මේ සතියේ පොලිටිකල් ගොසිප් (නොවැම්බර් 01 සිට 07 දක්වා)

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන සමගි ජන බලවේගය පසුගිය බ්‍රහස්පතින්දා ''මෙවර අයවැය කෙබඳු මුහුණුවරුවක් ගනු ඇද්ද'' කියා සාකච්ඡා කරන්න විශේෂ වැඩමුළුවක් පැවැත්තුවා. මෙම වැඩමුළුව තිබුණේ බත්තරමුල්ල “මොනාක් ඉම්පීරියල්” හෝටලයේ. ඒ සියලු කටයුතු සංවිධානය කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත. ඔහු මේ සඳහා සහභාගි වන්නට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කරල තිබුණා. දිලිත් ජයවීර ගේ “සර්වජන බලය” හැරුණාම අනෙකුත් සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් ඇවිත් හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරු 65 දෙනාගෙන් පනස් දෙනකු පමණ විතර...

Nov 10, 2025 - 14:04
Nov 10, 2025 - 14:07
 44
මේ සතියේ පොලිටිකල් ගොසිප් (නොවැම්බර් 01 සිට 07 දක්වා)


මේ පාර අයවැය 

මොන වගේ වෙයිද..?

 

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන සමගි ජන බලවේගය පසුගිය බ්‍රහස්පතින්දා ''මෙවර අයවැය කෙබඳු මුහුණුවරුවක් ගනු ඇද්ද'' කියා සාකච්ඡා කරන්න විශේෂ වැඩමුළුවක් පැවැත්තුවා. මෙම වැඩමුළුව තිබුණේ බත්තරමුල්ල “මොනාක් ඉම්පීරියල්” හෝටලයේ. ඒ සියලු කටයුතු සංවිධානය කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත. ඔහු මේ සඳහා සහභාගි වන්නට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කරල තිබුණා. දිලිත් ජයවීර ගේ “සර්වජන බලය” හැරුණාම අනෙකුත් සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් ඇවිත් හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරු 65 දෙනාගෙන් පනස් දෙනකු පමණ විතර...

වැඩමුළුව ආරම්භ කරමින් ගයන්ත කරුණාතිලක මෙවර 2026 අයවැය ඉදිරිපත් කෙරෙන ආර්ථික සමාජ දේශපාලන පසුබිම ගැන කෙටි හැඳින්වීමක් කරා. මේ රටේ සිටින ආර්ථික සමාජ දේශපාලන කටයුතු ගැන දැනුමක් ඇති විද්වතුන් කිහිපදෙනෙකුට ආරාධනා කරලයි තිබුණේ මන්ත්‍රීවරු දැනුවත් කරන්න. 

අපේ රටේ ආර්ථිකය හා සමාජ ප්‍රගමනය සම්බන්ධයෙන් පර්යේෂණ කරමින්, මේ ආර්ථිකය සංවර්ධනාත්මකව ඉදිරියට රැගෙන යාම පිළිබඳව රජයට උපදෙස් හා රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබාදෙන “සමාජ ආර්ථික පර්යේෂණ ආයතන දෙකක” විද්වතුන් හා විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් කීපදෙනෙක් මේ සඳහා පැමිණිලා සිටියා. මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය අර්ජුන පරාක්‍රම, ජනනාත් ප්‍රනාන්දු, ශැලෝමා ලියනගේ, කපිලන්, ෂෙහාන් ඉලේපෙර්ම වගේ අය කවුරුත් දන්නවනේ...

රටේ පවතින ආර්ථික හා සමාජ අර්බුද මෙන්ම අභියෝග හමුවේ මේ රටේ සංවර්ධනාත්මක අයවැයක් කෙබදු දිශානතියක් ගත යුතු දැයි මේ විද්වතුන්  උදාහරණ හා හේතු පැහැදිලි කරමින් ඉතා අනර්ඝ මග පෙන්වීමත් කරනු ලැබුවා....

''මේ පාර ඉදිරිපත් කරන අයවැය මොන වගේ එකක් වෙයිද.?''

''එහෙත් විද්වතුන් ඒ ගැන පුරෝකතන කරන්නට ගියේ නැත. සංවර්ධනාත්මක අයවැයක් හෝ සුභසාධන අයවැයක් මෙසේ විය යුතු යැයි පෙන්වා දෙමින් දිශානතිය පිළිබඳව විශ්ලේෂණාත්මක කරුණු දැක්වීමත් පමණක් ඔවුන් කරනු ලැබූවා.."

ආර්ථිකයේ අන්ධකාරය

රනිල් පෙන්වලා දීලා...

 ඒ වැඩමුළුව කෙසේ වෙතත් මේ ගැන පුරෝකතන කරමින් කරුණු සාකච්ඡාවට ගත් තවත් තැනක් අපට මුණගැසුණාග පහුගිය බදාදා කොළඹ මල් පාරේ රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය තමයි ඒග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම දේශපාලන මිතුරන් හා මාධ්‍යවේදියෙන් කීපදෙනෙකු වට කරගෙන මෙවර අයවැය මෙවන් එකක් විය හැකි යැයි බරට කතාව.

