LTL හෝල්ඩිංග්ස් වෙතින් LTL මනුස්සකම රට පුරා...
LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීනව රටට බලපා ඇති අයහපත් කාලගුණික විපත් වලින් පීඩාවට පත් පවුල්වලට සවියක් වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කරන්නට සැලසුම් කර ඇත. “LTL මනුස්සකම” (LTL Humanity) යන නමින් නව සහන වැඩසටහන යටතේ මුළින්ම විපතට පත්වූවන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගන්නට සහය වනවා මෙන්ම දිගුකාලීනව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නටද සහයෝගය දක්වනු ඇත.
LTL හෝල්ඩිංග්ස් වෙතින්
“LTL මනුස්සකම” රට පුරා...
“උතුම් මනුසත්කම අධියර දෙකකින් රටටම”
LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීනව රටට බලපා ඇති අයහපත් කාලගුණික විපත් වලින් පීඩාවට පත් පවුල්වලට සවියක් වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කරන්නට සැලසුම් කර ඇත. “LTL මනුස්සකම” (LTL Humanity) යන නමින් නව සහන වැඩසටහන යටතේ මුළින්ම විපතට පත්වූවන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගන්නට සහය වනවා මෙන්ම දිගුකාලීනව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නටද සහයෝගය දක්වනු ඇත.
මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිතය. පළමු අදියර අවධානය යොමු කරන්නේ හදිසි ආධාර සැපයීම කෙරෙහිය. ඒ යටතේ සති දෙකක කාලයක් තුළ පීඩාවට පත් නිවාස වෙත ආහාර පාර්සල් 15,000 ක් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරේ.
පවුල්වලට අවශ්‍ය කඩිනම් සහයෝගය සහතික කිරීම සඳහා, මූලික ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක කට්ටල (hygiene kits) සහ නිවෙස්වල ආහාර පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළුව, මෙම මූලික අදියර සඳහා LTL හෝල්ඩිංග්ස් විසින් රුපියල් මිලියන 100 කට වැඩි මුදලක් වෙන් කර ඇත.
දෙවන අදියර අවධානය යොමු කරන්නේ ගංවතුර සහ ඊට අදාළ බාධාවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රජාවන් දිගුකාලීනව ස්ථාවර තත්ත්වයට පත් කිරීම කෙරෙහිය.
සැලසුම් කර ඇති ව්‍යාපෘති අතර, අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් සහ ළමා රෝහල් අලුත්වැඩියා කිරීම සහ නැවත ගොඩනැගීම, මෙන්ම විදුලි සේවා වැනි අත්‍යවශ්‍ය උපයෝගිතා යථා තත්ත්වයට පත් කිරීමද ඇතුළත් වේ.
සහන කටයුතු කඩිනමින් හා හොඳින් සම්බන්ධීකරණය කර බෙදා හැරීම සහතික කිරීම සඳහා, ජාතික මාධ්‍ය සංවිධාන, තරුණ හා කාන්තා කණ්ඩායම්, ප්‍රජා සංවිධාන සහ ස්වේච්ඡා ජාල සමඟ හවුල්කාරිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව LTL හෝල්ඩිංග්ස් පවසා ඇත.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී “නුහුමන් මාරිකාර්” මහතා පැවසුවේ, මෙම වැඩසටහන හදිසි මූලික අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, පීඩාවට පත් ප්‍රජාවන්හි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපගේ අරමුණ වන්නේ ව්‍යුහගත, අදියරගත ප්‍රවේශයක් තුළින් යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සහ සාමාන්‍ය තත්ත්වය යළි ස්ථාපිත කිරීමයි” යනුවෙන් පැවසීය.
https://scontent.fcmb10-1.fna.fbcdn.net/v/t15.5256-10/595983087_716224454433428_7053546015533122313_n.jpg?stp=dst-jpg_s960x960_tt6&_nc_cat=103&ccb=1-7&_nc_sid=d2b52d&_nc_eui2=AeF6o1NAbOwJbGm7EDNMUSwWqCWJ5_lCFIaoJYnn-UIUhv18lC-u_L9HI_sgxFlh-FO5t3j5xf1etCLuNuu8OU-S&_nc_ohc=z7abpRLsQo0Q7kNvwHKl27v&_nc_oc=AdkyIwtWpQoUoy_bBVIYN6vmaw2vFEiVVM2vloiWtmxLtgpd2qxwFWTfhzQJDL6jlE4&_nc_zt=23&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_gid=tUZVCdwW3CDUF3HK_6DSHg&oh=00_AfnGz6gMX_eGSGiIzoq-yrhsq6JMAjkNmMjtbBRSvo2IaA&oe=69405C40
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

