විමල්ගේ ගෝරනාඩුවෙන් පසු “බෞද්ධයාගේ ධජය” යළි නිදහස් චතුරස්‍ර ගුවනේ...

“මේක 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න 2011 දී ස්ථාපිත කරපු බෞද්ධ කොඩිය. 2012 දී නවනීදන් පිල්ලේ ඇවිල්ලා අන්‍යාගමිකයින්ගේ හිත රිදේවි, ඒක නිසා ඕක ගලවන්න කියලා කිව්වට, එවකට හිටපු අභිමානවත් රාජ්‍ය පාලකයා ඕකට අතවත් කිව්වේ නෑ. ඒ උණාට මේ “නිරාගමිකයින්” ඇවිල්ලා අන්‍යාගමිකයින්ගේ හිත රිදේවි කියලා මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාවගේ බෞද්ධ කොඩිය ගලවලා දැම්මා.

Feb 13, 2026 - 20:46
 15
විමල්ගේ ගෝරනාඩුවෙන් පසු   “බෞද්ධයාගේ ධජය”   යළි නිදහස් චතුරස්‍ර ගුවනේ...

විමල්ගේ ගෝරනාඩුවෙන් පසු 

“බෞද්ධයාගේ ධජය” 

යළි නිදහස් චතුරස්‍ර ගුවනේ...

“මේක 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න 2011 දී ස්ථාපිත කරපු බෞද්ධ කොඩිය. 2012 දී නවනීදන් පිල්ලේ ඇවිල්ලා අන්‍යාගමිකයින්ගේ හිත රිදේවි, ඒක නිසා ඕක ගලවන්න කියලා කිව්වට, එවකට හිටපු අභිමානවත් රාජ්‍ය පාලකයා ඕකට අතවත් කිව්වේ නෑ.  ඒ උණාට මේ “නිරාගමිකයින්” ඇවිල්ලා  අන්‍යාගමිකයින්ගේ හිත රිදේවි කියලා මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාවගේ බෞද්ධ කොඩිය ගලවලා දැම්මා. 


මම මේ රජයට දින තුනක් කල් දෙනවා. වහාම සඳුදා (9) වෙන්න කලින් මේ බෞද්ධ කොඩිය වහාම තිබුන වගේම යළි ස්ථාපිත කරන්න. එහෙම නැත්නම් මම, මේ රටට ආගමට ජාතියට ආදරය කරන ශ්‍රී ලාංකික පුරවැසියන් සමග ඇවිත් මේ බෞද්ධ කොඩිය යළි ස්ථාපිත කරන්න පියවර ගන්නවා . මට කියලා අන්න ඒක කරවන්න ඉඩ තියන්න එපා.”


 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගිය 5 වනදා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් රජයට කරන ලද එම අනතුරු ඇගවීමෙන් පසුව 06 වනදා එම බෞද්ධ ධජය වගකිය යුතු අංශ විසින් ගෙනවිත්, යළි කොළඹ නිදහස් චතුරස්‍රයේ  දැවැන්ත කොඩි කණුව මත ස්ථාපිත කර ඇතැයි වාර්තාවේ.


විමල් වීරවංශ මහතා මෙම මාධ්‍ය හමුවේදී පහුගිය 4 වනදා නිදහස් චතුරස්‍රයේ පැවැති, වත්මන් රජයේ දෙවැනි ජාතික නිදහස් දිනය සැමරීම පිළිබඳ තවත් අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. පහුගිය කාලයේ යුද්ධය පිණිස “ණයට ගත් මුදල්වලින්” ලබාගන්නා ලද “සන්නද්ධ රථ, ප්‍රහාරක ගුවන් යානා හා අවි ආයුධ” පෙන්වීමෙන් අභිමානයක් ඇති වන්නේ නැතැයි කියමින් මෙවර නිදහස් උළෙලේදී හමුදාවන් සතු යුද ශක්තිය ප්‍රදර්ශනය නොකිරීම ගැනත්, “ආමි කමාන්ඩෝ” හා “විශේෂ බලකාය” වැනි මේ රටේ අද්විතීය අභිමානවත් බලකායන් ආචාර පෙළපාලියේ හඳුන්වා දීමේ දී “දිට්වා” ආපදා සහන සේවාවන් සලසන්නට ජනතාවට උදව් උපකාර කළ හමුදාවන් බවත්, ආරක්ෂක හමුදා සාමාජිකයින් හැඳින්වීමට මේ රටේ චිරාත් කාලයක් තිස්සේ පිළිගත් යෙදුම ලෙස සැලකූ “රණවිරුවන්” යන යෙදුම ඉවත් කර ඒ වෙනුවට නිකම්ම නිකං “සෙබලු” යන හැඳින්වීම යොදා ඇති බවත් විමල් වීරවංශ පෙන්වා දුන්නේය .