''ජනතාවට හීන පෙන්න පෙන්නා ආපු ආණ්ඩුව ගිය පාරත් අයවැයෙන් ජනතාව හීනෙන් නැගිටෙව්වා. ජනතාව රවට්ටල දැම්මා. වේදිකාවන්වල කියපු සුරංගනා ලෝක මවාගෙන අඩු මිලට වාහන ගන්න, ව්‍යාපාර පටන් ගන්න, රැකියා අවස්ථා උදාකර ගන්න, කොටින්ම කිව්වොත් ඉන්න හිතෙන රටක ජීවත් වෙන්න පොදු ජනතාව බලාගෙන හිටියා. මේ පාරත් ඉතින් වැඩි වෙනසක් වෙන එකක් නෑ. මේ පාරත් ඕන්නම් ජනතාවට ජීවත්වෙන එක තව ටිකක් අමාරු කරයි...''

"2024 අවුරුද්දේ ඉඳන් අපිට වැදගත්ම කාරණය වුණේ 2028 දි ණය ගෙවන්න ආරම්භ කරන්න පුළුවන්ද කියන කාරණය. එහෙම ණය ගෙවන්න පුළුවන් කියන එක තාම මට නම් පෙන්නුම් කරලා නැහැ" රනිල් තමන්ගේ දේශපාලන ඥානය පෙන්නුම් කරමින් විග්‍රහයක් කළේය.

"ටුවරිසම් වලිනුත් බලාපොරොත්තු වෙච්ච ආදායම පැමිණ නැහැ නේදැයි" දිනිත් චින්තක ඇසූයේ සංඛ්‍යා ලේඛන කිහිපයක් ද ඉදිරිපත් කරමින්.

"කාමර ගාස්තුත් වැඩි වෙලා, නේපාලයේ කරදරවලින් පස්සේ සංචාරකයන්ට යන්න තැන් තිබුණේ නැහැ. ළඟම තැන තිබුනේ ලංකාව, නමුත් ලංකාව ඒකට මාකට් කළේ නැහැ. අපි තාම එක තැන හිරවෙලා ඉන්නේ. ලොකුම අර්බුදය වෙලා තියෙන්නේ අපේ වෘත්තිකයන් වැඩි හරියක් දැන් රට ගිහිල්ලා" රනිල් එසේ කීවේ දිනිත් මතු කළ ප්‍රශ්නයට පිළිතුරක් දෙමින්

"අනෙක් අර්බුදය තමයි අපේ රුපියල බාල්දු වෙලා. රුපියල බාල්දු වෙලා තියෙන නිසා රුපියලේ මිලත් අඩුවෙනවා. ඩොලරය රුපියල් 275 මට්ටමකට තියාගනු ඇති බවත් එතැන් සිට තවත් අඩුවනු ඇති බවත් ආණ්ඩුවේ උදවිය විශ්වාස කළා. ඒත් දැන් වෙලා තියෙන්නේ තවත් රුපියල බාල්දු වෙච්චි එක. අපි කතා කරන්න ඕන මේවා ගැන තමයි. වෙන වෙන වල් පල් වාගාලාප කතා කළාට වැඩක් නැහැ. රනිල් වත්මන් ආර්ථිකයේ අඳුරු පැතිකඩක් ගැන විශ්ලේෂණයක්ද කළේ එසේය.

උතුර අද මෙහෙමයි

සුමන්තිරන් කියයි...

පසුගිය සති අන්තයේ දකුණේ දේශපාලන පක්ෂ 14ක නියෝජිතයින් පිරිසක් උතුරුකරය බලා ගියා. ඒක එක්තරා ආකාරයක නෑ ගමනක්... මේ ගමනට මග පෑදී ඇත්තේ මෙහෙමයි...

මීට සති කීපයකට කලින් ලංකාවේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් පිරිසක් ඉන්දියාවේ දේශපාලන සමාජ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් සඳහා ආරාධනාවක් ලැබිලා ඉන්දියාව බලා ගියා. මේ ගමනට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ අනෙකුත් පක්ෂවලත් නියෝජිතයෝ හිටියා. එහිදී ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් හැටියට මේ යාපනේ නෑ ගමන ආරම්භ වුණා කියලා කිව්වොත් වැරදි නෑ...

''අපටත් ආසයි යාපනේ දැකබලාගෙන ඕගොල්ලන්ගේ එහේ ජන ජීවිතය ගැන හදාරන්න, පොඩි රිසර්ච් එකක් වගේ සංචාරයක් කරන්න... ''එසේ කීවේ මෙසේ ඉන්දියානු ගමනට සම්බන්ධ වී සිටි විපක්ෂයේ තරුණ නියෝජිතයන් පිරිසක්...

''ඉතින් අපි ඒක ලෑස්ති කරන්නම්කො. ඕගොල්ලා දකුණෙන් පුළුවන්න් තරම් දේශපාලඥයන්ට ඇවිල්ල උතුර දැක බලා ගන්න සලස්වන එක තමයි අපෙත් ආසාව... අපි ඒක කරන්නම්.  ඕගොල්ලෝ ලෑස්ති වෙන්න... '' මෙහෙම කීවේ "ඉලංගෙයි තමිල් අරසු කච්චි" වෙනුවෙන් සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා.. ඒ අනුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයෝ එක්ව දකුණේ දේශපාලනඥයන් උතුරට ගෙනයාමේ මෙම ගමන හරි අපූරුවට සංවිධානය කර තිබිණා...

