මේව තමයි මහ බැංකුවේ සුපිරි ගේම්...
පසුගිය 29 වන දා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පිළිබඳව ''විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කරමින්'', එවන් මහ බැංකු අධිපතිවරයෙක් තබාගෙන රජයේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම වගකීම් ඔහුට පවරා දී තිබීම සම්බන්ධයෙන් වත්මන් රජයට ද, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායකටද බරපතළ චෝදනා කිහිපයක් එල්ල කළේය.
විමල් වීරවංසගේ අලුත්ම හෙළිදරව්ව.
- මහ බැංකුවට උපදෙස් දීමට මැලේසියාවෙන් ගජ මිතුරෙක්.
- කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 400ක්...
- උපදේශකයින්ට තමන්ගේම සුපිරි නිවස කුලියට දීලා...
- මහ බැංකුවේ අධිපති නන්දලාල් දික්වැල්ලේ තමන්ගේම නිවසක් NSB බැංකුවට කුලියට දීලා...
පසුගිය 29 වන දා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පිළිබඳව ''විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කරමින්'', එවන් මහ බැංකු අධිපතිවරයෙක් තබාගෙන රජයේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම වගකීම් ඔහුට පවරා දී තිබීම සම්බන්ධයෙන් වත්මන් රජයට ද, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායකටද බරපතළ චෝදනා කිහිපයක් එල්ල කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් කර ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ''ඔහු කුමන තූතුකුඩියක සැගව සිටියත්'' රැගෙන විත් නිසි දඬුවම් ලබාදෙනවා යැයි දැඩි ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඊටත් වඩා කැපී පෙනෙන මූල්‍ය අපරාධ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා රැසක් තිබෙන වත්මන් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ රකින්නේ මන්දැයි ප්‍රශ්න කරමින් මෙම කරුණු එළි දැක්වීය. විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන ඉලක්කයක් වූයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට එල්ල කරන ලද චෝදනා ය. මෙම චෝදනා මාතෘකා කිහිපයක් යටතේ ඉදිරිපත් කරන ලදී.
වීරවංශ මහතා සඳහන් කළේ, අර්ජුන මහේන්ද්‍රන් එදා මහ බැංකු අධිපති සමයේදී පොලී අනුපාතය වැඩි කිරීම තුළින් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට වාසිදායක තත්ත්වයක් ඇති කළ බවයි. නමුත් නන්දලාල් වීරසිංහ මහතා ඊටත් වඩා හපන් ලෙස, පොලී අනුපාතය තීරණය කරන්නේ ද ඔහුම වී, පසුව භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නේ ද ඔහුම බවට පත්ව ඇතැයි චෝදනා කළේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී සේවක අර්ථසාධක අරමුදල (EPF) ප්‍රතිව්‍යුහගත කර, එහි සාමාජිකයන්ට පාඩුවක් සිදු කළත්, තමන් මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයට ලක් කිරීම අමතක කර දමා ඇතැයිද චෝදනා කරයි. මෙය මහ බැංකු අධිපතිවරයා විසින් තනතුරේ බලය තම පෞද්ගලික වාසියට අයථා ලෙස යොදා ගැනීමක් බව වීරවංශ හුවා දක්වයි.
නන්දලාල් වීරසිංහ බැංකු පද්ධතියේ නියාමකයා වන මහ බැංකුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියදී, ඔහු සතු දික්වැල්ලේ ගොඩනැගිල්ලක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) ශාඛාවක් සඳහා කුලියට දී ඇති බවට වීරවංශ මහතා චෝදනා කළේය. මෙය බැංකුවල ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කරන ප්‍රධානියා ''තමන් සතු දේපලක්'' බැංකුවකට කුලියට දීමෙන් "බැඳියාවන් අතර ගැටුමක්" ඇති වන අන්දමේ පහත් ගණුදෙනුවක් බව ඔහු තර්ක කළේය.
