සාක්‍ෂිකරුවන් 350ක්.. පිටු දහස් ගණනක කට උත්තර විටින් විට ලබාදීමේ සංකීර්ණතා...

2026 සිංහල හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් දීර්ඝ නිවාඩුවකට ඉසිඹුලද ලංකාවේ සියලූ උසාවි 22 වැනි බදාදා යළි නඩු කටයුතු සදහා විවෘත විය. සුපුරුදු පරිදි යළිත් උසාවිවල වැඩකටයුතු ආරම්භ විය...

Apr 24, 2026 - 10:04
 28
සාක්‍ෂිකරුවන් 350ක්..  පිටු දහස් ගණනක කට උත්තර  විටින් විට ලබාදීමේ සංකීර්ණතා...

සාක්‍ෂිකරුවන් 350ක්..

පිටු දහස් ගණනක කට උත්තර 


විටින් විට ලබාදීමේ සංකීර්ණතා...

විත්තියේ නීතීඥයෝ ලේඛණ ලබාදීමේ 


අක්‍රමවත් බව හා සංකීර්ණතා පෙන්වති.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය 


නඩුකරයේ දැවැන්ත බව පෙන්වා දෙයි...

අධිකරණ වාර්තාකරු.

2026 සිංහල හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් දීර්ඝ නිවාඩුවකට ඉසිඹුලද ලංකාවේ සියලූ උසාවි 22 වැනි බදාදා යළි නඩු කටයුතු සදහා විවෘත විය. සුපුරුදු පරිදි යළිත් උසාවිවල වැඩකටයුතු ආරම්භ විය...


ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග කෙරෙමින් පැවැති “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්  හා රිටොක්සිමැබ්” ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ නඩුවද යළි විභාග කිරීම සුපුරුදු පරිදි 22 දා උදයේ නියමිත වේලාවටම ආරම්භ විය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14ට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්ෂි විභාගය ඒ අනුව යළි ආරම්භ විය.


සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තියේ නීතිඥවරු සමූහය විසින් ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරුතුමන්ලා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට එරෙහිව එක්තරා චෝදනාත්මක කණස්සල්ලක් ඉදිරිපත් කර සිටියහ...


නඩුකරය ආරම්භයේ සිටම පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලබන, සාක්ෂිකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි කියන ප්‍රකාශ ඇතුළත් “ලේඛන” විත්ති පාර්ශ්වය වෙත විටින් විට බලාදීම හා ඇතැම් කොටස් ලබා නොදීම විත්තියේ කණස්සල්ලට හේතුවත් විය. 


අදාල ලේඛන විත්ති පාර්ශ්වයට නිසි පරිදි ක්‍රමානුකූලව අඩුපාඩු නොමැතිව ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් මීට පෙර නියෝගයක් ද ලබා දී තිබුණද පැමිණිල්ල විසින් එම නියෝගය අනුව කටයුතු නොකරන බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරු තම ස්ථාවරය ප්‍රකාශ කළේ එමගින් විත්තියට අගතියක් වන අතරම විත්තිවාචිකය නිසි ලෙස ඉදිරිපත් කිරීමට ඉමහත් බාධා සිදුවන බවද පෙන්වා දෙමිනි.


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නායන්ත විජයසුන්දර මහතා අධිකරණය හමුවේ මේ කාරණාව අවධානයට යොමු කරමින් නඩුකරයේ වැඩ කටයුතු අලුත් අවුරුද්දේ හා හා පුරා කියා ආරම්භ කළේය.


මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට කැදවනු ලැබිණි.


එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දන්වා සිටියේ, අද දින සාක්ෂි ලබා දීම සඳහා දැනුම් දීම් කරමින් සාක්ෂි කරුවන් තිදෙනකු වෙත නොතීසි නිකුත් කර තිබෙන නමුත්, සාක්ෂි විමසීම සිදුකළ හැක්කේ එක් සාක්ෂිකරුවකුගෙන් පමණක් වන බවය.


 නොතිසි නිකුත් කර ඇති සෙසු සාක්ෂිකරුවන් අතරින් එක් සාක්ෂිකරුවකු මේ වන විට විදේශගත වී ඇති ඇති අතර, අධිකරණයට පැමිණ සිටින තවත් සාක්ෂිකරුවෙකු මෙම නඩුවේ දෙවන විත්තිකරුගේ ඇපකරයකට අදාලව බැදුම්කරයක් ඇති කරගෙන සිටින බවට අද උදෑසන තමන්ට දැනගැනීමට ලැබුණු බව ඇය සඳහන් කර සිටියාය. එබැවින් එම සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීම සිදු නොකිරීමට පැමිණිල්ල තීරණය කර ඇති බවද ඇය සඳහන් කළාය. 