සමගි ජන බලවේගයෙන් ප්‍රසාද් සූරියාරාච්චි, චමින්ද්‍රානි කිරියැල්ල, චතුර ගලප්පත්ති හා චිත්‍රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස සහභාගි වුනා. මේ හැරුණු විට අනෙකුත් පක්ෂවලින් පැමිණ හිටියේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මට්ටමේ තරුණ ක්‍රියාකාරිකයින්. ආසන සංවිධායකයෝ ටිකකුත් හිටියා. පොහොට්ටුවෙන් ආවේ මිලින්ද රාජපක්ෂ.

මේ සියලුම දෙනා සුඛෝපභෝගී බස් රථයකින් යාපනය බලා ගෙනයන වගකීම කරට ගත්තේ මන්ත්‍රී සුමන්තිිරන්. ඉතා විනෝද ජනක ගමනක අවසානයේ යාපාපටුන බලා ගිය පිරිසට ජෙට්වින් හෝටල් සමූහය සතුව තිබූ හෝටලයක රාත්‍රී නවාතැන්... ඊට පෙර ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් හා සාදයක් මේ අය වෙනුවෙන් තිබුණා...

ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් එම උත්සවය අලංකාරවත්ව පැවැතියා. යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැටුම් ගැයුම්වලින් මේ උණුසුම් අවස්ථාව වර්ණවත් වුණා.. අරමුණු පැහැදිලි කිරීම් වගේම ස්තූති කතාද ගොඩයි. ඒ අතර රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර උණුසුම් පානවර්ගවලින් සංග්‍රහයකුත් ලෑසිතියි... 

''යාපනයට ඇවිල්ලත් අපිට මේවද බොන්න දෙන්නෙ. මේවනම් කොළඹත් තියෙනවා. අපට ඕන මේ වගේ ගමනක් ආවහම තල්රුප්පාවෙන් මොනවා හරි විශේෂ කෑමක් බීමක්...'' ප්‍රසාද් සූර්යාරච්චි මෙන්ම චිත්‍රාල් කටකාරයෝ... මිලින්ද රාජපක්ෂ ඊට හපන්. මේ ගොල්ලන්ගේ වදෙන් පොරෙන් බේරෙන්නම බැරි වුුනේ සුමන්තිරන්ට...

''හරි හරි... ඕගොල්ලන්ට හෙටයි අනිද්දයි දවස් දෙකක් තියෙනවා... මෙහෙ තියෙනවා ඕන තරම් තල්රුප්පාවේ කෑම බීම. අපි හැම දෙයක්ම ඕගොල්ලන්ට දෙනවා. දැන් මේවයින් පටන් ගමු....'' එසේ කියමින් සුමන්තිරන් පිරිස අස්වැසූ බවයි ආරංචි...

''පසුවදා උදෙන්ම යාපනයේ අර්ධද්වීපයේ සංචාරය ආරම්භ වුණා. ආරම්භයේදීම සුමන්තිිරන් සෙසු පිරිස ගමන් කළ බස් රථයට ගොඩ වුණා. එතන ඉදන් එයා තමයි කොන්දොස්තර... ඒ වගේම මාර්ගෝපදේශක... 

''කොළඹදී පාර්ලිමේන්තුවේ අත්දෙක දිගට දාලා ටයිකෝට් ඇඳලා ඔලුවවත් හෙල්ලෙන්නේ නැතුව මෙයා නිකං ගරුගාම්භීරෙට ඇවිදිනකොට අපි ඉස්සර හිතුවේ මහ ඔලුව ඉදිමිච්ච පොරක් කියලා. දැන් බලාගෙන ගියාම මෙයා හොඳයිනෙ අපිට වඩා...''මන්ත්‍රීවරු සුමන්තරන්ට විහිළු කරන්න ගත්තේ එහෙම...

''මේක තමයි යාපනයේ ජීවත් වෙච්ච අන්තිම රජ්ජුරුවෝ... සංකිලිගේ මාලිගාව..." කියමින් සුමන්තිරන් බලන්නට සැලැස්සුවේ යාපනයේ ගෘහ නිර්මාණ ශිල්පය හා අතීත ශිල්ප ක්‍රම මොනවට ගෙනහැර පාන ඓතිහාසික මන්දිරයක නටබුන්... සුමන්තිරන් ඒවා ඉතා ලස්සනට විස්තර කළා...

යාපනය පුස්තකාලය.

''මේක තමයි ඕගොල්ලන්ගේ පැත්තෙ කට්ටිය ඇවිල්ලා එකපාරක් ගිනි තියල පොළොවට සමතලා කරපු යාපනේ ඓතිහාසික පුස්තකාලය... මේක ආසියාවේ තිබුණු ලොකුම, හොඳම පුස්තකාලය කියලයි ඒ කාලෙත් කිව්වේ... ''සුමන්තිරන් යාපනයේ සුවිශේෂී තැන් පෙන්වමින් ඒ ගැන විස්තර කරමින් යන අතරතුර එක තැනකදී එසේ කිවිවා. එතන ජන හමුවක් ද සූදානම් කර තිබුණා. සංචාරයේ යෙදුණු දේශපාලන නියෝජිතයන්ට යාපනයේ පොදු ජනතාව එක්ක කතාබස් කරන්නත් එහිදී අවස්ථාව සැලසුනා...'' 

