ඖෂධ 66ක් ගෙන්වීමට අදාළ කැබිනට පත්‍රිකාව නීතිපති ප්‍රතික්ෂේප කරයි...
“එවකට රටේ පැවති ඖෂධ හිඟයට පිළියමක් ලබාදීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ වර්ග 66ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 2022.09.26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව 2022.10.04 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට තිබූ බවත් එය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල (නීතිපතිවරයා) විරුද්ධ වනුයේ ඇයි දැයි විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඊයේ (28) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රශ්න කර සිටියේය.”
කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ
අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න
ඖෂධ 66ක් ගෙන්වීමට අදාළ
කැබිනට පත්‍රිකාව
නීතිපති ප්‍රතික්ෂේප කරයි...
ඒක හංගන්න හදන්නේ ඇයි...?
- නීතිඥ අසේල සේරසිංහ.
මේ සාක්ෂිකරු මගින් බෑ...
වෙනත් සාක්ෂිකරුවකු මගින් ගෙන්න....
. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම
“එවකට රටේ පැවති ඖෂධ හිඟයට පිළියමක් ලබාදීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ වර්ග 66ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 2022.09.26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව 2022.10.04 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට තිබූ බවත් එය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල (නීතිපතිවරයා) විරුද්ධ වනුයේ ඇයි දැයි විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඊයේ (28) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රශ්න කර සිටියේය.”
අපේ රටේ හොරකම් වංචා දූෂණ අක්‍රමිකතා ගැන කතා කිරීමේදී “දේශපාලඥයාට ඇඟිල්ල දිගු කිරීමේ ප්‍රවණතාව” අද ඊයේ වර්ධනය වූවක් නම් නොවේ. විවෘත ආර්ථිකයට රට හුරු වීමෙන් පසුව දේශපාලන ක්ෂේත්‍රයට පැමිණි ඇතැම් පුද්ගලයින් “අදිසි ධනවතුන්” බවට පත් වූයේ දේශපාලනය ඔස්සේ ලැබෙන වරප්‍රසාද වාසි ප්‍රයෝජන තුළින් බව නොකිව මනාය. එනමුත් දේශපාලඥයෝ සෑම සියලු දෙනාම එසේ “ධනවතුන්” වූයේ යයි සිතීම හෝ විශ්වාස කිරීම සාධාරණද...
එහෙත් සමාජය අද සිටින්නේ එතැනය. ඒ තැනට සමාජය පත් කිරීම පිළිබඳ මේ රටේ ජාතික හා සමාජ මාධ්‍යයද වගකිවයුතු බව අපගේ අදහසයි. මෙහිදී පක්ෂ දේශපාලනය ඒ මතය සමාජගත කරන්නට ඉටුකළ මෙහෙවර සුළුපටු නැත.
මේ අනුව පසුගිය කාලයේ පොදු සමාජ මතය වූයේ පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනාම හොරු බවත්, ඔවුන් වල්පැළ බවත්, වල්පැළ ඉවත් කර මල් පැළ සිටවීමේ මහා ජාතික ශ්‍රමදානයට මුළු රටේම ජනතාව එක් විය යුතු බවත්ය...
මේ වන විට මල්පැල ම 159ක් හොදින් අතු ඉති මුල් ළා පුලව ඇති අතර, එම මල් ගස්වල මල් පිපී මුළු මහත් පරිසරයම “සුවඳවත් වී සෝභාවත් වී” තිබෙන අපූරුව චමත්කාර ලෙස සෑම පැත්තකින්ම පෙනෙන සමාජයක ඔබ අප ජීවත්ව සිටින්නෙමු.
එහෙත් ඒ මල් පැලවලට චිරාත් කාලයක් තිස්සේ රට හුරු වී තිබෙන නූතන සමාජ ආර්ථික ව්‍යුහයට විසඳුම් සොයන්නට හැකි වීද...
දේශපාලනඥයා “හොරා” යැයි කියමින් ඔහුව “දඬු කඳේ” ගැසූ පමණින් මේ ජරාපත් සමාජ දේහය සුවපත් කළ හැකිද... එමගින් පමණක් මේ රටේ මූල්‍ය අපරාධ හොරකම් වංචා දූෂණ අක්‍රමිකතාවලට ක්ෂණික පිළියම් යෙදිය නොහැකි ය. දේශපාලනඥයා නිරතුරුව සමාජයට නිරාවරණය වන සත්වයෙකි. එහෙත් ඔහුට මුවා වී සිටිමින්, සමාජයට වහංගු වෙමින් දේශපාලනඥයා අපරාධ මාවතේ අනතුරුවලින් මගහැරවාගෙන නිරුපද්‍රිතව රැගෙන යන “නිලධාරී පැලැන්තියේ ක්‍රියාන්විතය” සමාජයට හෙළිදරව් වන්නේ නැති තරම්ය.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට දේශපාලඥයින් මාරු වී ගියත් රාජ්‍ය යාන්ත්‍රණයේ බලය හොබවන නිලධාරී තන්ත්‍රයට ඉසිඹුවක් ලැබේද.? එහෙයින් දේශපාලනඥයා කවුරු වුණත් නිලධාරියාගේ ක්‍රියාන්විතය අඛණ්ඩය. ඔවුන්ට ඉදිරියට යනවා ම විනා ආපසු හැරෙනු නොහැකිය, හැකි වුවත් ආපසු හැරෙණු නො රිසිය.
