ඉමියුනොග්ලොබියුලින් නඩුවේ, ප්‍රසම්පාදක කමිටුවලට පත්කළ සාමාජික සුදුසුකම් ගැන සැකයක්.!

ප්‍රශ්නගත ඖෂධ වර්ග 66ක් සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂි විභාගය අතර විත්තියේ නීතිඥ මඩුල්ල හරස් ප්‍රශ්න ඇසීමේදී පෙන්නුම් කළ පොදු මතය වූයේ අදාළ ප්‍රසම්පාදන කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්, දැනුවත්ව හෝ නොදනුවත්ව මෙන්ම කාගේ හෝ බලපෑම මත ප්‍රසම්පාදන කමිටුවලට පත් කළ “පුද්ගලයින්” එකී වගකීම් දැරීමට සුදුසුකම් සපුරා ඇති අයවලුන් නොවන බවයි. සාක්ෂි විභාගයට ගත් පසුගිය 30 වනදා විත්තියේ නීතිඥයින් මතු කළ හරස් ප්‍රශ්නවලින් එම කාරණාව තහවුරු විය.

Jan 31, 2026 - 12:20
Jan 31, 2026 - 12:21
 44
ඉමියුනොග්ලොබියුලින් නඩුවේ,  ප්‍රසම්පාදක කමිටුවලට පත්කළ  සාමාජික සුදුසුකම් ගැන සැකයක්.!

කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ 

අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න


ඉමියුනොග්ලොබියුලින් නඩුවේ

ප්‍රසම්පාදක කමිටුවලට පත්කළ

සාමාජික සුදුසුකම් ගැන සැකයක්.!

විත්තියේ නීතිඥ ; මේ ඖෂධ වර්ග 66ම සැපයීමට අවශ්‍ය තාක්ෂණික කමිටු පත් කළේ ඔබ ? 


සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔහු නිර්දේශ කළ අයගෙන් මා එම කමිටු පත් කළා.


විත්තියේ නීතිඥ ; මේ සමහර කමිටුවලට ඖෂධ පිළිබඳ හොඳ දැනුමක් ඇති වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පත්කර නෑ නේද? මම කියන්නේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ 66ක් මිලදී ගන්න ඔබ පත්කළ කමිටු හයටම ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන් වැනි සුදුස්සන් පත් කළාද කියලයි. 


සාක්ෂිකරු ; හැම කමිටුවකටම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පත් කර පෙර කිව්වා වගේ අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කළ අයගෙන් වඩා සුදුස්සන් එකී කමිටුවලට පත් කරනවා.


අනාදිමත් කාලයක සිටම ශ්‍රී ලංකාවාසි ජනතාව සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳින්නේ රජය විසින් නොමිලයේ ලබාදෙන සේවාවක් හැටියටය. 


රජය විසින් මේ රටේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යන්නේත්, වෛද්‍ය පහසුකම් හා ඖෂධ ලබා දෙන්නේත්, සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ පරිපාලනමය කටයුතු පවත්වාගෙන යන්නේත්, රාජ්‍ය සේවාවක් හැටියට වුවත් ඒ සඳහා සියලු වියදම් දරන්නේ මහජන බදු මුදලින් බව රහසක් නොවේ.


එහෙයින් සෞඛ්‍ය සේවාව විධිමත්ද, එමගින් ලබාදෙන සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ද, ලබා දෙන ඖෂධ නිසි ප්‍රමිතියකින් යුතුද කියා සොයා බැලීමේ අප්‍රමාණ වූ අයිතියක්ද පොදු ජනතාවට තිබේ.. 


එබැවින් සෞඛ්‍ය කටයුතු හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ ගණයේ වංචා දූෂණ හා අක්‍රමිකතා මෙන්ම අපහරණයන් කෙරෙහි මේ රටේ පොදු ජනතාවගේ උනන්දුවක් වැඩිය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නීතිමය ක්ෂේත්‍රයේ විමර්ශනවලට මෙන්ම අධිකරණයේ පවතින නඩු කටයුතුවලට පොදු ජනතාව උනන්දුවක් දක්වන්නේ එම අයිතිය නිසා බව රහසක් නොවේ....


මේ දිනවලින් කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණයේ දෛනිකව විමර්ශනයට ලක්වන  හියුමන් හිමොග්ලෝබියන්  නඩුකරය කෙරෙහි අපේ රටේ පොදු ජනතාව ඉතා උනන්දුවෙන් විමසිලිමත් දෑසින් යුතුව බලා සිටින්නේ එම කාරණා ව නිසාය.