තවද, මහ බැංකුවට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපදේශන සේවවක් ලබා ගැනීමට කොන්ත්‍රාත්තුවක් රුපියල් මිලියන 400 කට ආසන්න මුදලකට මැලේසියාවේ ''නෙගාරා මහ බැංකුවේ'' හිටපු විධායක අධ්‍යක්ෂකවරයෙකු වූ සහ නන්දලාල් මහතාගේ "කුළුපග මිතුරෙකු" වන ''මොහොමඩ් අදාරි බෙලාල්ඩීන්'' හට ලබා දී ඇති බවට චෝදනා කළේය. ඒ සදහා මෙරටට පැසිණ සිටින උපදේශකවරුන් දෙදෙනා අද නතර වී සිටින්නේ නන්දලාල් මහතාට අයත් කොළඹ දෙකේ පිහිටි "කැපිටල් ටුවින් පීක්ස්" සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක බවත්, එම කුලී මුදල්ද අවසානයේ නන්දලාල් මහතාට ලැබෙන බවත් චෝදනා කරයි.
මෙම බරපතල කරුණු තම පක්ෂය කොතරම් අනාවරණය කළද, මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවට පැමිණි විට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිදු "කොන්දපණ ඇති මාධ්‍යවේදියෙකු" මෙතුවක් ඉදිරිපත් නොවූ බවට වීරවංශ මහතා චෝදනා කළේය. එසේම, පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂයද මෙම දූෂණ සම්බන්ධයෙන් නිහඬව සිටීම දැඩි ලෙස විවේචනය කළ වීරවංශ කීයේ ඔවුන් මෙවන් මුනිවතක පසුවන්නේ නන්දලාල් වීරසිංහගෙන් යම් මූල්‍යමය ප්‍රතිලාභ ලබාගෙන දැයි සැකයක් පවතින බවයි. තවමත් බලයේ සිටින ආණ්ඩුවට සහ විපක්ෂයට මෙම දූෂණ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා කිරීමට "කොන්දපණ" නැති බව පවසන ඔහු, මෙය දූෂණයට අනුබල දෙන “දූෂණ විරෝධී තක්කඩි සම්මානය” හිමිවිය යුතු තක්කඩි පාලනයක් සහිත ආණ්ඩුවක් බව අවධාරණය කළේය. අවසානයේදී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ නන්දලාල් මහතාගේ "බණ අසන්නට" මාධ්‍ය සාකච්ඡාවලට නොයන ලෙසත්ය.
වීරවංශ හිටපු මන්ත්‍රීවරයා මේ පිළිබඳ කරනු ලැබූ
හෙළිදරව්ව සම්පූර්ණයෙන් මෙසේය.
ඔබ දන්නවා මීට කලින් අපි කීප වතාවක්ම..... දෙවතාවක්, වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් මහත්මයාගේ “බැඳියාවන් අතර තියෙන ගැටුමක් පිළිබඳව’’ අපි කරුණු අනාවරණය කළා. ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍ර ඉතිහාසගත වුණේ පොලි අනුපාතය වැඩි කරලා කෘතිමව වැඩි කරලා ඇලෝසියස්ට ඒ වාසිදායක වෙන “භාණ්ඩාගාර බැඳුම්කර මිළිදීගන්න පොට පාදලා දීමෙන්” තමයි අර්ජුන මහින්ද්‍රන් ඉතිහාස ගත වුණේ. ඒ අර්ජුන මහේන්ද්‍රන්ව ලෝකේ කොයි තූතුකුඩියක හිටියත් කුදලගෙන එනවා කියලා තමයි වර්තමාන බලයේ ඉන්න මහත්තුරු පාරම්භෑවේ.
