ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීම කල්යයි.?
මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සේවය කරන විනිසුරුවරුන් විශ්‍රාම ගැන්විිමේ වයස වැඩි කිරීම සඳහා වන යෝජනාවක් මැති සභා න්‍යාය පුස්තක පරිපූරකයට ඇතුලත් කර ඇතැයි වාර්තා වී තිබේ. පසුගිය ඔක්තෝබර් මස 10 දින නිකුත් වූ පාර්ලිමේන්තුවේ අංක 2 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ මෙම යෝජනාව ඇතුළත්ය.
විපක්ෂයෙන් ගෙනෙන යෝජනාවක්.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ‘‘පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්’’ ලෙසය.
ඒ අනුව මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ විදේශ රටවල් රැසක ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස මීට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් ශ්‍රී ලංකාවේද ඉහල උසාවිවල විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස් ප්‍රමාණය ඉහළ දැමියයුතු බවයි.
ඒ අනුව මන්ත්‍රීවරයා යෝජනා කර ඇත්තේ දැනට ක්‍රියාත්මක වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 සිට අවුරුදු 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාද මහාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාද ඉහල දැමිය යුතු බවයි.
මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අයවැය විවාදයෙන් පසුව ලබන වසරේ විවාදයට ගැනෙනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.
විපක්ෂ මන්ත්‍රීවරයකු වන ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනලද නමුත් පසුගිය කාලයේ දේශපාලන අංශවල පැතිර තිබූ ආරංචිය වූයේ ආණ්ඩුව විසින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සහ නීතිපතිවරයාගේ විශ්‍රාම ගැනීමේ වයස ඉහළ දැමීමට යෝජනාවක් ගෙන එනු ඇති බවයි.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0