උපහාරය ආපදාවට හැරවූ ආනන්දාභිනන්දනය...
අස්ගිරි විහාරයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්දාභිධාන මාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ හා උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් ගෞරවණීය මහා සංඝරත්නයේ සහ ගිහි පැවිදි ආරාධිත ප්‍රභූන් රැසකගේ සහභාගත්වයෙන් පසුගිය7 වනදා පස්වරු 3. 30ට, උන්වහන්සේගේ ශාස්ත්‍රභූමිය වූ ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් විහාරස්ථානය සංවිධානය කර තිබිණි.
උපහාරයේ වටිනාකම
ආපදාවට හැරවූ
ආනන්දාභිනන්දනය...
අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමියන්ට උපහාර පිණිස
ඛේදවාචකයෙන් අවතැන් වූවන්ට නව නිවාස 24 ක ගම්මානයක්...
අස්ගිරි විහාරයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්දාභිධාන මාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ හා උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් ගෞරවණීය මහා සංඝරත්නයේ සහ ගිහි පැවිදි ආරාධිත ප්‍රභූන් රැසකගේ සහභාගත්වයෙන් පසුගිය7 වනදා පස්වරු 3. 30ට, උන්වහන්සේගේ ශාස්ත්‍රභූමිය වූ ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් විහාරස්ථානය සංවිධානය කර තිබිණි.
අස්ගිරි විහාරයේ අභිනව අනුනායක නාරම්පණාවේ ආනන්ද මාහිමිපාණන් ප්‍රමුඛ කොටගත් විද්‍යෝදය පරිවේනාධිපති ආචාර්ය බළන්ගොඩ සෝභිත නාහිමි, ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද නාහිමි, ඇමරිකාවේ සැන්හුසේ මහා විහාරාධිපති කහද අමරබුද්ධි නාහිමි, විද්‍යාලංකාර පිරිවෙනාධිපති වැලිමිටියාවේ ඥානරතන නාහිමි, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමි, කෝට්ටේ පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක මකුරුප්පේ සෝමාලංකාර නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසර නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නාබිරිත්තංකඩවර ඥානරතන නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මහාචාර්ය එළමල්දෙනියේ සාරානන්ද හිමි, ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමි, අත්තුඩාවේ නන්දසිරි නාහිමි, අතිපූජ්‍ය තලගල සුමනරතන හිමි, අතිපූජ්‍ය ඔමල්පේ සුමනරතන හිමි, ඇලිකේවල ශීලානන්ද නාහිමි, දර්ශනපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පුස්සැල්ලයායේ චන්දිම හිමි ශාසනාරක්ෂක මණ්ඩල සභාපති හිමිවරු විසි දෙනෙකු ඇතුළු මහා සංඝරත්නය, මෙන්ම ගිහි පැවිදි ප්‍රභූන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති චාම් නිහඩ පෙරහැරකින් උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිනි.
පළමුවෙන්ම නව අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ සුපින්වන් දෑතින්, සුනේත්‍රාදේවී මහාදේවී පිරිහෙන් විහාරස්ථානයේ ආරම්භ කරන්නට යෙදුන සිවුමහල් පිරිවෙන් ගොඩනැගිල්ලක් විවෘත කිරීම සිදුවිය. මෙම පුණ්‍ය කර්මය ඉතා සුළු වේලාවකින් සංකේතවත්ව අවසන් කරන්නට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, උත්සවයේ සංවිධායක හිමිපාණන් පියවර ගෙන තිබීම උත්සවයේ විචිත්‍රත්වයට හේතුවක් විය.
මේ රටේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ ගිහි ප්‍රධානත්වයෙන් “ආනන්දාභිනන්දන” උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර සුනේත්‍රා මහාදේවී පරිවෙණාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේගේ ගෞරවණීය ආරාධනය පිළිගෙන, ප්‍රවීණ සාහිත්‍යධර ආචාර්ය ගුණදාස අමරසේකර, ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ, සුප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, ප්‍රවීණ නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහානාම වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න, ප්‍රවීණ වාස්තු විද්‍යාඥ මාධව ප්‍රේමරත්න, ප්‍රකට විද්‍යා දේශක තිස්ස ජනනායක ඇතුළු උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයින් හා දානපතියන් විශාල පිරිසක් මේ අභිනන්දන උළෙලට පැමිණ සිටීම විශේෂත්වයකි. උත්සව සභාව පිළිගනිමින් මැදගොඩ අභයතිස්ස හිමි මෙසේ අරම්මණය පැහැදිළි කළෝය.