දේශපාලඥයින් පසුපස සිටිමින්, ඔවුන්ට මුවාවෙමින් මේ රටේ මහජනතාව පෙළන අක්‍රමිකතාවන්ට නිලධාරී පැලැන්තිය වගකිවයුතු බව මතුකරන එක්තරා අපූරු නඩු විභාගයක් මේ දිනවල “කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය” හමුවේ විභාගයට ගැනෙමින් තිබෙන බව අපි දන්නේ පසුගිය සතියේ දිනක ය.
ඒ නඩුව කුමක්දැයි කීමටත් අපට දේශපාලනඥයෙකුගේ නමක් ඈඳාගැනීමට සිදුව තිබීම කණගාටුදායකය.”හියුමන් ඉමයුනොග්ලොබිලීන්” නඩුව යැයි කීවාට මෙය කුමක්දැයි බොහෝ දෙනා දන්නේ නැති තරම්ය. මුලු මහත් සමාජයම දන්නේ මේ නඩුවට “කෙහෙළියගේ බාල බෙහෙත් නඩුව” යැයි කියන විටය. ඒ තැනට සමාජය හුරු පුරුදු කළේ “මාධ්‍යය” බව නොකිව මනාය.
මෙම නඩුවේ වග උත්තරකරුවන් හෙවත් විත්තිකරුවන් දොළොස් දෙනෙකු සිටිති. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහි අටවෙනි විත්තිකරුවාය. එහෙත් මුළු සමාජයම ඒ නඩුවට කියන්නේ “කෙහෙළියගේ නඩුව” කියා ය. නිකම්ම නිකන් නඩුව නොව, කෙහෙළියගේ බාල බෙහෙත් නඩුව කියා ය.
එම නඩු විභාගයේ සාක්ෂි කැඳවීම් මේ දිනවල කොළඹ ස්ථිර 3 පුද්ගල මහාධිකරණ හමුවේ දිනපතාම කැඳවෙමින් පවතින නිසා අපේ අවධානය ඒ කෙරෙහි යොමු වූයේ වෙනත් කිසිදු මාධ්‍යයක් ඒ කෙරෙහි අවධානය යොමු නොකර සිටින පරිසරයකය.
යම්කිසි මූල්‍ය අක්‍රමිකතාවයකට වංචාවකට අපරාධයකට “දේශපාලනඥයා” වගකිවයුතු යැයි කියන සමාජය හමුවේ “නිලධාරියාගේ හා නිලධාරි පැලැන්තියේ” වගවීම කෙලෙසක වූයේ දැයි සමාජය හමුවේ නිරාවරණය කරන මේ නඩු විභාගය අතිශයින් වැදගත්ය.
කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ දිග හැරෙන මෙම සාක්‍ෂි විභාගයෙන් පෙන්නුම් කරන්නේ මෙය හුදෙක් මූල්‍ය වංචාවකට එහා ගිය මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලබල තන්ත්‍රය කෙබඳු ආධිපත්‍යයක් උසුලමින් සිටින්නේ දැයි කියා දෙන අපූරු පාඩමකි.
අමතක වීම, මතක නැතිවීම, දන්නේ නැතිවීම, මම එතන සිටියේ නැතිවීම, මාධ්‍යයෙන් දැන ගැනීම ආදී උත්තර ප්‍රස්තුතය හමුවේ කොයිතරම් හාස්‍යජනකදැයි මෙම සාක්ෂි කැඳවීම අපට කියාදෙයි. වගකීමෙන් හා වග වීමෙන් මිදෙන්නට නිලධාරීන්ටත් කිසිලෙසකත් නොහැකි බව මේ නඩුවේ විභාගය හරහා ජනතාව වෙත ඔප්පු වෙමින් පවතී.
ඒ කරුණු මේ ආකාරයෙන් කිසිවක් නොවලහා ඔබට කියාදීම අපේ යුතුකමක් වන බැවින් පසුගිය 28 වැනිදා සිදුවූ සාක්ෂි කැඳවීමත් මේ ආකාරයෙන් වාර්තා කරන්නට අපි කල්පනා කළෙමු...
