ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ශ්‍රී ලාංකික සංස්කෘතික මංගල්‍යයය...
සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි. ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවය ශ්‍රී ලංකාවේ අවුරුදු ක්‍රීඩා, ජන ක්‍රීඩාවලට අමතරව සංස්කෘතික අංග රැසකටද මුල් තැන දුන් සංස්කෘතික උත්සවයන් විය.
ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර
ශ්‍රී ලාංකික සංස්කෘතික මංගල්‍යයය...
සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි. ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවය ශ්‍රී ලංකාවේ අවුරුදු ක්‍රීඩා, ජන ක්‍රීඩාවලට අමතරව සංස්කෘතික අංග රැසකටද මුල් තැන දුන් සංස්කෘතික උත්සවයන් විය.
ලංකාවේදී නොවරදවාම අවුරුදු උත්සවයක දකින්නට ලැබෙන කුඩා දරුවන්ගේ විනෝදජනක ක්‍රීඩා අංග පමණක් නොව කඹ ඇදීම, කොට්ට පොරය, විකට ඇදුම් තරගය, සංගීත පුටු තරගය, සැගවුන අමුත්තා, හොදම හිනාව ආදී අවුරුදු අසිරිය දනවන වැඩිහිටි අංග රැසක්ද මෙම අවුරුදු උත්සවයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක් විය.
සිංහල සංස්කෘතිය ඔප් නංවන සංගීතයෙන්ද රසවත් ලාංකීය ආහාර පානවලින්ද, සිරිත් විරිත් වලින්ද පිරි මෙම අසිරිමක් උළෙලට ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් සහභාගී වී සිටීමම කැපී පෙනෙන විශේෂත්වයක් විය.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0