''ඓතිහාසිකව දකුණේ අයගෙන් මේ පුස්තකාලය සම්බන්ධයෙන් විශාල වරදක් සිද්ධ වෙලා තියෙන බවට තේරෙනවා. දකුණේ අය වෙනුවෙන් මම ඒ ගැන සමාව ඉල්ලනවා. ප්‍රසාද් සූරියාරච්චි කිව්වා... 

''ඒත් එක්කම සභාවෙන් හා සංචාරයේ යෙදී සිටින මන්ත්‍රීවරු අතරින් වත්මන් රජයට යම් යම් විවේචනද පැන නගින්න පටන් ගත්තා. මෙවන් විවේචන මේ ගමන පුරාම දැක ගත හැකි වුනා. එහෙත් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස වුනේ ආණ්ඩුවේ කිසිවෙකුත් මේ ගමනට මේ සංචාරයට සහභාගි වී නැති බැවින් ඔවුන් නැති තැන මෙවන් විවේචනය කිරීම සදාචාරයට පටහැනි බව...

''ඔබතුමා කතා කරේ නැද්ද ආණ්ඩුවේ නියෝජිතයින්ට මේ ගමන එන්න කියලා...''

''මොකද නැත්තේ... මම පුද්ගලිකවත් අපිත් එක්ක ඉන්දියාවෙ ගිය අයට කතා කළා. ඒ හැරුනාම කාර්යාලයට කතා කළා. පක්ෂයේ ලේකම්තුමා ටිල්වින් මැතිතුමා කීපදෙනෙක් මේ ගමන එවනවා කියලා පොරොන්දුත් වුණා. ''

''උන් කවද්ද පොරොන්දු ඉටු කළේ....'' කියමින් බස් එකේ සිටි මන්ත්‍රීවරු හිනාවෙන්න ගත්තා... 

ප්‍රභාකරන්ගේ ගමෙන්

දකුණට කෑම වේලක්...

සංකිලි මාළිගාව

ගමන අතරතුර මණ්ඩතිවූ දූපත එක්තරා නැරඹුම් ප්‍රදේශයක් වුණා. යාපනය කොටුව, කන්කසන්තුරේ ජැටිය, පලාලි ගුවන්තොටුපල පමණක් නොවෙයි...  යාපනයේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන්ගේ මග පෙන්වීම යටතේ නිරීක්‍ෂණ කණ්ඩායමේ නිරීක්‍ෂණයට පාත්‍ර වුණා.

''ඔන්න ඕගොල්ලන්ට තල් රුප්පාවේ කෑම බීම කන්න බොන්න ඕන කිව්ව නේද.... දැන් ඊළඟට අපි යන්නෙ ප්‍රභාකරන්ගේ ගමට. ඕගොල්ලොන්ට දවල්ට කෑම වැල්වැටිතුරෙන් ලැබේවි...''

''එහෙම කියනකොට නම් බයත් හිතෙනවා...'' ඒ කිව්වේ චමින්ද්‍රාණි.. 

දිවා ආහාරය සූදානම් කර තිබුණේ තරුණ නීතිඥයෙක්. ඔහු ප්‍රභාකරන්ගේ නිවසට අල්ලපු නිවසේ පදිංචි  තමිල් අරසු කච්චි පක්ෂයේ දේශපාලඥයෙක්. ඉතා සුහද පුද්ගලයකු වුණ ඔහුට ඉතා අනර්ඝ ගණයේ අත්දැකීමක් වැල්වැටි තුරේදී සංචාරක දේශපාලනඥයන්ට ලබා දෙන්නට හැකිවුණා.

''මන්ත්‍රීවරුන්ට හා දේශපාලන නියෝජිතයින්ට පානය සඳහා යාපනයේ "ඉස්තරම්ම තල් රා" සූදානම් කර තිබුණා. කටගැස්ම වෙනුවට මාළු, ඉස්සෝ, දැල්ලෝ වැනි යාපනයටම ආවේණික ආහාර එහි විදියටම හදලා.. 

''එම දිවා භෝජන සංග්‍රහයෙන් අතිශයින්ම සතුටට පත් දේශපාලනඥයෝ යාපනයේ ජනතාවගේ සංග්‍රහශීලිත්වය හා හිතවත්කම කුමක්දැයි හොඳින්  දැනගත්තා...

''දැන් ඕගොල්ලෝ මේ පළාත්වලින් පාර්ලිමේන්තුවට එවපු මහජන නියෝජිතයෝ ගැන සෑහීමකට පත්වෙනවද...? සතුටට පත්වෙනවද කියලා අපට කියන්න...' ' ප්‍රසාද්, චිත්‍රාල්, මිලින්ද ඇතුළු පිරිස එවන් ප්‍රශ්න ඇසුවත් ඔවුන් සිනහවකින් උත්තර දුන්නා මිස කිසිදු විවේචනයක් කරන්න ගියේ නැහැ...

''මට පුදුම මේ සුමන්තිරන් මන්ත්‍රීතුමාලා වගේ අවංක වැදගත් වටින මිනිස්සු ගෙවල්වල තියලා අර වගේ මෙලෝ රහක් නැති 159ක් පාර්ලිමේන්තු එවුවේ ඇයි කියලා... යාපනයේ ජනතාව ඒ වගේ ඓතිහාසික වරදක් කරපු එකට හේතුවක් තියෙන්න ඕන..''ප්‍රසාද් ප්‍රශ්න කරන්න පටන් ගනිද්දි සුමන්තිරන් ඉතා කාරුණිකව එය නවත්තන්නැයි ඉල්ලිමක් කළා

දිලිත් ගේ පක්ෂය වෙනුවෙන් මේ ගමනට සහභාගී වී සිටි නියෝජිතයා රුචිර පලිහවඩන යාපනයේ තරුණයින් කණ්ඩායමක් දකුණේ සංචාරයකට රැගෙන ඉන්නැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ඉල්ලීමක් කළා...  

