රාජකාරිය “මැනවින්” ඉටුකළ ජූලි චන්ග් ගම රට බලා යයි...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස වසර හතරක කාලයක් කටයුතු කරමින්, මෙරටට ආන්දෝලානාත්මක මෙහෙවරක් ඉටු කළ ජූලි චන්ග් මහත්මිය සිය ධූර කාලයේ වැඩකටයුතු නිමවා ජනවාරි 16 වැනිදා මෙරටින් බැහැරව ගිය බව කොළඹ ඇමරිකානු තනාපති කාර්යාලය නිවේදනය කළේය.
රාජකාරිය “මැනවින්” ඉටුකළ
ජූලි චන්ග් ගම රට බලා යයි...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ලෙස වසර හතරක කාලයක් කටයුතු කරමින්, මෙරටට ආන්දෝලානාත්මක මෙහෙවරක් ඉටු කළ ජූලි චන්ග් මහත්මිය සිය ධූර කාලයේ වැඩකටයුතු නිමවා ජනවාරි 16 වැනිදා මෙරටින් බැහැරව ගිය බව කොළඹ ඇමරිකානු තනාපති කාර්යාලය නිවේදනය කළේය.
ඇය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ලෙස රාජකාරි භාරගත්තේ 2022 වසරේ පෙබරවාරි මාසයේදී ය. ඊට පෙර ලෝකයේ “බටහිර අර්ධ ගෝලීය කටයුතු” පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළාය.
ඇමරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙවර ඇමරිකාවේ පාලන බලය හිමිකර ගැනීමත් සමගම පසුගිය දෙසැම්බර් මාසයේ ලොව පුරා ඇමරිකානු තානාපති සේවයේ නිරත වූ ආන්දෝලානාත්මක නිලධාරින් 30 දෙනෙකු නැවත කැඳවීමට තීරණය කර ඇත. ජූලි චන්ග් ඒ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කතාබහට ලක් වූ ප්‍රබල චරිතයක් ලෙස ද වාර්තා වේ.
ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ සේවය කළ වසර හතර තුළ මේ රටේ එකකට එකක් වෙනස් දේශපාලන ප්‍රවාහයන්වලට අයත් ජනාධිපතිවරු තුන්දෙනෙක් සමග ඉතා කුලුපගව කටයුතු කර තිබීම විශේෂත්වයක් ලෙස බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේය.
ඇය,.. ඇමරිකානු පුරවැසියෙක් යැයි මේ රටේ එක්තරා පිරිසක් විසින් නම් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ, ඔහු සමග සමීප රාජතාන්ත්‍රික ඇසුරක් පවත්වමින් ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට හවුල් වූ අතර ඇයගේ එම ක්‍රියා කලාපය තුළ බොහෝ දේශපාලන විශ්ලේෂකයන් ඇයව හඳුන්වනු ලැබුවේ නූතන යුගයේ “ජෝන් ඩොයිලි” කියා ය.
අනතුරුව රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ සමයේ ඔහු සමඟ ද අවබෝධයෙන් සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට සමත් වූවා ය. ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරනය අවස්ථාවේදී ඇමරිකානු තානාපතිවරිය රනිල් වික්‍රමසිංහට ද ලොකු සහයෝගයක් දුන් බව ප්‍රකට කාරණාවකි.
අමෙරිකාවට හිතවත් දක්ෂිණාංශිකයකු ලෙස බොහෝ දෙනා විශ්වාස කළ රනිල් වික්‍රමසිංහ සමග ඉතා හිතවත්ව කටයුතු කරමින් සිටියද, ජූලි චන්ග් මැතිනිය ඊළඟට බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සමඟ සමීප සබඳතා පවත්වා තිබුණේ බොහෝ කලකට පෙර සිට බව පසුව අනාවරණය විය.
දේශපාලන ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටියත්, අනුර කුමාර දිසානායකගේ මාලිමා රජය දේශපාලනිකව ඇමරිකන් හිතවාදී පිළිවෙතක් අනුගමනය කරන්නටද හේතුව ජූලි චන්ග් මැතිනියගේ උපායශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවය බව බොහෝ දෙෙනකුගේ මතයයි.
කෙසේ වෙතත් ජූලි චන්ග් මහත්මිය ජෝන් ඩයිලිට සමාන කරන දේශපාලන නිරීක්‍ෂකයින්ගේ නිගමන සනාථ කරන තවත් දෙයක් ඔය අතර සිදුවිය. ඒ වූ කලී මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගෙන ඇමරිකානු රජය විසින් තානාපති කාර්යාලය හරහා ආරම්භ කර තිබූ ව්‍යාපෘතියකට ඇය වඩාත් සංවේදී ව දායකත්වය ලබාදීමයි.
මහනුවර දළදා මාලිගාව සංකීර්ණයේ ඇති “ඉපැරණි රජමාලිගාව” ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කරමින් ලෝක උරුමයක් ලෙස මහජන ප්‍රදර්ශනය ආරම්භ කළේ 2024 වසරේ දෙසැම්බර් මාසයේදී තානාපති ප්‍රධනත්වයෙන් පැවැති උත්සවයකින් අනතුරුවය. ඇමරිකානු තානාපතිවරය එම කාර්යය ඉටු කළේ වත්මන් රජයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනවී සමග සම්බන්ධිතව ය.
ජූලි චන්ග්, රජ මාලිගාවේ ඉඳිකිරීම් අවසන විවෘත කිරීම් කටයුතුවලට සහභාගි වූවත් සැබැවින්ම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ ඇයට පෙර සිටි තානාපතිවරයා විසින් 2021 ඇමරිකානු තානාපති අරමුදල යටතේ බව කියති. එහෙත් ඇගේ මැදිහත්වීම නිසා ඉදිකිරීම් කටයුතු වඩාත් අර්ථවත් විය.
විශේෂයෙන්ම තානාපතිවරිය, වත්මන් රජය, එහි ජනාධිපතිවරයා මෙන්ම එහි අගමැතිවරිය සමඟද ඉතා කුලුපගව කටයුතු කළ බව රහසක් නොවේ.
ඇයගේ තනාපති ධූර සමයේ ඇය වඩාත්ම උදව් පදවු කලේත් මහත් හෘදයාංගමව ඇසුරු කළේත් වත්මන් රාජ්‍ය පාලකයා වන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රාජ්‍ය තාන්තිකයින් වුවත් ඊට පෙර සිටි සෑම රාජ්‍ය පාලකයකු සමඟම, වගකිවයුතු දේශපාලඥයින් හැම කෙනෙක් සමගම ඕ ඉතා ළඟ ඇසුරක් හා හිතෛෂීවන්ත කමක් පවත්වාගෙන යාම සඳහා සමත්කම් දැක්වූ රාජතාන්ත්‍රික නිලධාරිනියක ලෙස ප්‍රකටය.
එබැවින් ඇය ලංකාවෙන් සමුගෙන යන්නට පෙර එම සබඳතාවන් හා හිතෛෂීවන්තකම් පෑ ඒ සෑම කෙනෙකුම හමුවන්නට පහුගිය දින කිහිපය වෙන් කරගෙන තිබුණු බව කියති.
ඒ අතර වූ හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස. වජිර අබේවර්ධන වැනි ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෝ නිවෙස් වලටම ගොස් හමුවී ඇති අතර අන් සියලුම දේශපාලනඥයින් වෙනුවෙන් පසුගිය 12 වන සඳුදා රාත්‍රියේ ඇමරිකානු තානාපති කාරයාල පරිසරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇතැයි කියති.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

