ඉමියුනොග්ලෝබියුලින් නඩුවේ උසාවියේ ඔප්පු වුණ බොරු සාක්ෂි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණ පද්ධතිය කෙරෙහි මේ රටේ ජනතාව තුළ පුළුල් විශ්වාසයක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියක් පවතින්නේ එහි බලතල හා ක්‍රියාකාරීත්වය කෙරෙහි මේ රටේ ජනතාව තුළ ඉතා හොඳ අවබෝධයක් හා දැනුමක් තිබෙන නිසා ය... අප රට වූ කලී “සියල්ලට ඉහළින් නීතිය” පිහිටා තිබෙන රටකි. එබැවින් අධිකරණ ක්ෂේත්‍රයේ කවර හෝ අධිකරණයක වුව යුක්තිය ඉල්ලා සිටීමට, විත්තිය ලෙස පෙනී සිටීමට හෝ සාක්ෂි ලබාදීමට පැමිණෙන පුද්ගලයින් පළමුව උසාවියේ උත්තරීතර නීතිය ලියැවී ඇති “ග්‍රන්ථවල අත ගසා” තමන් බොරු නොකියන බවත් උසාවිය නොමග නොයවන බවත් සපුරාම දිවුරා පොරොන්දු තබයි...

Mar 15, 2026 - 22:48
 47
ඉමියුනොග්ලෝබියුලින්  නඩුවේ උසාවියේ ඔප්පු වුණ බොරු සාක්ෂි

ඉමියුනොග්ලෝබියුලින් 

නඩුවේ

උසාවියේ ඔප්පුවුණ

බොරු සාක්ෂි..!


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණ පද්ධතිය කෙරෙහි මේ රටේ ජනතාව තුළ පුළුල් විශ්වාසයක් මෙන්ම ගෞරව සම්ප්‍රයුක්ත බියක් පවතින්නේ එහි බලතල හා ක්‍රියාකාරීත්වය කෙරෙහි මේ රටේ ජනතාව තුළ ඉතා හොඳ අවබෝධයක් හා දැනුමක් තිබෙන නිසා ය...

අප රට වූ කලී “සියල්ලට ඉහළින් නීතිය” පිහිටා තිබෙන රටකි. එබැවින් අධිකරණ ක්ෂේත්‍රයේ කවර හෝ අධිකරණයක වුව යුක්තිය ඉල්ලා සිටීමට, විත්තිය ලෙස පෙනී සිටීමට හෝ සාක්ෂි ලබාදීමට පැමිණෙන පුද්ගලයින් පළමුව උසාවියේ උත්තරීතර නීතිය ලියැවී ඇති “ග්‍රන්ථවල අත ගසා” තමන් බොරු නොකියන බවත් උසාවිය නොමග නොයවන බවත් සපුරාම දිවුරා පොරොන්දු තබයි...

විශේෂයෙන්ම සාක්ෂි ලබාදීම සඳහා සාක්‍ෂි කූඩුවලට ගොඩ වදින සාක්ෂිකරුවා සෑම විටම සාක්ෂි ලබා ලබාදෙන්නේ උසාවිය හමුවේ එකී දිවුරුම තබා බව රහසක් නොවේ...

ඒත් එසේ ගරුතර අධිකරණය ඉදිරියේ කිසිදු බොරුවක් නොකියන බවටත්, උසාවිය නොමග නොයවන බවටත් දිවුරා පොරොන්දු තබා තම විශ්වාසය පරිදි හෝ තමන්ට කවුරුන් හෝ උගැන්වූ පරිදි බොරුවක් මුසාවක් කිව හැකිද... එවන් බොරුවක් සාක්ෂියක් ලෙස උත්තරීතර අධිකරණය වෙත ලබා දුන් අයකුට උත්තරීතර අධිකරණය විසින් දෙනු ලබන  දඬුවම කුමක්ද...