දැන් අර්ජුන මහේන්ද්‍රන් කෙනෙක් කුලගෙන ඇවිල්ලත් නෑ. ඒ වෙනුවට අර්ජුන මහේන්ද්‍රයන්ගේ මේ දේශීය ආත්මය නන්දලා වීරසිංහ අර්ජුන මහේන්ද්‍රන් ආරම්භ කරපු ඒ කැත මෙහෙයුම ඊටත් වඩා කැත විදිහට, ඊටත් වඩා ජුගුසාජනක විදිහට කරගෙන යනවා, අපි අවස්ථා දෙකකදී කරුණු සහිතව මේ රටේ මාධ්‍යයට අනාවරණය කළා. අපි අනාවරණය කළත්, මට කනගාටුයි කියන්න. ඊයේ පෙරේදා ඒ අනාරණය කිරීමෙන් පස්සේ ඊයේ පෙරේදා මහ බැංකුව අධිපතිවරයා කළ එළි බැස්සා. මාධ්‍යයට. එතන එක කොන්දපන තියෙන මාධ්‍යවේදී හිටියේ නෑ, ඒ අපි අනාවරණය කරප ඒවා ගැන ප්‍රශ්න කරන්න. මම දන්නේ නැහැ ඒ මොකද කියලා. සමහර වෙලාවට අර්ජුන.... අර්ජුන මහින්ද්‍රන් කිව්වත් හරි ඉතින්. නන්දලාල් උන්නැහේ ඒ අයටත් කිය කී හරි මාසෙකට ගෙවනවද දන්නේ නෑ. ඒ කොඳු බිඳෙන්නේ එහෙමද දන්නේ නැහැ.
මම දන්නේ නැහැ. එහෙම හිතන්න අපිට සාධාරණ අයිතියක් එනවා. මේ වගේ බරෑරුම් කරුණක් පිළිබඳව ඔහුගෙන් මූහුණට ප්‍රශ්න කරන්න ධෛර්යක් නැති එක ගැන අපි ඇත්තටම කණගාටු වෙනවා. කෙසේ වෙතත්. දැන් අරජුන් මහින්ද්‍රන් කළේ ඒක. මේ නන්දලාල් මොකද කරන්නේ? පුවක්දණ්ඩාවේ නන්දලාල් මොකද කරන්නේ? මේ මහා බැංකුව අධිපතිවරයා, මේ පුවක්දණ්ඩාවේ නන්දලාල් කරන්නේ ඊට හපන් වැඩක්.
දූෂණයට විරුද්ධව ආපු ආණ්ඩුවක් තමන්ගේම මහ බැංකුව අධිපතිවරයාට පට්ට දූෂණ කරගෙන යන්න ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා නම් ඒක දූෂණයට අනුබල දෙන ආණ්ඩුවක් මිසක්, ඒක වළක්වන ආණ්ඩුවක් නෙවෙයි. කලින් හිටපු අයගේ දූෂණ හොයනව වගේම, දැන් කෙරෙන දූෂණ නවත්තන්න බැරිනම්. දැන් කෙරෙන දූෂණ දිහා අහක බලාගෙන ඉන්නවා නම්, දැන් කෙරෙන දූෂණ නොදැක්කා සේ යන්න ඉඩ දීලා බලන් ඉන්නවා නම් ඒ තමයි නියම “දූෂණ විරෝධී තක්කඩි සම්මානය”. ඒක තමයි අද ආණ්ඩුවට ලැබෙමින් පවතින්නේ.
ඔහු මේ බංකලොත් වෙච්ච රටේ මහ බැංකුව “භාණ්ඩාගාර බැඳුම් කර” නිකුත් කරනකොට අතනකරේ ඇලෝසියස්ට බෑනට ගන්න පොට පාදලා දුන්නා, මෙතන මුන්දැම ගන්නවා. ඒ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් කරපු එක ඊට වඩා කැත විදිහට කරනවා. අර්ජුන මහේන්ද්‍රන් කරේ කුප්ප වැඩක් නම්, පට්ට හොරකමක් නම්, ඒ හොරකම කරේ යට ඇඳුම් ඇඳගෙන නම් පුවක් දණ්ඩාවේ නන්දලාල් ඒ හොරකම කරනවා යට ඇඳුමත් නැතුව.
