"ලේක්හවුසිය" තෙවරක්ම පරාදයි විජේදාස රාජපක්ෂට කෝටි 50ක්..!

2007 වසරේ සිළුමිණ පුවත්පත මගින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක (කෝටි 50ක්) වන්දියක් ලබා දෙනමෙන් කොළඹ දිසා අධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඉදිරිපත් කර තිබූ අභියාචනය අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විජේදාස රාජපක්ෂට එම වන්දිය ගෙවිය යුතු බව යළි තහවුරු විය.

Oct 15, 2025 - 10:35
 9

2007 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විජේදාස රාජපක්ෂ එම වසරේම නොවැම්බර් මාසයේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වීම අළලා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සතු ප්‍රකාශනයක් වන ‘‘සිළුමිණ පුවත්පත’’ මගින් දිගු විවේචනාත්මක ලිපියක් පළකොට තිබිණි.

එම ලිපිය ද්වේශ සහගතව ලියන ලද අපහාසසහගත ලිපියක් යැයි හඳුන්වා, එමගින් තමන්ට සිදුවූ අපහාසය හා අගතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක අලාභයක් ඉල්ලා ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ 2009 වසරේදී කොළඹ දිසාධිකරණය හමුවට ගියේය.

2013 ජූලි මාසයේ 5 වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ දිසා අධිකරණය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වරදකරු කරමින් අදාල වන්දිය පැමිණිලිකරුට ලබා දෙන මෙන් තීන්දුවක් නිකුත් කළේය.

එහෙත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක් හවුසිය දිසා අධිකරණයේ එම තීන්දුවට ඉදිරිව කොළඹ සිවිල් අභියාචනාධිකරණය වෙත ‘‘අභියාචනයක්’’ ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් 2019 මැයි මස 30 වෙනිදා එම අභියාචනය ද නිශ්ප්‍රභ කරනු ලැබීය.

ඉන් අනතුරුව ලේක් හවුසිය කොළඹ දිසාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව බල රහිතකරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ‘‘අභියාචනයක්’’ ඉදිරිපත් කරනුු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ  අචල විංගප්පුලි යන ත්‍රී පුද්ගල මඩුල්ලක් ඉදිරියේ එම අභියාචනය දීර්ඝ ලෙස විමර්ශනයට ලක්විය. අනතුරුව අදාල අභියාචනය නිෂ්ප්‍රභ කරමින් 2013 වසරේ කොළඹ දිසා අධිකරණය විසින් දෙන ලද තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයද බලාත්මක කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ජී. ජී. අරුල්ප්‍රකාශන්ගේ මෙහෙයවීමෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, නීතිඥ සජානා ද සොයිසා හා රන්දීවරි අරංගල පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා ලේක් හවුස් ආයතනය වෙනුවෙන් පෙනී සිටියේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0