ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට: සිනොපෙක් සහ IOC මිල ගණන් ද සංශෝධනය වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මෙයට සාපේක්ෂව මෙරට ක්‍රියාත්මක සිනොපෙක් (Sinopec) සහ ලංකා IOC සමාගම් ද සිය මිල ගණන් ඉහළ දමා ඇති අතර, ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ඇතැම් ඉන්ධන වර්ගවල මිල රුපියල් 200 ඉක්මවූ අගයකින් ඉහළ ගොස් ඇත.

Mar 22, 2026 - 19:31
 41
ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට:  සිනොපෙක් සහ IOC මිල ගණන් ද  සංශෝධනය වෙයි.

ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට: 

සිනොපෙක් සහ IOC මිල ගණන් ද 

සංශෝධනය වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මෙයට සාපේක්ෂව මෙරට ක්‍රියාත්මක සිනොපෙක් (Sinopec) සහ ලංකා IOC සමාගම් ද සිය මිල ගණන් ඉහළ දමා ඇති අතර, ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ඇතැම් ඉන්ධන වර්ගවල මිල රුපියල් 200 ඉක්මවූ අගයකින් ඉහළ ගොස් ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 455ක් ලෙස සටහන් වේ. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 443ක් බව සංස්ථාව සඳහන් කරයි. මීට අමතරව සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 255කි.

සිනොපෙක් සමාගම ද සංස්ථාවේ මිල ගණන් ඉක්මවා යමින් සිය ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219ක් වැනි විශාල මුදලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 572ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 487කි. ලංකා IOC සමාගම ද සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව සිය මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 1
Wow Wow 0