ගුණදාස අමරසේකරයෝ 96 වෙනි ජන්ම දිනය සමරයි.
අමරසේකර නම් වූ චරිතය තුළ සැරිසරන දාර්ශනිකයා, සාහිත්‍යධරයා, දේශපාලන චින්තකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වසර 96 ක් ගත වන අද දින ද තමාට ඉතිහාසය විසින් බාර දී ඇති භූමිකාව සක්‍රීය ව සහ විශිෂ්ට ලෙස ඉටු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. ඉතිහාසය හමුවේ ඒ බව ඔප්පු කිරීම සඳහා පළමු පෙළ සාක්ෂිකරුවකු වීමට හැකි වීම පිළිබඳව මම අපමණ සතුටට පත්වෙමි. එසේම ගතවන සෑම දිනකම ඔහුගේ ඇසුර දේශපාලන සත්වයකු ලෙස මා හට ලැබී ඇති මහගු භාග්‍යයක් බව ප්‍රත්‍යක්ෂ වේ.
ගුරු බැති පූජා
ගුණදාස අමරසේකරයෝ
96 වෙනි ජන්ම දිනය සමරයි.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
අමරසේකර නම් වූ චරිතය තුළ සැරිසරන දාර්ශනිකයා, සාහිත්‍යධරයා, දේශපාලන චින්තකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වසර 96 ක් ගත වන අද දින ද තමාට ඉතිහාසය විසින් බාර දී ඇති භූමිකාව සක්‍රීය ව සහ විශිෂ්ට ලෙස ඉටු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. ඉතිහාසය හමුවේ ඒ බව ඔප්පු කිරීම සඳහා පළමු පෙළ සාක්ෂිකරුවකු වීමට හැකි වීම පිළිබඳව මම අපමණ සතුටට පත්වෙමි. එසේම ගතවන සෑම දිනකම ඔහුගේ ඇසුර දේශපාලන සත්වයකු ලෙස මා හට ලැබී ඇති මහගු භාග්‍යයක් බව ප්‍රත්‍යක්ෂ වේ.
මගේ කියවීම අනුව ටෝල්ස්ටෝයි හෝ තාගෝර් වැනි විශ්ව කීර්තියට පත් කලාකරුවන් සමාජ පරිවර්තනයන් සඳහා ඉටුකළ භූමිකාවට වඩා අමරසේකරයන්ගේ භූමිකාව වෙනස් වන්නේ ඔහු තම චින්තනය නිර්භීතව සහ විදග්ධ ලෙස සමාජගත කිරීමට අමතරව එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සමාජය සමඟ එක්ව වීදි බැස සටන් කිරීම නිසාය. පසුගිය වසර 20 කට අධික ඔහු සමීපව ඇසුරු කළ කාලය තුළ මුහුණ දුන් සිදුවීම් පිළිබඳ මතකය අවදි කිරීම ඉතා ආශ්වාදජනක වුවද යම් සිදුවීම් සිහිපත් වන විට යම් දුකක් ද ජනිත වේ. පොලීසිය විසින් පහර දීමට නියමිතඋද්ඝෝෂණ වලදී පවා ඔහු අප සමග නොසැලී ඉදිරි පෙළ රැඳී සිටි
ආකාරය සහ එවැනි සිදුවීම් නිසා උසාවි වල රස්තියාදු වීමට සිදු වූ අවස්ථා අපමණය. එවැනි අවස්ථා පිළිබඳව ඔහු සිනහමුසුව සිහිපත් කරන විට ඔහු කෙරෙහි වන ආදරය නිසාම දුකක් ද ඇති වේ.
සංවිධානයක් ලෙස සහ පුද්ගලයින් ලෙස අපගේ අපේක්ෂා බිඳ වැටෙන අවස්ථා වලදී ඇතිවන මානසික බිඳ වැටීම නැවතයථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහුට පුදුම හැකියාවක් ඇත. එවැනි අවස්ථාවල ඔහු වර්තමානය පිළිබඳ උපේක්ෂා සහගත ව සහ අනාගත අභියෝගය පිළිබඳ අධිෂ්ඨානශීලී ව අදහස් දැක්වීම තුළින් අපගේ බිඳුණු සිත් සුවපත් කරයි. එසේ වුවත් මෑත කාලීන ව ඔහු විසින් රචිත මහ ගෙදර නවකතාව කියැවීමේදී ඔහු තුළ යම් අපේක්ෂා භංගත්වයක් සහ රටේ අනාගතය පිළිබඳව බලවත් කම්පාවක් පවතින බව වටහාගත හැක.