ප්‍රශ්නගත ඖෂධ වර්ග 66ක් සම්බන්ධයෙන් පැමිණිල්ලේ සාක්ෂි විභාගය අතර විත්තියේ නීතිඥ මඩුල්ල හරස් ප්‍රශ්න ඇසීමේදී පෙන්නුම් කළ පොදු මතය වූයේ අදාළ ප්‍රසම්පාදන කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්, දැනුවත්ව හෝ නොදනුවත්ව මෙන්ම කාගේ  හෝ බලපෑම මත ප්‍රසම්පාදන කමිටුවලට පත් කළ “පුද්ගලයින්” එකී වගකීම් දැරීමට සුදුසුකම් සපුරා ඇති අයවලුන් නොවන බවයි. සාක්ෂි විභාගයට ගත් පසුගිය 30 වනදා විත්තියේ නීතිඥයින් මතු කළ හරස් ප්‍රශ්නවලින් එම කාරණාව තහවුරු විය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යාහහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය සතියකට දින හතරක් පවත්වන ලෙස විත්තියේ නීතිඥවරුන් පිරිසක් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියහ. 


පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 343 දෙනෙකු හා පැමිණිල්ලේ ලේඛන 293 ක් නම් කර ඇති එම නඩුවේ එක් සැකකරුවෙකුගේ සාක්ෂිය හා හරස් ප්‍රශ්න ඇසීම දින ගණනාවක් එක දිගට පැවැත්වීම මගින් එක් විත්තිකරුවෙකුගේ නීතිඥවරයෙකු සාක්‍ෂි සටහන් ලේඛන විශාල ප්‍රමාණයක් අධ්‍යයන කිරීමට සිදුවන බවත්, එකී අධික කාර්යභාරය නිසා අධිකරණයට විත්තියෙන් ලබාදිය හැකි සහාය ලබාදීමට නොහැකි වන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඇතුළු නීතිඥවරුන් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය. 


නඩු විභාගයට අදාළ සාක්ෂි සටහන් පසුගිය 8 වැනි දා සිට මේ දක්වා විත්තියට ලැබී නැතැයි එහිදී අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්‍ෂි සිය සේවා දායකයන් සමග සාකච්ඡා කර විත්තිය වෙනුවෙන් කරුණු දැක්වීමට එකී සාක්ෂි සටහන් ලේඛන ලැබීමේ ප්‍රමාදය බලවත් ගැටලුවක් වී ඇති බවත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය. 


එකී සාක්ෂි ලේඛන ලබාදීම හැකි උපරිමයෙන් කඩිනම් කරන ලෙස තම විනිසුරු මඩුල්ල අධිකරණ බලධාරීන්ට නියෝග කොට ඇති බව විත්තියේ නීතිඥවරුන් දැක්වූ එම කරුණුවලට පිළිතුරු දෙමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය. දහවන විත්තිකරුගේ නීතිඥවරයා කළ ඉල්ලීම අනුව තම අධිකරණය හමුවට කැඳවා තිබු ප්‍රශ්නගත හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගත් ඖෂධවලට අදාළ ගොනු අතරින් දසවන විත්තිකරු වෙනුවෙන් විත්තියේ සාක්‍ෂිලෙස ලකුණු කරනු ලැබූ ගොනු පහ පැමිණිල්ලේ 213 වන සාක්ෂිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස කටයුතු කළ සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් වන තුරු අධිකරණය භාරයේ රඳවා තබා ගන්නා ලෙස විනිසුරු මඩුල්ල අධිකරණ ලේඛකාධිකාරිවරියට නියෝග කළේය. 


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කැඳවනු ලැබූ සෙසු ගොනු යළි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යළි භාර දීමට පියවර ගන්නා ලෙසටද ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.


දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ “අසේල සේරසිංහ” මහතා ; 


ස්වාමීනී මගේ සේවා දායකයාට ලබන දෙවැනිදා (සඳුදා) විභාගයක පෙනී සිටීමට නියමිත බැවින් එදින පැය කීපයක් ප්‍රමාද වී අධිකරණයට පැමිණීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඔහු වෙනුවෙන් මා එදින අධිකරණය හමුවේ පෙනී සිටිනවා. 


පළමු වන විත්තිකාර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සීදුව “අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා” සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බාණගල   මහතා ; 


ස්වාමීනී මගේ සේවා දායකයාටත් සෞඛ්‍ය වෛද්‍ය විද්‍යා ආයතනයේ පැවැත්වෙන වෛද්‍ය සායනයකට සහභාගීී වීමට සිදුවී තිබෙනවා. එම නිසා ඔහුටත් එදින පැය කීපයක් ප්‍රමාද වී අධිකරණයට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. 


