එප්පාවල මත්ද්‍රව්‍ය ජාවාරම පුතුගේ වරදට මව්පියෝ බිළිවුණිද..?
පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය (ජා.ජ.බ.) පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා සහ පුත්‍රයා විසින් මෙහෙයවනු ලැබූ බවට සැක කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ ජා.ජ.බ. නාගරික මන්ත්‍රීවරිය වූ දිස්නා නෙරංජලා කුමාරි මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක් පමණ ප්‍රමාණයක් මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එප්පාවල මත්ද්‍රව්‍ය ජාවාරම
පුතුගේ වරදට මව්පියෝ බිළිවුණිද..?
ජා.ජ.බ. නාගරික මන්ත්‍රීවරියගේ සැමියා සහ පුතා අල්ලයි!
මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි.
පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය (ජා.ජ.බ.) පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා සහ පුත්‍රයා විසින් මෙහෙයවනු ලැබූ බවට සැක කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ ජා.ජ.බ. නාගරික මන්ත්‍රීවරිය වූ දිස්නා නෙරංජලා කුමාරි මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක් පමණ ප්‍රමාණයක් මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගරික මන්ත්‍රීවරියගේ සැමියා වන එප්පාවල, කටියාව යාය 10 විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ 59 හැවිරිදි ජයන්ත බාලසූරිය මහතා සහ ඔවුන්ට අයත් හෝටලයේ සූපවේදියා වන 29 හැවිරිදි තරිඳු ධනංජය වික්‍රමසිංහ නොහොත් සඳුන් නැමැත්තා ය. පසුගිය 05දා මොවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, විදුහල්පතිවරයාට අයත් එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ සඟවා තිබියදී හෙරොයින් තොගය සොයා ගෙන ඇත.
විමර්ශනවලදී හෙළි වූයේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ මන්ත්‍රීවරියගේ පුත්‍රයා වන හිරන් මියුරංග බාලසූරිය විසින් බවයි. ඔහු මීට පෙරද අවස්ථා කීපයකදී මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූ අයෙකි. පසුගිය 30 වැනිදා හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ ඉපලෝගමදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පුත්‍රයා, තම නිවසේ තිබූ හෙරොයින් පාර්සලය සූපවේදියා මාර්ගයෙන් රැගෙන ගොස් සැඟවීමට උපදෙස් දී ඇති අතර, පසුව එය පියා ලවා හෝටලය පිටුපස සඟවා ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. එසේම මෙම හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යයේ සිට එවා ඇත්තේ විදුහල්පතිවරයාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා වන ශෂී නමැත්තා විසින් බව ද අනාවරණය වී ඇත. සැකකාර විදුහල්පතිවරයා මෙම ජාවාරම පිළිබඳව දැනුවත්ව සිටි බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනෙවියගේ නියෝග මත විදුහල්පති සැමියා සහ සූපවේදියා ලබන 12 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අවසර ලැබී ඇත. මේ අතර, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මන්ත්‍රීවරිය දකුණේ පාතාල කල්ලි නායකයකු වන "කොස්ගොඩ සුජීගේ" ඥාතියකු බවයි. පොලිසිය විසින් නාගරික මන්ත්‍රීවරියගේ කැලණියේ පිහිටි නිවසද පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉදිරි දිනවලදී ඇයගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය පවසයි. තවද, සැකකාර විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විමර්ශන උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.
මෙම චෝදනා එල්ලවීමත් සමග ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රිනී දිස්නා නෙරංජලා කුමාරි මහත්මිය පසුගිය 06දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා වෙත යොමු කර තිබේ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