ඔහු පෙන්වා දුන්නේ වත්මන් රජය මේ ආකාරයෙන් මේ රටේ අනාදිමත් කාලයක සිට “රාජ්‍යය” රැකගත් විරෝධාර හමුදාවන්ගේ සේවය හා ඒ වෙනුවෙන් දිවි පුදන ලද ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන්ගේ කැපකිරීම හා අභිමානවත් සේවය බරපතල ලෙස හෑල්ලුවට හා අපහාසයට ලක් කර ඇති බවයි.
විමල් වීරරත්න මහතා එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් කරන ලදී අදහස් පැහැදිලි කිරීමේ විශේෂයෙන්ම කොටස් කිහිපයක් මෙසේය...


අපට මතකයි එක අවස්ථාවක 2012 විතර මගේ මතකය අනුව “නවනීදන් පිල්ලේ” එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කොමිසමේ නිලධාරිණිය ලංකාවට ආපු වෙලේ එවකට හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමක් පවා කළා, ඇයි මේ බෞද්ධ කොඩිය මෙතන තියෙන්නේ. ඒක “අන්‍යාගමිකයන්ගේ” සිත් රිදවනවා නේද, අරකද මේකද කියලා. එයා හරි උදහසට ලක් වුණා මේ කොඩිය දැකලා.


ඉතින් නවනීදන් පිල්ලේ එහෙම උදහසට ලක් වුණයි කියලා ඒ කොඩිය ගැලවුණේ නැහැ. ඊට පස්සේ ආපු කිසිම ආණ්ඩුවක්වත් ඒ කොඩියට අත තිබ්බේ නැහැ. දැන් මොකද වුණේ? නිදහස් චතුරස්‍රයට 78 වැනි නිදහස් සමරුව අරන් ගිහිල්ලා අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුව “නිදහස් උත්සවයට මුවා වෙලා” පළමුවෙන්ම කළේ අර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් 2011 සවි කරපු, ඒ පාදමේ තියෙනවා සමරු සටහන. මෙම බෞද්ධ ධජය ඔසවා ඇත්තේ 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කියලා.


මේක තේරවාදී බෞද්ධ රාජ්‍යයක්. ඒ තේරවාදී බුදු දහම ලෝකයට ආරක්ෂා කරලා දුන්නු රට. බුදුන් වහන්සේ තමන්ගේ දර්ශනය දහම ආරක්ෂා වසර 5000ක් රකින රට කියලා බලාපොරොත්තු තබූ මේ පොළොව. ඒ පොළොවේ ඔසවන බෞද්ධ කොඩිය ආණ්ඩුව විසින්ම නියෝග දීලා ජනාධිපති විසින්ම නියෝග දීලා ගලවනවා ඒක ගලවලා එතුමා යනවා මොනවද “ධාතු ප්‍රදර්ශනවලට” ගිහිල්ලා මහත් “බැතිමත් උපාසක” මහත්තයා වගේ එතන ඉන්නවා වැඳගෙන.


අපි මේ රටේ සියලු පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයත් ඒ වගේම සියලුම බෞද්ධ ජනතාවගෙනුත් මේ කරපු “දුෂ්ට ක්‍රියාව” මේක නිකන් කොඩියක් ඉවත් කිරීමක් නෙවෙයි. මේක නිකන් දාපු කොඩියක් ඉවත් කිරීමක් නෙවෙයි. 2006 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිවෙන්න “ස්මාරකයක් විදිහට” දාපු ධජයක්. බෞද්ධ ධජය ඒක ගලවන්න පුළුවන් නම් මේ “නිරාගමික කල්ලියට” ඒක ගලවන්න ධෛර්ය තියෙනවා නම් මේ “හිපාටු ආණ්ඩුවට” අපි ඒකට ඉඩ දිය යුතු නැහැ.


ඊළඟ දේ තමයි දැන් මේ 78 වැනි නිදහස් සමරුවේ අපි කවුරුත් දැක්කා මෙච්චර කල් හැම නිදහස් දින සමරුවකම හමුදා පෙළපාලියේ අපේ “අවිආයුධ ශක්තිය” අපි විදහා පෙන්නුවා. ඒ අවිආයුධ ශක්තිය විදහා පෙන්නීම රටක ස්වභාවයක්. අපි දන්නවා මේ දෙවන ලෝක යුද්ධ කාලයේ සෝවියට් සංගමයේ රතු හමුදාව හිට්ලර්ගේ නාසි හමුදාව පරද්දපු එක අදත් සමරනවා. අද සමරන්නේ අද තියෙන නවීන අවි ආයුධත් එක්ක.