විත්තියේ නීතිඥවරුන් දෙදෙනා කළ එම ඉල්ලීම්වලට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය. 


එහිදී පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටි, එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස රාජකාරි කළ වර්තමාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්  යුනුස් ලෙබ්බේ මොහුම්මදු නවාවි මහතා 10 වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්න අසනු ලැබීය. 


විත්තියේ නීතිඥවරයා ; නවාවි මහත්මයා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ලබා ගැනීමට ලන්සු තැබූ ඖෂධ 66 අතරින් කොපමණ ප්‍රමාණයක් ඒ සමයේ ලබා ගැනීමට හැකිවුණාද ? 


සාක්ෂිකරු ;  43ක් පමණ මිලදී ගැනීමට ලන්සු කැඳවනු ලැබුවා. හරියටම මිලදී ගත් අයිටම් ප්‍රමාණය ගැන මට අවබෝධයක් නැහැ. ඒ පිළිබඳ වගකීම තියෙන්නේ  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි (SPC). එස්.පී.සී  එක තමයි ඒ ගැන හරියටම දන්නේ. තාක්ෂණ කමිටු තීරණ දුන්නාට සෑම ටෙන්ඩර්කරුවෙකුටම ඖෂධ සපයන්න ලැබෙන්නේ නැහැ. සමහර ඒවා විවිධ හේතූන් මත අවලංගු වෙනවා. 


විත්තියේ නීතිඥ ; මේ ඖෂධ වර්ග 66ම සැපයීමට අවශ්‍ය තාක්ෂණික කමිටු පත් කළේ ඔබ ? 


සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔහු නිර්දේශ කළ අයගෙන් මා එම කමිටු පත් කළා. 


විත්තියේ නීතිඥවරයා ; කවුරු නිර්දේශ කළත් සෞඛ්‍ය අමාත්‍යාංශ හදිසි මාර්ගෝපදේශ අනුව හදිසි ප්‍රසම්පාදන කමිටුවලට සාමාජිකයන් පත්කළ යුත්තේ ඔබනේ. ඖෂධ පිළිබඳ දැනුමක් නැති කාර්ය සහායකයෙකුව ඔබ පත් කරන්නේ නෑ. පත්වීම කරනු ලබන නිලධාරියා ලෙස ඔබ පත් කරන්නාගේ සුදුසුකම පිළිබඳ සෑහීමට පත්වුණාට පසුවනේ එම පත්වීම් කරන්නේ. පත් කරන අය ගැන ඔබ සොයා බලන්න ඕනනේ ඔවුන් එයට සුදුසුද කියලා. 


සාක්ෂිකරු ; ඔව් ඒ වගකීම මට පැවරෙනවා. 


විත්තියේ නීතිඥ ; මේ සමහර කමිටුවලට ඖෂධ පිළිබඳ හොඳ දැනුමක් ඇති වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් පත්කර නෑ නේද? මම කියන්නේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ 66ක් මිලදී ගන්න ඔබ පත්කළ කමිටු හයටම ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරුන් වැනි සුදුස්සන් පත් කළාද කියලයි. 


සාක්ෂිකරු ; හැම කමිටුවකටම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් පත් කර පෙර කිව්වා වගේ අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කළ අයගෙන් වඩා සුදුස්සන් එකී කමිටුවලට පත් කරනවා. 


10 වි 18 ලෙස විත්තිය සලකුණු කළ එකී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා  ලන්සු කැඳවමින් පලකළ පුවත්පත් දැන්වීම් මෙන්ම ඒ සඳහා වෙබ් අඩවි මඟින් පළකළ ලන්සු ආරාධනා කැඳවීම් ද සාක්‍ෂිකරු මගින් 10 වි 24 ලෙසින් ලකුණු කිරීමට විත්තියේ නීතිඥවරයා පියවර ගත්තේය. 


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදු කළ ඖෂධ මිලදී ගැනීම්වලදී ඉන්දියාවෙන් පමණක් ඖෂධ මිලදී ගැනීම සිදුවී ඇති බවත්, අනුගත ක්‍රමය යටතේ එලෙස සිදුවිය යුතු බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේදී පැවසීය. 


සිකුරාදා දිනයට නියමිත ආගමික කටයුතු සඳහා සහභාගී වීමට එම සාක්ෂිකරුට ඉඩකඩ සලසමින් නඩු විභාගය දහවල් 12.00ට අවසන් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 02 දා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0