2026 ජනවාරි 28 වනදා පැවති එම නඩු විභාගය මෙසේ ය.
එවකට රටේ පැවති ඖෂධ හිඟයට පිළියමක් ලබාදීම සඳහා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ වර්ග 66ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 2022.09.26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව 2022.10.04 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට තිබූ බවත් එය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල (නීතිපතිවරයා) විරුද්ධ වනුයේ ඇයි දැයි විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ඊයේ (28) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රශ්න කර සිටියේය.
එකී ලේඛනය පැමිණිල්ල විසින්ම නඩුවට අදාළ ලේඛනයක් ලෙස විත්තියට ලබා දුන් ලේඛනයක් වන බවත් එසේ තිබියදීත් තමන්ට විත්තියේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට ඉඩ නොදී සැඟවීමට පැමිණිල්ල උත්සහ දරනුයේ කුමන හේතුවක් නිසාදැයි එන්නත් නඩුවේ දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි “අසේල සේරසිංහ” මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේදී කියා සිටියේය.
ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංචා කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (28) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.
පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරුලෙස නම් කර තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස එවකට කටයුතු කළ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් යුනූස් ලෙබ්බේ මොහොම්මදු නමාමි මහතා හතරවන දිනටත් පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ඊයේ (28) අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න අසමින් සිටියදී නඩු විභාගයට අදාළව පැමිණිල්ල විසින්ම විත්තියට ලබාදෙන ලද ප්‍රශ්නගත ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ කැබිනට් පත්‍රිකාව සාක්ෂිකරුට ඉදිරිපත් කොට එය හඳුනාගත හැක්කේදැයි විමසා සිටියේය. එම ලේඛන අදාළ ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවක් බව සාක්ෂිකරු පැවසීය.
එම අවස්ථාවේදී නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිබාගම මෙනෙවිය සාක්‍ෂිකරු මගින් එය විත්තිය වෙනුවෙන් ලකුණු කිරීමට විත්තිය දරණ උත්සාහය පිළිබඳව පැමිණිල්ලේ විරුද්ධත්වය දැක්වූවාය. එම ලේඛනය ලකුණු කිරීමට විත්තියට අවශ්‍ය නම් කළ යුත්තේ මෙකී සාක්‍ෂිකරු මගින් නොව, නිසි සාක්ෂිකරුවකු මගින් බව පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දැක්වූ විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිය ඉල්ලූ අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
එම කැබිනට් පත්‍රිකාව මෙම නඩුවේ අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට, හදිසි ප්‍රසම්පාදන කටයුතු සඳහා අනුමැතිය ලබාගත් කැබිනට් සන්දේශය වන බැවින් එය විත්තියේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය නොදක්වන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතාද විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
අසේල සේරසිංහ” මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසමින්
විත්තියේ නීතීඥ ; HSEPP (health sector emergency procurement process) සෞඛ්‍ය අමත්‍යංශයේ හදිස්සි ප්‍රසම්පාදන ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ කවුද ?
සාක්ෂිකරු ; මුදල් අමාත්‍යංශයේ ලේඛම් ගේ අත්සනින් තමයි සෞඛ්‍ය අමත්‍යංශයේ ලේඛම් ට දැනුම් දෙන්නේ.
විත්තියේ නීතීඥ ; HSEPP එකෙන් HSEPC (Health sector emergency procurement committee) එක පත් කරන්නේ කවුද ?
සාක්ෂිකරු ; ඒ පත් කරන්නෙත් මුදල් අමත්‍යංශය මගින්. (treasury secretary signature )
විත්තියේ නීතීඥ ; එකේ සාමාජිකයන් කවුද?
සාක්ෂිකරු ; Health sec, treasury sec or his representative above the level of DG and SPC chairman (procurement entity of health ministry)
විත්තියේ නීතීඥ ; decision ගන්නේ..? ඒ කියන්නේ ගන්න සියලුම තීරණ ඒ සාමාජිකයන් තුන්දෙනාම එකග වෙන්න ඕනෙද ?
සාක්ෂිකරු ; ඔව්. තුන්දෙනාගේම අත්සන් ඕනේ. එහෙම නැත්නම් ඒ තීරණය ගන්න බැහැ.
විත්තියේ නීතීඥ ; ඒ හිටපු සාමාජිකයන් ඔබතුමා අඳුරනවද?
සාක්ෂිකරු ; ඔව්
විත්තියේ නීතීඥ ; කොහොමද අඳුරන්නේ ?
සාක්ෂිකරු ; මා ඔවුන් එක්ක රාජකාරී කරලා තියනවා.
