පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරයි !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන” කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

Jan 25, 2026 - 08:06
 30
පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම්  චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරයි !

පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් 

චමින්ද කුලරත්නගේ 

වැඩ තහනම් කරයි !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන” කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.


පාර්ලිමේන්තුවේදී ඊයේ (23) හදිසියේ රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම හදිසි තීන්දුව ගෙන ඇතැයි.


කතානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයින් වන අතර ඊයේ පැවති රැස්වීමට කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර සහභාගිව සිටියහ.


මෙහිදී නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්නට එරෙහිව චෝදනා පත්‍රයක් සුදානම් කර එය ඔහුට ලබාදී ඔහු කැදවා, නිදහසට කරුණු විමසීමක් කළ යුතු වීම නිවැරදි ක්‍රම වේදය බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකත්, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්තත් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.


චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මෙහිදී අදහස් දක්වා තිබිණ. 


එහෙත් වාර්තා වන අන්දමට එවන් පියවරක් තබා, හරිහැටි සකස්කළ නිසි චෝදනා පත්‍රයක් වත් එම අවස්ථාව වන විට සාකච්ඡාවට ගෙන නොතිබිණි. චෝදනාව ලෙස සැලකිල්ලට ගෙන තිබුණේ චමින්ද කුමාර කුලරත්න පසුගිය ආණ්ඩු සමයක “ආණ්ඩු පක්ෂ ලේකම්වරයා” ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ කාලය මෙවර තනතුර ලබා ගැනීමේදී තම ජ්‍යෙෂ්ඨත්වය ගනණය කිරීමට යොදාගෙන තිබීම බව වාර්තා වේ.


නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ මෙම “මූලික පරීක්ෂණය” ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රීතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.


මෙම ක්‍රියාවලිය හුදු පරිපාලනමය පියවරක් නොව, පසුගිය දිනක කතානායක වරයාගේ යම් “පුද්ගලික කාරණාවක්” තුන්වන පාර්ශවයකට හෙළිදරව් කළේයැයි කියන සැකය මත ද්වේශ සහගත චේතනාවෙන් සහ බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදු කරන්නක් බව පවතින සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි රටේ සමහරක් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි තිබු සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.


කෙසේවුවද සිය වැඩ තහනමට එරෙහිව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීන්දුකර ඇතැයි වාර්තා වේ.

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0