එතකොට දැන් අර්ජුන් මහේන්ද්‍රන් ලෝකේ මොනතූතු කුඩියක හිටියත් කුදලගෙන එනවා, අපි නඩු දාල් අදාල දඬුවම් කරනවා අපි කියලා පාරම්භාපු උන්දැලට, ඒ අර්ජුණ මහේන්ද්‍රන් ගේන්න බැරිනම්, අඩුම ගානේ මේ ඉන්න, මේ එයාගේ භූතාත්මය.... නන්දලාල්,... පුවක් දණ්ඩාවේ නන්දලාල්.... මේ දැන් ඉන්න අර්ජුන් මහින්ද්‍රන්. අරයා බෑනට පොලිය වැඩි කරලා දුන්නා බැඳුම් කර මිල දී ගන්න. බෑන ඒකෙන් කුට්ටියක් යූ ඇන් පී චන්ද වැඩ වලට දුන්නා. දැන් මේ මහේන්ද්‍රන් මොකද කරන්නේ. මේ පුවක්දණඩාවෙ නන්දලාල්. එයා පොලී අනුපාතය තීරණය කරනවා. පස්සේ එයාම මිලදී ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ?
ඔබ දන්නවා අර ණය ප්‍රතිව්‍යූහගත කරනය කරනකොට දේශීය ණයත් ප්‍රතිව්‍යූහ ගත කරනය පිළිබඳ ප්‍රශ්නය ආවනේ. එතකොට ඊ පී එෆ් එකේ... තමන්නාන්සේලාගේ, මේ රටේ වැඩ කරන ජනතාවගේ අරමුදල වන ඊ පී එෆ් එකේ.... ඒවා පවා ප්‍රතිව්‍යූහ ගත කරනය කළා.
සාමාන්‍යයෙන් අවුරුදු 16ක් ඊ පී එෆ් එකේ හිටිය කෙනෙකුට 47% පාඩුවක් වුණා. එතකොට ඒ මිනිස්සුන්ට අයිති සල්ලි තමයි ඒ ප්‍රතිව්‍යූහගත කරනය කියලා කොල්ල කෑවේ. හැබැයි භාණ්ඩාගාර බැඳුම් කර ප්‍රතිවිහගතකරණයට ලක් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඇයි?... පුවක්දණ්ඩාවේ නන්දලා ගත්තු ටිකත් එහෙම වුනොත් ප්‍රතිව්‍යූහගතකනයට වෙන නිසා. මේ වගේ තක්කඩි මහ බැංකු අධිපති කෙනෙක් පුටුවේ තියාගෙන ඉන්න ජනාධිපති අනුර කුමාරට ලැජ්ජ නැද්ද?
ජනාධිපති අනුර කුමාර අර්ජුන මහේන්ද්‍රන් ලෝකෙ මොන තූතුකුඩියේ හිටියත් කුදලගෙන එන්නම් කියලා කිව්ව කෙනා. ගෙනල්ලා නඩු අහනවා කියලා කියපු කෙනා. ඒ අර්ජුන මහේන්දරන් ගේන්න බැරිනම් ගේන්න බෑහැ කියලා, ඒකට හේතු කියලා, මේ ඉන්නවා උන්නැහැගේ ඊළග භවය. මේ ඉන්නවා උන්නැහැට වඩා හපන් උන්දෑ. පුවක් දණ්ඩාවේ නන්දලාල්. අඩු ගහනේ එයා මේ කරන අපයෝජනයට, එයා මේ කරන හොරකමට, එයා මේ කරන ක්‍රියාවට විරුද්ධව ඇයි පියවර නොගන්නේ?
ඇයි කටක් හරින්නේ නැත්තේ? මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න විරුද්ධ පක්ෂය මේ ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ? මහ ලොකු විපක්ෂය ඇයි මේකේ මේ ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ. ඉන්නවනේ එක වර්ගයෙන් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ අයියලා. එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කටින් වචනයක් පිට කරන්නේ නැත්තේ ඇයි?