එවැනි සිත් වේදනාවක් තුළ පවා 96 වියැති ඔහුගේ මතක ශක්තිය සහ තමාට ඉතිහාසය විසින් පවරා ඇති භූමිකාව තවදුරටත් රඟ දැක්වීම සඳහා ඔහු තුළ පවතින චිත්ත ශක්තිය පුදුම සහගතබව කිව යුතු ය. ඔහු විසින් ප්‍රකට කරනු ලබන එම ගුණය පිළිබඳ ව යම් අවස්ථාවල මෙනෙහි කරන විට අපට අප පිළිබඳව යම් ආත්ම අනුකම්පාවක් මෙන් ම ඇවත් සිතක්ද පහළ වේ. ඔහුගේ භුමිකාව ප්‍රත්‍යාවලෝකනය කිරීමේදී එම මතකය ග්‍රන්ථාරූඪ කිරීමට පිටු දහස් ගණනක් අවශ්‍ය වනු ඇත. ඊට අමතර ව මා නවකතාකරුවකු නොවන බැවින් ඒ සඳහා උත්සාහ නොකරමි.
එහෙත් ඔහුගෙන් ලද දැනුම ආභාසය සහ මගපෙන්වීම කුමන හෝ ආකාරයට සමාජයේ යහපත සඳහා යෙදවීම අපගේ පරම වගකීමක් බවට විවාදයක් නැත. පුද්ගලික ව ද අපගේ ජිවිතවෙනස් කර ගැනීමට ඔහුගේ ඇසුර මගින් දැඩි බලපෑමක් එල්ල වූ බව ද පිළිගත යුතු ය. ඔහුගේ සාහිත්‍ය කෘති අපට දේශපාලනයේ උත්තර සංවාදයට ප්‍රවේශ වීමට පමණක් නොව ජීවිතාවබෝධය ලබා ගැනීමට ද අවස්ථාව උදා කරනු ලැබීය. ඔහු අපගේ සිත් තුළ ජාතික චින්තනයේ බීජ රෝපණය කළා පමණක් නොව ශ්‍රී ලංකාව නම් වූ සභ්‍යත්ව රාජ්‍යය දිවි හිමියෙන් රැකිය යුතු බවට දැඩි මානසික බලපෑමක් ඇති කිරීමට ද සමත් විය.
අවසාන වශයෙන් ඔහු විසින් රඟ දක්වන ලද සමාජ භූමිකාව පිළිබඳ මාගේ කියවීම කෙටියෙන් පැහැදිලි කර අවසන් කිරීම සඳහා මා පිළිබඳව යම් සටහනක් තැබීම සුදුසු යැයි සිතමි.
''ළමා කාලයේ දී මාගේ වීරයා වූයේ සිදුහත් කුමරුන් සහ බුදුන් වහන්සේ ය. ඊට මුල් වූයේ කුඩා කල අපට බුද්ධ චරිතය ඉගැන්වූ ගුරුවරයාගේ විචිත්‍රවත් ඉගැන්වීමේ කලාව යැයි මම සිතමි. ඉන්පසුව තරුණ අවධියේ දී තවත් වීරයෙකු මගේ හදවතට සමීප විය. ඒ රෝහණ විජේවීරයන් ය. එම වීරයාගේ ඉගැන්වීම් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දෙවරක් නොසිතා අප අපගේ ජීවිත පූජා කිරීමට ඉදිරිපත් වූයෙමු. එමෙන් ම අපගේ අඹු දරුවන්ගේ ජිවිතදුකට පත් කළෙමු. ඉන්පසු ව තෙවන අවදිය හෙවත් වැඩිහිටියකු ලෙස මාගේ වීරයා බවට පත්වූයේ ගුණදාස අමරසේකරයන් ය. අප රටක් ලෙස සහ සමාජයක් ලෙස මුහුණ දෙමින් සිටින අභියෝග ජය ගැනීමට මෙන් ම අප වෙත ඉදිරිපත් වන ප්‍රහේලිකා විසඳීම සඳහා මෙම චරිත ත්‍රිත්වයේ ඉගැන්වීම් දෙමුහුන් කළ යුතු යැයි මම තරයේ විශ්වාස කරමි."
ආදරණීය ගුරුතුමනි, මිත්‍රයාණෙනි, සටන් සගයාණෙනි අපගේ මාතෘ භූමිය අධිරාජ්‍යවාදී මර උගුල්වලින් බේරා ගැනීම සඳහා චිරාත් කාලයක් අපට මග පෙන්වනු මැනවි!
(සාහිත්‍ය ශූරී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 96 වෙනි ජන්ම දිනය පසුගිය 12 වනදාට යෙදී තිබිණි.
ඒ නිමිත්තෙන් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින්
තම ෆේස්බුක් පිටුවේ පළ කරතිබූ අනර්ඝ ෆේස්බුක් සටහනකින් උපුටා ගන්නා ලදී.)
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

