රාජකාරියෙන් ඉවත්කිරීම නීතියට පටහැනියි...

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමාව රාජකාරියෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පිරිස ගත් තීරණය බල රහිතකර තමන් යළි එම රාජකාරියේ යෙදවීමට නියෝග කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා අද (ඊයේ) අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කළේය

Feb 19, 2026 - 10:20
 11
රාජකාරියෙන් ඉවත්කිරීම නීතියට පටහැනියි...

රාජකාරියෙන් ඉවත්කිරීම

නීතියට පටහැනියි...

චමින්ද කුලරත්නගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්...

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමාව රාජකාරියෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පිරිස ගත් තීරණය බල රහිතකර තමන් යළි එම රාජකාරියේ යෙදවීමට නියෝග කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුමාර කුලරත්න මහතා අද (ඊයේ) අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කළේය...


මෙම පෙත්සම ඉදිරිපත් කරමින් ලෙස චමින්ද කුමාර මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර, කතානායක ජගත් වික්‍රමනායක, සභා නායක බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආදී  දේශපාලඥයින් හා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. නීතිඥ එස් ඩබ්ලිව් අමිල කුමාර මහතා චමින්ද කුලරත්න වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.


2023 සැප්තැම්බර් 15 වනදා තමන් එම තනතුරට පත් වූ බවත්, එකී පත්වීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මතු වී ඇති බව පවසමින් තමන්ව ඉකුත් 23 වෙනිදා සිට වැඩ තහනමට ලක් කර ඇති බවත් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුමාර කුලරත්න මහතා එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි...

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0