බෙහෙතක් වැරදුනොත් නිසැකයි මරණය...
ඖෂධ ද්‍රව්‍ය ගෙන්වීමේ ක්‍රියාන්විතය මොනතරම් සැලසුම් සහගතව, සූක්ෂමව, විධිමත්ව හා ආරක්ෂිතව පවත්වාගෙන යන්නට රජයක් උත්සාහ කළත් ඒ සියල්ල මැද ක්‍රමවේද හා වියතිරේක මගහැර වෙට්ටු දමා වංගු ගසා අපේ ඖෂධ වෙළඳපලට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමට හැකි බව පෙනෙන්නේ අද උසාවියේ පවතින “නඩුහබ” ගැන සලකා බලන විටය.
බෙහෙතක් වැරදුනොත්
නිසැකයි මරණය...
කූට නිලධාරීන් හා කපටි ව්‍යාපාරිකයින් අමතක කොට
දේශපාලනඥ මුවහමට තලමුද...
රටක ජනතාව පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒවා සෞඛ්‍ය සම්පන්න හොඳ තත්ත්වයේ ආහාර බවට විශ්වාසයක් හා වගකීමක් රජයකට තිබිය යුතුවේ...
ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමටත් වඩා රටක්, රජයක් අතිශයින් සැලකිලිමත් වියයුතු වන්නේ ඖෂධ ද්‍රව්‍ය ආනයනය කිරීම කෙරෙහිය. ඖෂධ ද්‍රව්‍ය රටකට ආනයනය කිරීමේ ක්‍රියාන්විතය අර තරම් සරල වී නැත්තේ ඒ නිසාය.
ඖෂධ ද්‍රව්‍ය ගෙන්වීමේ ක්‍රියාන්විතය මොනතරම් සැලසුම් සහගතව, සූක්ෂමව, විධිමත්ව හා ආරක්ෂිතව පවත්වාගෙන යන්නට රජයක් උත්සාහ කළත් ඒ සියල්ල මැද ක්‍රමවේද හා වියතිරේක මගහැර වෙට්ටු දමා වංගු ගසා අපේ ඖෂධ වෙළඳපලට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීමට හැකි බව පෙනෙන්නේ අද උසාවියේ පවතින “නඩුහබ” ගැන සලකා බලන විටය.
එහෙත් රටක් ජාතියක් හැටියට අපේ මුලු මහත් සමාජය හුරු පුරුදු වී ඇත්තේ මේ සියලු වැරදිවලට දේශපාලඥයා දඬු කඳේ ගසන්නටය. පසුගිය දිනවල අධිකරණ ක්ෂේත්‍රයේ විභාගයට ලක් කෙරෙන ඇතැම් නඩු හබවලින් අනාවරණය වන්නේ දේශපාලනඥයාටත් වඩා මෙවන් භයානක අපරාධවලට වගකිවයුතු කූට ව්‍යාපාරික හා නිලධාරී පැලැන්තියක් “දේශපාලනඥයාට මුවාවී” සැමදා නොවෙනස්ව සුරැකිව පවතින බවයි...
දේශපාලනඥයා කලින් කලට මාරු වෙයි. හිස්තැන ගන්නට අලුතින් පැමිණෙයි. එහෙත් නිලධාරී ව්‍යාපාරික එකමුතුව සදාකල් පවතියි.
තේරුම් ගත යුතු ඉතාමත්ම වැදගත් කාරණය මෙයයි. කාගේ හෝ වරදින් මේ රටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය නිසි ප්‍රමාතියට නොවූ විට පිරිහෙන්නේ මහජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයයි. එහෙත් යම් හෙයකින් මේ රටට ගෙන්වන ඖෂධ වර්ග නිසි ප්‍රමිතියට නැතිනම් ජාතියක් හැටියට අපට “අහිමි වන්නේ” ජීවත්වීමේ අයිතියයි...