විත්තියේ නීතීඥ ; ඔබ තුමා බලන්න මේ උසාවියේ විත්ති කූඩුවේ ඒ අය ඉන්නවද කියල ?
සාක්ෂිකරු ; හිටපු සෞඛ්‍ය ලේකම් ඉන්නවා. භාණ්ඩාගාරයේ ලේකම් ගේ නියෝජිතයා - අතුල කුමාර මහත්තයා මෙතන නැහැ. SPC සභාපතිත් මෙතන නැහැ.
එම නඩුවේ තුන්වන විත්තිකාරිය වන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්තිනී සොලමන් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න අසමින් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන යමෙකුට එම්. බී. බී. එස්. මූලික වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලැබීමට කොපමණ කාලයක් ගතවන්නේද ? අනතුරුව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබීමට කොතරම් කාලයක් ගතවන්නේ දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
වෛද්‍ය උපාධිය සමත්වීමට වසර පහක පමණ කාලයක් ගතවන බවත් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබා ගැනීමට වසර දහයක පමණ කාලයක් ගතවන බවත් විත්තියේ නීතිඥවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසීය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; තමුන් ඒ බව හරියටම දන්නේ කොහොමද? තමුන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ ඔක්කොම දේවල් හරියටම දන්නවා වගේනේ?
සාක්ෂිකරු ; සමාවෙන්න ස්වාමීනී, මගේ සාමාන්‍ය දැනුම අනුවයි එහෙම කීවේ.
විත්තියේ නීතිඥ ඉසුරු ජයවර්ධන ; එවැනි විශේෂඥ දැනුමක් ඖෂධවේදීන්ට නෑ කියලා මම කිව්වොත් ඔබ පිළිගන්නවාද ?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.
නම වන විත්තිකාර පෙර කී ප්‍රශ්නගත “ප්‍රතිදේහ එන්නත්” ඇතුළු ඖෂධ මිලදී ගැනීම සිදුකළ හදිසි ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් රුවිහාර ජයතිලක මහතා ද එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න අසනු ලැබීය.
(එම විත්තිකරු විදේශගතවී සිටීම නිසා ඔහු නොමැතිව අපරාධ නඩු විභාග සංග්‍රහයේ 241 වගන්තිය යටතේ නඩු විභාගය පැවැත්වේ. එම නඩුවේ දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් කුසුම්සිරි රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එම සාක්ෂිකරු ලබා ඇති අධ්‍යාපනික සුදුසුකම්, ඔහු දැරූ තනතුරු, ඔහු වෙත පැවරී තිබූ කාර්යභාරය මෙන්ම විත්තිකාර සමන් රත්නායක මහතා එම සාක්ෂිකරු සමග රාජකාරි කළ කාලවකවානුව ඇතුළු කරුණු රැසක් ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.)
විත්තියේ නීතිඥවරයා නැගූ ප්‍රශ්නවලට එම සාක්ෂිකරු පිළිතුරු ලබාදුන් ආකාරය නිරීක්ෂණය කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඉංග්‍රීසි භාෂාවෙන් සාක්ෂිකරු අමතමින් තම අධිකරණය යම් සාක්ෂිකරුවකුගෙන් ක්ෂණික පිළිතුරු අපේක්ෂා නොකරන බව අසනු ලබන ප්‍රශ්නවලට හොඳින් සවන් දී හොඳින් හිතා බලා පිළිතුරු ලබාදෙන ලෙසට අවවාද කළේය.
තම අධිකරණය සාක්ෂිකරු පිළිතුරු ලබාදෙන ආකාරය නිරීක්ෂණය කළ ඔහු සම්බන්ධයෙන් යම් අහිතකර සටහනක් තැබුවහොත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඔහුගේ ඉදිරි අනාගතයට එතරම් සුබවාදී නොවන බැවින් තම අධිකරණය එවැනි අවවාද කරන්නේ යයිද සභාපති විනිසුරුවරයා එකී අවවාදය කරමින් සාක්ෂිකරුට පෙන්වා දුන්නේය.
විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම හෙට (29) දිනට කල්තැබීම නිසා
එම සාක්ෂිකරු පස්වන දිනටත් හෙට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
කමලනාත්
රටක නීතිය, යුක්තිය සහ අධිකරණ පද්ධතිය සියල්ලට ඉහළින් තිබෙන බව පිළිගනිමින්,
ඊට ගරු කරමින්, ලියන ලද මෙම ලිපිය ආරාධිත ලේඛකයෙකු විසින් සපයයි.
ගරුතර අධිකරණයේ තීන්දුව සියල්ලට ඉහළින් පවතින බව පිළිනගමින්,
ඊට ගරු කරමින් අපි මේ ලිපිය මෙසේ ජනගත කරමු...
What's Your Reaction?
Like
2
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

