දශක දෙකක 'නින්නාද' අභිමානය.
ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයට අංකුර මාධ්‍යවේදීන් සොයා ගනු වස් සංවිධානය කරන අන්තර් පාඨශාලීය “නින්නාද ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලිය” ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබා දෙනු වස් සංවිධානය කරන උත්සවය, නොවැම්බර් මස 7 වන දින අරලියගහ මන්දිරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඩී එස් සේනානායක ජනමාධ්‍ය කවය වැඩිදුරටත් සඳහන් කරයි.
ඩී. එස්. සේනානායක ජනමාධ්‍ය කවයෙන්
විශිෂ්ට මාධ්‍යවේදීන් ලක්මවට!
ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයට අංකුර මාධ්‍යවේදීන් සොයා ගනු වස් සංවිධානය කරන අන්තර් පාඨශාලීය “නින්නාද ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලිය” ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබා දෙනු වස් සංවිධානය කරන උත්සවය, නොවැම්බර් මස 7 වන දින අරලියගහ මන්දිරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඩී එස් සේනානායක ජනමාධ්‍ය කවය වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයට අංකුර මාධ්‍යවේදීන් සොයා ගනු වස් සංවිධානය කරන අන්තර් පාඨශාලීය “නින්නාද” ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලිය මේ වසරේ අති සාර්ථක ලෙස පැවැත්විණි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, හඩ කැවීම, ක්‍රීඩා විස්තර විචාරය, ඡායාරූපකරණය සහ ග්‍රාෆික නිර්මාණකරණය වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ පැවති මෙම තරගාවලිය විද්‍යාලීය පරිශ්‍රයේදී, විනිශ්චයකරුවන් ලෙස මාධ්‍යවේදීන් 50කට අධික ප්‍රමාණයක් සහ තරගකරුවන් ලෙස අංකුර පාසල් ජනමාධ්‍යවේදීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී කර ගනිමින් අවසන් විය. මෙහිදී, හොඳම මාධ්‍ය පෞරුෂත්වයට පිරිනැමෙන “ආර්. අයි. ටී අලස් අනුස්මරණ ශූරතා පලිහ” සංස්කරණය, නිෂ්පාදනය ඇතුළු සියලු නිර්මාණාත්මක කුසලතා කැටිකරගත් පාසල් අංකුර මාධ්‍යවේදියාට පිරිනැමේ.
ප්‍රබුද්ධ මාධ්‍යකරණයක් උදෙසා අංකුර මාධ්‍යවේදීන් බිහිකරනු වස් පිහිටවූ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය මේ වනවිට “වසර 33ක අභිමානවත් ඉතිහාසයකට” උරුමකම් කියයි. මුල් අවධියේ විද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය හා ඒකාබද්ධව ඇරැඹි මෙම මාධ්‍ය කවය, 1992 වර්ෂයේදී එවකට විදුහල්පති බන්දු කොඩිකාර මහතාගේ මග පෙන්වීම යටතේ ස්වාධීන සංගමයක් ලෙස ආරම්භ වූ අතර, පුරා වසර 33ක් අභියෝග හා ජයග්‍රහණ මැදින් ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මාධ්‍යවේදීන් ගණනාවක් දායාද කළ සුවිශේෂී තෝතැන්නක් බව සඳහන් කළ හැකිය.
සේනානායකීය මාධ්‍ය සංදර්භයෙහි ප්‍රධානතම සන්ධිස්ථානයක් ලෙස, 2005 වර්ෂයේ දී සමස්ත ලංකාව පුරා විසිරී සිටින පාසල් ජනමාධ්‍යවේදීන් උදෙසා ආරම්භ වූ “නින්නාද” ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලිය, මේ වනවිට දශක දෙකක (20 වසරක) අභිමානයක් සනිටුහන් කර ඇත. ඊට අමතරව, 1997 වර්ෂයේ දී ආරම්භ වූ “නින්නාද” ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සහ 2000 වර්ෂයේ දී පාසල් මාධ්‍ය කවයක් මගින් ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කළ ත්‍රෛමාසික, ත්‍රෛභාෂික පුවත්පත වශයෙන් “සියපත” ද සේනානායකීය ජනමාධ්‍ය කවයේ සුවිශේෂී සලකුණු ලෙස දැක්විය හැක.
හුදෙක් නිවේදනයට පමණක් සීමා නොවී, යාවත්කාලීන වන තාක්ෂණය සමඟින් ඉදිරියට යන මෙම ජනමාධ්‍ය කවය, කෙටි වීඩියෝ පට, කෙටි චිත්‍රපට නිර්මාණය, විවිධ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය නිෂ්පාදන සහය, ග්‍රාෆික නිර්මාණකරණය සහ ආලෝකකරණය වැනි ඉතා පුළුල් පරාසයක මාධ්‍ය කටයුතු සිදු කරයි. පාසල තුළ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයේ පටන්, පාසල අවසන් වන තෙක්ම හා ඉන් ඔබ්බටත් සියලුම ආකාරයේ සංවිධාන කටයුතු මෙහෙයවමින් අවශ්‍ය මාධ්‍ය සහය ලබාදීමට සේනානායකීය ජනමාධ්‍ය කවය සමත් වී ඇත. විශේෂයෙන්, කොළඹ මහානාම විද්‍යාලය සමඟ වාර්ෂිකව පවත්වනු ලබන “රන් මහා සටන” ක්‍රිකට් තරගාවලිය, 2025 වර්ෂයේදී සජීවී ගුවන් විදුලි විස්තර විචාරයට සමගාමීව, සජීවී තරග විකාශයක්ද සමඟින් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය දෙකෙන්ම පූර්ණ සජීවී විකාශයක් ඉදිරිපත් කිරීමට මෙම කවය සමත් වූයේ සිය තාක්ෂණික දියුණුව පෙන්වමිනි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
1