අද දින සාක්ෂි ලබාදීමට නියමිත සාක්ෂිකරුගේ සාක්ෂිය කෙටි සාක්ෂියක් වන බැවින් වෙනත් සාක්ෂිකරුවකු වෙත සිතාසි නිකුත් කරන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.


විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නයන්ත ව්ජේසුන්දර මහතා සඳහන් කර සිටියේ විත්තියට පෙර දැනුම් දීමකින් තොරව නව සාක්ෂිකරුවකු අද දින කැඳවන්නේ නම් සිය සේවා දායකයා වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අද දින සිදු නොකරන බව ය.


එම අවස්ථාවේදී පළවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයට සඳහන් කර සිටියේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇතුලත් ලැයිස්තුවක් පැමිණිලිකාර පාර්ශවය විසින් ලබාදී ඇති බවය.  


සාක්ෂිකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයන් නඩු විභාගය අතරතුරදී මෙලෙස ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය ට යොමු කරන බවද නීතිඥවරයා එහිදී සඳහන් කළේය. 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ මෙම සිද්ධිය අදාළව සාක්ෂිකරුවන් සහ සාක්ෂි කරුවන් නොවන පිරිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති කටඋත්තර සටහන්වල පිටපත් ලබාදෙන ලෙස අධිකරණය මීට පෙර කරන ලද නියෝගයකට අනුව අදාළ ප්‍රකාශයවල 
පිටපත් ලබා දීම සිදුකළ බවය. 


අධිකරණ නිවාඩුව සමයේදී අදාළ ලේඛන පරීක්ෂා කර එම ප්‍රකාශ ඇතුළත් ලේඛන හඳුනාගත් බවද එහි පිටපත් විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට ලබාදීමට කටයුතු කළ අතර එසේ ලබාදීමට නොහැකි වූ නීතිඥවරුන්ට අද උදෑසන එම ලේඛන ලබාදීමට කටයුතු කළ බවද ඇය සඳහන් කර සිටියාය. 


මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේ සාක්ෂිකරුවන් දහ අටක ගේ ප්‍රකාශයන් සඳහන් පිටු පනහකින් පමණ සමන්විත ගොනුවක් පැමිණිලි පාර්ශවය විසින් අලුතින්ම ලබාදී ඇති බවය.


ඒ පිළිබඳව නඩු වාර්තාවේ සඳහන් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


එහි එහිදී දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින්න ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ මෙම නඩු විභාගය අතරතුරදී සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාදීමට වරින් වර පැමිණිලි පාර්ශ්වය විසින් කටයුතු කර ඇති බවය.


එවැනි ප්‍රකාශ ලබා දුන් පළමු අවස්ථාව මෙය නොවන අතර අවසන් අවස්ථාවද මෙය නොවනු ඇති බවට ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය. නඩු විභාගයක් අතරතුරදී වරින් වර සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාදීම විත්තිකරුවන්ට අගතිදායක වන අතර ඒ සම්බන්ධයෙන් නඩු වාර්තාවේ සටහන් කරන ලෙස ඉල්ලා සිටින ලෙසද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. 


එහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ මෙම නඩුවට අදාළව පිටු 1200කට අධික ප්‍රමාණයක සඳහන් ප්‍රකාශ ඇති බවය.


 මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් ගේ ප්‍රකාශ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේදී වෙලුම් තුනකින් ලබා දුන් අතර මෙම නඩු විභාගයේ අවස්ථා දෙකකදී සාක්ෂිකරුවන්ගේ සහාය ලබාදීමට කටයුතු කළ බවද ඇය සඳහන් කර සිටියාය.


මෙම නඩුවේ එක් සාක්ෂිකාරියක් විසින් ලබා දී තිබූ ප්‍රකාශයක් පිළිබඳව පැමිණිලි පාර්ශ්වයද නොදැන සිටි අතර ඒ පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එම ප්‍රකාශය විත්ති පාර්ශ්වය වෙත ලබාදීමට කටයුතු කළ බවද තවත් සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක් ඔහුගේ සාක්ෂි මෙහෙයවීමට පෙර නීතිඥවරුන් වෙත ලබාදීමට කටයුතු කළ බවද ඇය සඳහන් කළ කර සිටියාය. 