අද මහජනතාව මේ පිළිබඳ බොහෝ සේ සවිංඥානිකය. ඉදින් අප මේ විස්තර කරනු ලබන්නේ පසුගිය 13 වනදා ඔබ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වූ “ඉමියුනොග්ලෝබියුලින් හා රිටොක්සිමැබ්” ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා දිවුරා පොරොන්දු වෙමින් සාක්ෂි කූඩුවට ගොඩ වූ සාක්ෂිකාරියක් වෙතින් දැන හෝ නොදැන සාවද්‍ය කරුණු කිහිපයක් සාක්ෂි ලෙස එළිදැක්වීම පිළිබද විත්තියේ නීතිඥයින් පෙන්වා දෙන කරුණක් කෙරෙහි අප පාඨක මහජනතාවගේ අවධානය යොමු කරවන්නටය...

“නීතිඥ අසේල සේරසිංහ : ඔබ 2022 සැප්තැම්බර් 17 වැනිදා රැස්වීමට සහභාගි වුණා වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහභාගි වුණ...

සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි...

නීතිඥ අසේල සේරසිංහ : කවුද ඒකට ඇවිත් හිටියේ...

සාක්ෂිකාරිය: සාක්ෂිකාරිය නම් කීපයක් පවසයි...

නීතිඥ අසේල සේරසිංහ : කවුද වෛද්‍ය සැපයීම් අංශයේ (msd) එකේ ඩිරෙක්ටර්වරු හිටියේ...

සාක්ෂිකාරිය: දෙවෙනි චූදිත හා හත් වන චූදිත හිටියා...

නීතිඥ අසේල සේරසිංහ : නම්වලින් කියන්න...

සාක්ෂිකාරිය: ඩොක්ට හේරත් හා ඩොක්ට කපිල වික්‍රමනායක...

නීතිඥ අසේල සේරසිංහ : ඔබ උසාවිය හමුවේ බොරු කියන්නේ එහෙම නෑ නේද...

සාක්ෂිකාරිය:  බොරු කියන්නෙ නෑ ස්වාමීනී...

නීතිඥ අසේල සේරසිංහ : ස්වාමීනී මම යෝජනා කරනවා 2022 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය වන තුරුම විශේෂඥ වෛද්‍ය දොස්තර කපිල වික්‍රමනායක මහත්මා ලංකාවේ සිටියේ නැහැ කියලා. එතුමන් වැඩිදුර අධ්‍යාපන කටයුත්තකට විදේශ ගත වෙලා හිටියේ..”

ඒ අයුරින් සාක්ෂිකාරිය විසින් ලබා දෙන ලද කරුණු කීපයක්ම සාවද්‍ය කරුණු බව විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඇතුළු කීපදෙනෙක්ම ඔප්පු කර පෙන්වනු ලැබීය...
එම නඩුකරයේ සාක්ෂි දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පසුගිය සිකුරාදා, එනම් 13 වැනිදා ඉදිරිපත් කර තිබුණේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ 130 වැනි සාක්ෂිකරු ලෙස නම් කර තිබූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ (SPC) වැඩ බලන තොග පාලක කළමනාකාරිනියක වන නිශානි මධුෂා ලියන ආරච්චි මහත්මියයි. 

ඇය විසින් සාක්ෂි ලබාදීම ආරම්භයේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමියගේ මෙහෙයවීම මත පෙන්වා දුන්නේ රජයේ රෝහල්වලට සහ ඔසුසල්වලට ලබා දීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය විසින් කරනු ලබන ඉල්ලීමකදී සැපයුම් කරුවෙකු තෝරාගෙන අදාළ ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් අනුගමනය කරන ක්‍රමවේදය “ඉක්මනින් ඖෂධ ගෙන්වාගත නොහැකි” ක්‍රමයක් වන අතර, එම ප්‍රසම්පාදන ක්‍රමය ඔස්සේ ඖෂධයක් ගෙන්වීම සඳහා මාස  9 කුත් 11 කුත් අතර කාලයක් ගතවන බවයි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමිය මෙම සාක්ෂිකාරිය මෙහෙයවමින් උසාවිය හමුවේ ඉදිරිපත් කළේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සාමාන්‍යයෙන් ඖෂධ ගෙන්වීම සඳහා අනුගමනය කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමකි.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්තිර ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගය කෙරිණි.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය  තමන් WOR කමිටු රැස්වීම් සදහා ප්‍රසම්පාදන නිලධාරීනියක ලෙස සහභාගී වූ බවත් එහි තොරතුරු ඇතුළත් සටහන් ඊ මේල් මගින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ගේ අත්සන සහිතව තමන් වෙත ලබා දෙන බවත් කියා සිටියා ය.