එබැවින් ආහාර ද්‍රව්‍යවලට වඩා සිය දහස් ගුණයකින් රටක් ජාතියක් නිසි ප්‍රමිතියකින් යුතු “උසස් තත්ත්වයේ ඖෂධ” වර්ග ගෙන්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මෙයින් අවධාරණය කෙරේ...
පසුගිය 13 වැනිදාත් “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” (Human Immunoglobulim) ඖෂධ නඩුවේ අටවෙනි සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිණියක ලෙස සේවය කරන ඖෂධවේදිනී නිශානි ලංකා කරුණාතිලක මහත්මිය පෙන්වා දුන්නේ මේ රටට ඖෂධ ගෙන්වීමේදී නිලධාරින් සහ ව්‍යාපාරිකයින් එකතුවී නිසි ක්‍රමවේදයට වෙට්ටු දමමින් වංගු ගහන සාක්ෂි සාධක කීපයක් ගැනය...
පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම්කොට ඇති ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන නිශානි ලංකා කරුණාතිලක මහත්මිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සිව්වන දිනටත් ඊයේ (13) මූලික සාක්ෂි ලබා දුන්නාය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ (13) පෙරවරු 10.00 ට පමණ ආරම්භ කෙරිණි.
පැමිණිල්ල විසින් පැමිණිල්ලේ සාක්ෂි ලෙස අධිකරණය හමුවේ ගොනුකර තිබූ ප්‍රශ්න ගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය උපයෝගී කර ගනිමින් ආනයනය කිරීමට අදාළව ඖෂධ නියාමන අධිකාරිය භාරයේ තිබූ ලිපිගොනු විශාල ප්‍රමාණයක් හා ඒවායේ අඩංගු විවිධ ලේඛන විශාල ප්‍රමාණයක් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විසින් එම සාක්ෂිකාරිය මගින් ලකුණු කිරීමට පියවර ගත්තාය.
හදිසි විශේෂ සීඝ්‍රගාමි ක්‍රමවේදය යටතේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අදාල ඉල්ලුම් පත්‍ර ඒවාට අදාළව ඖෂධ ඇගැයීම් කමිටුව මගින් ලබා දුන් නිර්දේශ, ප්‍රතික්ෂේප කිරීම් හා පිළිගැනීම් මෙන්ම ඒවාට හේතු පාදක වූ කරුණු ද සාක්ෂිකාරිය මගින් විවෘත අධිකරණය හමුවේදී පැමිණිල්ලේ සාක්ෂි ලෙස සලකුණු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පියවර ගත්තාය.
ඖෂධ ඇගයීම් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ පදනම් කොටගෙන එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දොළොස්වන විත්තිකාර වෛද්‍ය විජිත් රණසිංහ ගුණසේකර මහතා විසින් 2022 සැප්තැම්බර් 19 වැනිදා හා 2023 ජනවාරි මාසය දක්වා වූ කාලය තුළදී ලබා දුන් නියෝග හා අනුමත කිරීම්වලට අදාල ලේඛන වල ඇති 12 වන විත්තිකරුගේ කෙටි අත්සන්ද එම සාක්ෂිකාරිය මගින් සලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පියවර ගත්තාය.
පෙර කී ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආනයනය කරන ලද ඖෂධවල, ඒවා ආනයනය කළ සමාගම්වල තොරතුරු ද පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ ලකුණු කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් පියවර ගත්තාය.
නීතිඥ අසේල සේරසිංහ, ඉසුරු ජයවර්ධන, දිනුෂ් රන්දෙනිය, ගයන්ත විජය සුන්දර, රහුල් ජයතිලක, රවිහංස විජේසිංහ, ඉසුරු අබේගුණවර්ධන, කසුන් සරත්චන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අමිත ආරියරත්න, අශෝක සේරසිංහ, චමින්ද අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විත්තිය නියෝජනය කළේය. දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ (5) 1 වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි විත්තිකරුවන්ට එමගින් චෝදනා නගා තිබිණි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරියගෙන් පස්වන දිනටත් මූලික සාක්ෂි විමසීම ලබන 16 දක්වා කල්තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (13)නියෝග කළේය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
1
Wow
0

