තෙල් මිල රුපියල් “600 ඉක්මවන බව” දයාසිරි කියයි...
ශ්‍රී ලංකාවේ ඉන්ධන පාරිභෝජිකයන් වැඩිපුර භාවිත කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද රුපියල් 400ට ආසන්නයේ තිබුණත් මේ වනවිට ලංකාවේ තෙල් අළෙවිය හසුරුවන “සිනොපැක්, අයි ඕ සී,” වැනි තරගකාරී ආයතනවල දැනට පෙන්නුම් කෙරෙන මිල හැසිරවීම මත ලබන උත්සව සමය වනවිට නිසැක වශයෙන්ම තෙල් ලීටරය රුපියල් 600 ද ඉක්මවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
තෙල් මිල රුපියල්
“600 ඉක්මවන බව”
දයාසිරි කියයි...
ශ්‍රී ලංකාවේ ඉන්ධන පාරිභෝජිකයන් වැඩිපුර භාවිත කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද රුපියල් 400ට ආසන්නයේ තිබුණත් මේ වනවිට ලංකාවේ තෙල් අළෙවිය හසුරුවන “සිනොපැක්, අයි ඕ සී,” වැනි තරගකාරී ආයතනවල දැනට පෙන්නුම් කෙරෙන මිල හැසිරවීම මත ලබන උත්සව සමය වනවිට නිසැක වශයෙන්ම තෙල් ලීටරය රුපියල් 600 ද ඉක්මවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
අද වන විට සිනොපැක් ආයතනය ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෝල් මිල රුපියල් 572 ක් බවට පත්කර ඇති පසුබිමක සමස්ත පෙට්‍රල් මිල එසේ ඉහළයාම කිසිසේත්ම පුදුමයක් නොවන බව දයාසිරි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. තෙල් සංස්ථාව යම් යම් ගැලපීම් කරමින් ඊට අඩු මිලක තෙල් මිල පවත්වාගෙන යන්නට යම් උත්සාහයක නිරත වූවත්, වෙළෙඳපොළ සාධක මත ලබන අප්‍රේල් මාසය වන විට ඔවුන්ටද රුපියල් 600 සීමාව ඔක්ටේන් 92 පෙට්‍රල්වලට පවා ඉක්මවීමට සිදුවන බව, තිත්ත ඇත්තක් වුවත් ප්‍රකාශ කළ යුතු යැයි දයාසිරි කීවේය.
මෙම මිල ඉහළ යාමට හේතු පැහැදිලි කරන දයාසිරි මන්ත්‍රීවරයා, ජනාධිපති පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ කරන ලද කතාවක්ද උදාහරණයට ගත්තේය. එහිදී ඔහු පැහැදිලි කරන ලද කරුණක් සිහිපත් කළේය. ජනාධිපතිවරයා කිව් පරිදි ඉදිරියේදී අප සිංගප්පූරුවේ විවෘත තෙල් වෙළඳ පොළෙන් ලබාගන්නා තෙල් බැරලය ඇමරිකන් ඩොලර් 45ක ප්‍රිමියම් එකක් යටතේ ලබා ගන්නට සිදුව ඇති බව සිහිපත් කළේය.
ලෝකවෙළඳ පොළේ තෙල් මිල සාමාන්‍යකරණය වී තිබෙන මොහොතක එම ප්‍රිමියම් අගය ඩොලර් 3ට 4ට අඩුවී තිබුණත්, අපේ රටේ තෙල් මිල ඉහළම අගයකට පත්වුණු 2022 දී ප්‍රිමියම් අගය ඩොලර් 30 දක්වා ඉහළ ගිය බව දයාසිරි පෙන්වා දුන්නේය. එම අවස්ථාවේදී තෙල් මිල ස්වාභාවිකව ම රුපියල් 470 දක්වා ඉහළ ගිය බව පෙන්වන දයාසිරි, ජනාධිපතිවරයා කියන පරිදි අප්‍රේල් මාසයේදී ප්‍රිමියම් එක 45ක් වේ නම්, එම වැඩිවන ඩොලර් 15ට අනුකූලව නිසැක වශයෙන්ම ලංකාවේ තෙල් මිල ඔක්ටෙන් 92 පවා රුපියල් 600 ඉක්මවීම වැළැක්විය නොහැකි යයි දයාසිරි කියයි.
එබැවින් රුපියල් 398කට අද ඔක්ටේන් 92 ලබාගන්නා පාරිභෝජිකයාට ඉදිරි අප්‍රේල් මාසයේදී රුපියල් 600 දක්වා අගයකට තෙල් මිලදී ගන්නට සිදුවනු ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා දැන් සිටම ඒ සඳහා හිත හදා ගැනීම මැනවැයි ප්‍රකාශ කර සිටියේය....
එපමණක් නොව, ජනතාව වල්පැළ ගලවා දමා මල් පැළ හිටවන්නේ යැයි කියමින් පත් කරගත් වර්තමාන පුනරුද රජයේ නොහැකියාව, තෙල් මිල නිසි පරිදි පවත්වා නොගැනීමෙන් ම රටේ ජනතාවට පැහැදිලි විය යුතු යැයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. අපේ කලාපයේ අනෙකුත් රටවල් මේ තෙල් මිල නිසි පරිදි පවත්වා ගැනීමට සමත්ව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනතාව වැඩි ඡන්දයෙන් මෙසේ පත්කරගෙන ඇත්තේ අනාගතයේ දී වැඩිවන තෙල් මිල ගණනය කරමින් වර්තමානයේදීත් මහජනතාවට මිල වැඩි කරමින්, මහජනතාවට අනාගතයට මුහුණ දීම සඳහා පාඩම් කියා දෙන, හුරු පුරුදු කරන උත්තම ගණයේ දූරදර්ශී ආණ්ඩුවක් බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