පුවක් දණ්ඩාවේ නන්දලාලට බයද? පුවක්දණ්ඩාවේ නන්දලාල් ඕගොල්ලොන්ට ගෙවනවද? පුවක් දණ්ඩාවේ නන්දලාල්ට මොනවාහරි කිව්වොත් අයි එම් එෆ් එකට “ඌව” වෙයි. එහෙම වුනොත් ඕගොල්ලොන්ට පාඩු වෙයි, කියලා ඕගොල්ලෝ හිතන හින්දද?
දැන් ආණ්ඩුව මොනවත් නොකර අහක බලාගෙන ඉන්න එක වෙනයි. මෙච්චර දෙයක් අතේ පත්තු වෙලා තියෙද්දී ඒක ගැන පාර්ලිමේන්තුවේ වචනයක්වත් හඬනගන්නේ නැතුව, ප්‍රශ්න කරන්නේ නැතුව, නොදන්නවා වගේ ඉන්න තක්කඩි විපක්ෂයක් ඉන්න එක ඊටහපන්. දෙකම තකට තක. ඒ නිසා අපි ඉතාම කනගාටු වෙනවා. දැන් බලන්න මම තව අද අලුත් කරුණක් අනාරණය කරනවා. මේක තමයි නන්දලාගේ අලුත් මේක. දැන් නන්දලාල්ට ඊය පෙරේද හම්බවුණා මේ මොකක්ද “ජාත්‍යන්තර සම්මානය”ක්. ඒක අපූරු සම්මානයක්. මොකක්ද? “ද බෙස්ට් බෑන්කර්”ද මොකක්ද කියලා හම්බවුණා. ඔය ඔය තියෙන්නේ හම්බවෙච්ච “සම්මානය” ග්ලෝබල් බෙස්ට් සෙන්ට්රල් බැන්ක් ගවනර් හරි බැංකු හරි ඔන්න සම්මානය. දෙන්න වටිනවා සම්මානය. දෙන්න වටිනවා සම්මානය.
මට දුකයි මේ මුදල් නැමතුමා ඇයි එයා පෝට් එකට ගිහිල්ලා මෙතුමට මල්මාල්ලයක් දැම්මේ නැත්තේ මේ සම්මානය අරන් එනකොට. ලංකාවට එච්චර ගෞරවයක් කීර්තියක් අරන් එනකොට ඇයි අප්පා අඩු ගානේ නියෝජ මුදල් නැමති හරි, එහෙම නැත්නම් මුදල් අමාත්‍යංශයේ ලේකම් හරි ගිහිල්ලා මල්මාලයක් දාලා පිළිගන්න තිබ්බානේ. දැන් මෙයා, මෙයාට සම්මා දෙනවා.
ඔන්න බලන්න මෙයාගේ සම්මාන වල තත්ත්වය. එකක් තමයි මෙයාට තියෙනවා දික්වැල්ලේ ගොඩනැගිල්ලක්. ඔන්න බලාගන්න ඒ ගොඩනැගිල්ල. මෙයා දික්වැල්ලේ ජන්ම ලාභය ලබපු කෙනෙක් කියලා දන්නවනේ. පුවක්දණ්ඩාවේ නන්දලාල්. මේ තියෙන්නේ... ඒක “එන් එස් බී” ශාඛාවක්. දැන් මහ බැංකුව තමයි, මහ බැංකුව අධිපති තමයි සාමාන්‍යයෙන් බැංකුවල නියාමකයා. බැංකු පිළිබඳව නියාමනය කරන්නේ, ඒවට මග පෙන්වීම සපයන්නේ. මේ කියන්නේ බැංකු පිළිබඳ. ඇත්තටම මහ බැංකුව තමයි වගකියන ප්‍රධාන රාජ්‍ය ආයතනය. ඒකේ ප්‍රධානියා එයාගේ දික්වැල්ලේ බිල්ඩින් එකක් දෙනවා එන්. එස් බී එකට. ඉතින් ඒක ඒවා “බැඳියාවන් අතර ගැටුම්” නෙමෙයිද? මේ මේ තියෙන්නේ එයාගේ ගොඩනැගිල්ල. මේක බිල්ඩින් එකක් කිව්වට මේ ගෙයක්. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මේ තියෙන්නේ ශාඛාව. තව තව තියෙනවා ඒකේ ෆොටෝස්. මේ ඔය තියෙන්නේ මේ ගෙයක්.
