ලංකා විදුලිබල මණ්ඩලය අද සිට හමාරයි...
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ කොදු නාරටිය ලෙස දශක පහකට අධික කාලයක් තිස්සේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කී ව්‍යවස්ථාපිත රාජ්‍ය සමාගමක් වූ “ලංකා විදුලි බල මණ්ඩලය” 2026 මාර්තු මස 09 (අද) සිට අහෝසි කර දමා ඇතැයි ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය
අද සිට හමාරයි...
කාලීන පුවත් අංශය.
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ කොදු නාරටිය ලෙස දශක පහකට අධික කාලයක් තිස්සේ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කී ව්‍යවස්ථාපිත රාජ්‍ය සමාගමක් වූ “ලංකා විදුලි බල මණ්ඩලය” 2026 මාර්තු මස 09 (අද) සිට අහෝසි කර දමා ඇතැයි ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා පවසයි.
පෙර පැවති විවිධ රජයන් විටින් විට විදුලි බල මණ්ඩලය සඳහා ප්‍රතිසංස්කරණයේ මුවාවෙන් "ප්‍රතිව්‍යුහගත කිරීම" ලෙස හඳුන්වා දුන් විදුලි බල මණ්ඩලය විකුණා දැනීමේ සෑම යෝජනාවක්ම විදුලි බල ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ගේ සහ පොදු ජනතාවගේ මැදිහත් වීමෙන් පැවති උද්ඝෝෂණ සටන් මත පරාජය වූ බවත්, ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ වෘත්තීය සමිති අද බලයට පැමිණ සිටින්නේ එම ජයග්‍රහණ මත තම ධජ ඔසවා එවන් ප්‍රතිසංස්කරන වලට තම පාලනයක් යටතේ කිසිසේත්ම ඉඩ සලසන්නේ නැති බවට ජනතාව ඉදිරියේ පොරොන්දු ලබා දී බවත් දුලාර ගුණතිලක මතක් කර සිටියේය.
වර්තමානයේ රාජ්‍ය බලය ලබාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ ජනතාව හමුවේ තැබූ එම පරණ පොරොන්දු අමතක කරමින් විවිධ ප්‍රලාප කියමින් සිටින බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය... දශක පහකට අධික ප්‍රෞඩ ඉතිහාසයක් ඇති මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ කොඳු නාරටිය බඳු වූ ලංකා විදුලිබල මණ්ඩලය 2026 මාර්තු 09 වන දින සිට නිල වශයෙන් අහෝසි කර තිබේ.
රජය විසින් මෙය හුදෙක් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කළ ද, සැබවින්ම සිදුව ඇත්තේ "ප්‍රතිව්‍යුහගත කිරීම" යන ආකර්ශනීය වචනවලට මුවා වී රජය සතු පොදු දේපළ පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියකි. විශේෂයෙන්ම වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූයේ රාජ්‍ය සම්පත් කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවට ජනතාවට ලබා දුන් දැඩි පොරොන්දු මත පදනම්වය. ජනාධිපති අනුර කුමාර දිසානායක, කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් සියලූම දෙනා පසුගිය කාලසීමාව පුරාම විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බවට දිගින් දිගටම සහතික වුවද, අද වන විට එම පොරොන්දු සුන් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලික සමාගම් හයක් යටතට පත් කර අවසන්ය.
මෙම නව තීරණයට අනුව ලංවිම සතු කාර්යභාරයන් ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් පුද්ගලික සමාගම, නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම, සී.ඊ.බී. එම්ප්ලෝයීස් ෆන්ඩ් පුද්ගලික සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා පුද්ගලික සමාගම යන ආයතන වෙත පවරා ඇත.
ආයතනය මෙලෙස පුද්ගලික සමාගම් බවට පත් කිරීම හරහා රජය පෞද්ගලීකරණයේ මාවත නිල වශයෙන් විවර කර ඇති අතර, මෙතෙක් මහජනතාව සතු වූ බලශක්ති අයිතිය පුද්ගලික අංශයේ ග්‍රහණයට නතු වීමේ අවදානමක් මතු වී තිබේ. මෙය ජනාධිපතිවරයා ලැබූ, ඔවුන්ගේ වචනවලින්ම කියන ආකාරයට "සමාජ පරිවර්තනීය ජනවරමට" සෘජුවම පටහැනි ක්‍රියාවක් ලෙස පෙන්වා දිය හැක.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයන් 12,000කගේ පමණ රැකියා සුරක්ෂිතතාව අද වන විට දැඩි තර්ජනයකට ලක්ව ඇත. ඇමති කුමාර ජයකොඩි මහතා පවා සමූහ රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳව අදහස් දක්වා ඇති අතර, සේවක අයිතීන් සුරැකීමට නීතිමය සංශෝධන අවශ්‍ය බව පෙන්වා දී තිබේ. ආණ්ඩුවේ මෙම ඒකපාර්ශ්වික තීරණයට එරෙහිව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ග නව අදියරකින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ පවතින බරපතළ තත්ත්වය හමුවේය.
සේවාවේ ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට මෙම ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව රජය පැවසුව ද, ප්‍රායෝගිකව සිදුව ඇත්තේ දශක ගණනාවක් ලංවිම රැකගත් සේවක ප්‍රජාව ඇතුළු සමස්ත මහජනතාව සහ රටේ බලශක්ති සුරක්ෂිතභාවය පාවා දීමක් බව පැහැදිලිය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
1
Wow
0

