන් අතර වූ බරපතල මිල පරතරයන් නීතිඥවරයා විසින් මතු කර පෙන්වීය.
නීතිඥවරයා: “මෙම ලේඛන සෑදීමේදී අඩු මුදල සහිත ලේඛනය ඔබ අතට පත් වී තිබුණාද?”
සාක්ෂිකාරිය: “අඩු මුදලක් තිබූ පමණින් එය සටහන් කිරීමට මට නොහැකියි. වෙනසක් කිරීමට මට බලයක් නැහැ. ඉහළ නිලධාරීන් මට උපදෙස් ලබා දුන්නේ අදාළ තීරණය මත පදනම්ව සටහන් ඇතුළත් කරන ලෙසයි.”
නීතිඥ බානගල මෙහිදී තර්ක කළේ ඖෂධ ඒකක 22,500 ක් සඳහා ලංසු කැඳවීමේදී සමාගම් දෙකක් අතර පරතරය පමණක් ඩොලර් 540,000 ක් (රුපියල් මිලියන 162 ක් පමණ) වූ බවයි. රාජ්‍ය මුදල් මෙතරම් විශාල ප්‍රමාණයක් අහිමි වෙද්දී, මිල පරතරය පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් නොකිරීම සාක්ෂිකාරියගේ "නොසැලකිල්ල සහ අතපසුවීමක්" බවට ඔහු දැඩි ලෙස යෝජනා කළේය.
මෙය පරිපාලන නීතියේ සහ රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවල (FR) මූලික ගැටලුවක් මතු කරයි. පහළ මට්ටමේ නිලධාරියෙකු (සංවර්ධන නිලධාරියෙකු) හුදෙක් ඉහළින් එන කමිටු තීරණ යතුරුලියනය කරන 'යන්ත්‍රයක්' බවට පත්විය යුතුද, නැතහොත් පැහැදිලි මූල්‍ය විෂමතාවයක් දකින විට එය වාර්තා කිරීමේ වගකීමක් ඇයට තිබේද? සාක්ෂිකාරියගේ ස්ථාවරය වන්නේ කමිටු තීරණ වෙනස් කිරීමට හෝ ප්‍රශ්න කිරීමට තමාට බලයක් නොමැති බවයි. නමුත්, විත්තියේ තර්කය වන්නේ එම අන්ධ කීකරුකම නාස්තියට සහ වංචාවට සෘජුවම දායක වී ඇති බවයි.
“මම කළේ උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණයි” එහෙත් නිලධාරී වගකීමෙන් ගැලවිය හැකිද?
6 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන ගේ හරස් ප්‍රශ්න විමසීම,
නීතිඥවරයා: “ඉහළ නිලධාරීන් විසින් ලබාදෙන නීති විරෝධී උපදෙස් අනුව කටයුතු කර තිබෙනවාද?”
සාක්ෂිකාරිය: “නීති විරෝධී කටයුතු කරන්නේ නැහැ. නමුත් ඉහළ නිලධාරීන් නිවැරදි උපදෙස් ලබාදෙන බවට අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙනවා. ඒ අනුව තමයි කටයුතු කරන්නේ.”
ආයතන සංග්‍රහය (Establishments Code) අනුව නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කිරීමෙන් නිලධාරියෙකුට නිදහස් විය නොහැක. කෙසේ වෙතත්, සාක්ෂිකාරිය පෙන්වා දෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැනි සංකීර්ණ ව්‍යුහයක් තුළ වෛද්‍යවරුන් සහ අතිරේක ලේකම්වරුන් වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක තීරණ, සාමාන්‍ය නිලධාරිනියකට ප්‍රශ්න කළ නොහැකි බවයි. හදිසි මිලදී ගැනීමේ මාර්ගෝපදේශ අනුව තාක්ෂණික ඇගයීම් කමිටුවක් (TEC) පත් නොකර කටයුතු කිරීමට හදිසි ප්‍රසම්පාදන කමිටුවට බලය තිබීම ද මෙහිදී විත්තිය විසින් ඉස්මතු කරනු ලැබුවේ, තීරණ ගැනීමේ පූර්ණ ඒකාධිකාරය ඉහළ කමිටුව සතු වූ බව පෙන්වා දීමටය.
