විත්තිකාර ඇමතිවරයාගේ නිල නිවස අධිකරණයක් වූ අපූර්ව නඩු විභාගය...
සියලුම අධිකරණ කොළඹ අළුත් කඩේ හා ඊට ආසන්නව පිහිටා තිබියදී එකී ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ එලෙස කොළඹ දුර බැහැර ප්‍රදේශයකට ගෙන යාමේ තීරණය ඉතාමත්ම අගතිදායී වන්නේ යැයිද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් ඇතුළු විත්තියේ සියලු නීතිඥවරුන් ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්හ. අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විජේරාම ප්‍රදේශයට යාමට අවම වශයෙන් විනාඩි 45ක්වත් ගතවන බවත් පාසල් ආරම්භ කරන හා පාසල් ඇරෙන වෙලාවන්හි දී කොළඹ නගරයේ පවතින දැඩි මාර්ග තදබදය නිසා බොහෝවිට ඊට වැඩි කාලයක් එම අධිකරණය වෙත යාමට ගතවිය හැක්කේ ඇයිද විත්තියේ නීතිඥවරුන් විනිසුරු මඩුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්හ.
කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ
අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න
ඉමියුනුග්ලොබියුලින් එන්නත් වංචාව
විත්තිකාර ඇමතිවරයාගේ නිල නිවස
අධිකරණයක් වූ අපූර්ව නඩු විභාගය...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) ගෙන්වා රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංචා කිරීමේ චෝදනාව මත පවරා ඇති නඩුව, වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය තුළ වඩාත්ම කතාබහට ලක්වන නඩුවක් බවට පත්ව තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව විභාග වන මෙම නඩුව, සරල මූල්‍ය වංචාවකට එහා ගිය සංකීර්ණ මානයන් කිහිපයක් කරා ඇදී යමින් පවතී.
ඉතිහාසගත ස්ථාන මාරුව: විත්තිකරුගේ නිවස විනිසුරු අසුන ඉදිරියට.
මෙම නඩු විභාගයේ වඩාත්ම අවධානය දිනාගත් තීරණය වන්නේ, ලබන 09 වැනිදා සිට නඩු විභාගය පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමයි. ඒ අනුව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට කොළඹ 06, විජේරාම මාවතේ අංක 21 දරන ස්ථානයට නඩු විභාගය ගෙනයාමට තීරණය කර ඇත.
මෙහි ඇති විශේෂත්වය සහ උත්ප්‍රාසාත්මක කරුණ නම්, මෙම ස්ථානය නඩුවේ 8 වැනි විත්තිකරු වන “කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයාව සිටියදී භාවිතා කළ නිල නිවස” වීමයි. විත්තිකරුවෙකු තමා නිල වශයෙන් පදිංචිව සිටි නිවසේදීම තමාට එරෙහි නඩු විභාගයකට මුහුණ දීමට සිදුවීම ශ්‍රී ලාංකීය අධිකරණ ඉතිහාසයේ අතිශය දුර්ලභ හා විරල සිදුවීමකි.
විත්තියේ විරෝධය: “යුක්තියට බාධාවක්ද?”
අධිකරණ ස්ථානය වෙනස් කිරීමට එරෙහිව විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අනුජ ප්‍රේමරත්න සහ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් ප්‍රබල විරෝධයක් මතු කර
ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි මෙම තීරණය විත්තිකරුවන්ගේ අයිතිවාසිකම්වලට “අගතිදායක (Prejudicial)” විය හැක.
“ප්‍රායෝගික දුෂ්කරතා:” අලුත්කඩේ සහ විජේරාම මාවත අතර පවතින දැඩි රථවාහන තදබදය හේතුවෙන් ගමනාගමනයට ගතවන කාලය නීතිඥවරුන්ගේ කාර්යක්ෂමතාවට බලපායි.
“නියෝජනය අහිමි වීම” ප්‍රධාන අධිකරණ සංකීර්ණයෙන් බැහැරව නඩු විභාගය පැවැත්වීම නිසා, වෙනත් නඩුවලට පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට මෙම නඩුව සඳහා කාලය වෙන් කිරීමේ අපහසුතාවක් මතුවේ. මෙය විත්තිකරුවන්ට තමන් කැමති නීතිඥ නියෝජනයක් ලබාගැනීමට ඇති අයිතියට එල්ල වන බාධාවකි.