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ ලේඛන “ICL” ලෙස නම් කර තිබුණා. ඒ අනුව එම ණය යෝජනා ක්‍රමය යටතේ දෙන ඇණවුම පිළිබඳව හදුනාගත හැකියි. එහි යම් යම් ඖෂධ N අකුරෙන් V අකුරෙන් හා E අතුරෙන් නම් කර එවනවා. හදිසි ප්‍රසම්පාදනයක් නම් “E” එමර්ජන්සි ලෙස නම් කර තිබෙනවා. එම ප්‍රසම්පාදන කටයුතු අප සිදු කරන්නේ නෑ. එවිට ඒ සම්බන්ධයෙන් ගොනුවක් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය ට එය යොමු කරනවා. අදාළ ප්‍රසම්පාදනය සිදු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය එම අංශය විසින් අප වෙත දැනුම් දෙනවා.” යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : ලියාපදිංචි නැති ඖෂධයක් ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයක් යටතේ ගෙන්වීම සඳහා තෝරාගත් විට කොන්දේසි තිබෙනවාද? ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරය සඳහන් කළේ ඒ සඳහා වන කොන්දේසි ගැනුම් ලේඛනය සමඟ ලබා දෙන බවය. 

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඇණවුමක් ලැබුණු විට ඒ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු කිරීමට  WOR කමිටුවට සහභාගී වන ලෙස දන්වා පණිවිඩයක් ලැබෙනවා.  කමිටුවේ න්‍යාය පත්‍රයද ඊට ඇතුළත් වෙනවා.”

එලෙස ලැබුණු ඊමේල් පණිවිඩයක් මත 2022 10.13 දින පැවැති  WOR කමිටුවට සහභාගී වුන බව ඇය කීවාය. ඊට අදාල මිනිට් සටහන් ඊමේල් මගින් දැනගැනීමට ලැබුණ බවත් එම මිනිට් සඳහා අවසන් වශයෙන් අත්සන් තබා තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි  විජිත් ගුණසේකර මහතා බවත් යනුවෙන් සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : ඔහු මෙම අධිකරණයේ සිටිනවාද?  හඳුනාගත හැකිද ?"

සාක්ෂිකාරිය - ඉන්නවා ස්වාමීනී. දොළොස් වැනි චූදිත ලෙස ඔහු අධිකරණයේ රැදී සිටිනවා...

මෙම සටහන් ලැබීමෙන් සති දෙකක් තුනක් අතර කාලයකදී WOR  සහතිකය ලැබෙන බවත් ඊට අදාළව රාජ්‍ය ඖෂධ සංස්ථාවට ලැබෙන පිටපතක් තමන් විසින් තබාගන්නා බවත්, ඇතැම් විට සැපයුම්කරු විසින් එම සහතිකය තමන් වෙත ලබාදෙන බවත් සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. ඇමති කමිටුව, spc කමිටුව, msd කමිටුව ආදී වශයෙන් ප්‍රසම්පාදන කමිටු කිහිපයක් ම තිබෙන බව සාක්ෂිකාරිය දන්වා සිටියාය.

