නව තානාපතිවරු සිව් දෙනෙක්, මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති…

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

Apr 20, 2026 - 16:49
 43
නව තානාපතිවරු සිව් දෙනෙක්,  මහකොමසාරිස්වරු දෙදෙනෙක්  ජනපතිට අක්තපත්‍ර භාර දෙති…
වතිකානයේ තානාපති පියතුමන් අක්තපත්‍ර බාරදෙමින්...

නව තානාපතිවරු සිව් දෙනෙක්,

 

මහකොමසාරිස්වරු දෙදෙනෙක් 

ජනපතිට අක්තපත්‍ර භාර දෙති…

කුවේටයෙන් හා පාකිස්ථානයෙන්...


ශ්‍රී ලංකාවට පත්ව සිටින නව තානාපතිවරු සිව් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. 


මෙසේ අක්තපත්‍ර බාරදුන් විදේශීය තානාපතිවරු හා මහ කොමසාරිස්වරු අතර පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතාද, සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතා ද ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස  Christian Biever මහතා ද සිටි අතර මේ තිදෙනාගේ විශේෂත්වය වූයේ ඔවුන් නවදිල්ලියේ නේවාසිකව රාජකාරි ඉටුකරන රාජ්‍ය තාන්ත්‍රිකයින් වීමය.


අදතුරුව වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා ද ජනාධිපති ඉදිරියේ සිය අක්තපත්‍රය බාරදෙනු ලැබූහ.


ඉනික්බිති පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතා ජනාදිපති ඉදිරියේ සිය අක්තපත්‍රය බාරදෙනු ලැබූ අතර කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතා ද මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.  


අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහකද නිරත වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ලක්ෂම්බර්ග් රාජ්‍යයෙන්...

පැපුවා නිව්ගිනියාවෙන් හා සෝමාලියාවෙන්...

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0