දැන් මේ මෙහෙ සමරන්න බැහැලු, මෙහෙ ණයට “අරගත්තු අවි ආයුධ” හින්දා. ඉතින් අරගොල්ලෝ ආපු “වාහනත්” ණයට අරගත්තුවනේ. ජනාධිපති ආපු එක මේ අත්පිට මුදලට ගත්ත එකක්ද? අගමැති එන්නේ... නිකන් “හුචක්කුවක” නිදහස් දිනයට එනවා. එයා නිකන් ඒවට යන්නේ සැපට සැපේ. හරි එයා එන එක මේ අත්පිට මුදලට ගත්ත එකක්ද? ඔය ඇමතිවරු ඒගොල්ල ආවේ අත්පිට මුදලට ගත්ත වාහන වලද. නයට ගනිපුවයි එන එක “අභිමානයට හොද මදිනම්” මේ ගොල්ලෝ පයින් එන්න එපාය.


දැන් ඒ විතරක් නෙමේ. බලන්න මේගොල්ලෝ “විජයග්‍රහණයේ යුද සමුරුවත්”මම කලින් කිව්වා වගේ ජනරජ දිනය සමරුවකුත් අපේ රටේ වෙන්නේ නැහැ. දැන් නිදහස් දිනය විතරයි ඉතුරු වෙලා තිබ්බේ. දැන් ඒකත් කැඩේට් නිලධාරීන්ගේ වැඩක් වගේ වෙලා. මේක තමයි අපි කියන්නේ පාසල් යන කාලේ අපිට මතකයි අපි පුංචි කාලේ ඕක දිහා බලලා තමයි රට ගැන කිසියම් ධනාත්මක හැඟීමක් අපේ පුංචි හදවත්වල ඇති වුණේ. යම්කිසි ප්‍රබෝධයක් ඇති වුණේ. ඒක ගොඩක් වැදගත් අපේ ඊළඟ පරම්පරාවේ මානසිකත්වය රාජ්‍යයට බැඳුණු මනසක් නිර්මාණය කරන්න.


අද මොකක්ද කරන්නේ? තුට්ටු දෙකට වට්ටනවා අපේ සන්නද්ධ හමුදා කියන ප්‍රතිරූපය තුළට ට්ටු දෙකට වට්ටනවා. බලන්න මෙන්න මේ හඳුන්වන විදිය.


දැන් ඔබට පැහැදිලියි අපේ මේ “විශේෂ බලකාය” “කමාන්ඩෝ බලකාය” මේගොල්ලෝ කරලා තියෙන්නේ මේ මුළු ඉතිහාසයටම මේ “දිට්වා ආපදාවෙන්” මිනිස්සු බේරගත්තු එක. සහන සලසපු එක. “බත් පැකැට් බෙදුපු එක” අර කවුද සංචාරයක ආව විදේශිකයෝ විසි ගානක් බේරගත්තු එක. දැන් ආරක්ෂක හමුදාවක මූලික කාර්ය ඕක නෙවෙයි. ඕක අතුරු කාර්යක්. මූලික කාර්ය බාහිර සහ අභ්‍යන්තර හතුරන්ගෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම.


ඒ බලකායවල් ගැන කියනකොට ඒ “බාහිර සහ අභ්‍යන්තර හතුරන්ගෙන්” රට ආරක්ෂා කරගන්න කරපු සටන් ගැනයි කියන්න ඕනේ. ඒක තමයි ඒ ආරක්ෂක හමුදා කණ්ඩායම්වල තියෙන මූලික වගකීම්. ආපදාවක් ආවම “ඒ වැඩේ කරන එක” අතුරු වගකීම්. ඒක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලා හිටියොත් කරන වැඩක්. ඉල්ලා හිටියොත් ඉල්ලා නොහිටියොත් ඒත් කරන්නේ නැහැ. 


මේ තරම් ආරක්ෂක හමුදාව බිංදුවට බස්සනවද? මේ තරම් මේ රටේ වීරෝධාර ආරක්ෂක හමුදා සාමාජිකයාව මානසිකව බිඳවට්ටනවද? ප්‍රතිරූපය කෙලෙසනවද? මේ මොකක්ද මේ නරුම මනස? මේ තමයි රාජ්‍යයට “හතුරු මනස” රාජ්‍ය ආරක්ෂක අංශවලට “හතුරු මනස” බෞද්ධ මහා සංස්කෘතියට හතුරු මනස. මේක තමයි මේ “දුෂ්ට මනස” මේ මනස තමයි මේගොල්ලන්ගේ මේක ඇරියස්. නිදහස් දිනය කියන්නේ මේ ඇරියස් කවර කරන දිනයක්.