ඖෂධ සැපයම් කරුවෙකු වෙත ගැනුම් ඇණවුමක් (පර්චසින් ඕඩර්) නිකුත් කරන්නේ සැපයිය යුතු සහ අවශ්‍ය කරන ඖෂධ මොනවාද යන්න තහවුරු කිරීමට බවත් WOR  සහතිකය නිකුත් කරන තෙක් එම ගැනුම් ඇණවුම නිකුත් නොකරන බවත් සඳහන් කරමින් සාක්ෂිකාරිය කරුණු පැහැදිලි  කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්: ප්‍රසම්පාදනය කළාට පස්සේ වැඩ ඉවරද...

සාක්ෂිකාරිය: අපේ වැඩ ඉවර වෙන්නේ වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවට  (MSD)  බඩු භාර දුන්නාට පසු එතනින් ලේඛනයක් එවනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින රැස්වීම්වලට ඔබ යනවා...

සාක්ෂිකාරිය: ඇතැම් අවස්ථාවල කැඳවීමක් කළහොත් හදිසි රැස්වීම්වලට මා යා යුතුයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් "මෙඩිසින් රිවීව් මීටින්" සතියකට දෙපාරක් විතර පැවැත්වෙනවා. නිල වශයෙන් කැඳවූවාම ඒවාට යනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : ඒ අතර විශේෂ රැස්වීමක් තිබුණද...

සාක්ෂිකාරිය: SPC එකත් එක්ක WOR ක්‍ලියර් වෙන්න කාලයක් යනවා. මේ හදිසි රැස්වීම කැඳෙව්වේ ඔක්කොම එකට වාඩිවෙලා WOR ටික කතා කරල ක්ලියර් කරලා ඉවරයක් කරන්න.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : කවද්ද මේ මීටින් එක තිබුණේ..

සාක්ෂිකාරිය: 2022 සැප්තැම්බර් 17 වැනිදා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : හරි මම අහන්නේ දවස දවස කවද්ද..?

සාක්ෂිකාරිය: ඒක සෙනසුරාදා දවසක් ස්වාමීනි..

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : කවුද ඒ මීටිමට සහභාගි වුණේ

සාක්ෂිකාරිය: වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ (MSD) අය හිටියා. රජ්‍ය ඖෂධ සංස්ථාවේ (SPC) අයත් හිටියා.

 නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : වෛද්‍ය සැපයිම් දෙපාර්තමේන්තුවෙන් (msd) කවුද හිටියේ?

සාක්ෂිකාරිය: සැපයීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තුමා හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තුමා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : බලන්න අධිකරණයේ එ් අය ඉන්නවද කියලා...

සාක්ෂිකාරිය: ඉන්නවා ස්වාමීනී... දෙවන චූදිත ලෙස හා හත් වන චූදිත ලෙස එතුමන්ලා ඉන්නවා..

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : එදා ඒ තිබුණු රැස්වීමට විශේෂ කෙනෙක් ආවද..?

සාක්ෂිකාරිය: මේකට ඇමතිතුමත් ආවා...

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : කවුද ඒ ආපු ඇමතිතුමා

සාක්ෂිකාරිය: සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා.. හැබැයි එතුමා ටික වේලාවක් ඉඳලා යන්න ගියා. මමත් ඒ කමිටුවේ වැඩි වේලාවක් හිටියේ නෑ...

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : මේක WOR කමිටුවේ රැස්වීමක්ද...

සාක්ෂිකාරිය: නැහැ අපි ෆයිල් ටික අරන් ගියා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමග සාකච්ඡා කරන්න.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් : සාමාන්‍යයෙන් ඇමතිවරයා මීට පෙරත් මේ රැස්වීම්වලට ඇවිත් තියෙනවද

සාක්ෂිකාරිය: මම මීට පෙර දැකල නැහැ... හැබැයි මේක WOR කමිටු රැස්වීමක් නෙවෙයි...

අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැ 172 සහ පැ 173 ලෙස ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ ලේඛන දෙකක් ලකුණු කර උසාවිය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවාය... එතෙකින් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගේ දේශයනය අවසාන විය.

