2026 අයවැය ශක්තිමත් ආර්ථිකය හා සමාජ සුබසාධනය ඉලක්ක කරගත් යෝජනා රැසක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස 2026 වසර සඳහා වන අයවැය යෝජනා අද (නොවැම්බර් 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. “ආර්ථික අස්ථාවරත්වය” ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රාජ්‍ය ණය 2030 වසර වන විට සියයට 87ක් දක්වා අඩු කර ගැනීමේ රජයේ දැඩි අපේක්ෂාව මෙහිදී ප්‍රකාශ කළේය.

Nov 8, 2025 - 08:48
Nov 8, 2025 - 09:11
 28
2026 අයවැය  ශක්තිමත් ආර්ථිකය හා සමාජ සුබසාධනය  ඉලක්ක කරගත් යෝජනා රැසක්!

2026 අයවැය 


ශක්තිමත් ආර්ථිකය හා සමාජ සුබසාධනය 

ඉලක්ක කරගත් යෝජනා රැසක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස 2026 වසර සඳහා වන අයවැය යෝජනා අද (නොවැම්බර් 07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. “ආර්ථික අස්ථාවරත්වය” ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රාජ්‍ය ණය 2030 වසර වන විට සියයට 87ක් දක්වා අඩු කර ගැනීමේ රජයේ දැඩි අපේක්ෂාව මෙහිදී ප්‍රකාශ කළේය. 2026 අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2ක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය. ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමටත්, පුළුල් සමාජ සුබසාධනයක් සහ යටිතල පහසුකම් සංවර්ධනයක් ඇති කිරීමටත් මෙම අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික ඉලක්ක

      විස්තරය                              ඇස්තමේන්තුව (රු. බිලියන)         විශේෂ කරුණු 

  • මුළු රාජ්‍ය ආදායම              5,305                        බදුවලින් රු. බිලියන 4,850ක් උපයා ගැනීමට යෝජනා කෙරේ.
  • මුළු රජයේ වියදම               8,980                       ණය සේවාකරණය සඳහා රු. බිලියන 4,495ක් වෙන් කෙරේ.
  • ණය සේවාකරණය             4,495                        මුළු වියදමෙන් අඩකට ආසන්න වේ.
  • අයවැය හිඟය                    3,675                        සියයට 5.2%ක් දක්වා අඩු කර ගැනීම.
  • රාජ්‍ය ණය ඉලක්කය                                            2030 වන විට 87%කින් අඩු කිරීම. 

සමාජ සුබසාධනය සහ රාජ්‍ය සේවක ප්‍රතිලාභ

අයවැය යෝජනා තුළින් මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයන්ගේ සුබසාධනය සඳහා වැදගත් තීරණ ගණනාවක් ඉදිරිපත් කර ඇත.

  • මහපොළ ශිෂ්‍යාධාරය ඉහළට. මහපොළ මාසික දීමනාව රුපියල් 2,500කින් වැඩි කර, 2026 ජනවාරි මස සිට “රුපියල් 10,000”ක් බවට ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
  • අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට දීමනාව. අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් “මාසිකව රුපියල් 5,000”ක දීමනාවක් ලබා දීමට යෝජනා කර තිබේ.
  • වතු කම්කරුවන්ගේ දෛනික වැටුප. වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප “රුපියල් 1,550” දක්වා වැඩි කිරීමටත්, ඊට අමතරව රජයෙන් දෛනික පැමිණීමේ දිරි දීමනාවක් ලෙස “රුපියල් 200”ක් (එකතුව රු. 1,750) ලබා දීමටත් යෝජිතය. මේ සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.
  • රාජ්‍ය සේවක වැටුප් සංශෝධන. 2025 දී සිදු කළ වැටුප් සංශෝධනවල දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා “රුපියල් බිලියන 110”ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙය 2026 ජනවාරි මාසයේ සිට ගෙවීමට නියමිතය.
  • රාජ්‍ය සේවක ණය යෝජනා ක්‍රමය. දේපළ ණය යෝජනා ක්‍රමය “රුපියල් ලක්ෂ 50” දක්වා ණය ලබා ගත හැකි වන පරිදි නව ව්‍යූහයක් යටතේ සක්‍රීය කෙරේ.
             * පළමු ලක්ෂ 30 දක්වා: 4% පොලී සහනයක්.
             * ලක්ෂ 30 සිට 50 දක්වා: 2% පොලී සහනයක්.
             * මේ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් හිඟ මුදල්. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්වලට බැංකුවලින් ගෙවිය යුතු නමුත් 2022 සහ 2023 වසරවල නොගෙවා තිබූ “රුපියල් මිලියන 45,700”ක හිඟ මුදල මෙම වසරේදී සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කෙරේ.

යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති

  • සමස්ත මාර්ග සංවර්ධනය සඳහා 2026 වසර සඳහා “රුපියල් මිලියන 342,000ක්” වෙන් කර ඇති අතර, පහත සඳහන් අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර ඇත.
  • මධ්‍යම අධිවේගී මාර්ගය (පළමු අදියර) කඩවත-මීරිගම කොටස ඉදි කිරීම සඳහා “රුපියල් මිලියන 66,150ක්” වෙන් කර ඇත.
    මධ්‍යම අධිවේගී මාර්ගය (තුන් වන අදියර) පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස සඳහා “රුපියල් මිලියන 10,500”ක් සහ රඹුක්කන - ගලගෙදර කොටස සඳහා “රුපියල් මිලියන 20,000ක්” වෙන් කෙරේ.
  • රුවන්පුර අධිවේගී මාර්ගය (පළමු කොටස) කහතුඩුව සිට ඉංගිරිය දක්වා ඉඩම් අත්පත් කර ගැනීම සඳහා “රුපියල් මිලියන 1,500”ක් වෙන් කෙරේ.
  • බේරේ වැව සංවර්ධනය. බේරේ වැව කොළඹ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කිරීමට “රුපියල් මිලියන 2,500”ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ මුල් කාර්තුවේදී නැවත ආරම්භ කෙරේ.

බදු සහ විදේශ ශ්‍රමික සහන

  • වාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද. වාහන ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී මෙම බද්ද අය කර, පසු අලෙවිකරණ අවස්ථාවලදී එය නිදහස් කිරීමට යෝජනා කෙරේ. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වේ.
    බදු ලියාපදිංචි සීමාව අඩු කිරීම. බදු පදනම පුළුල් කිරීම සඳහා වැට් බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන පරිදි “රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා” අඩු කිරීමට යෝජනා කෙරේ.
  • විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා.
    සහන පොලියට “නිවාස ණය යෝජනා ක්‍රමයක්” හඳුන්වා දීමට යෝජිතය.
    විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කෙරේ.
  • ඩිජිටල්කරණය සහ අධ්‍යාපනය. රාජ්‍ය සේවා ඩිජිටල්කරණය. මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් “Online” කිරීමටත්, ඩිජිටල් පද්ධති හරහා මහජනතාව සිදුකරන ගනුදෙනු වෙනුවෙන් “රාජ්‍ය සේවා ගාස්තු අය නොකිරීමටත්” යෝජනා කෙරේ.
    ඩිජිටල් හැඳුනුම්පත. 2026 පළමු කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

අධ්‍යාපන දිරි දීමනා.

  • පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන් “රුපියල් 6,000 දීමනාව” 2026 වසරේදීත් ලබා දීමට යෝජිතය.
  • දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන්ගේ දීමනාව “රුපියල් 1,500කින්” වැඩි කිරීමට යෝජනා කර ඇත.
  • විදුහල්පතිවරුන්ගේ දීමනාව ද “රුපියල් 1,500කින්” වැඩි කිරීමට යෝජනා කෙරේ.

අයවැය සම්පූර්ණ විවාදය ‍නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා දින 23 ක් පැවැත්වේ.
දෙවැනිවර කියවීම හා විවාදය නොවැම්බර් 8 සිට 14 වැනිදා දක්වාත් දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 පස්වරු 6ටත්,
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 වනදා දක්වාත්, තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වනදා පස්වරු 6 00ට පැවැත්වීමටත් නියමිතව ඇත.

අයවැය සම්පූර්ණ කතාව මෙතනින් නරඹන්න.

https://www.youtube.com/live/-krGiZkn_6Q

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0