සාක්ෂිකරුවන් තුන්සිය පනහක් මෙන්ම විශාල ලේඛන සංඛ්‍යාවකින් සමන්විත මෙම නඩුවේදී මෙවැනි කටයුතු සිදුවීම අතපසුවීමක් මිස හිතා මතා සිදු කරන දෙයක් නොවන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එය අතපසුවීමක් ලෙස සලකන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. 


ඒ සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ නඩු විභාගය අතරතුරදී මෙලෙස සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය ලබාදීම මගින් විත්තිකරුවන්ට අගතියක් වන්නේ ද යන්න පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන බවය. එම ප්‍රකාශ ලබා දීම මගින් විත්තිවාචක ඉදිරිපත් කිරීමට අගතියක් හෝ බාධාවක් සිදුවන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කළ බවද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය. 


නඩු විභාගය අතරතුරදී මෙතෙක් ලබාදී ඇති ප්‍රකාශ හේතුවෙන් විත්තිකරුවන්ට අගතියක් වූ බවක් පෙනී නොයන අතර මෙලෙස පැමිණිල්ල විසින් ලබා දී ඇති ප්‍රකාශ ඉදිරියේදී කැඳවීමට අපේක්ෂිත සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශයන් වන බැවින් විත්තියට ඒ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමේ අවස්ථාව ඇති බව සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය. 


මෙය සාක්ෂිකරුවන් තුන්සියයකට අධික සහ ලේඛන විශාල සංඛ්‍යාවකින් සමන්විත විශාල නඩුකරයක් වන බැවින් මෙවැනි අතපසුවීම් සිදුවිය හැකි බව සඳහන් කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මෙවැනි අතපසුවීම් හේතුවෙන් විත්තියට අගතියක් සිදුවිය නොහැකි බවද සඳහන් කළේය.


 එසේම එවැනි අතපසුවීමකින් සාධාරණ නඩු විභාගයට බාධාවක් විය නොහැකි බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. 


 පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශ මගින් මීට පෙර කැඳවන ලද සාක්ෂියක් සම්බන්ධයෙන් විත්තියේ හරස් ප්‍රශ්න විමසීමට අදාළ කරුණක් මතු වන්නේ නම් මේ පිළිබඳව විනිසුරු මඩුල්ලේ අවධානයට යොමු කර එම සාක්ෂි නැවත කැඳවීමට කටයුතු කළ හැකි බවද සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කර සිටියේය.


අනතුරුව මෙම නඩුවේ 152 වැනි සාක්ෂිකරු ලෙස නම්කර සිටින වෛද්‍ය සැපයුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ නිහාල් රංජිත් පුෂ්ප කුමාර විජේසිරි මහතා සාක්ෂි දීම සඳහා කැඳවන ලදි.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබා දුන් සාක්ෂිකරු සඳහන් කර සිටියේ 2000 වසරේ ජූලි පළමුවැනිදා සිට වෛද්‍ය සැපයුම් අංශයේ රසායනාගාර අංශ භාර සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස තමන් කටයුතු කළ අතර ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ ආවරණය කිරීමක්ද කළ බවය. 2024 වසරේදී තමන් සේවයෙන් විශ්‍රාම ලැබූ බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය. 


සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන ප්‍රදානයන් නිෂ්කාශනය කිරීමේ වගකීම තමන්ට පැවරී තිබූ අතර එම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ අංශයක් තිබූ බවද ඔහු සඳහන් කර සිටියේය.


අදාළ භාණ්ඩ නිෂ්කාශනය කිරීම සඳහා අවශ්‍ය ඉන්වොයිස් සහ බදු නිදහස් කිරීම සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපි ආදිය ලබාදීම එහිදී සිදු කරන බවද සාක්ෂිකරු වැඩි වැඩිදරටත් සඳහන් කර සිටියේය.