“ මානුෂීය සැලකිල්ල සහ ස්වාභාවික යුක්තිය”
අධිකරණය විසින් සිකුරාදා දිනවල ඉස්ලාම් භක්තික විත්තිකරුවන්ට ආගමික වතාවත් සඳහා අවස්ථාව ලබා දීම සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සලකා විවේක කාලයන් ලබා දීම වැනි තීරණ ගනු ලැබීය. කෙසේ වෙතත්, නීති විචාරකයින් පවසන්නේ මෙවැනි මානුෂීය පියවරයන් ගන්නා අතරම, “ස්වාභාවික යුක්තියේ (Natural Justice)” මූලධර්මයන්ට පටහැනි නොවන පරිදි පරිපාලනමය තීරණ (ස්ථාන මාරුව වැනි) ගැනීමේදී අධිකරණය දැඩි ලෙස සුපරීක්ෂාකාරී විය යුතු බවයි.
කඩඉම් නඩුවක් (Landmark Case) ලෙස මෙහි වැදගත්කම.
මෙම නඩුව හුදෙක් මුදල් අවභාවිතයක් පිළිබඳ තීන්දුවකට පමණක් සීමා නොවේ. එය පහත කරුණු සම්බන්ධයෙන් පෙරගමන්කාර නඩුවක් ද වනු ඇත.
“රාජ්‍ය වගවීම”: මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් සිදුකළ වංචාවන් සම්බන්ධයෙන් ඉහළ පෙළේ නිලධාරීන් සහ දේශපාලඥයින් වගකිව යුතු ආකාරය.
“රාජ්‍ය ණය කළමනාකරණය” ඖෂධ මිලදී ගැනීම් සඳහා මහජන මුදල් භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු විනිවිදභාවය.
“මානව හිමිකම්” ප්‍රමිතියෙන් තොර එන්නත් ලබාදීම මගින් රෝගීන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වීම.
ඒ අනුව ලබන 09 වැනිදා සිට “අට වැනි සැකකරුගේ පැරණි නිල නිවසේ” සිට ඇසෙන මෙම “ඉමියුනුග්ලොබියුලින්” නඩුව, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය පිළිබඳ ලෝකයාටම පාඩමක් කියා දෙනු ඇත.
එදින උසාවිය හමුවේ සිදුවූ සංසිද්ධීන් අප වාර්තාකරුට අක්ෂිගෝචර වූයේ මෙසේය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන 9 වැනිදා සිට කොළඹ 06 විජයරාම මාවතේ අංක 21 දරන ස්ථානයේ ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණය මගින් තමන්ට මෙන්ම සිය සේවාදායකයන්ටද දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බැවින් එකී තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස විත්තියේ නීතිඥවරුන් ඊයේ (05) එම විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියහ.
සියලුම අධිකරණ කොළඹ අළුත් කඩේ හා ඊට ආසන්නව පිහිටා තිබියදී එකී ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ එලෙස කොළඹ දුර බැහැර ප්‍රදේශයකට ගෙන යාමේ තීරණය ඉතාමත්ම අගතිදායී වන්නේ යැයිද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් ඇතුළු විත්තියේ සියලු නීතිඥවරුන් ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්හ. අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විජේරාම ප්‍රදේශයට යාමට අවම වශයෙන් විනාඩි 45ක්වත් ගතවන බවත් පාසල් ආරම්භ කරන හා පාසල් ඇරෙන වෙලාවන්හි දී කොළඹ නගරයේ පවතින දැඩි මාර්ග තදබදය නිසා බොහෝවිට ඊට වැඩි කාලයක් එම අධිකරණය වෙත යාමට ගතවිය හැක්කේ ඇයිද විත්තියේ නීතිඥවරුන් විනිසුරු මඩුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වීමට පෙර නීතිඥ මණ්ඩලය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ලබන 9 වැනිදාා සිට තම අධිකරණය එම ස්ථානයේ ස්ථාපිත කර ඇති නව අධිකරණයට රැගෙන යාමට තීරණය කොට ඇති බව පෙන්වා දුන්නේය.
දිවා ආහාර විවේකය සඳහා නඩු කටයුත්ත තාවකාලිකව අත්හිට වූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් විනිසුරු නිල මැදිරියට ගොස් ඒ පිළිබඳව විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කොට තිබූ අතර වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡා කොට පස්වරුව වන විට අධිකරණ රෙජිස්ටර්වරිය මගින් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බව විනිසුරු මඩුල්ල ඔවුනට දන්වා තිබිණි. එලෙස නව අධිකරණය ස්ථාපිත කර ඇත්තේ ද මෙම නඩුවේ 8 වන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2019 වසරේ සිට අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී භාවිත කළ නිල නිවසේ වන්නේ යැයි ද තතු දත් ආරංචි මාර්ග පවසයි.
