අධිකරණ ඇමති හර්ෂණ නාමල්ට කරපු තර්ජන

ස්වාභාවික විපත්වලින් පසු දෙසැම්බර් 18 වෙනිදා (ඊයේ) පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදී “දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාව” සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා “පාර්ලිමේන්තුවේ” කතා කරමින් සිටින අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊට බාධා කරමින්, නාමල් රාජපක්ෂට තර්ජනය කරමින් බැණ වැදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Dec 19, 2025 - 13:42
 44

අධිකරණ ඇමති හර්ෂණ 

නාමල්ට කරපු තර්ජන...


ස්වාභාවික විපත්වලින් පසු දෙසැම්බර් 18 වෙනිදා (ඊයේ) පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදී “දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාව” සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදයේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා “පාර්ලිමේන්තුවේ” කතා කරමින් සිටින අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊට බාධා කරමින්, නාමල් රාජපක්ෂට තර්ජනය කරමින් බැණ වැදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.


ආපදාවෙන් පසුව විපතට පත් වූ නුවරඑළිය මහනුවර මාතලේ සහ බදුල්ල ආදී ප්‍රදේශ ගණනාවකම ඇවිද ගිය නාමල්, 18 වෙනිදා පාර්ලිමේන්තුවේදී කතා කළේ ආපදාව සම්බන්ධයෙන් එම සංචාරයන්හිදී තමන් විසින් සොයා ගන්නා ලද කරුණු ඇසුරින් රජයේ වත්මන් ආපදා කළමනාකරණ සේවාවන් විමර්ශනයට ලක් කරමිනි. ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්නට එකී ගම් මට්ටමින් සැදුම්ලත් සංවිධානවලටත් මේ වන විට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින සංවිධාන හා විවිධ සමාජ ව්‍යුහයන්වලටත් යුද හමුදාව හා ආරක්ෂක අංශවලටත් ග්‍රාම සේවා මට්ටමේ සිටම පරිපාලන හා කළමනාකරණ සේවාන්වන්හි නිලධාරීන්ටත් ස්තුති කරමින් ඔහු සිය කතාව පටන් ගත්තේය... 


"අද අපි පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡා කරන වෙලාවෙත් විහාරස්ථානවල පාසැල්වල කඳවුරු පැවැත්වෙනවා. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අනිත් හාමුදුරුවරු දායක සභාව ගම්මුත් එක්ක රැස්වෙලා උයල පිහලා ඒ මිනිස්සුන්ට කන්න බොන්න දෙනවා. ඒවගේම පාසැල්වල විදුහල්පතිතුමාලා ගුරුවරු දෙමව්පියො එකතුවෙලාවෙන් කෑම බීම උයලා තම තමන්ගේ පළාත්වල ජනතාව බලා ගන්නවා. රාජ්‍ය නිලධාරීන් ඒ වගේ තැන්වලට උපරිමයෙන් තමන්ගේ සේවාව කරනවා. ගාම සේවකගෙන් පටන් ගත්තාම දිසාපතිවරයා, අමාත්‍යාංශ ලේකම් දක්වාම අදාල ආයතන ප්‍රධානීන් දක්වාම නිලධාරීන් පාරට බැහැල වැඩ කරනවා.


හැබැයි දැන් මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු කරන කතා ටික ඇහුවාම ඔබ සියලු දෙනා මේ ආපදාව සාමාන්‍යකරණය කරන්න උත්සාහ කරන බව පේනවා. මේ නාය යාම, මේ ගංවතුර, මේ විපත්, මේ මරණ සියල්ලම එදත් වුණා. අතනත් වුණා. මෙතනත් වුණා. මේකට වඩා ඒක ලොකුයි. ඊට වඩා මේක හොඳයි ආදී වශයෙන් මේ “විපත සාමාන්‍යකරණය” කරන්න හදනවා. ඔබතුමන්ලා මතක තියාගන්න... මේ පස් කඳුවලට යටවෙලා, මේ ජලගැලීම්වලට යට වෙලා නිරපරාදෙ විනාශ වුණේ අහිංසක මිනිස් ජීවිත.


කවුද මේ ජීවිතවලට වගකියන්න ඕන. අපි ඒක හොයන්න ඕන. කවුද මේ විපත මේ විදිහට සිද්ධවෙන්න ඇරලා බලාගෙන හිටපු අය.  දැනටමත් විපක්‍ෂනායකතුමා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කරලා කථානායකතුමාට ලියුමක් අරන් ගිහින් දීල තියෙනව තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා. තේරීම් කාරක සභාවක් පත්කරල මේකට “වගකිවයුතු කවුද” කියලා හොයන්න ඕන. ඔබතුමාලා ඊට කලින් නිගමනය කරලා ඉවරයි මේකට වගකියන්න ඕන “නිලධාරීන්” කියලා. නිලධාරින් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. අන්න ඒවට විතරක් එන්න එපා...


මේක රටේ ජනාධිපතිවරයා යටතේ තියෙන අමාත්‍යාංශය. විධායක ජනාධිපතිවරයාගේ විෂය. එහෙම එකේ ඒ විෂය නිලධාරීන්ගේ ඇඟේ ගහලා බේරෙන්න හදන්න එපා.


