ලංකාවේ ප්‍රථම "තරු හතෙන්" ආපදාවට  රුපියල් මිලියන 10ට වැඩි සහනාධාර.

සුනාමි ඛේදවාචකය, කොවිඩ් ලෝක වසංගතය වැනි ආපදාවලදී විපතටපත් ජනතාවට යළි නැගීසිටීම සඳහා බොහෝ දෙනෙකු උදව් කළ බව සිහිපත් කළ ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදීද පීඩාවට පත්  ජනතාවගේ  ජන ජීවිතය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලාංකිකයින් සියළුම දෙනා සහයෝගය ලබාදෙනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බවයි.

Dec 17, 2025 - 17:15
 15
ලංකාවේ ප්‍රථම "තරු හතෙන්" ආපදාවට   රුපියල් මිලියන 10ට වැඩි සහනාධාර.
අවියානා සිලොන් රිසෝට් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා සංඛේතාත්මකව වතුර බෝතල් තොගයක් පරිත්‍යාග කරමින්...

ලංකාවේ ප්‍රථම "තරු හතෙන්" ආපදාවට 

රුපියල් මිලියන 10ට වැඩි සහනාධාර.

දිට්වා සුළිකුණාටුවෙන් විපතටපත් ජනතාවට රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත්

ආපදා සහනාධාර ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු7 හෝටලය වන අවියානා සිලොන් රිසෝට් එක්වෙයි.

අවියානා සිලෝන් රිසෝට් සහ අඹසෙවන හෝල්ඩිංග්ස් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා අතින්  මහනුවර සහ කොළඹ දිස්ත්‍රික්කවල ආපදාවෙන් විපතටපත්වූ ජනතාවට සහනාධාර ලබාදීම පසුගියදා සිදුවිය.

මහනුවර සහ අවට ගම්මාන කිහිපයක පීඩාවට පත්ව සිටින  ජනතාව වෙනුවෙන්  අවියානා සිලෝන් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් මෙම ආධාර තෙල්දෙනිය - මූලික රෝහලට, මැදදුම්බර ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයට සහ අලදෙණිය පොලිස් ස්ථානයට බෙදාදීම සිදුකරන ලදී. 

පිරිසිදු කළ පානීය ජලය, වියළි සලාක,ඖෂධ සහ ප්‍රථමාධාර, කාන්තා සහ පිරිමි ඇඳුම්, ළදරුවන්ට කිරිපිටි සහ ඇඳුම්, කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා අතුළු භාණ්ඩ රැසක් මෙම වැඩසටහන යටතේ බෙදාහැරුණි.

මෙම අවස්ථාවට එක්වූ අවියායනා සිලොන් රිසෝට් සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා සඳහන් කළේ මෙම ජනතාවට සහන සැළසීම සඳහා තමා ඇතුළු අවියානා කාර්යමණ්ඩලය ඉතා කැමැත්තෙන් සම්බන්ධ වන බවයි.

ඉතා දුෂ්කර අවස්ථාවලදී මෙම ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා ආධාර උපකාර කිරීම බොහෝදෙනෙකු නිහඬව සිදුකරන බවත් එම අවංක මැදිහත් වීම ඉතා වැදගත්වන අතර එය රටට අවශ්‍ය බවත් ආචාර්ය තිසර හේවාවසම් මහතා අවධාරණය කළේය.

සුනාමි ඛේදවාචකය, කොවිඩ් ලෝක වසංගතය වැනි ආපදාවලදී විපතටපත් ජනතාවට යළි නැගීසිටීම සඳහා බොහෝ දෙනෙකු උදව් කළ බව සිහිපත් කළ ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදීද පීඩාවට පත්  ජනතාවගේ  ජන ජීවිතය ගොඩනැංවීම සඳහා ශ්‍රී ලාංකිකයින් සියළුම දෙනා සහයෝගය ලබාදෙනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බවයි.

ඉදිරියටත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙවැනි සත්කාරයන් කිරීමට අවියානා සිලෝන් කටයුතු කරන බවද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

මෙම අවස්ථාවට අවියානා සිලොන් රිසෝට් ආයතනයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0