''අපිත් අපේ නායකතුමාත් ඒගොල්ලන්ගේ සංචාරය බලාගන්නවා...''රුචිර කීව්වා.

නුගේගොඩ රැලිය ගැන

ආණ්ඩුව කියන කතා...

ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ නගර මධ්‍යයේ ලබන 21 වනදා පවත්වන්නට සූදානම් වන මහා ජන හමුව ගැන මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ද කතා බහ කරන්න පටන් අරන්.

''මේගොල්ලෝ මේ රැලිය සංවිධානය කරන්නේ නාමල්ව මතු කරන්නයි රාජපක්‍ෂවරුන්ව රටේ තියෙන චෝදනාවලින්, ප්‍රශ්නවලින් බේරගන්නයි කියල විපක්ෂය ඇතුලේ ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සජිත් ප්‍රසිද්ධියේම ඒකට විරුද්ධත්වය පළ කරලා එයාගේ පක්ෂයේ අය යන එකත් වළක්වලා තියෙනවා කියලයි ආරංචි. දැනට විපක්ෂයේ එකමුතුකම ආරක්ෂා කරගන්න ඕනනිසා සුජීව සේනසිංහටයි හර්ෂණ රාජකරුණටයි රැලිය බලා ගන්න කියලා නම් කරල තියෙනවලු...''

''දිලිත් ජයවීර නම් කලින්ම කියල තිබුණා රාජපක්ෂලා උඩට ගන්න ඔය කරන රැලිවලට "සර්වජන බලය" සහභාගී වන්නෙ නෑ කියලා. කොන්ද පණ තියෙන මිනිහෙකුට ඔතන ඉන්නේ එච්චරයි. අපට විරුද්ධ බව ඇත්ත. හැබැයි කියන්න ඕන දේ කියන්න ඕන තැන කියන මිනිහෙක්....'' පක්ෂය ඇතුලේ දේශපාලන නියෝජිතයන් කීපදෙනෙක්ම මේ සාකච්ඡාවට සහභාගී වී සිටියා. 

මේ අතර නාමල් රාජපක්ෂ හා සාගරකාරියවසම් පසුගිය දිනවල විපක්ෂයේ එක් එක් ප්‍රබල චරිත හමු වෙමින් විපක්ෂය එකමුතු කරන්නේ කෙසේදැයි ඔවුන් හා සාකච්ඡා කළා. ආණ්ඩුව පැත්තෙන් කියවෙන කරුණු කාරණා ඔවුන්ගේ පාර්ශවයන්ගෙන් මතු නොවීම විශේෂත්වයක්. චම්පික රණවක විපක්ෂය විසින්ම මේ ආණ්ඩුවේ පාලන තන්ත්‍රයට එරෙහිව කරගෙන යන සාමූහික වැඩකටයුතුවලට සිය දායකත්වය දැක්වීම කිසිලෙසකත් බැහැර කළේ නැහැ. ඔහු තනිවම පුළුල් සමාජ තලයක ස්ථාවර වෙමින්, සමාජ මාධ්‍ය භාවිතා කරමින් රටේ පුළුල් ජන කොටසක් ආමන්ත්‍රණය කරමින් සිටියා.  ඔහුගේ මතය රටට කියමින් ජනතාව අතරින් "ප්‍රබුද්ධ මනසක් ඇති" දේසපාලනඥයෙකු ලෙස තහවුරු වෙමින් සිටියා. විපක්ෂයේ දේශපාලනඥයින් අතරත් ඔහුගේ එම සමාජ මාධ්‍ය ප්‍රවණතාව හා භාවිතාව ගැන ද ලොකු ඇගයීමක් තිබිණා.

හැරෙව්වේ දකුණට

ගලා ගියේ උතුරුමැදට...

පෑලියගොඩ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරියකගේ සැමියා යයි කියන අයෙකු මත් කුඩුත් සමග අනුරාධපුරයේදී අත් අඩංගුවට පත්වූවායින්  පස්සෙ එය පසුගිය දවස්වල සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රධානතම මාතෘකාව බවට පත්වුනා. මේ සිද්ධියත් සමඟම වර්තමාන ආණ්ඩුවටත් ජනතා විමුක්ති පෙරමුණටත් මාලිමාවටත් ලොකු කළු පැල්ලමක් එක් කළේ යැයි කීවොත් වැරදි නෑ.
 
මේ සිදුවීම ගැන විවිධ තැන්වල විවිධ කතා මතුවුනා. විවිධ අදහස් මතු වුනා. ඒ අතරේ පහුගිය බදාදා තංගල්ල කාල්ටන් නිවසේ එක්තරා පිරිසක් එකට එකතු වී උදෑසන තේ පානය කරමින් සිටින අතරතුර මේ ගැන රසවත් කතාබහක් ඇති වූයේ මෙහෙම...