"ප්‍රදානයන් ලැබෙන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය කළ විමසීමකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රදානයන් ස්වරූප කිහිපයකින් ලැබෙන බවය. රාජතාන්ත්‍රිකව මෙන්ම තානාපති කාර්යාල හරහා ස්වේච්ඡා සංවිධාන සහ පුද්ගලයන් හරහාද මෙවැනි පරිත්‍යාගයන් සිදුවන බව ඔහු කියා සිටියේය .එවැනි ප්‍රදානයන් ගුවනින් සහ නාවික මාර්ගයෙන් ලැබෙන බව සඳහන් කළ සාක්ෂිකරු අදාල ලේඛන ආනයන අපනයන පාලකවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගෙන් ලබා දෙන බලපත්‍රය ඉදිරිපත් කර රේගුවෙන් අදාළ භාණ්ඩ නිදහස් කර ගැනීමක් සිදුකරන බව සඳහන් කළේය .


අනතුරුව එම භාණ්ඩ යම් වෛද්‍ය සැපයුම් ඒකකයට ගෙනැවිත් ලබාදීම සිදුකරන අතර සහකාර අධ්‍යක්ෂවරයා ලෙස තමන් එම කටයුතු අධීක්ෂණය කරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය, 


"මුහුදු මගින් ලැබෙන ප්‍රදානයන් නිස්කාශනය කිරීම වෙනස් ආකාරයක් ගන්නවා නේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කර සිටි අතර 
 "ටෙන්ඩර් පටිපාටියක් මගින් ඒජන්තවරයකු තෝරාගන්නවා .ඒ අනුව තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකා නැව් සංස්ථාවයි. අදාළ ප්‍රදානයන් නිදහස් කර ගැනීමට අවශ්‍ය ලේඛන සහ ආනයන අපනයන පාලකගේ බලපත්‍රය ලබා ගැනීම ඒජන්ත විසින් සිදුකර රේගුවෙන් නිෂ්කාශනය කිරීම ද ඔහු සිදු කරනවා.එම ඒජන්තවරයා විසින් අදාළ පාර්සල් වෛද්‍ය සැපයම් අංශයට භාර දීමක් සිදු කරනවා ." යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය.


නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: නාවික ඒජන්තවරයාව පත් කරන්නේ කෙසේද?
 

සාක්ෂිකරු: ටෙන්ඩර් මගින් පත් කිරීමක් සිදු කරනවා. 


නියෝජ්‍ය සොරිසට ජනරාල්වරිය: ඔබ ශල්‍ය වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් කටයුතු කර බව සඳහන් කළා නේද ?


සාක්ෂිකරු: ඔව්, සහකාර අධ්‍යක්ෂවරුන්ගේ හිඟතාවය හේතුවෙන් ශල්‍ය වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් කටයුතු කළා. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: ඔබ ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කළාද ?


සාක්ෂිකරු : නෑ, රසායනාගාර නිලධාරියකු ලෙස සේවයට එක් වුණේ. ඖෂධ සම්බන්ධයෙන් දැනුමක් නැහැ. 


ඒ සමග සාක්ෂිකරුගේ මූලික ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී.


අනතුරුව පළමුවැනි විත්තිකාරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද බානගල මහතා සාක්ෂිකරු වෙත හරස් ප්‍රශ්න යොමු කළේය. 


එහිදී නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ගුවන් සහ මුහුදු මගින් ලැබෙන භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු ප්‍රදානයන් යටතේ සිදු කෙරෙන බවය


ගුවන්මගින් ගෙන එන භාණ්ඩ ගුවන් පර්යන්තයේදී නිෂ්කාශනය කර ගැනීම සිදුකරන අතර එහිදී අදාළ භාණ්ඩ පාර්සල් ප්‍රමාණයක් ලෙස භාර ගැනීම සිදුකරන බවද ඔහු සඳහන් කළේය. එම පාසල් විවෘත කර බැලීමක් සිදු නොකරන බව සඳහන් කළ සාක්ෂිකරු එම භාණ්ඩ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමෙන් අනතුරුව සාම්පල් පරීක්ෂාවක් සිදුකරන බවද සඳහන් කළේය.


 වෛද්‍ය සැපයුම් අංශයේ ඒ ඒ අංශවලට අදාළ සහකාර අධ්‍යක්‍ෂවරුන් සිටින අතර ඔවුන්ගේ මෙහෙයවීම ඔවුන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදුකරන බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය. 