එයාගේ ගේ. මේ බිල්ඩින් කිව්වට තට්ටු බිල්ලින් නෙවෙයි. පුංචි ගෙයක්. එතකොට මේ ගේ එන් එස් බී එකට දුන්නම කුලියට “බැඳියාවන් අතර ගැටුමක්” නෙමෙයිද? බැංකු පිළිබඳ අධීක්ෂණය කරන බැංකු පිළිබඳව සොයා බලන බැංකු පිළිබඳ වග කියන රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා, මහා බැංකුව අධිපතිවරයා තමන්ගේ දික්වැල්ලේ තියෙන ගෙදර එන් එස් බී එකට දෙනවා නම්, ඒක කුලියට දීලා ඒකෙනුත් ගානක් හොයාගන්නවා නම්, එක පැත්තකෙන්ට ට්‍රෙසරි බෝන්ඩ් වල පොලිය තීරණය කරලා උන්දම ඒවා මිලදී අරන් ඒකෙනුත් ගානක් හොයාගන්නවා. තව පැත්තකින් දික්වැල්ලේ තියෙන පරණ ගෙදර එන් එස් බී එකේ ඇඟේ ගහලා. එන් එස් බී එකට බැංකුවකට හරියන තැනක් නෙවෙයි එතන. එතන හොඳයි අර මේ මේ බුලත් පිට කඩයක් වගේ මොකක් හරි, ඒ වගේ දෙයක් කරන්න. ඉතින් එන් එස් බී එකට බෑ කියන්න බැහැනේ. ඇයි ඉතින් ඒගොල්ලොන්ගේ රන්දෙවොලේ ලොක්කනේ මේ කියන්නේ, මේක ගනින් කියලා.
ඉතින් එපා වාහෙට හොදි බෙදනවා වගේ මොනවා වුණත් ගන්න වෙනවා. ඉතින් අරගෙන සඛාව තියෙනවා. මෙහෙම මෙහෙම ගුබ්බෑයමක බැංකු ශාඛාවක් තියා ගන්න නැහැ සාමාන්‍යයෙන්. එතකොට මේකත් දීලා හොඳ කුලියක් එකතු කරගන්නවා. මරුණේ. ඒ විතරක්ද? නෑ. ඒ විතරක් නෙවෙයි. රුපියල් මිලියන.....
දැන් මේ මෙතුමා මේ ළඟදී දානවා මහ බැංකුවේ මානව සම්පත් කළමනාකරණය ගැන උපදේශනය පිළිබඳ කොන්තුවක්. දැන් මානව සම්පත් කළ කල්මනාකරණයක් මෙච්චර කලක් මහ බැංකුවේ වෙලා නෑ. ඉතින් එතකොට එයාට ඕන වෙනවා මානව සම්පත් කළමනාකරණය ගැන උපදේශනයක් ගන්න, හොඳ උපදේශනයක් ගන්න කොන්ත්‍රාතුවක් පිරි නමනවා. ඒක ගන්නේ “මැලේසියවේ නිගාරා මහ බැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂක” වරයකු වන පුුවක්දණ්ඩාවේ නන්දලාල් මහත්මයාගේ කුරුපග මිත්‍රයකු වූ වන “මොහොමඩ් අධාරී බෙලාල්ඩීන්”. එයා තමයි ඒ කොන්තරත්තුව ගන්නේ. එයා මේ පුවක් දණ්ඩාවේ නන්දලාල් මහත්තයාගේ බොහොම කුළුපග මිත්‍රයෙක්.