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමන්ගේ 58 වන ගුණසමරු උත්සවය යෙදී තිබුනේ එදා. ඒ නිමිත්තෙන් උදේ පාන්දර තංගල්ල නගර මධ්‍යයේ පිහිටා තිබුණ ඩී ඒ රාජපක්ෂ පිළිරුව අභියස පුෂ්කෝපහාර උත්සවයක්. අනතුරුව එදා දහවල් දානය කාල්ටන් නිවසේ. ඊටත් අමතරව එදා හවස තංගල්ල ඩී ඒ රාජපක්ෂ ශ්‍රවණාගාරයේ උපහාර උත්සවයක්.

මහින්ද රාජපක්ෂ නාමල් හා චමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කීපදෙනෙක්ම මේ උත්සවයට පැමිණිලා. කොළඹින් සාගර කාරියවසම්. .  චානකයි තම පළාතේ ආසන සංවිධායකවරුයි ප්‍රාදේශීය පළාත් සභා නියෝජිතයින් සමඟ පැමිණිලා. ජෝන්ස්ටන් පැමිණ සිටියේ නාමල් සමඟ. ඊට අමතරව මහින්ද අමරවීරත් මහින්ද යාපා අබේවර්ධනත් මේ උත්සවයට විශේෂයෙන් පැමිණිලා. ජානක තිස්ස කුට්ටිආරච්චිත් ඔතන..

මේ සියල්ලෝම උදේ පුෂ්පෝපහාරයෙන් පස්සේ කාල්ටන් නිවසට මහින්දගේ ආරාධනයෙන් ආවේ උදෑසන කිරිබත් කෑල්ලක් කමින් තේ කෝප්පයක් බොන්න.

තේ බොන ගමන් ඔය පෑලියගොඩ කුඩු කතාව ඇදලා ඇදලා ගත්තේ තිස්සකුට්ටි...

"මරු වැඩේ... අර වටගල ලොක්කා පින්තූර පෙන්නලා මීඩියා එකේ ගේම ගහනකොට සමහරු හිතුවේ රාජපක්ෂල ඉවරෙටම ඉවරයි කියලා.. කොහොම හරි අයිසුයි කුඩුයි ඔක්කොම වීරකැටිය පැත්තටම දාල නාමල් රාජපක්ෂ අපේ නායකතුමාව නැති කරලා දාන්නයි කට්ටිය සෙල්ලම පටන් ගත්තේ...."

"අන්තිමේ පුවක්දණ්ඩාවේ සෙට් එක මාට්ටු උනාමයි රටේ මිනිස්සු ඇත්ත දැනගත්තේ... ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. මිනිස්සු රවට්ටන්න හරි ලේසියි හැබැයි මිනිස්සු ඇත්ත දැන ගත්ත දවසට අනිත් පැත්ත හැරෙන බවත් මේගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. දැන් කෙහෙල්බද්දර මිනිස්සුයි පුවක්දණ්ඩාවේ මිනිස්සුයි කාගේ කවුද කියල මුලු රටමම දන්නවා..." ජොනී කිව්වා.

"විමල් කිව්වේ මාලිමාවේ ලොක්කා දකුණට ආවම කන්න යන්නේ එහේටය කියලා. tv program එකකට ගියාම මගෙනුත් ඕවා අහනවා... මම නම් කිව්වේ.... "මට නං ඔය කතා වැඩක් නෑ. කන්න ගියාද බොන්න ගියාද මම දන්නෙ නෑ.. හැබැයි ඔය කියන මිනිස්සු ඔක්කොම වැඩ කරේ අනුර කුමාරගේ මාලිමාවට" කියන එක මම ඒ හැමතැනම කිව්වා." එහෙම කිව්වේ චානක...

"දැන් ඩෝබිලට හෝදන්න රෙදිත් නෑ ඩෝබිලගේ රෙදිත් නෑ...මේ කුණු රෙදි හෝදන්න වතුරට බැස්සාම අන්තිමේ දියවෙලා ගැලවිලා යන්නෙ තමන්ගේ රෙද්ද කියලා දැන් ඩෝබිලත් තේරුම් අරගෙන ඇති." තිස්ස කුට්ටි කිව්වා.

 මේ ඔක්කොම අහගෙන හිටපු මහින්ද අන්තිමේ කිව්වේ  මෙන්න මෙහෙම...

"ඒගොල්ලෝ හැදුවේ කුඩු ගංගාව දකුණට හරවලා රාජපක්ෂලව ඒකේ ගිල්ලන්න... අන්තිමේ දැන් තඹුත්තේගමට හැරිච්ච කුඩු ගංගාවේ අනුර කරවටක් ගිලිලා ගොඩ එන්න දනිපනි ගානවා..."

"ඔය මන්ත්‍රීවරිය කුඩු අහුවෙච්ච ඉස්කෝලෙ මහත්තයගෙ නෝනා. දැන් අනුරාධපුරෙන් ඒක මාට්ටු උනා විතරයි ඒගොල්ලොන්ගේ පක්ෂයේ කවුරුවත් ඒ ගැන මීක් නෑ...''  එහෙම කිව්වේ අමරවීර..."

"ඒ විතරක් නෙවෙයි. ඔය කුඩු කිලෝ ගානක් එක්ක අහුවෙච්ච විදුහල්පති තුමාත් මාලිමාවෙ ලොකුම කකුලක්. මහින්ද ජයසිංහගේ "ගුරුපවුර" ඇතුළෙ ඉන්න ප්‍රබලයෙක්..." චානක කිව්වා.