එම නඩුව ඊයේ (05) සුපුරුදු පරිදි ආරම්භ කිරීමට විනාඩි කීපයකට පෙර භාෂණ පරිවර්තකයා විසින් ගොනුව රැගෙන විත්තිකරුවන් අසලට ගොස් ඔවුන්ගේ නම් අඬ ගැසීම සිදුකිරීමට උත්සාහ දැරූ අතර උසාවි කටයුතු භාර පොලිස් නිලධාරියාය විසින් එකී ක්‍රියාව වළක්වා අධිකරණ විනිශ්චය අසුන් අසලට ඔහු යොමු කිරීමට පියවර ගත්තේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ; මේ මොනවද කරන්නේ? මෙතන ඉඳලායි විත්තිකරුවන්ගේ නම් කතා කරන්නේ.
භාෂා පරිවර්තකයා ; මම දන්නේ නෑ ඒ බව
දන්නේ නැතිනම් අපෙන් හරි අහන්න එපා යැයි ඔහුට අවවාද ස්වරූපයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පැවසුවාය.
පෙර දිනයේ දී සාක්ෂි ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා දිවුරුම් පිට සාක්‍ෂි ලබා දීම ආරම්භ කළේය.
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ. එවකට අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාගෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා කාර්මික උපකරණ මිලදී ගැනීමට අදාල ව්‍යාපෘතිය පිළිබඳව විමසා ප්‍රකාශ සටහන් කළ බවත් එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාල නිර්දේශ ලබා ගැනීමට අනුකමිටු තුනක් හා සම්බන්ධිකරන කමිටුවක් ස්ථාපිත කළ බවත් විත්තියේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එහිදී දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඇසූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් එවකට පැවති රජය බලධාරීන් මැති ඇමතිවරුන් මැදිහත් වී ආරම්භ කළ එකී නය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය ලබාගෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වී ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධීකරණ කමිටුවක් හා අනුකමිටු තුනක් ආරම්භ කළ බව අධිකරණයට පැවසීය. මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කොට එකී මාර්ගෝපදේශ යටතේ ඉදිරි කටයුතු කළ බවත් 2022.03.21 වන දින ගිවිසුම් අත්සන් කොට සති දෙකක් තුළ බැංකු ඇතුළු අදාල ආයතන වෙත මාර්ගෝපදේශ සංග්‍රහය ලබා දුන් බවත් සාක්‍ෂිකරු පැවසීය.
එකී ගිවිසුම ක්‍රියාත්මක කොට මාස හතකට පසුව එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකී ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය දැක්වෙන අමාත්‍ය මණ්ඩල සටහන පැ(63) ඉදිරිපත් කළ බවත් විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් පැවසූ විත්තිකරු එකී ගිවිසුම අනුව සියලු කටයුතු 2023.03.17 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ බවද පැවසීය.
ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 115කට ආසන්න මුදලින් 2022.08.12 වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාව බැරකර සියලු කටයුතු අවසන් කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 34 ක මුදලක් පමණක් බැවින් ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 81 කට අදාළ ආයතනය කටයුතු සියල්ල 2022.12.31 වන දිනට පෙර අවසන් කරන ලෙසට සිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත රත්නායක මහතා ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය වෙත දැඩි අවවාදාත්මකව දන්වා තිබූ බවත් එලෙස එකී කටයුතු සිදු නොවන්නේ නම් ඉතිරි මුදල පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස එමගින් දන්වා තිබූ බවත් හෙතෙම විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. එලෙස දැඩි අවවාදාත්මකව ඖෂධ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය දන්වා ඇත්තේ පෞද්ගලික අංශය වෙත වෙන්වෙන්කර තිබූ මුදලින් සියයට සියයක් එකී අදාළ කටයුත්ත සඳහා යොදවා තිබීම අනුව නොවන්නේ දැයි විත්තියේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු ඒ බව පිළිගත්තේය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ අමිත ආරියරත්න යන නීතිඥවරුන්ද එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න ඇසීම සිදු කළාය. පැමිණිල්ලේ සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ වෛද්‍ය ආර්. එම්. පී. රත්නායක මහතා ද සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අද (06) දින පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙසට ඔහුට අධිකරණය අවවාද කළේය.
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය , හිටපු ඝනකාධිකාරී නෙරාන් ධනංජය මහතා, තොග පාලක සුජිත් කුමාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මහතා, මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර හේරත් මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා (විදේශගත වී ඇත) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය අරඹයේ ගෙදර තුසිත සුදර්ශන මහතා සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර යන දොළොස් දෙනා එම කමිටුවේ විත්තිකරුවෝ වෙති.
වෛද්‍ය නිර්දේශ අනුව 8වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දිවා ආහාර විවේකය සඳහා ලබාදෙන කාලයට අමතරව තවත් පැයක කාලයක් විවේක ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබීම නිසා ඔහුව පස්වරු 2.45ට පමණ අධිකරණ ශාලාවට රෝද පුටුවකින් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
1
Wow
0