"ඔබ විසින් ලබාගන්නා භාණ්ඩ පරීක්ෂා කරන විදිහක් තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී  


"මතුපිටින් බලන්න පුළුවන් දේ පමණක් පරීක්ෂා කරන බලනවා .ඒ අනුව ලේඛන මත තිබෙන කරුණු පිළිබඳව පරීක්ෂා කර බැලීමක් තමයි සිදුකරන්නේ" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 


නැව් මගින් ගෙන එන භාණ්ඩ ඒජන්තවරයකු හරහා නිෂ්කාශනය කරගන්නා අතර ඒවා පරීක්ෂා කිරීමක් සිදුවන්නේ ද ගබඩාවට භාරදීමෙන් අනතුරුව බව සාක්ෂිකරු සඳහන් කළ සිටියේය. 


කෙසේ වුවද ප්‍රදානයන් ලෙස ලැබුණු ඖෂධ සම්බන්ධයෙන් තමන්ට දැනීමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් සාම්පල් ලබා ගැනීමට හෝ පරීක්ෂා කිරීමට තමන් සම්බන්ධ නොවූ බවද ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට අවස්ථාවක් නොලැබූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 


එම හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය. 


එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, තමන් සහකාර අධ්‍යක්‍ෂක රසායනාගාර ලෙස කටයුතු කළ අතර ඉන් පසුව ගබඩා සහායක අධ්‍යක්ෂවරයකු ලෙස අධීක්ෂණ කටයුතු කරන බවද , ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ ආවරණය කිරීමක් කළ බවය.


ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයා ට ඉහළින් අධ්‍යක්ෂවරයාද, අධ්‍යක්ෂවරයාද ට ඉහළින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද සිටින බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 


එසේම වෛද්‍ය සැපයුම් ඒකකය තුළ සහකාර අධ්‍යක්ෂවරු කීප දෙනෙකු සිටින අතර ඖෂධ සෛල වෛද්‍ය අංශය වෙනුවෙන් වෙන වෙනම සහකාර අධ්‍යක්ෂවරු න් සිටි අතර වෛද්‍ය රසායනික කාර්මික විද්‍යාඥයකුට සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස වීම් ලැබෙන අතර ඖෂධ වේදීන් ඖෂධ සම්බන්ධයෙන් සහකාර අධ්‍යක්වරු ලෙස උසස් වීම් ලබන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.


දේශීය හා විදේශීය වශයෙන් ලබාගන්නා භාණ්ඩ සහ ඖෂධ ගබඩා කිරීම සඳහා එය සතුව ගබඩා සංකීර්ණයක් ඇති බව සඳහන් කළ සාක්ෂිකරු එම ගබඩාව භාරව ප්‍රධාන සහකාර අධ්‍යක්ෂවරයකු සිටින බවද සඳහන් කළේය. එහිදී 


“ලංකාව තුළ එවැනි ගබඩාවන් කීයක් තිබේද?” යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ “වැල්ලවත්ත, අංගොඩ ,මහනුවර, ඉරණවිල” යන ප්‍රදේශවල එවැනි ගබඩාවන් ඇති බවය.


පරිත්‍යාග වශයෙන් ලැබෙන ඖෂධ සහ උපකරණ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන ගේට්ටුවේ සිටින ආරක්ෂක නිලධාරීන්ගේ අවසරය මත රැගෙන ආ යුතු අතර අදාළ භාණ්ඩ භාර ගැනීම සඳහා පිළිගැනීමේ කවුන්ටරයේ ඖෂධ වේදියෙක් සහ වෛද්‍ය සැපයුම් සහකාරවරයෙක් සිටින බවද සඳහන් කළ සාක්ෂිකරු එහිදී ලබා දුන් ලබා දෙන ඖෂධ සහ සැපයුම් සම්බන්ධයෙන් ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තොගය තොග පාලන නිලධාරීවරයාට භාර දීමක් සිදු කරන බවද කියා සිටියේය. 


නීතිඥවරයා: “තොග පාලන නිලධාරීවරයා එහිදී සාම්පලයක් පරීක්ෂා කර බලනවාද ?”


සාක්ෂිකරු: “ඔව්, වෛද්‍ය සැපයුම් ඒකකයට රසායනාගාරයක් නැහැ. තොග පාලක නිලධාරීවරයා සිදු කරන්නේ එම පාර්සල් භෞතිකව බලලා පරීක්ෂා කිරීමක්. එහිදී ලිපි ලේඛන විමසා බලා එම ලිපි ලේඛන සහ පාර්සලයට අදාල සටහන් සසඳා බැලීමක් සිදු කරනවා. එම කටයුත්තේදී ඉන්වොයිස් පත් සහ භාණ්ඩ ලැයිස්තුව සැලකිල්ලට ගන්නවා.”


