ලක්මාලිටත් නඩු පිට නඩු...
තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට බලවත් අපහාසයක් වී යැයි චෝදනා කරමින් ඇයට එරෙහිව ''නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා'' නව ජනතා පෙරමුණේ නියෝජිත පිරිසක් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දුන්නේය.
අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්න
නිලධාරීන්ට උපදෙස් දීලා.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට බලවත් අපහාසයක් වී යැයි චෝදනා කරමින් ඇයට එරෙහිව ''නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා'' නව ජනතා පෙරමුණේ නියෝජිත පිරිසක් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දුන්නේය.
එම පක්ෂය මේ පැමිණිල්ල පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 21 වන දා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ, නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක අනවසරයෙන් වාසය කරන පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටවන ලෙස ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයකු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරිය මෙම අපහාසය අධිකරණයට කර ඇති බවයි.
''අපි කතා කළානේ මේ ප්‍රශ්නේ... එතකොටත් මන් කිව්වනේ මෙයාලට විරුද්ධව අධිකරණය තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒගොල්ලන්ට දැනට යන්න ඉන්න තැනක් නැහැ කියලා. අපි එදා එහෙම තීන්දුවකට ආවා නේද..?''යනුවෙන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් මන්ත්‍රීවරිය එහිදී අදාළ නිලධාරීන්ට බලපෑම් කර ඇති බව නව ජනතා පෙරමුණේ නියෝජිත පිරිස පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් එම අවස්ථාවේ එකී ප්‍රාදේශීය සංවර්ධන සභා කමිටු රැස්වීමට සහභාගි වී සිටි මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ කියා ඇති බවද වාර්තා වේ.
''අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා නම් ඒකේ ප්‍රසීඩියර් එක ඉක්මවා යන්න අපි මැදිහත් වෙන්නේ නැහැ.'' කියමින් ඔහු පෙන්වා දී තිබුනේ අධිකරණ තීන්දුවට නිසි ගෞරවය ලබාදිය යුතු බවය. ඒ අතරම ඔය කියන අදාළ පවුල්වලට රජයේ ප්‍රතිපත්තියට අනුකූලව මහල් නිවාස සංකීර්ණයක් තුළින් රජයේ නිවාස ලබාදෙන තුරු මෙම නිවෙස්වල රැඳී සිටීමේ හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයින් වෙතින් ඉල්ලීමක් කර ඇත.
නව ජනතා පෙරමුණේ කොළොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්ප කුමාර, කොළොන්නාව ආසන ක්‍රියාකාරී ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර සහ රත්මලාන සමන් රණතුංග අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඒ පිළිබද මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරටත් කරුණු දැක්වූ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ප්‍රකාශ කළේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය උත්තරීතර අධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් නොසලකා හරින්නට රජයේ නිලධාරීන්ට වැරදි උපදේශයක් ලබා දී ඇති බවයි. මෙම මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් නාලක බණ්ඩාර මන්ත්‍රීවරයා...
''අපේ රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මැතිතුමා කියනවා ලක්මාලි මන්ත්‍රීතුමිය අධිකරණයට අපහාසයක් කරලා නෑ කියලා. එදා එතන වෙලා තියෙන්නේ පරිපාලනමය සාකච්ඡාවක් පමණයි කියලයි එතුමා කියන්නේ. අපේ හර්ෂණ නානායක්කාර මැතිතුමාට මතක් කරනවා මේ වනවිට දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහත්මයා එදා සිදු කර ඇත්තේ ද අධිකරණ තීන්දුවක් පරිපාලන තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කරන ලද වරදක් කියලා.
මෙතන ලක්මාලි මන්ත්‍රීතුමිය එම නඩු තීන්දුව නොසලකා හරින ලෙසට රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ උපදෙස් දීල තියෙන බව සාක්කි මත ඔප්පු වෙනවා. අපි අහන්න කැමතියි මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ ‘‘මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයන්ට’’ විතරයිද කියලා.
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වෙනුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මේ අවස්ථාවේදී ගනු ලබන තීරණ හා තීන්දු සම්බන්ධව මුලු රටම අවධානයෙන් පසුවන බව පෙන්වා දුන් නාලක බණ්ඩාර මන්ත්‍රීවරයා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව තම පක්‍ෂය ‘‘අධිකරණයට අපහාස කිරීම’’ සම්බන්ධයෙන් නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද කීවේය..
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
1
Wow
0

