සලේ ගිහින්..!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අද (26) දින පෙරවරුවේ ප්‍රතිකාර ලබා අවසන් කර රෝහලින් පිටව ගොස් ඇතැයි ජාතික රෝහල සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
සලේ
ගිහින්..!

සලේ මහතා මීට දින කීපයකට පෙරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ විවිධ සංකූලතා සහ අසනීප තත්ත්වයන් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට හා පරීක්ෂණ කටයුතු කීපයක් කිරීමට බව රෝහලට සම්බන්ධ ආරක්ෂි මාර්ග පවසයි. සලේ මහතා ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු බව රහස් පොලිසිය මගින් පසුගියදා නිවේදනය කර තිබුණත් ඔහු සිටියේ එහි කවර අංශයක කවර වාට්ටුවකදැයි තොරතුරු අනාවරණය කර තිබුණේ නැත.
අනිත් අතට ඔහුගේ බිරිඳට පුත්‍රයාට හෝ ඔහුගේ පවුලේ කිසිම අයෙකුට හෝ නීතීඥයෙකුට සලේ මහතා පිළිබඳ තොරතුරු සෙවීමටවත්, සොයා බැලීමටවත් කිසිදු අවස්ථාවක් ලබාදී නැතැයි පැවසෙයි.
සලේ මහතාගේ මානසික හා කායික ඒකාග්‍රතාවය බිඳවැටී ඇතැයි, ඔහුගේ අසනීප තත්ත්වයන් උග්‍ර වී ඇතැයි පසුගිය දිනවල විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ විවිධ තොරතුරු කතාබහට ලක්වුවද එවන් කිසිත් අසාමාන්‍ය තත්ත්වයක් සලේ මහතාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය තුළ නොපැවැති බව වාර්තා වී තිබේ. ප්‍රතිකාර ගැනීමෙන් පසුව තත්ත්වය යහපත් බැවින් නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගියත්, ඒ කවර නම් ස්ථානයකටද කියා වාර්තා වී නොමැති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0