ජනාධිපති පත්වෙලා අවුරුද්දකුත් මාස දෙක තුනක් ගතවෙලා ඉවරයි. එක සැරයක්වත් ආපදා කළමනාකරණ කමිටුව රැස් කළාද. මීට කලිනුත් මේ වගේ ගංවතුරක් ඇතිවුණා. මේ වගේ විපතක් ගැන දැනුම් දී තිබියදී ඒකට නිසි පරිදි සූදානම් වුණාද. තේරීම් කාරක සභාවක් පත්කරල මෙන්න මේවා හොයන්න ඕන.  මිලිමීටර් ගනිමින් වැස්ස කියා නිලධාරීන්ට වරද පටවලා බේරෙන්න හදන්න එපා... 


ඔබට මේක විහිලුවක් වෙන්න පුළුවන්. ඇමතිතුමාල “හික් හික් ගගා” හිනා වෙවී ඉන්න. ඇති තරම් හාස්‍යයට ලක් කරන්න.  හැබැයි මේ මියගියේ රටේ ජනතාව.  විපතට පත්වුණේ ජනතාව.  උන් හිටි තැන් දේපළ අහිමිවුනේ ජනතාවට. අන්න ඒගොල්ලන්ට මේක විහිළුවක් නොවෙන බව මතක තියාගන්න.


විපක්ෂයට චෝදනා කරලා මේ වරදින් බේරෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඕගොල්ලොන්ට වැරදිලා. තාමත් කඳවුරුවල මිනිස්සු දුක් විඳිනවා. ඒ මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න පදිංචි කරවන්න ක්‍රමවේදයක් තියෙනවද.. ජනාධිපති කිව්වා හානියට පත් නිවසකට ලක්ෂ පනහක් දෙනවා කියලා. ගේයි ඉඩමයි දෙකම නම් ලක්ෂ සීයයි කිව්වා.  ටකරමක් ගියත් ලක්‍ෂ දහයක් දෙනවා කිව්වා. මෙහෙම කිව්වට අද මේවා බෙදන ආකාරය ගැන ප්‍රාදේශීය ලේකම් මට්ටමින් දැනුවත් කරලා උපදෙස් දීල තියෙනවද...  


මේවා අහනකොට හිත රිදෙනව කියල කියන්න එපා. ජනාධිපතිගේ හිත රිදුනොත් ඒක විමර්ශනය කරන්න සී අයි ඩී එකෙන් පොලිසියෙන් ගෙවල් වලට යවනවා.  ජනතාවගේ හිත රිදුනාම විමර්ශනය කරන්න කවුද ඉන්නේ?....


මේ ආදි වශයෙන් නාමල් රාජපක්ෂ කතා කරමින් සිටින අවස්ථාවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු කීපදෙනෙක් නාමල්ට බාධාකාරී ලෙස මැදිහත් වී ඇත. එම අවස්ථාවේ නාමල් රාජපක්ෂ ද ඒවාට උත්තර දෙමින් කතා කළ අතර අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් නාමල් මන්ත්‍රීවරයාට දැඩි ලෙස බැන වදිමින් තර්ජනය කර ඇතැයි කියැවේ.


“තමුන් ඕනවට වඩා දඟලනවා වැඩියි. වැඩි දවසක් දඟලන්න දෙන්නෙ නෑ අපි. අපි තමුන් ගැන බලා ගන්නම්..” කියමින් හර්ෂණ අමාත්‍යවරයා කියද්දි ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂද පවසා ඇත්තේ “තමුන්ට පුළුවන් දෙයක් කරන එකයි ඇත්තේ කියාය...” දෙබස මීට වඩා සැරපරුෂ වචනවලින් උණුසුම් වී ඇතැයි කියති. මෙම බහින්බස්වීම සිදුවන අවස්ථාවේ සභාගැබ මෙහෙයවමින් සිට ඇත්තේ නියෝජ්‍ය කතානායකවරයාය. කෙසේ වෙතත් නාමල්ගේ සහායට විපක්ෂයේ, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ බහුතර මන්ත්‍රී පිරිසක් ඉදිරිපත් වෙමින් කෑ ගසා ඇති අතර තත්ත්වයන් මොහොතකින් පාලනය වී ඇත. 


එහිදී නාමල්ව වට කරගත් විපක්ෂයේ මන්ත්‍රී පිරිස නාමල්ට යෝජනා කර ඇත්තේ... “රටේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් බරපතළ වගකිවයුතු විෂය පථයක් මෙහෙයවන අමාත්‍යවරයෙක් විසින් මෙවන් තර්ජනයක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සබාගැබ තුළදී සිදු කිරීම බලවත් වරදක් බවයි. මෙම  ඇමතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව කතානායකවරයා වෙත සාමූහිකව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට යමු” යැයි විපක්ෂයේ මන්ත්‍රීවර යෝජනා කර ඇත...


''මේවා හැන්සාඩ් එකෙන් කපා දාවි. පාර්ලිමේන්තු ලයිව් විකාශනයෙනුත් මකලා දාවි. ඒ වුණාට අපි ළඟ කතා කරපු විදිය ගැන වීඩියෝස් තියෙනවා. අපි මේවා ඉදිරිපත් කරලා කතානායකට පැමිණිල්ලක් කරමු. මේ විදිහට තර්ජනය කරන්න ගත්තොත් අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට ඔලුව උස්සලා කටයුතු කරන්න බැරි වේවි. කරුණාකරලා පියවරක් ගමු....''
 

එහෙත් නාමල් මන්ත්‍රීවරයා ඉතා සහෝදරත්වයෙන් ඉල්ලා ඇත්තේ "අපි මේ ව්‍යසනකාරී අවස්ථාවේත් එයාලටත් තව චාන්ස් එකක් දෙමු" කියාය.

                

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0