කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා නැතැයි කීම බොරුවක්.!

මෙහිදී විපක්ෂය රජයට චෝදනා කළේ bbc ආයතනය, හා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ “ඇති තරම් තොරතුරු” පසුගිය මස 11 වන දා පමණ සිටම යම් යම් අනාවරණ මගින් ඉදිරිපත් කර තිබුණත් “උද්දච්ච ආණ්ඩුව හා පාලකයෝ” සිය අඩු අත්දැකීම් හා නොසැලකිල්ල නිසා ඒ සියලු අනතුරු ඇගවීම් නොතකා හරිමින් රට හා ජනතාව අනතුරේ දැමූ බවයි.

Dec 11, 2025 - 23:47
 21

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


අනතුරු අඟවා නැතැයි කීම බොරුවක්.!

මුජිබර් රහුමාන් කරනලද හෙලිදරව්ව..

පසුගිය දිනවල රටට මහ විපතක් ගෙන දුන් “දිට්වා” සුලිකුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා අදාල බලධාරීන් රජයට හරි තොරතුරු කල්තියා දැනුම් දී නැතැයි කියා රට තුළ සංවාදයක් ඇති විය. ඒ ගැන මුලින්ම චෝදනා පැමිණියේ රජයට සම්බන්ධ විවිධ මැති ඇමතිවරුන්ගේ හා විවිධ ප්‍රකාශකයන්ගේ පාර්ශවවලිනි.

මෙහිදී විපක්ෂය රජයට චෝදනා කළේ bbc ආයතනය, හා අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ “ඇති තරම් තොරතුරු” පසුගිය මස 11 වන දා පමණ සිටම යම් යම් අනාවරණ මගින් ඉදිරිපත් කර තිබුණත් “උද්දච්ච ආණ්ඩුව හා පාලකයෝ” සිය අඩු අත්දැකීම් හා නොසැලකිල්ල නිසා ඒ සියලු අනතුරු ඇගවීම් නොතකා හරිමින් රට හා ජනතාව අනතුරේ දැමූ බවයි.

පසුගිය දිනවල මේ සංවාදය පාර්ලිමේන්තුවේත් ඉන්පිට විවෘත සමාජයේත් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබියදී, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විටින් විට කරනලද එම අනතුරු ඇඟවීම් සියල්ල ගෙන පුවත්පත් සාකච්ඡාවක් කැඳවූයේය. පුවත්පත් සාකච්ඡාවේදී ඔහු කරන ලද හෙළිදරව්ව මෙම වීඩියෝවේ ඇතුළත්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඇතුළු එහි තවත් නිලධාරියෙක් විටින් විට කරන ලද අනතුරු ඇගවීම් කිහිපයක්ම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ මෙම අදහස් දැක්වීමට අදාල විය.

ඒ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පසුව සඳහන් කර තිබුණේ ඊට පූර්වයේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කළේ “දිට්වා සුළි කුණාටුව” ගැන නොවන බවයි.

“දිට්වා සුළි කුණාටුව කියන එක අපි හඳුනාගන්නේ 23 වෙනිදා. ඇත්තටම සුළි කුණාටුව ගැන නෙවෙයි. “දිට්වා” කියන එකට අදාළව අඩු පීඩන කලාපය හඳුනා හඳුනාගන්නේ විසිතුන් වෙනිදා. ඒක නිසා දිට්වා ගැන අනතුරු අඟවා නෑ කියලා නලින්ද ජයතිස්ස ඇමතිතුමා කියන කතාවේ වරදක් නෑ.

එය අතර අනතුරු ඇඟවීමක් කර නැතැයි කියා ගෙනයන චෝදනාව සම්බන්ධයෙන්ද ඔහු යමක් කීවේය.

“පෙර දැනුම්දෙන්න විදිහක් නෑනේ. හඳුනා ගත්තට පස්සේ තමයි ඒ ගැන කියන්න වෙන්නේ. මේක බොහොම ඉක්මනින් වර්ධනය වෙච්ච එකක්. දැන් අපට කියන්න බැහැ ලබන සතියේ සුළි කුණාටුවක් ඒවිද කියලා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. සරල දෙයක් නෙවෙයි.”
කෙසේ වෙතත් මෙවන් තත්ත්වයක් යටතේ රටට පෙන්නුම් කළ පොදු කාරණාව වූයේ රජයේ යම් යම් බලධාරීන් වෙතින් කාලගුණා විද්‍යා දෙපාර්තමේන්තුවටද එල්ල වෙන යම් යම් චෝදනා හා බලපෑම් හේතුවෙන් ඔවුන්ටද විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. මෙවන් සංකීර්ණ තත්ත්වයන් මත ඔවුන් අතරද යම් යම් ප්‍රකාශයන්ගේ පරස්පරයන් ඇතැයි විපක්ෂය පවසයි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0