ඊබ්‍රහිම් පවුලේ රන්-මැණික් නිදහස් කිරීමට නියෝග.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුවූ දිනයේ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස් නිවසේ බෝම්බ පිපිරීමකට ලක්වූ ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු වටිනා දේපළ ඔහුගේ සහෝදර ඊබ්‍රහිම් ඉෆ්ලාල් අහමඩ්ට සතියකින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය.
රත්තරන් - නිදහස්
ඊබ්‍රහිම් පවුලේ රන්-මැණික්
නිදහස් කිරීමට නියෝග.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුවූ දිනයේ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස් නිවසේ බෝම්බ පිපිරීමකට ලක්වූ ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, මැණික් ඇතුළු වටිනා දේපළ ඔහුගේ සහෝදර ඊබ්‍රහිම් ඉෆ්ලාල් අහමඩ්ට සතියකින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (25) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදෙමින් පෙන්වා දුන්නේ, විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබාදී තිබෙන බවයි. සතියක කාලයක් ඒ සදහා දී ඇති බවත් ලබාදුන් නියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොසලකා හැරීම අධිකරණයට අගෞරව කිරීමක් බවත් බෙන්වා දුන්නේය. තීන්දුව ක්‍රියාත්මක නොකළහොත් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
එම රන්-මැණික් භාණ්ඩ තමන්ට අයත් බව පවසමින්, පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයකට ගොස් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්, දෙමටගොඩ නිවසේ පිපිරීමෙන් මියගිය ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනාගේ සොහොයුරු වන ඊබ්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් විසින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.
මීට පෙර පූර්වාගාමී මහේස්ත්‍රාත්වරියක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළත් එය නොසලකා හැරීම ගැන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා බරපතලව විවේචනය කළේය. “විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබියදී කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව” පෙන්වා දුන් ඔහු, අධිකරණ නියෝග පැහැර හැරීම හෝ මග හැරීම බරපතල වරදක් බවත්, එවැනි ක්‍රියාවකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පැවසීය.
එම භාණ්ඩ මේ වන විට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව පවසමින් සාධාරණ කාලයක් ඉල්ලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා පිළිතුරු දෙමින් කියා සිටියේ, “සතියක් ඇතුළත මෙම භාණ්ඩ ඉල්ලීම්කරුට මුදා හැරිය යුතු බව”යි. එසේම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකර නීතිපතිවරයාගේ උපදෙස් පැතීම ද වැරදි ක්‍රියාවක් බවත් සඳහන් කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් තවදුරටත් විභාගයට ගැනීම සඳහා ජුනි 17 වැනිදා නඩුව කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, ඇතැම් අයට අධි චෝදනා ගොනු කර ඇති අතර ඇතැම් අය නිදහස් කර ඇත. ඒ එච් එම් රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන දෙදෙනාද ඇප මත මුදාහැර ඇති අතර නඩුව පවතින දිනවල විවෘත අධිකරණයේ පෙනී සිටිය යුතුවේ.
නයන
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

