හැකර්ලා, පැකර්ලා නෑ... මේකේ ඉන්නේ සුද්ධෝදනලා..!
මුදල් අමාත්‍යාංශයේ ගිණුමෙන් ඩොලර් මිලියන 2.5 ක් අතුරුදහන් වී ඇත්තේ හැකර් ප්‍රහාරයකින් යැයි කියමින් ඇඟ බේරා ගන්නට වත්මන් රජය, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම උත්සාහ කළාට මේ ගනුදෙනුව තුළ කිසිදු “හැකර් ප්‍රහාරයක්” පෙන්නන්නට නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පවසයි.
හැකර්ලා, පැකර්ලා නෑ...
මේකේ ඉන්නේ සුද්ධෝදනලා..!
සමගි ජන බලවේගයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ
මුදල් අමාත්‍යාංශයේ ගිණුමෙන් ඩොලර් මිලියන 2.5 ක් අතුරුදහන් වී ඇත්තේ හැකර් ප්‍රහාරයකින් යැයි කියමින් ඇඟ බේරා ගන්නට වත්මන් රජය, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම උත්සාහ කළාට මේ ගනුදෙනුව තුළ කිසිදු “හැකර් ප්‍රහාරයක්” පෙන්නන්නට නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පවසයි.
හැකර්ලාගේ හැසිරීම පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් අද මේ රටේ “අයි ටී” පිළිබඳ දන්නා පොඩි දරුවන් තුළ පවා ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මෙය තනිකරම “මූල්‍ය වංචාවක්” මෙන්ම “රෝබරියක්” බව පෙන්වා දුන්නේ ඊයේ (23) මහනුවර මල්වතු අස්ගිරි විහාර වලටගොස් මහනායක හිමිවරුන් බැහැදකීමෙන් පසුව මාධ්‍යවේදීන් සමග කරන ලද සුහද සාකච්ඡාවකදීය.
"මොන හැකර්ලාද... මේ ආණ්ඩුවේ තනිකරම ඉන්නේ සුද්දෝදනලා... හැකර්ලා පැකර්ලා ගැන ඔය ගොන් කතා හොඳයි හැකර්ලා පිළිබඳ දන්නේ නැති “කොණ්ඩෙ බැඳපු” චීන්නුන්ට. ඔන්න ඔයාගේ facebook ගිනුමට රහසිගතව ඇතුල් වෙලා ඔයාට නොදැනෙන්න ඒ ගිණුම බලනවානම්, ඒ ගිණුමෙන් එහාට මෙහාට පණිවිඩ යවනවා නම්, ඒව තමයි හැකර්ලාගේ වැඩ.
ඒ වගේම තමයි කාගේ හරි බැංකු ගිණුමකට යම්කිසි සාධනීය තොරතුරක් ඔස්සේ ඇතුළ් වෙලා, ඒ ගිණුමේ තිබෙන මිල මුදල් හොර රහසේ කොහාට හරි ඇද ගන්නවා නම් ඒවා තමයි හැකර්ලා කරන වැඩ...
මෙතන එහෙම එකක් නෑ. මුදල් අමාත්‍යාංශයට කොහෙන්දෝ ඊමේල් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. ඕස්ට්‍රේලියාවෙන් ගත්ත ණය ආපහු ගෙවන්න කියලා. මුදල් අමාත්‍යාංශය කාගේ හරි ලොක්කෙකුගේ අනුදැනුම ඇතුව ඒ ඊමෙල් පණිවිඩයේ අංකයට කතා කරලා ගිනුම් අංකය ගැනත් විමසලා. ඊට පස්සේ අදාළ මුදල ඒ ගිණුමට බැර කරලා. ඕක රොබරියක් මිස හැකර් ප්‍රහාරයක් නෙවෙයි..."
සුජීව සෙනසිංහ මහතා තවදුරටත් කියා සිටියේ නිසැකවම ඕස්ට්‍රේලියාව සමග සබඳතා ඇති පුද්ගලයෙකු විසින් හෝ පුද්ගලයන් කීප දෙනෙකු විසින් ඉතාම සැලසුම් සිදු කරන ලද මහ දවල් පට්ට පල් හොරකමකට පවා මේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මෙසේ අනවශ්‍ය තාක්ෂණික වටිනාකමක් දෙන්නට සූදානම් වන බවයි.
ඔහු මවිතය පළ කළේ මෙවන් මහා භයානක හොරකමක් සිදුවන්නට ඉඩ හැර රජය බලා සිටියා සේම, තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග සහ විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර නොතිබීම ගැන තමන්ට බරපතළ සැකයක් ඇති බවයි...
මහ බරපතළ හොරකම් අපරාධ පිළිබඳ, අපකීර්තිමත් කුප්‍රකට ඉතිහාසයක් ඇති පක්ෂයකට මේ රටේ පාලන බලය ලබාදීම සම්බන්ධයෙන් මේ රටේ මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව මේ සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වෙමින් ජාතියෙන් සමාව ගත යුතු බව සුජීව සෙනසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

