අරුණ කර්තෘ CIDයට කැඳවීම මාධ්‍ය නිදහසට තර්ජනයක්...
නව රජය බලයට පත් වී මාස කිහිපයක් තුළදීම “මාධ්‍ය නිදහස පිළිබඳ බරපතළ” ප්‍රශ්න ඉස්මතු වීම නව රජයේ මාධ්‍ය ප්‍රතිපත්තියේ කැත නිරුවත හෙලිදරව් කරන්නක් බව මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන චෝදනා කරයි. පසුගිය 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ‘අරුණ’ පුවත්පතේ කාර්යාලයට ගොස් එහි ප්‍රධාන කතුවරයා වන මහින්ද ඉලේපෙරුම මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.
අරුණ කර්තෘ CIDයට කැඳවීම
මාධ්‍ය නිදහසට තර්ජනයක්...
මාධ්‍යවේදීහු රජයට විරෝධය පාති.
නව රජය බලයට පත් වී මාස කිහිපයක් තුළදීම “මාධ්‍ය නිදහස පිළිබඳ බරපතළ” ප්‍රශ්න ඉස්මතු වීම නව රජයේ මාධ්‍ය ප්‍රතිපත්තියේ කැත නිරුවත හෙලිදරව් කරන්නක් බව මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආයතන චෝදනා කරයි. පසුගිය 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ‘අරුණ’ පුවත්පතේ කාර්යාලයට ගොස් එහි ප්‍රධාන කතුවරයා වන මහින්ද ඉලේපෙරුම මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත. මුළදී කර්තෘවරයා (CID)යට කැඳවා ඇතත් ඔහු නොයෑම නිසා පොලීසිය මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රශ්නකිරීමට හේතු වූයේ නොවැම්බර් 19 දින ‘අරුණ’ පුවත්පතේ පළ වූ “පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානියාගේ අනුමැතියත් ඕනෑ” යන සිරස්තලයෙන් පළ වූ ලිපියයි. එම පුවතෙන් හෙළි වූයේ පොලිස් ස්ථානවලදී ජනතාවට “පොලිස් වාර්තා” ලබා ගැනීමට මහජන ආරක්ෂක කමිටුවේ ප්‍රධානියාගේ අත්සන අනිවාර්ය කර ඇති බවයි. මෙතනදී ප්‍රශ්නය මතුවන්නේ මෙසේ පත්කර ඇති මහජන කමිටු ප්‍රධානියා සෑම තැනකම ජවිපෙ කාඩරයෙක් වීම නිසා බවද කියැවේ.
මෙම පුවත පළ වීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ දැඩි කෝපයක් ඇති විය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී ‘අරුණ’ කතුවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමේ තර්ජනයක් එල්ල කළේය. පසුදා (20 දා) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද පාර්ලිමේන්තුවේදී මෙම පුවත “විකෘති තොරතුරු” ලෙස හෙළා දකිමින් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීය.
එදිනම CID නිලධාරීන් අරුණ කාර්යාලයට පැමිණීම මාධ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ කැළඹීමක් ඇති කළේය. බොහෝ දෙනා මෙය “පාර්ලිමේන්තු තර්ජනයෙන් පසු පොලිසිය යොදා ගෙන මාධ්‍යවේදියෙකුට පීඩනය එල්ල කිරීමක්” ලෙස හෙළා දුටුවහ.
මාධ්‍ය සංවිධාන සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙයට තරයේ විරෝධය දැක්වූහ. ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය මහතා ඇතුළු පිරිසක් අවධාරණය කළේ, මාධ්‍යවේදීන් CID කාර්යාලයට කැඳවීම පුරුද්දක් කර ගැනීම නොකළ යුතු බවයි. “අවශ්‍ය නම් ඔවුන් ආයතනයටම ඇවිත් ප්‍රකාශ ගත යුතුයි. අපේ රස්සාවට ගරු කළ යුතුයි. පැය ගණන් රස්තියාදු කරන්න යැවීම මාධ්‍යවේදීන් බිය ගන්වන පැරණි උපක්‍රමයක්” යැයි කුරුකුලසූරිය මහතා පැවසීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය “ක්‍රම වෙනසක්” ගෙන එන බවට ජනතාවට ලබා දුන් පොරොන්දුව අතරේ මෙවැනි සිදුවීම් ඇති වීම බොහෝ දෙනාගේ කලකිරීමට හේතු වී ඇත. පෙර රජයන්ගේ මාධ්‍ය මර්දනය දැඩි ලෙස විවේචනය කළ වත්මන් පාලනය, එම මාධ්‍ය මර්දන උපක්‍රමම අනුගමනය කරීම ගැන බලවත් සැකයක් ජනතාව අතර ඇති වී තිබේ.
‘අරුණ’ පුවත්පත පළ කළ තොරතුර “පරිපාලන දෝෂයක් හෙළිදරව් කිරීමක්” පමණි. එය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සහ රාජ්‍ය ආයතනවල “වගවීමට” සෘජුවම සම්බන්ධ වේ. එවැනි වාර්තාකරණයක් නිසාම CID පරීක්ෂණයක් ආරම්භ වීම මාධ්‍ය නිදහසට එල්ල වූ ඍජු තර්ජනයක් ලෙස මාධ්‍යවේදීන් සලකති.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ අනාගතය පිළිබඳ බරපතළ ප්‍රශ්න රැසක් මතු කර තිබේ. “ක්‍රම වෙනස” යනු කිසිදු විවේචනයකට ඉඩ නොදෙන, පැරණි බලයේ ආකෘතියම නව ආකාරයෙන් පැළඳ සිටින තත්ත්වයක්ද යන්න ජනතාව නිරීක්ෂණය කරමින් සිටී.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