හරස් ප්‍රශ්න විමසීමේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ 2022 ඔක්තෝබර් 22 පැවති මිලදී ගැනීම් කමිටුවේ රැස්වීම සම්බන්ධයෙනි. නීතිඥ නුවන් ජයවර්ධන පෙන්වා දුන්නේ අදාළ රැස්වීමේ කෙටි වාර්තාවල (Minutes) සහභාගී වූවන්ගේ ලේඛනයේ සාක්ෂිකාරියගේ නම පැහැදිලිව සඳහන් වන බවයි.
සාක්ෂිකාරිය: “එකී රැස්වීමට මා සහභාගී නොවූ අතර, සහභාගී වූවන්ගේ නම් අතර මගේ නම සඳහන් වෙනවා.”
නීතිඥ නුවන් ජයවර්ධන: “ඔබ එම රැස්වීමට සහභාගි වූ බව ලේඛනවල තිබියදීත්, ඊට සහභාගි නොවූ බවට පවසමින් ඔබ මෙම අධිකරණයේදී දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට මා යෝජනා කරනවා.”
සාක්ෂිකාරිය: “එවැනි රැස්වීමකට මා සහභාගී වූයේ නැහැ.”
මෙම තත්ත්වය අතිශය බරපතල නෛතික ගැටලුවක් නිර්මාණය කරයි. විකල්ප දෙකක් මෙහිදී මතු වේ: සාක්ෂිකාරිය සත්‍යය පවසන්නේ නම්: අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් විසින් කූට ලේඛන සකස් කරමින්, රැස්වීම්වලට සහභාගී නොවූ නිලධාරීන්ගේ නම් දමා ව්‍යාජ ලෙස කෙටි වාර්තා (Minutes) නිර්මාණය කර ඇත. මෙය සංවිධානාත්මක රාජ්‍ය මූල්‍ය අපරාධයක පැහැදිලි ලක්ෂණයකි.
විත්තියේ යෝජනාව නිවැරදි නම්: සාක්ෂිකාරිය අධිකරණය හමුවේ සාපරාධී ලෙස බොරු සාක්ෂි දෙමින් තම වගකීමෙන් ගැලවීමට උත්සාහ දරයි. ප්‍රසම්පාදන කමිටු රැස්වීම් දහසකට ආසන්න ප්‍රමාණයක ලේඛන කටයුතු තමන් අතින් සිදුවූ බව කියන සංවර්ධන නිලධාරිනියක්, ඒ කිසිදු තීරණයක් පිටුපස ඇති තාර්කිකත්වය නොදැනීම ප්‍රායෝගිකව විශ්වාස කිරීමට අපහසු වුවද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පවතින ඉහළ සිට පහළට විධානයන් ගලා එන දැඩි නිලධාරිවාදී ආකෘතිය තුළ එය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැක.
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඒකකයකට ඇමරිකානු ඩොලර් 130ක අවම මිල අයිසොලිස් බයෝ ටෙක් පාමා ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන්ද ලේඛන සැකසීම තමන් විසින් සිදු කළ අතර එම ඖෂධය ප්‍රදානය කිරීම අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී ආයතනයට සිදු කර ඇති බවට තමන් දන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම ආයතනය ඒකකයකට ඩොලර් එකසිය හැටක් මුදලක් දක්වා තිබූ අතර අවම මිල ඉදිරිපත් කර තිබූ සමාගම එය ඩොලර් එකසිය පනස් පහක් ලෙස දක්වා තිබූ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
මෙම ඖෂධ ප්‍රදානය කිරීමට අදාළ ප්‍රධාන ලේඛනය සැකසුවේ තමන් විසින් බවට ප්‍රකාශ කළ සාක්ෂිකාරිය එම ලේඛනය හඳුනාගත්තාය අනතුරුව නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ එහි රිටොප්සි මැප් ඖෂධයේ අවම මිල ලෙස ඇමෙරිකානු ඩොලර් 152 ක ලෙස සටහන් කළේ එම ලේඛන සැකසීම avoiding decision එක මත පදනම්ව සිදුකළ බැවින් එම තීරණය මත අදාළ මුදල සටහන් කර බවය.
හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සදහා වන 2022/12/29 දිනැති ලේඛණය තමන් අතට 2023 ජනවාරි මස 03 වැනිදා පත් වූ බවද එහි හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත සම්බන්ධයෙන් සඳහන් වන මුදලෙහි යම් වෙනසක් ඇති බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.
එම මිල එක් ලේඛනයක ඇමරිකානු ඩොලර් 10ක් ලෙස සටහන් වුවද තවත් ලේඛනයක එය ඇමරිකානු ඩොලර් 100ක් ලෙස සඳහන් වන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියේය. අදාල ලේඛන සකස් කිරීම කමිටු තීරණ මත සිදුකළ අතර ඇතැම් ලේඛන සැකසීම සඳහා නමය සහ දහ වැනි විත්තිකරුවන් තමන්ට උපදෙස් ලබා දුන් බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.
"එම ලේඛනය සැකසීමේදී අඩු මුදල සහිත ලේඛනය ඔබ අතට පත් වී තිබුණාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය එහිදී සටහන් කර සිටියේ අඩු මුදලක් තිබූ පමණින් එය සටහන් කිරීමට තමන්ට නොහැකි බවය. වෙනසක් කිරීම සඳහා තමන්ට බලයක් නොමැති අතර ඉහළ නිලධාරීන් තමන්ට උපදෙස් ලබා දුන්නේ අදාල තීරණය මත පදනම්ව සටහන් ඇතුළත් කරන ලෙස බවද, ඒ අනුව කටයුතු කළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
අදාල ලේඛන තමන්ට ලැබීමට පෙර ඉහළ නිලධාරීන් දෙදෙනෙකුට ලැබෙන බවද එම තීරණවල වෙනසක් කිරීමට අවශ්‍ය නම් එම නිලධාරීන් විසින් එය කළ යුතු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය
"මිලෙහි වෙනසක් පවතින්නේ නම් ඒ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම් දීම ඔබේ වගකීමක් නේද?"යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඇය සටහන් කළේ. " ඒ සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවය .තමන්ට ලැබුණු උපදෙස් මත තමන් අදාළ ලේඛනය සකස් කළ බව"ද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
"ඔබ එලෙස ඉහළ නිලධාරීන්ට දැනුම් දීමක් නොකළේ නොසැලකිල්ල නිසා බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළාය. සභාපති විනිසුරුවරයා එම ප්‍රශ්නය නීතිඥවරයාට ඇසීමට හැකියාව ඇති බව සඳහන් කළේය.
ඖෂධ ඒකකයකට අඩු මුදල් ඉදිරිපත් කර තිබියදී ඊට වැඩි මුදලකට ප්‍රදානය කළේ ඔබේ නොසැලකිල්ල සහ අතපසුවීම මත බවට මම නැවත යෝජනා කරනවා යනුවෙන් නීතිඥවරයා එහිදී සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ
"නෑ එම ලේඛනය සකස් කලේ ලැබුණු කමිටු තීරණය මතයි. කමිටු තීරණය වෙනස් කිරීමට මට බෑ. එසේනම් කමිටුව නැවත රැස්වීම කළ යුතුයි. මෙම ලේඛනය ඉහළ නිලධාරීන් දෙදෙනෙක් ළඟට යාමෙන් අනතුරුවයි මට ලැබෙන්නේ මට උපදෙස් ලැබුණේ කමිටු තීරණය මත ය වැඩ කිරීමට පමණයි මම කළා" යනුවෙන් සඳහන් කර සිටියාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා 13 මගින් විභාග වන්නේ හුදෙක් මුදල් වංචාවක් පමණක් නොවේ; එය සමස්ත රාජ්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණයම කිසිදු විනිවිදභාවයකින් තොරව, මහජන ජීවිත සහ මුදල් සමග සූදු කෙළීමට යොදාගත් ආකාරය පිළිබඳ ඛේදනීය හරස්කඩකි. ඉදිරි සාක්ෂි විභාගයන්හිදී මෙම කමිටු තීරණවල සැබෑ නිර්මාතෘවරුන් කවුද යන්න තවදුරටත් අධිකරණය හමුවේ නිරාවරණය වනු ඇත. එය මහමොළකරුවන් අපේක්ෂා කරන සමාජය නොසිතූ, නොපැතූ පුද්ගලයෙකු බවටද පත් විය හැක්කකි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

