කාන්තාවක් නිරුවත් කළ ව්‍යාපාරිකයා කොටුවෙයි...

උපස්ථායක සේවිකාවක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන, අපචාරයට ලක් කරමින් නිරුවත්කර වීඩියෝ ගත කළැයි කියන වරදට, මෙතෙක් දිනක් පොලිසියට කට්ටි පනිමින් සැඟව සිටි “ප්‍රෙස්ටීජ් රබර්ස් ප්‍රයිවට් ලිමිටඩ් PRESTIGE RUBBERS(PVT)LTD ආයතනයේ සභාපති ව්‍යාපාරික “ශෂ්නි කමාර්ඩින්” SHAZNI KAMARDEEN අද (18) රාත්‍රියේ විශේෂ පොලිස් මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

Jan 18, 2026 - 23:18
Jan 18, 2026 - 23:58
 116
කාන්තාවක් නිරුවත් කළ ව්‍යාපාරිකයා කොටුවෙයි...

කාන්තාව නිරුවත් කළ

ෂශ්නි කමාර්ඩින් කොටුවෙයි...

උපස්ථායක සේවිකාවක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන, අපචාරයට ලක් කරමින් නිරුවත්කර වීඩියෝ ගත කළැයි කියන වරදට, මෙතෙක් දිනක් පොලිසියට කට්ටි පනිමින් සැඟව සිටි “ප්‍රෙස්ටීජ් රබර්ස් ප්‍රයිවට් ලිමිටඩ් PRESTIGE RUBBERS(PVT)LTD ආයතනයේ සභාපති ව්‍යාපාරික “ශෂ්නි කමාර්ඩින්” SHAZNI KAMARDEEN අද (18) රාත්‍රියේ විශේෂ පොලිස් මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.


කාන්තා හා ළමා කටයුතු පිළිබඳ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී දර්ශිකා කුමාරී මහත්මිය විසින් කරවනු ලැබූ විශේෂ මෙහෙයුමකට අනුව ෂශ්නි කමාර්ඩින් නම් වූ ප්‍රශ්නගත ව්‍යාපාරිකයාත්, ඔහුගේ මාමණ්ඩියකුත්, ඔහුගේ අතවැසි සේවකයකුත් 18 වැනි ඉරිදා රාත්‍රී 9.00 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක සුව පහසුවෙන් ආරක්ෂිතව සැඟව සිටියදී ය.


ව්‍යාපාරික කමාර්ඩීන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා අතර, කාන්තාවක් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, මරණීය තර්ජන කරමින් බලපෑම් කිරීම, නිරුවත් කර අපචාරයට ලක් කරමින් එම අවස්ථාව වීඩියෝ ගත කිරීම හා එම වීඩියෝ පට ප්‍රසිද්ධියට ලක් කිරීම ආදී අපරාධ ගණයේ චෝදනා ගණනාවක්ම තිබේ.  


ඒ අතර තමන් මීට පෙර කරන ලදැයි කියන අපරාධ ගණනාවක් සම්බන්ධ ස්වයං හෙළිදරව් කිරීම් කීපයක් ද ප්‍රශ්නගත වීඩියෝවේ ඔහුගේ කටහඩින්ම සටහන්ව ඇතැයි වාර්තා වේ. 


ගිලනුන් සඳහා උපස්ථායිකාවන් සපයන “දෙමටගොඩ මෑන් පවර් ආයතනයකින්” පසුගියදා ගෙන්වා ගන්නා ලද මෙම කාන්තාව, අපචාරයට ලක් කරමින් ගන්නා ලද වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳ කෙරුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කළේය. 


 එම විමර්ශන භාරවූ කාන්ත හා ළමා කටයුතු පිළිබඳ කාර්යාංශය පළමුව, උසාවියෙන් සෝදිසි වරෙන්තුවක්ද ගෙන කොළඹ පහ ඩික්මන් පෙදෙසේ ව්‍යාපාරිකයාට අයත් නිවස වටලා ඇති අතර එ් වන විටත් ප්‍රශ්නගත ව්‍යාපාරිකයා නිවසෙන් අතුරුදහන්ව ඇතැයි කියති.


එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ එක්තරා උසාවියක සේවය කරන “තෝල්ක මුදලි වරයෙක්” එම අවස්ථාවේ එම නිවසේ රැඳී සිට ඇත්තේ කවර හේතුවක් මත දැයි පොලිසිය විමර්ශන පවත්වයි.


අදාල ව්‍යාපාරිකයා දිගින් දිගටම  මේ ආකාරයට සේවිකාවන් ගෙන්වා ඔවුන්ව අපචාරයට ලක් කරමින් වීඩියෝ ගත කරමින් අන්තර්ජාල පහසුකම් ඔස්සේ ඒවා බෙදා හරිමින් සැලකිය යුතු කාලයක පටන් සිය උමතු ආශාවන් මුදුන් පමුණුවා ගනිමින් කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තොරතුරු හෙළිකර සිටියි...

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0