ඉන් අනතුරුව සාක්ෂිකාරියගෙන් සරස් ප්‍රශ්න අසන්නට ඉදිරිපත් වූයේ දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතාය.

අපි දන්න විදියට ඔබ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) අවුරුදු 24ක සේවා අත්දැකීම් සහිත පලපුරුදු ප්‍රසම්පාදන නිලධාරිනියක්. 

එසේ කියමින් ඇයගෙන් විවිධ සුදුසුකම් පිළිබඳ කළුණු මතු කරමින් ප්‍රශ්න කීපයක් ඇසුවේය. ඇය තම සුදුසුකම් මතු කරමින් ඒවාට උත්තර දුන්නාය..

නීතිඥ අසේල සේරසිංහ : ප්‍රසම්පාදන නිලධාරිනියක් හැටියට ඔබ ළඟට ලිපි ගොණු එද්දී ඔබ ඒවා සියල්ලම කියවා බලනවා.

සාක්ෂිකාරිය : සියල්ලම බලනවා නෙවෙයි. ඒවා බලන්න ඉන්න නිලධාරීන්ට මම ඒවා බාර දෙනවා.

නීතිඥ අසේල සේරසිංහ : එතකොට මේ ඉදිරිපත් කරලා තියෙන පැ 172 සහ පැ 173 කියන ලිපිගොනු ඔබ සම්පූර්ණයෙන්ම චෙක් කරාද...

ඔව් මම ඒ ලිපි ගොනු දෙකම සම්පූර්ණයෙන්ම චෙක් කරලා බලලා තියෙනවා...

නීතිඥ අසේල සේරසිංහ : මේ ඉදිරිපත් කරලා තියෙන්නේ සම්පූර්ණ ඩොකියුමන්ට් දෙකද...

සාක්ෂිකාරිය: ඔව් සම්පූර්ණ ඩොක්කිමන්ට් දෙක ඔතන තියෙනවා..

නීතිඥ අසේල සේරසිංහ : හොඳට බලන්න පිටු අංක පිළිවෙලට තියෙනවද කියලා...

සාක්ෂිකාරිය ලිපිගොඩු දෙක විමසා බලයි...

නීතිඥ අසේල සේරසිංහ : පළවෙනි ඩොකියුමන්ට් එකේ එක පිටුව නැහැ. දෙක සහ තුන පිටු තියෙනවා. ඉවර වෙලත් නැහැ. ඉතුරු පිටු ටිකක් තියෙනවද..

සාක්ෂිකාරිය: නැහැ ස්වාමීනී...

නීතිඥ අසේල සේරසිංහ : පැය 173 ඩොකියුමන්ට් එක අරගෙන බලන්න. එහි පිටු අංක 7 සහ 8 තියෙනවා. ඉතිරි ටික නැහැ.

නීතිඥ අසේල සේරසිංහ : ඔබ කොහොමද මේ සම්පූර්ණ ඩොකියුමන්ට් නැතුව සම්පූර්ණ වාර්තාව පිළිබඳ උත්තර දුන්නේ...

සාක්ෂිකාරිය: මම ඒ තියන පිටුවලින් සෑහීමකට පත්වෙලා උත්තර දුන්නා ස්වාමීනි...

නීතිඥ අසේල සේරසිංහ : ඇයි ඒ ඩොකියුමන්ට් වල පිටු අඩුවෙලා තියෙන්නේ...

සාක්ෂිකාරිය: අවශ්‍ය ටික විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ ස්වාමීනි...

නීතිඥ අසේල සේරසිංහ : අවශ්‍ය දේ මොනවද කියලා ඔබ කොහොමද තීරණය කරන්නේ? අවශ්‍ය දේ තීරණය කරන්න ඕන අධිකරණය. කවුද ඒක තීරණය කළේ?

ඉන්පසුව විත්තියේ නීතිඥයා සාක්ෂිකාරියගෙන් උසාවියේදී සාක්ෂි දීමට පෙර අසත්‍ය තොරතුරු කියන්නේ නැති බවට දිවුරුම් දුන්නේදැයි විමසාා සිටියේය...