''මෙන්න මේ වෙලාවේ තමයි අපි පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන... හිටියනම් දෙනවා කුල්ල කුජීත වෙන්න... නැද්ද ජොනී සර්. තිස්ස කුට්ටි එහෙම කියනකොට ජොන්ස්ටනුත් හිනා වෙලා ඔව් ඔව් කියලයි කිව්වේ...''

''අනුර ''ඉවත්වෙනු'' කිව්වේ කාටවත්... අන්තිමේ ඉවත් උනේ වෙන කවුරුවත්...'' එහෙම කිව්වේ සාගර.

''කවුද ඉතිං ඉවත් උනේ...?''

''ඉවත් වුණේ පෑලියගොඩ නගර සභාවේ දිස්නා මන්ත්‍රිතුමිය. පව් වැඩේ අප්පා...'' එහෙම කියල තිස්ස කුට්ටි හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. 

''සිකුරාද අයවැය වැඩේ පටන් ගන්නවනෙ... එදාට පස්සේ බලමු මොනවද ඉස්සරහට වෙන්නේ කියලා... මන් හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් ඔය මත්ද්‍රව්‍ය කතා කියලා කටාරින්නවත් දෙන එකක් නෑ ආණ්ඩුවට.... අනුර ලොක්කා ඉවත්වෙනු කියලා අනිත් අයට කියනකොට දැන් එයාට විරුද්ධව මුළු රටෙන්ම ''ඉවත් වෙනු'' කියන පණිවිඩයේ එන දවස වැඩිය ඈතක නැහැ..''ඔය ඔක්කොම අහගෙන හිටපු නාමල් අන්තිමට කිව්වේ අන්න එහෙම.

ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරු පහුගිය දිනවල විදේශීය සංචාරයන් රැසකට සහභාගි වුයේ ඒ ඒ රටවල්වලින් ලැබුණු ආරාධනා පත්‍ර අනුව.  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය රජයේ ආරාධනාවකට. සජිත් ඉන්දියාවේදී එරට විදේශ ඇමතිවරයා හා මුදල් ඇමතිවරයා හමුවී විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් කළා කියලයි කියන්නේ.. .

ඒ අතරතුර දයාසිරි ජයසේකරත් මහා බ්‍රිතාන්‍යය බලා දින කීපයක සංචාරයකට ගිහින්. ඒකනං බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආරාධනයක්. එම ගමනට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකුද සහභාගී වුන බවයි කියන්නේ...

පොහොට්ටුව නොමැතිව

ජී එල් නිවසේ හමුවක්...

සාමාන්‍යයෙන් ජී එල් පීරිස් හිටපු අමාත්‍යවරයාගේ නාරාහෙන්පිට නිවසේ කුමක් හෝ දේශපාලන හමුවක් මේ දිනවල පැවැත්වෙද්දී පොහොට්ටුවේ නියෝජිතයින්ටද ඒ සඳහා ආරාධනා කිරීම සාමාන්‍ය පිළිවෙතක්. ඒත් පසුගිය දිනයක ජී එල් ගේ නිවසේ එවන් රහසිගත දේශපාලන සාකච්ඡාවක් පැවැත්වී තිබුණේ පොහොට්ටුවට නොදැනෙන්න... ඒත් එම සාකච්ඡාව ඉවර වූ සැණින් පොහොට්ටුවේ නියෝජිතයො වැඩේ දන්නවා. ඔවුන් විමසා බැලුවේ මහාචාර්ය ජී එල් ගේ නිවසේ එවන් සාකච්ඡාවක් තමන්ට නොදන්වා කළේ ඇයිද කියලා... 

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට මිළින්ද මොරගොඩ පැමිණ සිටියා. පොහොට්ටුව සහභාගි වන කිසිදු රැස්වීමකට මේ මෑතක මිලින්ද සහභාගි වී තිබුණේ නැත. සාකච්ඡාව පොහොට්ටුවට නොකීවේ මිළින්ද නිසා දැයි බොහෝ තැන්වල කතා බහට ලක්වුනා. 

මෙම සාකච්ඡාවට දයාසිරි ජයසේකර මිළින්ද මොරගොඬ, ලසන්ත අලගියවෙන්න, චම්පික රණවක අනුරයාපා මනෝ ගනේෂන් මහින්ද අමරවීර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා...

සාකච්ඡාව සුහද මට්ටමක. හෙට අනිද්දා ඉදිරිපත් වන අයවැයෙන් මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට වත්මන් රජයට ඇති නොහැකියාව ගැන කරුණු සාකච්ඡාවට ලක්වුනා. එහෙත් මෙම සාකච්ඡාවේ දේශපාලන දිශානතිය අයවැයට වඩා එහාට ගියා. ලබන වසරේ පැවැත්විය හැකි පළාත් සභා මැතිවරණය ගැන මෙහිදී සාකච්ඡාවට ලක්වුනා...