“අපි අද දින මෙම අභිමන් පිදීමේ උත්සවය සූදානම් කරලා තිබුණේ මේ තරම් චාම් අන්දමින් නෙවෙයි. අප සුනේත්‍රාදේවී මහා පිරිවෙනින් අධ්‍යාපනය ලැබ, සද්ධර්මවාගීශ්වර ශ්‍රී සුමනතිස්ස නාමෝපලක්ෂිත අප අනුනායක ස්වාමීන් වහන්සේ පිළිගන්නට අප සූදානම්ව සිටියේ මහත් විශාල උත්කර්ෂවත් උත්සවයකින්.
එහෙත් මේ අවස්ථාවේ රට මුහුණ දී තිබෙන ඉතාමත්ම දුක්ඛදායක ඛේදවාචකය නිසා ගෞරවණීය අනුනායක හිමියන්ගේම ඉල්ලීම පරිදි අපි ඒ උත්සවයේ මුහුණුවර වෙනස් කළා. විපතට පත් ගම්මානයක් නැවත සකස් කර එම ප්‍රදේශයේ ගම්වාසීන් වෙත භාරදීමේ පුණ්‍ය කර්මයකින් අද අපි මේ උත්සවය අර්ථවත් කරනවා.
ඒ අනුව ලක්ෂ 15 බැගින් වූ වටිනාකමක් සහිත නිවාස 24ක් සාදා දෙන්න තීරණය කළා. දැනටමත් ඒ සඳහා මේ මේ සභාවේ සිටින පිංවත් සුසිල්වත් දානපතීන් 24 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. දැනටමත් ඒ සදහා අපේ වාස්තු විද්‍යාඥ මාධව ප්‍රේමරත්න මහතා මේ ගම්මානය හා නිවාස පිළිබද සැළසුම් හදාදී අවසන්. ඒ උත්තම පුණ්‍ය කටයුත්තට දායක වීම වෙනුවෙන් අද අපි අපේ අභිනව අනුනායක හිමියන්ගේ පින්වත් දෑතින් එම උතුම් පින්කම නිහඬව සිදුකරන පරිත්‍යාගශීලීන් වෙත ස්තුති පත්‍රයක් සහිත සමරු තිළිණයක් ප්‍රදානය කරනවා...”
උත්සව සභාවේ ප්‍රමුඛ දේශනය පවත්වනු ලැබුවේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉසංඛ මල්සිරි මැතිතුමාය. 2500 වසරක් අපේ රටේ බුදු දහම පවත්වාගෙන යන්නට හා බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂා කරගන්නට මහා විහාරීය ආර්ය සංඝ පරපුර කරන ලද මෙහෙවරින් සන්දිස්ථානීය අවස්ථා කිහිපයක් මතක් කරමින් මල්සිරි මැතිතුමන් සිය ප්‍රමුඛ දේශනය ඉතා විචිත්‍රවත්ව ඉදිරිපත් කරනු ලැබුවේය.
පැමිණ සිටි ගිහි පැවිදි සෑම දෙනකුගේම සිත් පහන් කරවමින් ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි මැතිතුමන් අතීතයේ පටන් සුනේත්‍රා මහාදේවී පිරිවෙන කරනු ලැබූ “ජාතික, ශාසනික හා සංස්කෘතික මෙහෙවර” අර්ථවත් කරන්නට කෝට්ටේ යුගයේ ලියැවුණු සංදේශ කාව්‍යයන්හි කවි කීපයක් ඉතා මිහිරට ගායනා කරනු ලැබීය.
ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් මෙම උත්තරීතර උත්සවසභාව මෙහෙයවන ලද අතර අභිනව අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සෙත්පතමින්, මෙන්ම පසුගිය දිනවල රටට බලපානා ලද ස්වාභාවික විපත්වලින් විපතට පත් සියලුම දෙනාට පින් පමුණුවමින් මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සච්ඡායනයක් පවත්වනු ලැබීමෙන් අනතුරුව මෙම අභිමානවත් උත්සවයේ වැඩ කටයුතු අවසන් කෙරිනි.
prime land ව්‍යාපාරික ආයතනයේ ආධිපති ප්‍රේමලාල් මැතිදුන්ගේ හා එම මැතිනියගේ දායකත්වයෙන් උත්සව සභාව අවසානයේ ගිහි ආරාධිතයින් සඳහා සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය, උත්සවයට පැමිණ සිටි බොහෝ අමුත්තන්ට කතාබහ කරමින් සිය හිතවත්කම් වර්ධනය කරගන්නට මහැඟි අවස්ථාවක් වී තිබිණි. හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් මෙන්ම ඩඩ්ලි සිරිසේන වැනි ව්‍යාපාරිකයින් හා විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම මාධ්‍යවේදින් එකට හමුවී සතුටු සාමීචියේ යෙදී සිටින අයුරු තේ පැන් සංග්‍රහය අවසානය වන තෙක්ම දැක ගත හැකිවිය..
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
1
Angry
0
Sad
0
Wow
0

