සලේ ගත්තේ කරුණු ඇතිව. වැඩිදුර විස්තර පසුව මාධ්‍ය වලට කියනවා
ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන එල්ල කර ගනිමින් සිදුකළ “ඉතිහාසයේ බරපතලම ත්‍රස්ත ක්‍රියාව” ලෙසින් සැලකෙන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට අදාළ සැකකරුවෙකු ලෙස නම්කර සිටි, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අද (25) උදෑසන අත්අඩංගුවට පත් වී ඇත.
සලේ ගත්තේ කරුණු ඇතිව.
වැඩිදුර විස්තර පසුව
මාධ්‍ය වලට කියනවා...
වුට්ලර් සහ සජීව මැදවත්ත පවසති.
ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන එල්ල කර ගනිමින් සිදුකළ “ඉතිහාසයේ බරපතලම ත්‍රස්ත ක්‍රියාව” ලෙසින් සැලකෙන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවලට අදාළ සැකකරුවෙකු ලෙස නම්කර සිටි, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අද (25) උදෑසන අත්අඩංගුවට පත් වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි වාර්තා වේ.
2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා ප්‍රහාරය වන විට යුධ හමුදාවේ බිගේඩියර් වරයකු ලෙසින් කටයුතු කර ඇති සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇති බව වාර්තා වී තිබේ.
ඊට පසු කලෙක ඔහු මලයාසියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙසද සලේ කටයුතු කර ඇත.
සුරේෂ් සලේ මේ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රාජකාරිමය වශයෙන් ඉමහත් සේවාවක් සහ ඒ වෙනුවෙන් කැප කිරීමක් කළ දුලභ ගණයේ නිලධාරියකු ලෙස නමක් දිනා සිටින නිලධාරියකි. එබැවින් ඔහුගේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කරන ලද විමසීමකදී මාධ්‍යවලට අදහස් දක්වමින් පොලිසිය අද දහවල් විශේෂ ප්‍රකාශයක් කළේය...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති නිසා සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට සිදු වී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් සඳහන් කළේය.
එසේම ඔහුගෙන් ඉතා වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති බැවින් විශේෂ රැඳවුම් නියෝගයක් ලබා ගන්නට පොලිසිය කටයුතු කරමින් සිටින බවද මාධ්‍ය ඉදිරියේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කළේය. මාධ්‍යවලින් මේ පිළිබඳව තව තවත් ප්‍රශ්න කළත් වැඩිදුර විස්තර කිසිවක් මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ පොලිසිය, ඉතා ඉක්මනින් මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා වැඩිදුර කරුණු දක්වන්නට බලාපොරොත්තු වන බව කියා සිටියහ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