නීතිඥවරයා: “එහිදී බොක්ස් මුද්‍රාවක් තබන බව ඔබ දැක තිබෙනවාද ?”


නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය: “ඖෂධ සම්බන්ධයෙන් සාක්ෂිකරුට දැනීමක් නොමැති බව ප්‍රකාශ කළා. ඔහුගෙන් ඖෂධ සම්බන්ධයෙන් විමසීම වැරදියි”


සාක්ෂිකරු: “මෙම බොක්ස් මුද්‍රාව මම දැක සිට තිබෙනවා. මෙය වෛද්‍ය උපකරණ බාර ගැනීමේදී භාවිත කළාද යන්න පිළිබඳව නිවැරදිව ප්‍රකාශ කරන්න බැහැ.”


“තොග පාලකට භාණ්ඩ බාර ගැනීමට නුසුදුසු බවට යෝජනා කරන්න පුළුවන්ද?” යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සදහන් කළේ “සාම්පලය හා අදාළ ලේඛන නොගැලපෙන්නේ නම් එම භාණ්ඩ තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හැකි” බවය. ඒ සඳහා ප්‍රතික්ෂේප කිරීමේ ආකෘති පත්‍
රයක් ඇති බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.


අදාළ භාණ්ඩ නුසදුසු බවට සඳහන් කරමින් අදාළ භාණ්ඩ තොගය ප්‍රතික්ෂේප කිරීමේ නිර්දේශය පාලකට සිදුකළ හැකි අතර එය සහකාර අධ්‍යක්ෂවරයා හරහා අධ්‍යක්ෂකවරයාට යොමු කරන බවද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේය.
 

නීතිඥවරයා: “2022 වසරේදී ඔබ කුමන තනතුරකද කටයුතු කළේ ?”


සාක්ෂිකරු : “ගබඩා අධීක්ෂණ සහකාර අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළා.”


නීතිඥවරයා: “ඔබ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාව හඳුනනවාද ?”


සාක්ෂිකරු: “ඔව්.”


නීතිඥවරයා: “2022 ජනවාරි සිට දෙසැම්බර් මස දක්වා කපිල වික්‍රමනායක මහතා වැඩිදුර අධ්‍යාපනය වැඩිපුර විශේෂ පුහුණුවීම් සඳහා විදෙස් ගතවී සිටි බව දන්නවාද ?”


සාක්ෂිකරු: “ඔව්”


නීතිඥවරයා: “ඔහු ස්කොට්ලන්ඩ් හි වැඩිදුර පුහුණුව ලැබූ බව දැන සිටියාද ?”


සාක්ෂිකරු: “ඒ ගැන හරියට දන්නේ නෑ. ඔහු විදේශගත වී සිටි බව දන්නවා.” 


නීතිඥවරයා: “ඒ කාලය තුළ වැඩ බැලීමේ කටයුතු යි කවුරුන් විසින් හෝ සිදු කළාද?” 


“ඔව්, නම් හරියට මතක නැහැ. වෛද්‍ය චන්දන විජේසිංහ සහ සුදර්ශන මහතා ලෙස මතකයක් තිබෙනවා.”


ඒ සමග දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර හතර සහ පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක සේරසිංහ මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.


එහිදී මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ තොග පාලකයන්ට සැපයීම හා බෙදාහැරීම් යන අංශ දෙක සම්බන්ධයෙන් කටයුතු පැවරී ඇති බවය. 


තමන් වසර පහක පමණ කාලයක් අවශ්‍යද ගබඩා අධීක්ෂණ කටයුතු සිදුකළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය 


තොග පාලකයන් සඳහා රාජකාරී ලැයිස්තුවක් වෙන්කර ඇති බව හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ සාක්ෂිකරු එම රාජකාරී ලැයිස්තුවක් අධිකරණය හමුවේදී හඳුනාගත්තේය.


එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාල රාජකාරී ලැයිස්තුව ඉදිරිපත් කර ලකුණු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සඳහන් කළේ එය විත්තිය විසින් ඔප්පු කළ යුතු ලියවිල්ලක් බවය. 


එහිදී විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්නේ අදාළ ලේඛනය පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කරන ලද ඡායාස්ත පිටපතක් බවය. 