එතකොට මැලේසියාවේ නෙගාරා මහබැංකුවේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයෙක් වන මොහොමඩ් අදාරි බෙලාල්ඩීන් මේක අරගෙන, මේ කොන්තරත්තුව අරගෙන. බෙලාල්ඩීන් එවනවා දෙන්නෙක්ව, කනිෂ්ඨ උපදේශකයින් දෙන්නෙක් මේක ගැන වාර්තාවක් හදන්න. ඒ එක්කෙනෙක් තමයි “ටීවුජී” මහත්මිය. අනිත් එක්කෙනා තමයි “ඉක්සාල්” මහත්තයා. දැන් මේ දෙන්නා නතර වෙලා ඉන්නේ කොහෙද? දැන් මේක රුපියල් මිලියන 400ක කොන්ත්‍රාත්තුවක්.
කොන්රාත්තුව ගන්නවා පුුවක්දණ්ඩාවේ නන්දලාගේ ජාත්‍යන්තර ගජ මිතුරෙක් වෙච්ච බෙලාල්ඩීන්. මොහමඩ් අධාරී බෙලාල්ඩීන්. එයා එයාගේ කනිෂ්ඨ උපදේශකයෝ දෙන්නෙක්ව එවනවා ඒ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව වාර්තාව හදන්න. දෙන්නගෙන් එක්කෙනෙක් ටිව්ජී නෝනා. අනිත් එක්කෙනා ඉක්සාල් මහත්තයා. ඒගොල්ලෝ නතර වෙලා ඉන්නේ. කොහෙද? මේකත් එන් එස් බී එකට වෙච්ච වැඩේම තවත් එකක්.
මහා බැංකුව අධිපතිතුමාට තියෙනවා කොළඹ දෙක “කැපිටල් ටුවින් පීක්ස් වල” ඒ සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයේ ගෙයක්. ඒ ගෙදර තමයි මේ දෙන්න නතර වෙලා ඉන්නේ. එතකොට අර මිලියන 400න් අර දෙන්න නතර වෙලා ඉන්න ගෙදරට යන කුලියත් ඒක එන්නෙත් පුවක්දණ්ඩාවේ නන්දලාට.
අම්මප මෙහෙම මොලයක්. මහ බැංකුව නෙවෙයි, අර පුුවක්දණ්ඩාවේ සනාද කවුද කියන්නේ නේ? ඔව්... සනාලා එක්ක ඉන්න තිබිච්ච චරිතයක් මේ... පුවක්දණ්ඩාවේ නන්දලාල් වැරදිලා මහ බැංකුවට ඇවිල්ලා. ඇත්තටම පුවක්දණ්ඩාවේ සනාල එක්ක ඒ වැඩවල හිටියා නම් සෑහෙන දියුණුවක් ලබන්න තිබ්බා. දැන් බලන්නකෝ.... කොන්ත්‍රාත්ව මිලියන 400යි. ඒක දෙන්නේ බෙලාල්ඩීන් කියන තමන්ගේ හොඳම යාළුවට මැලෙසියාවේ. එයා කනිෂ්ට නිලධාරීන් දෙන්නෙක් එවනවා වාර්තාව හදන්න. මානව සම්පත් කළමනාකරණය ගැන.
වාර්තාව හදන්න ආ දෙන්නා නතර වෙලා ඉන්නේ නන්දලා මහත්තයාගේ කොළඹ දෙකේ තියෙන “කැපිටල් ටුවිනන් පීක්ස් වල” මේ සුඛෝපභෝගී නිවාසයේ. ඔහුට අයත් ගෙදරක. ඔන්න බලන්න තත්ත්වය. මේ මෙහෙම කෙනෙක්නේ මේ මොකක්ද.... හොඳම මහ බැංකු අධිපති කෙනෙක් කියලා “සම්මානයක් ලබලා” තියෙන්නේ. දීපු එවුන්ගේත් ඇඳුම් නැතිව ඇති අනිවාර්යයෙන්ම.