දැන් ජනාධිපතිවරයාගේ තියෙනවා නේ කතාවේ අනිවාර්යයෙන් අංග ටිකක්... එයා නිදහස් දින කතා යාපනයට ගියොත් අනිවාර්යයෙන් මේ ටික කියනවා. නිදහස් දිනෙත් මේ ටික කියනවා. ජාතිවාදය අන්තවාදය හිස ඔසවන්න දෙන්නේ නෑ කියලා කියනවා. ඒවා ආයේ එන්න දෙන්නේ නැහැ. හිස් ඔසවන්න දෙන්නේ නැහැ. එයා මෙහේ කියනකොටම අරහේ හිස ඔසවගෙන ඉන්නවා උතුරේ. ඒවා පේන්නේ නැහැ. අනෙක ජාතිවාදය අන්තවාදය විතරයි කියන්නේ. එහෙමනම් කියන්න ඕනේ ජාතිවාදය අන්තවාදය සහ “බෙදුම්වාදය” කියලා.  ඇයි “බෙදුම්වාදය” කියන වචනය හැලෙන්නේ? ඇයි ඒ තුනට ඒක අයිති නැද්ද? ඒක හලලා ජාතිවාදය අන්තවාදය කියලා විතරක් ගහන්නේ ඇයි? නිදහස් දිනේ ජාතිවාදය අන්තවාදය ගැන, ඒකට විරුද්ධව කතා කරනකොට ජනාධිපතිවරයා අන්න උතුරේ ජාතිවාදය අන්තවාදය විතරක් නෙවෙයි බෙදුම්වාදයක්.


බොහොම වේගයෙන් හිස ඔසවලා පෝස්ටර් ගහලා පාරේ පෙළපාලි යනවා. එතකොට ඒක ජාතිවාදය නෙවෙයිද? ඒක අන්තවාදය නෙවෙයිද? ඒක පරද්දන්න ඕනේ නැද්ද? ඒක වැඩෙන්නද දෙන්න ඕනේ. ඒක වැඩෙන දිහා ඔහේ බලාගෙන ඉඳීමද මේ ජාතිවාදී නොවීම? ඒක වැඩෙන දිහා හිස ඔසවන දිහා ඔහේ බලාගෙන සිටීමද අන්තවාදී නොවීම. ඒකට වැඩෙන්න ඉඩ දීමද ජාතිවාදී නොවීම.


මේ වෙන්නේ අපේ රටේ පවත්නා සාමකාමී තත්ත්වය ආරක්ෂක හමුදා රණවිරුවන් ජීවිත පුදලා ලබා දීපු සාමකාමී තත්ත්වය කණපිට හැලීම. ඒකෙම තව එකක් උතුරේ ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවලා කිලිනොච්චියට ගෙන එනවායයි කියමින්, කිලිනොච්චියෙන් නැවත පල්ලෙහාට ඇදගෙනේ ඒම. දැන් ඒගොල්ලෝ තීරණය කරලා ඉවරයි ආණ්ඩුව ආරක්ෂක හමුදා මූලස්ථානය යාපනයෙන් ගලවලා ගේන්න කිලිනොච්චියට ගේනවයි කියලා කියන්නේ. හැබැයි කිලිනොච්චියේ විරෝධතා ඇති කරලා ඒක එතනුපෙහට ගේන්න තමයි සැලැස්ම.


ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා හිටින්නේ මේ රටේ පොදු ජනතාවගෙන් ඔබ චන්දය දුන්නේ මේ පාවාදීමට නෙවෙයිනම්. මේ දුෂ්ට අරමුණ වෙනුවෙන් නෙවෙයිනම්. මේ දුෂ්ට අරමුණ දිගේලි කිරීම වෙනුවෙන් නෙවෙයිනම්. එය වහාම පරාජයට පත් කිරීම සඳහා, ඒ දීපු චන්දය මොකඋනත් එය නිවැරදි කිරීම සඳහා ඔබ වහාම ඉදිරිපත් වෙන්න. ඒක ඔබ සතුව තියෙන  යුතුකමක් හා වගකීමක්. ඒක පක්ෂ පාලනයක් නෙවෙයි. ඒක ජාතියත් ඒ වගේම මේ රටේ ආරක්ෂක හමුදාවත් රාජ්‍යයත් මේ රටට උරුම ඓතිහාසික සභ්‍යත්වයත් වෙනුවෙන් ඔබ ගත යුතු තීරණයක්.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0