දිවුරුම් දුන් බව ඇය පිළිගත්තාය

එසේ දිවුරුම් දීමෙන් පසු අසත්‍ය තොරතුරු පැවසුවේදැයි විමසා සිටියේය...

 නැත ස්වාමීනි කියා ඕ පිළිතුරු දුන්නාය...

නීතිඥ අසේල සේරසිංහ : ඔබ 2022 සැප්තැම්බර් 17 වැනිදා රැස්වීමට සහභාගි වුණා වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහභාගි වුණ...

සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි...

නීතිඥ අසේල සේරසිංහ : කවුද ඒකට ඇවිත් හිටියේ...

සාක්ෂිකාරිය: සාක්ෂිකාරිය නම් කීපයක් පවසයි...

නීතිඥ අසේල සේරසිංහ : කවුද වෛද්‍ය සැපයීම් අංශයේ (msd) එකේ ඩිරෙක්ටර්වරු හිටියේ...

සාක්ෂිකාරිය: දෙවෙනි චූදිත හා හත් වන චූදිත හිටියා...

නීතිඥ අසේල සේරසිංහ : නම්වලින් කියන්න...

සාක්ෂිකාරිය: ඩොක්ට හේරත් හා ඩොක්ට කපිල වික්‍රමනායක...

නීතිඥ අසේල සේරසිංහ : ඔබ උසාවිය හමුවේ බොරු කියන්නේ එහෙම නෑ නේද...

සාක්ෂිකාරිය:  බොරු කියන්නෙ නෑ ස්වාමීනී...

නීතිඥ අසේල සේරසිංහ : ස්වාමීනී මම යෝජනා කරනවා 2022 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය වන තුරුම විශේෂඥ වෛද්‍ය දොස්තර කපිල වික්‍රමනායක මහත්මා ලංකාවේ සිටියේ නැහැ කියලා. එතුමන් වැඩිදුර අධ්‍යාපන කටයුත්තකට විදේශ ගත වෙලා හිටියේ.. 

ඒ අයුරින් සාක්ෂිකාරිය විසින් ලබා දෙන ලද කරුණු කීපයක්ම සාවද්‍ය කරුණු බව විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඇතුළු කීපදෙනෙක්ම ඔප්පු කර පෙන්වනු ලැබීය...

නීතිඥ අසේල සේරසිංහ : ඔබ පලපුරුදු ප්‍රසම්පාදන නිලධාරිනියක්... පර්චස් ඕඩර් එකක් අවශ්‍යයිද WOR එකක් නිකුත් කරන්න...

සාක්ෂිකාරිය: නැහැ නැහැ.WOR එක අරන් ආවට පසුව තමයි පර්චසින් ඕඩර් එකදෙන්නේ...

නීතිඥ අසේල සේරසිංහ : මම යෝජනා කරනවා සාක්ෂිකාරිය අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරනවා කියලා..

සාක්ෂිකාරිය: නැහැ ස්වාමීනී අසත්‍ය නෙවෙයි

නීතිඥ අසේල සේරසිංහ : ඔබ කියන්නේ බොරු... මෙම පනතේම තියෙනවා WOR එක දෙනකොට පර්චස් ඕඩර් එක අරන් එන්න ඕන කියල. ඔබ කොහොමද එම නීතිය වෙනස් කරන්නේ... 

සාක්ෂිකාරිය නිරුත්තර වූවාය. මෙහිදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ද උත්තර දීමට කිසිවක් නොමැතිව බලාසිටි බව පෙනී ගියේය.

ඒ සමගම සාක්ෂි කාරියගෙන් එදින  හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර වැඩිදුර සාක්ෂි විභාගය සඳුදා තෙක් කල් තැබීමට නියම විය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.

“අයිසොලෙස් බයෝ ටෙක් පාමා” සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0