“මොනවා වුනත් අප තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වාස කරනවා. ජනතාව නීතිපතිවරයා ගැන මොනවා කිව්වත් අප තවමත් විශ්වාස කරනවා. මෙම ඡායාස්ථ පිටපත් ඉදිරිපත් කර ඇත්තේ මුල් ලේඛනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවට අප විශ්වාස කරනවා” යනුවෙන් නීතිඥ අශෝක සේරසිංහ මහතා එහිදී සඳහන් කර සිටියේය. 


මෙහිදී මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින්ම අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයක් විත්තිය විසින් ලකුණු කිරීමට උත්සාහ කිරීමේදී පැමිණිල්ල ඊට විරෝධය පළ කිරීම ගැටලු සහගත බවය.


මෙහිදී මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින්කියා සිටියේ “අයිසොලෙක් බයෝටෙක් පාමා” ආයතනය විසින් ඖෂධ වර්ග 14 ක් සැපයීමට අදාළව ලන්සු ඉදිරිපත් කර ඇති බවය. 


ඒ අනුව ඖෂධ ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරන ලද සහ ප්‍රසම්පාදිත කමිටුව විසින් ප්‍රදානය කරන ලද ඖෂධ වර්ග 6 ක් ඇති බවද සෙසු ඖෂධයන් සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. 


එම තොරතුරු ඇතුළත් ලේඛන සහ ඉදියානු ණයයෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව ලන්සු ඉදිරිපත් කළ සැපයුම්කරුවන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් තමන් විසින් “මෝසම්” දෙකක් ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. 


අදාල ලේඛන දැනටමත් ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නාය. 


මෙම නඩුවට අදාල එක්සාක්ෂිකරුවකු ඉන්දියානු සමාගමේ නියෝජිතයකු වන අතර ඔහු සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සම්බන්ධීකරණය සහාය ලබා දෙන ලෙස එහි සභාපතිවරයාට නියෝගයක් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළාය 


එහිදී තෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා පෙන්වා දුන්නේ සාමාන්‍ය නඩු විභාගයකදී විදේශයීය සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිදු කරන බවය. 


එම සම්බන්ධීකරණ කටයුත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ හැකි බව පෙන්වා දුන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා, ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය සඳහන් කර සිටියේ මෙම සාක්ෂි ලබාගැනීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවය.
 

විදේශීය සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම ඒ පිරිවැයද එම දෙපාර්තමේන්තුවට දැරීමට නොහැකි බැවින් වෙනත් දෙපාර්තමේන්තුවක් හරහා එය සිදුකිරීමට අවධානය යොමු වූ බව නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළාය. 


එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ කවර ආයතනයකට අදාළ පිරිවැය දැරීමට සිදුවුවද අවසානයේ එය රජයේ මුදල් මගින් දැරීමට සිදුවන බවය. ඒ අනුව මෙතෙක් විදේශීය  සාක්ෂිකරුවන් කැඳවීමට අනුගමනය කළ ක්‍රියාවලිය මෙම සාක්ෂිකරු සම්බන්ධයෙන්ද අනුගමනය කරන ලෙස දැනුම් දුන් සභාපති විනිසුරුවරයා එහිදී ගැටලුකාරී තත්ත්වයක් මතු වන්නේ නම් ඉන් අනතුරුව අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන ලෙස දන්වා සිටියේය. 


අනතුරුව සිය හරස් ප්‍රශ්න විමසීම නැවත සිදුකළ නීතිඥ අශෝක සේරසිංහ මහතා තොග පාලක නිලධාරීන් සැපයුම් නිලධාරීන් සහ බෙදාහැරීම නිලධාරීන් ලෙස රාජකාරී කටයුතු වෙන් වෙන්ව ආවරණය කරන්නේ දැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය 


එහිදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ එලෙස සැපයුම් නිලධාරීන් සහ බෙදා හැරීමේ නිලධාරීන් වෙන් වෙන් වශයෙන් සිටින බවය. තොග පාලක අංශයේ සැපයුම් නිලධාරීවරයෙකු මෙම නඩුවේ පස්වන විත්තිකරු ලෙස චෝදනා ලැබ සිටින බව තමන් දන්නා බව සාක්ෂිකරු සටහන් කර සිටියේය. 