ඉතින් මේ මෙච්චර තක්කඩිකම් කරන කෙනෙක්ව මහ බැංකුව අධිපතිකමේ තවදුරටත් තියාගෙන ඉන්නවා නම් අනුර කුමාර ජනාධිපතිගේ ආණ්ඩුව, ඒ ආණ්ඩුව මේවට අනුබල දෙනවා. ඒ ආණ්ඩුව මේවා රකිනවා. ඒ ආණ්ඩුව මේවා පිළිගන්නවා. ඒ ආණ්ඩුව මේවට උදව් කරනවා. ඒ ආණ්ඩුවත් මේවයෙන් යැපෙනවා. වෙන මොනවා හිතන්නද? වෙන මොනවා හිතන්නද?
මේවා මේවා මෙච්චර අනාවරණය කරද්දී පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා කරන්න කොන්දපන නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න විරුද්ධ පක්ෂය උන්දැලට.... උන්ට හෙන ගහනවා. වෙන මොනවා කියන්නද?
ඒ නිසාත් අපි කියන්නේ... තමන්නාන්සේලා තේරුම් ගන්න ඕනේ. මාධ්‍යවේදී මහත්තුරුන් ගෙනුත් අපි ඉල්ලනවා කරුණාවෙන්. කරුණාකරලා නන්දලාල් මහත්තයාගේ බණ අහන්න මාධ්‍ය සාකච්ඡාවලට යන්න එපා. මේ තියෙන අපි අනාවරණය කරන කරුණු මේවා අපිට ඔප්පු කරන්න පුළුවන්.
නන්දලා මහත්තයා අඩුගනේ මීට කලින් අපි තිබිච්ච මාධ්‍ය සාකච්ඡා දෙකේදී අනාවරණය කරපු කරුණු ගැන වචනයක් පිට කළේ නැහැ. කිසිවක් ප්‍රතික්‍රියා දැක්වුවේ නැහැ. ඇහුන් නෑ වගේ හිටියා. දැන් මේවා ගැනත් පුළුවන් නම් ඇහුන් නෑ වගේ ඉන්න. ඇහුන් නෑ වගේ ඉන්නේ උත්තර දෙන්න බැහැ. උත්තර දෙන්න ආවොත් තව අමාරුයි වැටෙනවා. තව තියෙනවා විස්තර අපි ගාව. ඒ නිසා මේ විදියේ තක්කඩි තනතුරුවල තියාගෙන ඒ තනතුරුවල ඒ අයව තියාගෙන ඉන්නනවා නම් ඒක තක්කඩි පාලනයක් මිසක් රටට යහපතක් කරන පාලනයක් වෙන්න විදිහක් නැහැ. දූෂණයට විරුද්ධව ආපු ආණ්ඩුවක් තමන්ගේම මහ බැංකුව අධිපතිවරයාට පට්ට දූෂණ කරගෙන යන්න ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා නම් ඒක දූෂණයට අනුබල දෙන ආණ්ඩුවක් මිසක්, ඒක වළක්වන ආණ්ඩුවක් නෙවෙයි. කලින් හිටපු අයගේ දූෂණ හොයනව වගේම, ඒව හොයනවා වගේම දැන් කෙරෙන දූෂණ නවත්තන්න බැරිනම්. දැන් කෙරෙන දූෂණ දිහා අහක බලාගෙන ඉන්නවා නම්, දැන් කෙරෙන දූෂණ නොදැක්කා සේ යන්න ඉඩ දීලා බලන් ඉන්නවා නම් ඒ තමයි නියම “දූෂණ විරෝධී තක්කඩි සම්මානය”. ඒක තමයි අද ආණ්ඩුවට ලැබෙමින් පවතින්නේ. මේ කරුණු දෙක තමයි අපිට ඔබට අනාවරණය කරන්න විශේෂයෙන් උමනාව තිබ්බේ.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

