“අභියෝග මැදින් අභිමානය කරා”

“ලොවක් වටින්නේ එකම එක මවකට පමණි...” යන්න පැරණි කියමනකි. නමුත් වර්තමානය වන විට එම කියමන "ලොවක් වටින්නේ එකම එක කාන්තාවකට පමණි" යන්න දක්වා පුළුල් වී තිබේ. ඒ ඇය අද වන විට පවුල තුළ පමණක් නොව, සමාජීය, ආර්ථික සහ දේශපාලනික යන සෑම ක්ෂේත්‍රයකම සිය අනන්‍ය සලකුණ තබා හමාර බැවිනි.

Mar 8, 2026 - 09:48
 5
“අභියෝග මැදින් අභිමානය කරා”


“ අභියෝග මැදින් අභිමානය කරා” 

“ලොවක් වටින්නේ එකම එක මවකට පමණි...” යන්න පැරණි කියමනකි. නමුත් වර්තමානය වන විට එම කියමන "ලොවක් වටින්නේ එකම එක කාන්තාවකට පමණි" යන්න දක්වා පුළුල් වී තිබේ. ඒ ඇය අද වන විට පවුල තුළ පමණක් නොව, සමාජීය, ආර්ථික සහ දේශපාලනික යන සෑම ක්ෂේත්‍රයකම සිය අනන්‍ය සලකුණ තබා හමාර බැවිනි.

අද මාර්තු 8 වැනිදා ය. ලොව පුරා වෙසෙන බිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ කැපවීම ඇගයීමට ලක් කරන “ජාත්‍යන්තර කාන්තා දිනයයි”

“අතීතයේ සිට වර්තමානය දක්වා”

කාන්තා දිනයක ආරම්භය හුදු සැමරුමකට පමණක් සීමා වූවක් නොවේ. එය 20 වැනි සියවසේ මුල් භාගයේදී තමන්ගේ අයිතිවාසිකම්, සේවා තත්ත්වයන් සහ ඡන්ද බලය ඉල්ලා කාන්තාවන් කළ අරගලයක ප්‍රතිඵලයකි. 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගත් මෙම දිනය, අද වන විට කාන්තාවන් ලැබූ ජයග්‍රහණ සැමරීමට මෙන්ම තවමත් පවතින අසමානතාවන්ට එරෙහිව හඬ නැගීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි.

“ශ්‍රී ලාංකේය කාන්තාව: රටේ ජීවනාලිය”

අපේ රටේ ආර්ථිකය දෙස බැලීමේදී කාන්තාව ඉටුකරන මෙහෙය අතිමහත්ය.

“විදේශ විනිමය” මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරමින් රටට ඩොලර් එවන්නේ අපේ දිරිය කන්තාවන්ය.
“තේ කර්මාන්තය” ලෝක ප්‍රකට සිලෝන් ටී (Ceylon Tea) පිටුපස සිටින්නේ දළු නෙළන ඇයගේ දෑතේ ශක්තියයි.
“ඇඟලුම් ක්ෂේත්‍රය” මෙරට ප්‍රධාන අපනයන ආදායම උත්පාදනය කරන ඇඟලුම් කම්හල් තුළ දහදිය හෙළන්නේ "ඇඟලුම් සේවිකාව" නමින් හඳුන්වන අපේ සහෝදරියන්ය.

“අභියෝග තවමත් ඉතිරිව ඇත”

ඇය අභ්‍යවකාශයට ගියත්, රටවල් පාලනය කළත්, සමාජය තුළ ඇය තවමත් මුහුණ දෙන ගැටලු රාශියකි.

1. “ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය” බොහෝ කාන්තාවන් නිවස තුළදීම කායික හා මානසික පීඩාවන්ට ලක් වේ.
2. “වැටුප් විෂමතා” එකම කාර්යයේ නිරත වුවද පුරුෂයන්ට සාපේක්ෂව අඩු වැටුප් ලැබීම ඇතැම් ක්ෂේත්‍රවල තවමත් පවතී.
3. නියෝජනය” තීරණ ගන්නා මට්ටමේ (දේශපාලන සහ කළමනාකරණ) කාන්තා නියෝජනය තවමත් ප්‍රමාණවත් නොවේ.

“ඇයව දිරිගන්වමු”

කාන්තා දිනය යනු වසරකට වරක් මල් කළඹක් දී හෝ සුබ පැතුම් පණිවිඩයක් මුදාහැර අවසන් කළ යුතු දෙයක් නොවේ. ඇයට අවශ්‍ය වන්නේ “ගෞරවය, ආරක්ෂාව සහ සමාන අවස්ථා” ලබා දීමයි. ඇය සතු හැකියාවන් හඳුනාගෙන, ඇයගේ සිහින කරා යාමට අතහිත දීම මුළු මහත් සමාජයකම වගකීමකි.

කාන්තාවකට අධ්‍යාපනය ලබා දීම යනු පවුලකටම, ගමකටම සහ රටකටම ආලෝකය ලබා දීමකි. ඇය ශක්තිමත් වන තරමට ලෝකය වඩාත් සුන්දර තැනක් වනු ඇත.

“ලොවක් දිනන්නට වෙර දරන සියලුම දිරිය කතුන්ට අපගේ උපහාරය මෙසේ පිරිනමමු!”

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0