භාණ්ඩ නිෂ්කාශනය කිරීමේදී “ලියා පදිංචිය නිදහස් කිරීමේ” සහතික පත් පරීක්ෂා කර බලන නමුත් එම ලේඛන තොග පාලකවරුන්ට ලබාදීමක් සිදු නොකරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. අදාල ඖෂධ සම්බන්ධ වන “ඉන්වොයිස් පත්” භාණ්ඩ ඇනවුම් සහ ඇසුරුම් ලේඛනය තොග පාලක නිලධාරීන්ට ලබාදීමක් සිදු කරන බවද, භාණ්ඩ භාර ගන්නා අවස්ථාවේදී තොග පාලක නිලධාරීන් විසින් ලියාපදිංචිය බැහැර කිරීමේ සහතිකය පරීක්ෂා කර බැලිය යුතු බවට රාජකාරි කොන්දේසියක් නොතිබූ බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.


තොග පාලකවරයා විසින් මුළු භාණ්ඩ තොගය පරීක්ෂා කිරීමක් සිදු නොකරන අතර සාම්පල පරීක්ෂා කිරීමක් පමණක් සිදු කරන බව සාක්ෂිකරු සඳහන් කළේය .


ලියාපදිංචි මුදා හැරීමේ ලේඛන පරීක්ෂා කර බැලීමේ අවශ්‍යතාවයක් තොග පාලකට රාජකාරීමය වශයෙන් පවරා නොතිබූ අතර 2023 නොවැම්බර් මස 23 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් එම සහතික පරීක්ෂා කළ යුතු බවට රාජකාරියෙන් කොන්දේසියක් පනවා ඇති බවද හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළ කළේය. 


එම චක්‍රලේඛය සම්බන්ධයෙන් තමන්ට මතකයක් ඇති බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 


වසර විස්සක පමණ කාලයක් තමන් වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කර ඇති අතර වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය ඖෂධ සහ උපකරණ මිලදී ගැනීම් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සිදු කරන බව තමන් දන්නා බවද සාක්ෂිකරු සදහන් කර සිටියේය.


කෙසේ වුවද හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති බවද ඔහු සඳහන් කර සිටියේය. 


නීතිඥවරයා: මෙම නඩුව ජනගතවූ නඩුවක්. සාමාන්‍ය ජනතාවත් මෙම ඖෂධ සම්බන්ධයෙන් දන්නවා ඔබ එම ඖෂධවල නම් දන්නවාද ?


සාක්ෂිකරු: එම නම් දන්නවා. ඒත් ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කර නැති නිසා ඒ ගැන අවබෝධයක් නෑ.


නීතිඥවරයා:  ඔබ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක්නේ, සාමාන්‍ය ජනතාවත් මෙම ඖෂධ සම්බන්ධයෙන් දන්නවා. “රිටොප්සි මැප්” නමැති ඖෂධයක් මෙම නඩුවට සම්බන්ධ බව ඔබ දන්නවාද?


සාක්ෂිකරු: “ඔව් , හියුමන් “ඉමියුනෝග්ලොබියුලීන්” ගැනත් මම අහල තියෙනවා”


2022 වසරේදී රුපියල් කෝටි 14 ක වංචාවක් මෙම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදු වූ බවට පැවසෙන ඖෂධ වර්ග දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් “තොග පාලන නිලධාරීන්” දෙදෙනෙකුට භාරවී තිබූ බව තමන් දන්නා බව හරස් ප්‍රශ්න පිළිතුරුවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 


කෙසේ වුවද අදාළ බෙහෙත් ඖෂධ වර්ග සම්බන්ධයෙන් දළ වටිනාකමක් තමන්ට සඳහන් කළ නොහැකි අතර විශාලතම වටිනාකම සහිත ඖෂධය “හියුමන් ඉමියුනෝග්ලෝබියුලින්” බවට තමන් විශ්වාස කරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 


නීතිඥවරයා : “ඒක හරිද? මම යෝජනා කරනවා වැඩිම අලාභය සිදුවුණේ “රිටොක්සිමැප්” නමැති ඖෂධය මගින් කියලා” 


සාක්ෂිකරු: “මට ඖෂධ සම්බන්ධයෙන් දැනුමක් නෑ. ඒ නිසයි ඒ විදිහට සඳහන් කළේ.”


නීතිඥවරයා: සැපයුම් අංශය භාර “ඉන්වොයිස් සහ බදු නිදහස් කිරීම” සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපි ආදිය ලබාදීම එහිදී සිදු කරන බවද සාක්ෂිකරු වැඩි වැඩිදරටත් සඳහන් කර සිටියේය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0