රජයට දේශපාලනිකව වාසිදායක නැති පසුබිමක මේ රජය පළාත් සභා මැතිවරණය තබන්නට ඉඩක් නැතැයි සමහරු තර්ක කළා. ඒත් මිළින්ද  මොරගොඩගේ අදහස වුණේ වත්මන් රජයට නිසැකවම ලබන වසරේ පළාත් සභා මැතිවරණය පවත්වන්නට සිදුවන බව. එම නිසා විපක්ෂය මේ වන විට පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන සූදානම් විය යුතු බව ඔහු අවධාරණය කළා. චම්පිකත් හිටියේ එම අදහසේ...

එම කාරණාව මත විශේෂ තීන්දු දෙකක් ගන්නට මෙම සාකච්ඡාවේදී තීරණය වුණා. ඉන් පළමුවැන්න ඒකාබද්ධව විපක්ෂයෙන් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නට සූදානම් වීම. මේ පිළිබඳව විපක්ෂයේ පක්ෂ හා සාකච්ඡා කොට පොදු වැඩපිළිවෙලක් සැලසුම් සහගතව සකස් කරගත යුතු බව මෙහිදී කතාබහ වුණා.

දෙවැනි කාරණාව ඉතා වැදගත්. පළාත් සභා මැතිවරණයට වත්මන් රජය මාලිමාව ලෙස එක කඳවුරකින් තරග වදිද්දී පොදු විපක්ෂය ලෙස අනෙක් කණ්ඩායම ලංකාවේ සෑම පලාතකටම ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මහ ඇමති අපේක්ෂකයා ලෙස නම්කර ඉදිරිපත් කළ යුතු බව යෝජනා වුණා.  විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වී මේ පිළිබඳ දැන්ම එකඟතාවක් සාදාගත යුතු බව සාකච්ඡාවේ නිගමනය වුණා

''ඒ කිව්වේ පළාත් නමයට හොඳම නම දෙනෙක් මහ ඇමති අපේක්ෂකවරු ලෙස ඉදිරිපත් කරන්න ඕන....''

''ඔව් ඔව් මේකෙදි ඒ ඒ පළාත්වල ජාතික පදනම සැලකිල්ලට අරගෙන ජාතීන්ට මුල්තැන දීල කටයුතු කරන්න හිත හදාගන්න ඕන.''

ඉන් අනතුරුව මෙහිදී තුන්වන කාරණාව ලෙස සාකච්ඡාවට ගත්තේ 21 වනදා නොගේගොඩ පවත්වන්නට යෙදී තිබෙන රැළියේ අරමුණු හා වැඩපිළිවෙළ ගැන. කෙසේ වෙතත් සාකච්ඡාව වැඩි වෙලා ගත වූයේ නැහැ. ඉක්මනින් අවසන් වුණා. 

පොඩි පක්ෂ හදාගන්න

හිතෙන්නේ මෙහෙමයි...

නුගේගොඩ රැලිය ගැන කතා කරන්නට තවත් තැනක විපක්ෂයේ පක්ෂවල ප්‍රධානීන් පිරිසක් මුණගැසී තිබුණා. කතාබහ කළේ පසුගිය සඳුදා..  මෙම සාකච්ඡාවට මූලිකත්වය ගත්තේ ගම්මන්පිල. ගම්මන්පිල, ඩී වි චානක, අනුර යාපා, දුමින්ද දිසානායක, සංජීව එදිරිමාන්න, දොලවත්ත, මුසම්මිල්, සුගීෂ්වර බණ්ඩාර ඇතුලු පිරිසක් එතන හිටියා.

''දැනටම ප්‍රචාරන කටයුතු හොදට යනවා. ආණ්ඩුව අපේ වැඩේ ගැන කතා කරන්න ගත්ත එක අපිට වාසියි..'' ගම්මන්පිල එහෙම කිව්වෙ හිනා වෙවී.

''එදා පළවෙනි ප්‍රවෘත්ති සාකච්ඡාවත් හොදටම ගියා... කිසි අඩුපාඩුවක් නෑ. රටේ කවුරුත් දැන් නුගේගොඩ යන්න ලෑස්තියයි... මොහොමඩ් මුසම්මිල් කිව්වා.

''අපි කොහොමත් මේකේ කතා කරන කථිකයෝ ගැන සාකච්ඡා කරන්න ඕන. අඩුම තරමේ මේකට සහභාගී වන කුඩා පක්‍ෂයක නායකයෙකුටත් එක කතාවක් බැගින්වත් තියෙන්න ඕන....

''අපිටත් ඒකෙ විනාඩියක් හරි කතා කරන්න අවස්ථාව දුන්න නම් තමයි වඩාත් හොද... ඔය වෙලාවට තමයි අපටත් හිතෙන්නේ එළියට ගිහිල්ල පොඩි හරි පක්ෂයක් හදාගන්න'' දොලවත්ත එහෙම කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ. හැබැයි ඔහු කළේ විහිළුවක් ..

''ඔව්... ඒක ඇත්ත.. අපිත් ඉතින් ඕවට සහභාගී වෙනවා අපේ නායකයෙකුට මුල් තැන දීලා කතාව අහගෙන අප්පුඩි ගහලා එලළියට බැහැලා යනවා... '' අනුර යාපාත් ඒ අදහස අනුමත කළා...

සංජීව මල්ලි අපේ වැඩේ ගැන හොද Analysis එකක් කරල තිබ්බා. ගම්මන්පිල එහෙම කිව්වට පස්සෙ සංජීව එදිරිමාන්න 21 රැළියට අදාළ Analysis  එක ඉදිරිපත් කලා.

කලම්බු රිපෝටර්

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0